Skip to main content

Follow on YouTube

සිංහල විචාර 37 - පූජාවලිය විචාරය 01 - උසස් පෙළ

පූජාවලිය විචාරය ( භාෂා හා රචනා උපක්‍රම ) 

පූජාවලිය සාර්ථක කලා නිර්මාණයක් වීම උදෙසා කතු හිමි භාවිතා කරන ලද භාෂා හා රචනා උපක්‍රම හේතු වී ඇත, විමර්ශනය කරන්න.

පුරාතන ගද්‍ය සාහිත්‍ය තුළ සුවිශේෂ කෘති අතර බැබලෙන්නා වූ පූජාවලිය ග්‍රන්ථය බන කතා රීතියෙන් දඹදෙනි සාහිත්‍යය යුගයේදී මයුරපාද බුද්ධපුත්‍ර හිමියන් විසින් බුදුන්ගේ අරහං ගුණය පාදක කරගනිමින් ද විරචිත ය. එදා මෙදා තුල බිහිවූ පුරාතන ගද්‍ය තුළ කැපී පෙනෙන සුවිශේෂ කලාංගය ලෙස ද පූජාවලිය හැදින්විය හැකි වේ. පූජාවලිය වූ කලී ධර්ම ග්‍රන්ථ අතරින් අනූන තාත්වික කතා මෙන්ම මහා සධූපදේශ ලබා දෙන ග්‍රන්ථයක් ද විය. මෙලෙස පූජාවලිය ග්‍රන්ථය තුළ  දිවයන අනුරුද්ධ කුමාර කතා වස්තුවේ හා ජීවක වෛද්‍යවරයාගේ කථාවස්තුවේ සනිදර්ශන හා සවිස්තර මගින්ද පූජාවලිය සාර්ථක කලා නිර්මාණයක් බවට හේතු වීම උදෙසා පූජාවලිය  කතුවරයා ධර්මසේන හිමියන් භාවිතා කරන ලද භාෂා හා රචනා උපක්‍රම භාවිතය ද හේතු වී ඇති බව ගම්‍යමාන වන්නේ මෙලෙසිනි.

පූජාවලිය ග්‍රන්ථය තුළ අන්තර්ගත අනුරුද්ධ කුමාර කතා වස්තුවේ එන අනුරුද්ධ කුමරුගේ චරිතය පාදක කරගනිමින් කථා රසය සමගින් මනා උපදේශ ලබා දෙමින් ද දානාදී පින්කම් මෙන්ම පෙර කරන ලද කර්ම පලදෙන ආකාරය ද මෙයින් විස්තර කෙරේ. මෙලෙස දිවයන අනුරුද්ධ කුමාර කතා වස්තුව මගින් පූජාවලිය රචනයට යොදාගෙන ඇති භාෂා හා රචනා උපක්‍රම පිළිබඳ විමසීමක යෙදෙමු.

පූජාවලිය රචනයට කතු හිමි විසින් යොදාගෙන තිබෙන භාෂා හා රචනා උපක්‍රම මත ම පූජාවලිය තුළ වූ අනුරුද්ධ කුමාර කතා වස්තුව නිර්මිත කර ඇත. අනුරුද්ධ කුමරුගේ පින් බලය මෙන්ම කුඩා කල ගුලකෙළි කරන ලද ආකාරය ද මෙයින් විස්තර කෙරේ. 

"අනුරුද්ධ නම් කුමාරයෝ මහත් වූ පිං ඇති කෙනෙකි. ඔවුන් සත් අට සත් ඇවරිදි කළ.. රජ කුමරු තුන්දෙනා හා සමග පැරදි කැවුම් තලි දෙන්න යි ගිවිස ගුළ කෙලිනා වූහ"

තාත්වික මෙන්ම ද චමත්කාර ජනකව ඉදිරිපත් කරන ලද කතා පුවත තුළ පුන්‍ය කර්ම කිරීමේ වැදගත්කම ද හුවා දැක්වේ. එමෙන්ම අනුරුද්ධ කුමරුට පින් බලය ලැබුණු ආකාරය ද අතුරු කතා පුවත මගින් ද විස්තර කරන ලද ද ඔහු තම මිතුරන් සමගින් ගත කරන ලද සුචිත මුදිත ජීවිතය පිළිබඳව ද හුවා දක්වන්නේ ද චමත්කාරජනක චිත්තරූප මවමිනි. මෙලෙස දිවයන අනුරුද්ධ කුමාර කතා වස්තුවෙන් පූජාවලිය රචනයට යොදාගෙන ඇති භාෂා හා රචනාව උපක්‍රමය පිළිබඳ ගම්‍යමාන වේ.

