Skip to main content

Follow on YouTube

සිංහල විචාර 35 - ස්නේහය කෙටිකතා විචාරය 01 - උසස් පෙළ

ජීවිතයේ අවසාන සමය අපේක්ෂා කරන්නේ අනෙකක් නොව දරු සෙනෙහසයි. රංකිරාගේ චරිතය ඔස්සේ විමසන්න.

සුද්දිලාගේ කතාව, දඩයක්කාරයාගේ කතාව, සංසාරණ්‍යයේ උරුමක්කාරයා යන නවකතා වල ද "මගේ මුල් පොත" හෙවත් ඔහුගේ කතාව, සාගර ජලය මදි හැඩුවා ඔබ සන්දා, භාවනාව හා සංකාව යන කෙටිකතා වලද රචකයා නම් සයිමන් නවත්තේගමයි. තමන්ටම ආවේණික කතා රටාවක් ගොඩ නගා ගත් සයිමන් නවගත්තේගම, නූතන සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂත්වයක් හිමිකරගත් කතුවරයෙකු ලෙස හැදින් විය හැකිය. "ස්නේහය" නම් කෙටි කතාව එතුමාගේ "භාවනාව"යන කෘතියෙන් උපුටා ගැනුණකි.

"අපේ කොල්ලා ලියුමක් එවල තිබුණා නේද? කොයි ඒක"

සයිමන් නවගත්තේගමයන් විසින් රචිත මෙම ස්නේහය නැමති කෙටිකතාවේ එන මහලු රංකිරා උන්දෑ ඔත්පලව ගතේ සවිය නොමැතිව සිතේ සවියෙන් තම බිරිද වන පිංචි මහයියා සමග ජීවත් වේ. ඔවුන් දෙදෙනාගේ එකම පුත්‍රයා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන් පසුව නගරයේ ඇති උසස් පාසලකට ඇතුළත් කරනු ලැබීමෙන් ඔහු හා නිවස අතර තිබූ සම්බන්ධතාවය ගිලිහී ගියේය. මහලු රංකිරා උන්දෑගේ ගත ඔත්පල වී ගියද සෑම මොහොතකම සිත පවතින්නේ තමාගේ පුත්‍රයාගේ මතකයන් අතරය.

"ඇයි මතක නැද්ද? ඒ ලියමන එව්වෙ ගිය අවුරුද්දෙ අලුත් අවුරුද්දට එන්ඩ විදියක් නෑ කියල"

තම පුත්‍රයා තමාට ලියමනක් ලියා ඇත්තේ අවුරුද්දකටත් වැඩි කාලයකදී ය. නමුත් පියා අදටත් පුත්ගේ එම ලියමන සොයන්නේ ඔහු තම පුතුට අසීමිතව ප්‍රේම කරන බැවිනි. ජීවිතයේ තරුණ අවධියේ දී තම සහකරුවාගේ, සහකාරියගේ සෙනෙහස සොයන මිනිසුන් දෙමව්පියන් වූ පසු ඔවුන්ගේ දරුවන් ඔවුන්ගෙන් අසීමිතව ආදරය, සෙනෙහස බලාපොරොත්තු වන්නේය.

නමුත් දෙමාපියන් ඔවුන්ගේ ජීවිතයේ අවසාන සමයේ බලාපොරොත්තු වන්නේ තම දරුවන්ගේ දරු සෙනෙහසම වේ. මහලු රංකිරා උන්දෑ තම පුතුගේ ලියුමකින් හෝ සැනසෙන්න දරන වෑයම මගින් ඔහු කෙතරම් දරු සෙනෙහස සොයනවා දැයි අපට වටහා ගත හැකිය.

"හීනාගම ..හීන්කොල්ලා..."

