මිනිස් සිතෙහි පවතින ස්වභාවය විනිවිද දකිමින් පුද්ගල චිත්තභ්‍යන්තරය විවරණය කිරීමට සද්ධර්මරත්නාවලි කතුවරයා සමත් වී ඇති බව නිදර්ශන මගින් පෙන්වා දෙන්න.
ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන දඹදෙණි යුගයේ ධර්මසේන හිමියන් විසින් රචනා කරන්නට යෙදුනු සද්ධර්මරත්නාවලි නැමැති බණකතා සංග්‍රහය සාහිත්‍ය හැදෑරීමේදී විශේෂ ස්ථානයක් අත්පත් කරගනී.
මිනිස් සිතෙහි පවතින ස්වභාවය විනිවිද දකිමින් පුද්ගල චිත්තභ්‍යන්තරය විවරණය කිරීමට සද්ධර්මරත්නාවලි කතුවරයා සමත් වී ඇති බව මෙහි එන කතා වස්තූන්ගෙන් මනාව පැහැදිලි වේ. පහත දැක්වෙන්නේ මට්ටකුණ්ඩලී කතා වස්තුවේ එන එවන් අවස්ථාවකට නිදසුන් පාඨයකි.
" පිළියමට වෙදවර ගෙනාකල වෙදගම නිමන තෙක් උහුනට බතුත් දුන් මැනව, මං කුලීත් දුන මැනව කෙළවර මිලත් දුන මැනව"
දීමට යෝග්‍ය නොවූ යන අරුතින් යුත් අදින්නපුබ්බක නම් වූ බමුණාගේ පුත් මට්ටකුණ්ඩලී කුමාරයා පාණ්ඩු රෝගය බලවත් වී බොහෝ සෙයින් පීඩාවට පත්ව සිටින අවස්ථාවේදී එය සුව කිරීමට උත්සාහ නොකරන්නේ බලවත් වූ රෝගයක් නිසාත් හා ඒ සදහා බොහෝ සෙයින් තමා සතු ධනය වියදම් වන නිසා වෙනි. මෙම අවස්ථාවෙන් නිරූපණය වන්නේ අදින්නපුබ්බක බමුණාගේ ලෝභී ස්වභාවය වේ.
තම පුතණුවන්ගේ රෝගී අවස්ථාවට වූවද කිසිදු පිළියමක් කිරීමට නො පෙළඹුනු මොහුගේ චරිතයෙන් සමස්ථ මානව සමාජයෙහිම ජීවත්වන මෙවන් ලෝභී පුද්ගලයින්ගේ චරිත විවරණය වේ. කතා කරුවා මෙවන් අවස්ථා මගින් උත්සාහ දරා ඇත්තේ මෙවන් පුද්ගලයින්ගේ ස්වභාවය සමස්ථ මානව සමාජය ඉදිරියේම සියුම් ලෙස උපහාසාත්මකව විවරණය කිරීමට වේ.
එමෙන්ම මෙම ලෝභී අදින්නපුබ්බක බමුණන් තමා ලෝභී බව පිටතට පෙන්වීමට අකමැති අයෙක් විය. එය ද කතුවරයා මිනිස් සිතෙහි විනිවිද දැක ඇති බවට උදාහරණයකි.
"අනේ මේ මහා ලෝභි එකෙක් යැයි මා ලෝභි කොට සිතාගනිති සිතා පුතු මියන තෙක්ම ගෙන් පිටත පිලපිට ලවා වූහ"
මට්ටකුණ්ඩලී කුමාරයා පාණ්ඩු රෝගය උරණ වීමෙන් බොහෝ සෙයින් පීඩාවට පත්ව සිටින අවස්ථාවේදීත් මෙම බමුණු තෙමේ තමාගේ වස්තූන්ට ඇති ආශාවෙන් මත්ව පුතුට නිසි පිළියමක් නොකොටම සිටී. එම අවස්ථාවේදී ඔහු සිතන්නේ තම දරුවාගේ රෝගී ස්වභාවය නිරීක්ෂණයට තම නිවසට පැමිණෙන්නන් තමා සතු වස්තුව දැක තමා ලෝභී යැයි සිතා ගනිතිය යන කාරණාව වේ.
ඔහු කෙතරම් ලොබී අයෙක් වුවද ලෝබී ස්වභාවය පිටතට පෙන්වීමට අකමැති අයෙක් විය. මෙම අවස්ථාවෙන් කතාකරුවා සමස්ත සමාජයේ ජීවත්වන මෙවැනිම ආකාරයේ ලෝබී පුද්ගලයින්ගේ චරිත ස්වභාවය පාඨකයා වෙත සමීප කරවමින් ඔවුන්ගේ චරිත ස්වභාවය උපහාසයට ලක් කරමින් පාඨකයා ද එම තත්ත්වයෙන් මිදවීමට උත්සාහ දරා ඇති බව මෙම පාඨයෙන් මනාව ගම්‍ය වේ.
තවද කුණ්ඩලකේෂි කතා වස්තුවෙන් ද සද්ධර්මරත්නාවලි කතා කරුවා මිනිස් සිතෙහි ස්වභාවය අපූර්ව ලෙස විනිවිද දැක ඇති බව පහත පාඨයෙන් ගම්‍ය වේ.