මෙසේ නිර්මිත පූජාවලිය කතා රසය සමගින් ද, ධර්ම උපදේශ, සමාජ උපදේශ භාවිතය මෙන්ම අතුරු කතා හරහා ප්‍රධාන කතාවේ තේමාව ඉස්මතු කිරීම ද, එමෙන්ම සජීවී සමකාලීන සරල සිංහල භාෂාව යොදා ඇති බව ද ගම්‍යමාන වේ.

පූජාවලියේ එන මෙම කතාංගය සාහිත්‍ය ගුණයෙන් ඔප් නැංවීමට ද කතාකරු විසින් භාවිතා කරන ලද සංවාද අගනේය. ජීවිත යථාර්ථය පිළිබඳ අනවබෝධයෙන් සිටි අනුරුද්ධ කුමරුට මහානාම කුමරු විසින් එහි පැහැදිලි අරුත් කියා දෙන අතර ඒ සියල්ලම පැහැදිලිව ම තේරුම් ගත් ඔහු මහණ දම් පිරීමට ද මවගෙන් අවසර පතයි. 

"ගංඟාවේ නිකුත් මහ දිය වතුර අතුරෙක නොරදන්නා සේ මාගේ ශ්‍රද්ධා නැමති සුගත් මහ මුහුද වැද මුත් නොරදමාය... සමුදුන මැනවයි කීය...ආකාශයේ නැගු වැසී මහ පොළොව මුන් අතින් කනෙක නොරදන්නා සේ මාගේ තෘෂ්ණා නැමති වර්ෂාව සුගත් මහ පොළොව වැද මුත් නොදෙමාය..සමුදුනු මැනවයි කීය"


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.


සජීවී උපමාරූපක සංවාද ආදී ලෙස යොදාගැනීමෙන් කතාව මනාව සාර්ථකත්වයට පත්ව ඇත. සිය මව විසින් ලබාදෙන ලද සියලු අභියෝග ජයග්‍රහණය කරමින් ද, සියලුම සැප සම්පත් ඉවතලමින් ද, අනුරුද්ධ කුමරු ගත කල ජීවිතය තුලින්  ධර්ම රසය සමගින් පූජාවලිය කතා කරු සාර්ථක ලෙස  ඔවදම් දී ඇත. මෙලෙස දිවයන අනුරුද්ධ කුමාර කතා වස්තුවෙන් ද පූජාවලිය රචනයට කතු හිමි විසින් යොදාගෙන තිබෙන භාෂා හා රචනා උපක්‍රම පැහැදිලි වේ.

ඒ බව අවස්ථාවට උචිත උපමා භාවිතය තුළින් ද තවද කතාවේ තේමාව ඉස්මතු වන පරිදි සජීවී රූපක භාවිතය තුළින් ද එමෙන්ම ග්‍රාමීය වදන් භාවිතය තුළින් ද තවත් ගම්‍යමාන වේ.

උක්ත සඳහන් අනුරුද්ධ කුමාර කතා වස්තුවෙන් ද පහත සඳහන් ජීවක වෛද්‍යවරයාගේ කතාව තුළින්ද පූජාවලිය රචනයට කතු හිමියෝ යොදාගෙන ඇති භාෂා හා රචනා උපක්‍රම පිළිබඳ තොරතුරු ගම්‍ය වේ.

පූජාවලියේ එන ජීවක වෛද්‍යවරයාගේ කතාව, ජීවක වෛද්‍යවරයා ප්‍රමුඛ කර ගනිමින් නිර්මිත වී ඇත. කතා රසය සමඟින් ද මනා උපදේශ ලබා දෙමින් ද නොපසුබස්නා උත්සාහය සහ වෛද්‍යවරයකුගේ පරමාදර්ශීත්වය විදහා දක්වමින් ද කතු හිමි ධර්මසේන හිමියන් ජීවක කතා වස්තුව පූජාවලිය තුල රචනා කර ඇත.

ජීවක වෛද්‍යවරයාගේ කතාව ද පාඨක සිත් තුළ සංකල්පමය චිත්ත රූප මවමින් ඉදිරිපත් කරන ලද අතර ම අතුරු කතා පුවත් හරහා ද මෙය හැඩගස්වා ඇති අතර නෑදෑ හිත මිතුරු කිසිවකු නොමැතිවද මොහු දූරදර්ශීව කටයුතු කළ ආකාරය ද මනාව හුවා දැක්වේ.

