මිනිසුන්ගේ පොදු දුබලතා හාස්‍ය හා උපහාස රසයෙන් යුතුව සද්ධර්මරත්නාවලිය කතුවරයා මට්ටකුණ්ඩලී කතා වස්තුව තුළින් දක්වන ආකාරය විස්තර කරන්න.
ධම්මපදට්ඨ කථාව සිංහල බෞද්ධයන් විසින් පරිශීලනය කරන ලද උසස් ධර්ම ග්‍රන්ථයකි. එවැනි වූ වටිනාකමක් ඇති ග්‍රන්ථයක් ආශ්‍රය කොට ගෙන ධර්මසේන හිමියන් විසින් සද්ධර්මරත්නාවලිය රචනා කොට ඇත. ධර්මසේන හිමියන්ගේ බලාපොරොත්තුව වූයේ එයට මූලාශ්‍ර වූ ධම්මපදට්ඨ කථාවෙහි සඳහන් කතා වස්තු එලෙසම ඉදිරිපත් කිරීම නොව එයට වඩා නවකතාවකින් කතුවරයා ජීවත් වූ සමකාලීන සමාජයේ මිනිස් ජීවිතය තත්ත්වාකාරයෙන් විවරණය කිරීමයි. ධර්මසේන හිමියෝ රත්නාවලිය ග්‍රන්ථය සම්පාදනය කරන ලද්දේ සත්පුරුෂ ජනතාවට හිත වැඩ පිණිසයි. බෞද්ධයන්ගේ ධර්ම ග්‍රන්ථය අනුරාධපුර යුගයේ සතර පහ සියවස අතර කාලයේ ලියැවී ඇතැයි නිගමනය කෙරේ.
ධර්මසේන හිමියෝ සද්ධර්මරත්නාවලියෙහි එක් කතා වස්තුවක් වූ මට්ටකුණ්ඩලී කථා වස්තුව උපයෝගි කරගෙන සමාජයේ පියවරුන්ට මෙන් ම පුතුන්ට සහ අනිකුත් සෑම දෙනාටම ආදර්ශ සපයයි. එසේ පාඨකයාට ආදර්ශ ලබා දීම සදහා කතා වස්තුව තුළ ඇති චරිත වල පවතින දුර්වලතා හාස්‍ය හා උපහාසය රසයෙන් යුතුව පාඨකයා ඉදිරියට ගෙන එයි. උපහාසයට ලක් කිරීමේ දී සමාජයේ ජීවත්වන ඉහළම තලයේ සිට පහළම දක්වා සෑම තරාතිරමකම පුද්ගලයන්ගේ පොදු දුර්වලතා භේදයකින් තොරව ධර්මසේන හිමි පාඨකයාට ඉදිරිපත් කරන ගද්‍යයක් ලෙස සද්ධර්ම රත්නාවලියහි මට්ටකුන්ඩලී කතා වස්තුව දැක්විය හැකිය. එලෙස පොදු දුර්වලතා හාස්‍ය හා උපහාස රසයෙන් යුතුව නිර්මාණය කර ඇති අවස්ථා නිදසුන් ඇසුරින් විමසා බලමු.
"...තණ අග ගලා තෙල් බින්දුවක් විතරක් අනුන නොදුන්විරූ.."
මට්ටකුණ්ඩලී කථා වස්තුවෙහි එක් ප්‍රධානතම චරිතයක් වූ මට්ඨකුන්ඩලීගේ පියාගේ චරිතය කතා වස්තුව තුල ආරම්භයේදීම පාඨකයාට හඳුන්වා දෙන්නේ මේ අයුරිනි. ධර්මසේන හිමි මෙහි දක්වා ඇත්තේ 'අදින්න පුබ්බක' බමුණාගේ නාමය සැදුනු ආකාරයයි. අසූ කෙළක් ධනය ඇති සිටාණන් කෙනකුගේ සිතෙහි ඇති මසුරු සිතුවිලි කතාව ඔස්සේ බොහෝ තැන්වල මෙලෙස හාස්‍යයෙන් හා උපහාසයෙන් දකින්නේ පාඨකයා තුළ මසුරු සිතුවිලි ඇත්නම් ඒවා පාඨක සිතින් දුරු කිරීමට දරන උත්සාහයක් ලෙස අපට සිතිය හැකිය.
අතීතයේ මෙන්ම වර්තමානයේ බොහෝ වත් පොහොසත්කම ඇති ධනවත් පංතිය ඒවා යොදා ගන්නේ තමන්ගේ සුඛ විහරණය උදෙසා පමණි. ඒ අතරින් ඉතාම අල්ප ප්‍රමාණයක් ධර්ම කටයුතු හෝ නිර්ධන පන්තියට සහාය ලෙස ලබා දෙයි. බුදු දහම මුල් බැසගෙන තිබූ එවන් යුගයක අදින්නපුබ්බක බමුණාගේ මසුරු සිතුවිලි මෙවන් නම් බුදු දහම පිරිහී යන නූතන යුගයක අදින්නපුබ්බක බමුණා වැනි කොතෙක් පිරිසක් සිටිය යුතු ද යන්න පාඨකයාට අතීතය හා වර්තමානය සැසදීමේදී සිතෙයි.
මසුරු සිත් ඇති පියවරුන්ට පමණක් නොව සමාජයේ වෙසෙන සියලු දෙනාහටම මෙමගින් වටිනවා උපදේශයක් ලබා දෙන්නේ අතීතයට මෙන්ම වර්තමානයටද ගැලපෙන අයුරිනි. ඒ අනුව මට්ඨකුණ්ඩලී පියාගේ මසුරු සිත ගැබ් කරමින් ඔහුගේ නාමය නිර්මාණය වී ඇති බව පාඨකයාට ගෙන එන්නේ එම දුර්ගුණය හාස්‍යයට හා උපහාසයට ලක් කරමිනි.