" උඩුමහලේ සිට බලන්නෝ මරණයට ගෙන යන තැනැත්තවුන් දැක ඔහු පිළිබඳ සිත් ඇතිව ඌම නොකා නොබි යහනට වැද නැග නොගත්තෝය"
මෙම පාඨය සදහන් අවස්ථාවේදී සිදු වන්නේ කුණ්ඩලකේෂී කුමාරිකාව ඉතාමත් රූප සම්පන්නව ඉපදි හෙයින් ඇගේ මා පියන් ඇයව කාම මිත්‍යාචාරයෙන් වළකනු පිණිස සත් මහල් ප්‍රාසාදයක උඩු මහලේ තබයි. ඇය කවුළුවෙන් පිටත බලන කල්හි මරණයට ගෙන යන සොරෙකු දැක ඔහු පිළිබඳව ආලය උපදවා ඔහුවම පතා නොකා නොබී තම යහනට ම වී සිටී.
මෙම හිතුවක්කාර මුරණ්ඩු සිතුම් පැතුම් වලින් යුත් තරුණියගේ චරිතයෙන් නිරූපණය වන්නේ වත්මන් සමාජය තුළ ද ජීවත්වන ඇතැම් ළද බොලඳ මුරණ්ඩු ස්ත්‍රි චරිත වේ. කෙතරම් සැප පහසුකම් තිබ්බද ඇය ඇයගේ බොලඳ ගතිගුණ නිසා තම ජීවිතය නිස්කාරණයේ විනාශ කර ගැනීමට පෙළඹෙයි. මෙවැනි චරිත නිරූපණය කරමින් කතුවරයා සමාජයේ පුද්ගල චරිත විනිවිද දැක ඇති බව අපට මනාව පැහැදිලි වේ.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
එපමණක් නොව මෙම කථා වස්තුවෙහි එන සොර චරිතයෙන් ද සොරෙකුගේ චරිතයෙහි ඇති ස්වභාවය පැහැදිලි කිරීමට කතුවරයා සමත්ව ඇති බව පහත පාඨයෙන් පැහැදිලි වේ.
"මෑ රා පිය මගේ ආභරණ හැර ගෙන රා බී ඇවිදහුවත්ම මා අභිප්‍රාය යෙන් කා පියන්නේ කවර දා දොයි හේ සිතීය"
කුණ්ඩලකේෂී කුමාරිකාව විසින් ඇයගේ ආශාව පරිදි සරණපාවා ගන්නා සොරා සැබැවින්ම සොර චරිත ලක්ෂණ මෙහිදී නිරූපණය කරයි. කතුවරයා මොහුගේ චරිතයෙන් කුණ්ඩලකේෂිව මරණයට පත් කර ඇයගේ ආභරණ හැර ගෙන ඒවා විකුණා තමා කැමති දෙයක් කරන්නට ආශා කරන අයෙක් නිරූපණය කරයි. මෙහිදීද කතුවරයා සමාජයේ ජීවත් වන මෙවැනිම සොර චරිත ලක්ෂණ ඇති පුද්ගලයින් පාඨක ශ්‍රාවකයින්ට හදුන්වාදීම මෙහිදී සිදු කරයි.
මෙලෙසට සද්ධර්මරත්නාවලි කතා කරුවා සමස්ථ බණ කතා සංග්‍රහය පුරාවට ම මේ ලෙස මිනිස් සිත අපූර්ව ලෙස විනිවිද දැක ඇති බව මෙම මට්ටකුණ්ඩලී හා කුණ්ඩලකේෂී කතා වස්තු වල එන ඉහත සදහන් උද්ධෘත අධ්‍යයනයෙන් අපට මනාව අවබෝධ කර ගැනීමට හැකි වේ. එවැනි අවස්ථා මගින් එකල පැවති සමාජයට පමණක් නොව වත්මන් නූතන සමාජයේ සිටින බොහෝ පුද්ගලයින්ගේ විවිධ වූ පැතිකඩයන් අණාවරණය කිරීම කතුවරයාගේ අපේක්ෂාව වී ඇති බව මින් ගම්‍ය මාන වේ.
- චාරුනි සමාදි -
===========================
උසස් පෙළ විචාර ලයිස්තුව
>> පන්සිය පනස් ජාතක කතා පොත විචාරය 01
>> කුකුළු හැවිල්ල රසාස්වාදය 01
>> ඉගිළෙන සිහින කාව්‍ය රසාස්වාදය 01
>> මාර යුද්ධය නිසඳැස් කාව්‍ය රසාස්වාදය 01
>> වන්නියේ සැන්දෑව සාහිත්‍ය රසාස්වාදය 01
>> දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් රසාස්වාදය 01
>> ආදරණීය පාසල සාහිත්‍ය රසාස්වාදය 01
>> සද්ධර්මාලංකාරය (අතෘප්තිකර ආශාවන් නිසා පරිහානියට පත්වීම)
>> සද්ධර්මාලංකාරය ( පුද්ගල ජීවිතය තුළ ඇති හොඳ සහ නරක)
>>නවකතාව යනු කුමක්ද හා නවකතාවක අන්තර්ගත විය යුතු ලක්ෂණ
>>අනුරුද්ධ කුමාර කතා වස්තු විචාරය 01
>>අනුරුද්ධ කුමාර කතා වස්තු විචාරය 02
>>මට්ටකුණ්ඩලී කතා වස්තුව විචාරය 01
>>මට්ටකුණ්ඩලී කතා වස්තුව විචාරය 02
>>මට්ටකුණ්ඩලී කතා වස්තුව විචාරය 03
>>කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ පද්‍ය විචාරය 01