මහලු රංකිරා ඔහේ බලාගත්තු අත බලාගෙන කල්පනා කරන්නෙ තමන්ගේම හීන් කොල්ලා පිළිබදවය. ඔහු හීනාගම හීන් කොල්ලා යනුවෙන් තොල් මතුරන්නේ ද තමන්ගේ හීන් කොල්ලා පිළිබදව ඇති අසීමිත ස්නේහය නිසාමය. ඔහු ඔහුගේ ජීවිතයේ ගෙවන හැම මොහොතකම සිතින් අයදින්නේ දරු සෙනෙහස බව සයිමන් නවත්තේගමයන්ගේ මෙම රචනය තුලින් අපට වටහා ගැනීමට පුලුවන. මනුෂ්‍යයෙකු ඉතා කුඩා අවධියේදී දෙමාපියන්ගෙන් ආදරය, සෙනෙහස බලාපොරොත්තු වන්නේ යම් සේද දෙමාපියන් ඔවුන්ගේ සැදෑ සමයේදී ඔවුන් ද අධික ලෙස තම දරුවන්ගෙන් සෙනෙහස යදින බව අපට මහලු රංකිරාගේ චරිතය ඔස්සේ මනාව වටහා ගැනීමට හැකිය.

තමන්ගේ පුතා වෑර්ලස් එකෙන් මුළු ලංකාවටම ඇහෙන්න කතා කළ බව තම ස්වාමි පුරුෂයාට පැවසීමට යාමේදී පිංචි මහයියා "මෙහාට ආවනම්" යනුවෙන් තම ස්වාමි පුරුෂයාට පැවසූවද ඔහු සිදු කලේ ඔහේ බලා සිටීමයි. නමුත් පිංචි මහයියා "පුතා ගැන ඇසූ ගමන් ඔහුගේ සිත කය පිබිදුණු බව පෙනෙයි" යනුවෙන් රචකයා සදහන් කර තිබීමෙන් සිතට ගතට ප්‍රාණයක් නොමැතිව සිටි රංකිරා උන්දෑගේ සිත කය පිබිදුණේ තම හීන් කොල්ලා පිළිබදව ආරංචියක් තිබෙනවා යැයි කිවූ නිසාය. "පුතා ගැන.." ඔහු තොල් මතුලේ ය. ඔහුගේ සිතට ප්‍රාණයක් ගෙනදීමට සමත් වූයේ තම පුතු ගැන ඇසීමයි. එසේනම් ඒ මහලු වූ ගතට සේම සිතටද ඔසුව නම් දරු සෙනෙහසයි. එසේනම් ජීවිතයේ අවසාන සමයේ අපේක්ෂා කරන්නේ අනෙකක් නොව දරු සෙනෙහස යන්න රංකිරා උන්දෑගේ චරිතයෙන් මොනවට පැහැදිලි වේ.

"අනේ මුදලාලි උන්නැහේ අරක ටිකක් දාන්ඩ..මගේ හීන් කොල්ලගෙ කට හඬ ටිකක් අහන්ඩ...."

ඒ අහිංසක ඉල්ලීම පාඨකයාගේ හදවත සංවේදී කිරීමට සමත් වේ. ඒ හඬ ආදරණීය පියෙකුගේ ය. එහි ගැබ්ව තිබෙන අසරණ බව දරු සෙනෙහස වෙනුවෙන්‍මය. ලෝකයක් ඉදිරියේ හඬා නොවැටුණද ඒ හදවත ගොළු වුවද ඔවුන් මහලු අවධියේදී අපේක්ෂා කරන ඒ ආදරය සෙනෙහස නොලබන පියෙකුගේ ආයාචනාත්මක හඬය. ගතට සවි නොමැති වුවද කඩමණ්ඩියට පැමිණුනේ අනෙකක් නිසා නොව තම පුතුණුවන්ගේ කටහඬ ඇසීමෙන් හෝ සැනසීමක් ලබන්නටය. පියෙකුගේ හිතේ පුතෙක් පිළිබදව එතරම් ආදරක් ඇත්නම් ඒ හදවත දරු සෙනෙහස වෙනුවෙන් කොතරම් යදිනවා ඇද්ද සීතීම පාඨකයාටම භාර දෙන සයිමන් නවත්තේගමයන් රංකිරා චරිතය ඔස්සේ සැදෑ සමයේ ඔවුන් අයදින දරු සෙනෙහස පිළිබදව මැනවින් රචනා කර ඇත.

- ඉසුරි උත්තරා රාජපක්ෂ -


Key words 

ස්නේහය කෙටිකතාව විචාර 
ස්නේහය සයිමන් නවගත්තේගම 
ස්නේහය උසස් පෙළ විචාර 
Snehaya keti katha vichara
ස්නේහය කෙටිකතාව විචාර pdf
ස්නේහය කෙටිකතාව විචාරය download