"මාගේ කිසි නෑසිය කෙනෙකු නැත. මින් මතු මට හිමිවන ලද කුල සැපතද නැත. එසේ හෙයින් මා විසින් ශිල්ප හදාරගත යුතු මනාව. කෙසේ වූ ශිල්පය පරීක්ෂා වූ වෛද්‍ය ශාස්ත්‍රය උගත්මි"

ජීවක වෛද්‍යවරයා දඹදිව දිසාපාමොක් ඇදුරු සමීපයට ගොස් වෛද්‍ය ශිල්පය හදාරන ලද අතර සමාජ තොරතුරු ද සියුම්ව විශද කරනු ලැබීය. අවසන බුදුන්ට පිළියම් කරන්නට සුදුස්සා බවටද පත්විය. ජීවක වෛද්‍යවරයා විවිධ රෝග පවා සුව කරන ලද අතර ඒ සියල්ලම අතුරු කතා පුවත් හරහා පූජාවලිය කතුවරයා අප වෙත ඉදිරිපත් කරනු ලැබේ. වෛද්‍යවරයා සුවකරන රෝග වලට ප්‍රතිකාර කරන ආකාරය විස්තර කරන කතුහිමියන් ඒ සඳහා වෛද්‍ය විද්‍යාත්මක යෙදුම් භාවිත කරමින් ද මෙය රචනය කර ඇත. මෙලෙස දිවයන ජීවක වෛද්‍යවරයාගේ කතාව තුළින් ද පූජාවලිය කතුවරයා, පූජාවලිය රචනයට යොදාගෙන ඇති භාෂා හා රචනා උපක්‍රම විද්‍යාමාන වේ.

එමෙන්ම කතාවේ තේමාව ඉස්මතු වන පරිද්දෙන් සජීවී සංවාද යොදාගෙන තිබීම ද කැපී පෙනෙයි. තවද කතාව විකාශනය කරන ලද අවස්ථා හා නිරූපණයේ දී සමකාලීන වදන් හා වෛද්‍ය විද්‍යාත්මක වචන භාවිත කර ඇති බව ඊට නිදසුන් වේ.

ජීවක වෛද්‍යවරයා සදාචාරාත්මක ගුණයෙන් හෙබි උතුම් වෛද්‍යවරයෙකු වූ අතර රෝග හදුනා ගන්නා අවස්ථා හා ඒවාට පිළියම් කරන්නේද පාඨක මනස තුළ චිත්තරූප වෙමින්ය.

"සිටාණන් මුහුණ වසා පටපිලියෙන් බැද සූක්ෂම වූ සැතැක් ගෙන සිටාණන්ට නොදැනෙන සේ බඩේ මතු සම පලා බඩවැල් ගෙන සිටු දෙවින්ට ගැට ගසා ඇති තැන් ගැටගසා හැර බඩවැල ඇතුලෙහි ලා පැහැති තැන් ගෙන ඖෂධ ගල්වා ..."

බලා සිටි ජනතාව පුදුම කරවමින් ද ඔහු සිටු වරයෙකු සුවපත් කරනු ලැබීණ. මෙම අවස්ථාව කියවීමේ රුචිය වඩාලමින් ද ඉදිරිපත් කරන ලද අතර සමකාලීන සමාජ තොරතුරු මෙන්ම වෛද්‍ය විද්‍යාත්මක යෙදුම් භාවිත කරමින්ද මහා සධූපදේශ ලබා දෙමින් පූජාවලිය කතුවරයා ජීවක කතා වස්තුව රචනා කර ඇත. 

පූජාවලිය කතුවරයා, චරිත නිරූපණය හා පාඨක සිත් ආකර්ෂණය කිරීමේ රීතිය යෙදීම මෙන්ම ග්‍රාමීය වදන්, පිරුළු හා අතුරු කතා පුවත් සියල්ලම හේතුපල සබදතාවය මතද ඉදිරිපත් කර ඇත. එමෙන්ම අරහං බුදු ගුණය වර්ණනා කරමින් ද රචනා කිරීම කතාව තුළ දැකිය හැකිය.

යථෝක්ත සනිදර්ශන හා සවිස්තර මගින්ද අනුරුද්ධ කුමාර කතා වස්තුව මෙන්ම ජීවක වෛද්‍ය වරයාගේ කතාවස්තුව හරහා ද පූජාවලිය රචනයට කතු හිමි යොදාගෙන ඇති භාෂා හා රචනා උපක්‍රම මැනවින් ගම්‍යමාන වේ.

- අමර්තා දෙව්මිණී -



Key words 

පූජාවලිය

පූජාවලිය කතුවරයා

පූජාවලිය pdf

පූජාවලිය විචාර pdf

පූජාවලිය විචාර ප්රශ්න

පූජාවලිය විමසුම

පූජාවලිය හැදින්වීම

පූජාවලිය ජීවක කතා වස්තුව

පූජාවලිය යුගය

Poojawaliya vichara