අදින්න පුබ්බක බමුණාට ඇති වටිනාම වස්තුව මට්ඨකුණ්ඩලී කුමාරයා යි. ඔහු තම පණටත් වඩා කුමරුට ප්‍රේම කරන්නේ පියකුගේ යතා ස්වභාවය පාඨකයාට හඳුන්වමිනි.
" අබභරණ කරවන්ට බඩාල් කෙනෙකුන් ගෙනාවොත් කර්මාන්තය කරවන තෙක් දවස් උන්ට බතුත් දිය යුතු.."
" අකුරු ලියන සේ නොදන්නා කෙනෙකුන් පත්වල ඉරි අදිනා සේ.."
පියා තම පුතුට කුණ්ඩලාභරණයක් සාදා දීමට සිතන්නේ තම පුදට ඇති ආදරේ නිසාවෙනි. එහෙත් බමුණා කුණ්ඩලාභරණය සෑදීමට බඩාල් කෙනෙකුන් ගෙන්වීමට අකමැති වන්නේ කුණ්ඩලාභරණය සාදා නිම කරන තෙක් ම ඔහුට බන් දිය යුතුය යන බව සිතාය.අතරම් වස්තු සම්භාරයක් ඇති සිටාණන් කෙනෙකුට ආහාර වේලක් දීමත් තමාගේ වස්තුවට හානියක් බව සිතීමට තරම් බමුණා කෙතරම් මසුරු ද යන්න ධර්මසේන හිමි මෙහි දක්වා තිබේ.
තමාගේ පණටත් වඩා ආදරේ කරන පුතුට ගෙලෙහි පළඳින ආභරණය තැනීමට බඩාල් කෙනෙකුන් ගෙන්වීමට අකමැති බමුණා රත්රන් රැගෙන එය තලා ඉතාම මටසිළුටු වූ කුණ්ඩලාභරණයක් සාදා එල්ලූ පසු කුමරුට "මට්ඨකුණ්ඩලී" නම් නම ලැබුණු බව කියැවේ.
තම දරුවාගේ සියලු වියදම් දරන දෙමව්පියන් බමුණා තරම් පොහොසත්කම් නොමැති අය වුවද ඔවුන් නොකා නොබී හෝ දරුවන්ගේ අවශ්‍යතා සපුරන සමාජයක් තුළ බමුණා තම පුතුට තමාගෙන් විය යුතු යුතුකම් ඉටු නොකරන්නේ පුතුට වඩා තමාගේ ධනස්කන්ධය තමාට වටිනා බව සිතාය. මසුරු සිත පෙරදැරිව පියෙකු ක්‍රියා කරන ආකාරය ධර්මසේන හිමි මෙහිදී පොදු දුර්වලතාවයක් ලෙස හාස්‍ය හා උපහාසයෙන් යුතුව කථා වස්තුව තුළ නිර්මාණය කර ඇති ප්‍රබල එක් අවස්ථාවක් ලෙස දැක්විය හැකිය.
දෙමාපියන්ට ඇති මිල කළ නොහැකි වටිනාම වස්තුව තම දරුවන් ය.
" යම් ලෙසක් කළ කල මාගේ වස්තුවට හානියක් නොවේ නම් ඒ ලෙසක් කෙරෙමි"
මට කොන්ඩ ලී කුමරුට සොළොස් හැවිරිදි වියේදී පාණ්ඩු රෝගය සෑදුනු එම රෝග ඇති වෙන්නේ පෝෂදායි ආහාර නොලැබීම නිසා බව කියවේ අසූ කෙළක් වස්තුව සම්පත් ඇති පියෙකුට තමයි එකම දරුවාට එතරම් ආහාර පාන ලබාදිය හැකිද යන්න පාඨකයා ඉදිරියේ රචකයා ප්‍රශ්නකරයි රෝගයට මහින්ද වරයෙකු ලවා ප්‍රතිකාර නොකරන්නේ තම වස්තුව වියදම් වී යයි සිත අය තම දරුවන්ට ලෙඩක් දුකක් ඇති වූ අවස්ථාවලදී දෙමව්පියන් මිල මුදල් නොව තම ජීවිතය පුදකර දරුවන් බේරා ගැනීමට උත්සාහ දරන සමාජයක් තුළ මගින් එම ක්‍රියාව කෙතරම් දුර්වලද.
කුමරුන්ට අසාධ්‍ය වූ අවස්ථාවේ දී ඔහු ගෙය පිල මතට ගෙනැවිත් දමන්නේ පියෙකුට කිරීමට නොව සිතීමටද නොහැකි පියපුතු බැඳීම අතර ය. වෙදැදුරෙකුට නොපෙන්වා අසාධ්‍ය වන තුරාම බමුණා ප්‍රතිකාර කරමින් රෝගය දරුණු වන්නේ බමුණාගේ මසුරුකම නිසා වෙනි. පියකු දරුවාට කොතරම් ආදරය කළද තම පුතුට මිය යන්නට හරින්නේ තමා රැස් කළ ධනය කාට දීමටද, ඔහු මිය නොගොස් සදාකල් ජීවත් වීමට සිතන්නේද යන්න පාඨකයාට සිතෙන්නේ ධර්මසේන හිමියන් විසින් බමුණාගේ චරිතය හාස්‍යයෙන් හා උපහාසයෙන් යුතුව නිරූපණය කළ නිසාවෙනි.
H.M ශෂිකා ලක්මාලි
උසස් පෙළ කලා අංශය
මප/ව/මඩුල්ල ද්විතීයික පාසල