කොළඹ යුගයේ දෙවන කවි තරංගයේ විචාර
කොළඹ යුගයේ දෙවන තරංගයේ කවීන් පාඨකයන්ගේ සමාජ ජීවිතාවබෝධය පෘථුල කිරීමට සමත් වූහ. නිර්දිෂ්ට පද්‍ය පන්ති තුනක් වත් ඇසුරෙන් උක්ත කියමන සනාථ කරන්න.
කොළඹ කවියෙහි ප්‍රථම තරගය නියෝජනය කළ කවීන්ගේ පද්‍ය නිර්මාණ වලට වඩා වෙනස් ස්වරූපයක් මෙකී කවීන්ගේ පද්‍ය නිර්මාණවල දක්නට ලැබේ. මෙම වෙනස මෙකී වස්තු විෂය, භාෂාව, සංකල්ප රූප යනාදී සෑම අංශයකම පාහේ ලක්ෂණයක් වූයේ රොමැන්ටික් වාදය හෙවත් සෞන්දර්යාත්මකවාදය මෙම කවින්ගේ ආභාෂයට නතු වීම හේතුවෙනි. මෙකී කවීන්ගේ පද්‍ය නිර්මාණවල සුවිශේෂී වූ ලක්ෂණ කීපයකි. ඒ අතර පාඨකයාට සමාජ ජීවිතාවබෝධය ලබාදීම ප්‍රමුඛ වේ. යම් කවියෙකු තම දැකීම් මගින් පාඨකයාට වටිනා වූ යමක් ලබා දෙයි නම් එය බෙහෙවින් ප්‍රයෝජනවත් ය. කොළඹ යුගයේ දෙවන තරංගයේ කවීන් අතර සාගර පලංසූරිය, ශ්‍රී චන්දරත්න මානවසිංහ, පීබී අල්විස් පෙරේරා, මීමන ප්‍රේමතිලක, එම් කුඩලිගම වැනි කවීන් රැසකි.
මොවුන්ගේ පද්‍ය පන්ති සියල්ලෙන්ම ජීවිතයට අවබෝධයක් ලබා දෙන අතර සාගර පලන්සූරිය කවියාගේ ඉගිලෙන සිහින පද්‍ය පන්තිය, පී.බී අල්විස් පෙරේරාගේ පැසුනු පාන හා එච්.එම් කුඩලිගම යන්ගේ තවමත් ඔබ මගේය යන ඒවා ඒ අතර ප්‍රධාන වේ. මෙම කවීන් එම පද්‍ය පන්ති තුළින් ඉතා අපූර්ව ලෙස සමාජයේ මිනිසුන් සියල්ලට වටිනා වූ ජීවිතාවබෝධයක් ලබා දෙන අයුරු නිදසුන් ඇසුරින් විමසා බලමු.
සාගර පලන්සුරියගේ ඉගිලෙන සිහින පැදිපෙල එක්තරා ආකාරයකට පාඨකයාගේ පුද්ගල සමාජ ජීවිතාවබෝධය පෘථුලත්වයට පත් කරවයි. කුරුලු පැටවකු ක්‍රමයෙන් හැදී වැඞී වර්ධනය වී ස්වාධීනව සිතන ආකාරයත්, සිය කැදැල්ලෙන් පිට වීමත්, ස්වාධීනත්වයේ අගය ද වස්තු විෂය කර ගත් පැදි පෙළකි. එමගින් කවියාගේ අරමුණ වූයේ දරුවන් හැදී වැඩීමත් සමග නිදහස්ව ආදීනව සිතන පතන ආකාරයත් පරම්පරා දෙකක අදහස් උදහස් අතර ගැටුමකි. එමගින්ද කවියා පාඨකයාගේ ජීවිතයට වටිනා අවබෝධයක් ලබා දීමට උත්සාහ කර ඇති බව පෙනෙයි.
" මිනිහා නගන කටහඩ නොම වැකෙන කනේ
ඇත මේ කුරුලු කූඩුව උස ගහක බෙනේ"
මනුෂයා නම් මනසින් උසස් සත්වයායි. එවැනි වූ නුවණක් ඇති සිතීමේ හැකියාව ඇති මිනිසුන් සිටින තැනක තිරිසන් සතෙකුට වත් සිටීමට නොහැක්කේ සතුන් අකමැති වන්නේ එවැනි මිනිසුන් තුළ පවතින දුර්ගුණයන් නිසා වෙනි. මෙම පද්‍ය පන්තියෙහි කුරුලු මව හා පියා තම පැටවුන් මිනිසුන්ගේ කටහඬ වත් නො ඇසෙන කැලෑවක උස ගසක කූඩුව තනන්නේ මිනිසුන්ට ඇති බිය නිසාවෙනි. කුරුළු දෙමාපියන් තම පැටවුන් මෙලොව එළිය දැකීමට පෙර ඔවුන්ගේ ආරක්ෂාව ගැන සිතා කටයුතු කරන ආකාරය දක්වන කේයස් කවියා දෙමාපියන්ගේ අසීමිත ආදරය හා මිනිසුන්ගේ කෲර අදහස් සිතුම් පැතුම් මගින් ද පාඨකයාට වටිනා ජීවිතාවබෝධයක් ලබා දෙයි.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
" උණුසුම් ගතිය ඇතමුත් සිය කැදැල්ලෙහි
පැටවා කැමති නැත හිරවී විසිල්ලෙහි
දෙනෙතට නිල් අහස යොමු වන ඇසිල්ලෙහි
ඔහු යෙදෙනවා නිදහස ගැන සෙවිල්ලෙහි"
දෙමාපියන්ට ඇති වටිනාම වස්තුව තම දරුවන් ය. දෙමාපියන් දරුවන් වෙනුවෙන් සිදුකරන කැපවීම මෙතෙකැයි කියා කිව නොහැකි තරම්ය. දෙමාපියන් සිටින දරුවන්ට ඔවුන්ගේ අගය නොතේරුන ද තම දෙමාපියන් නොමැති දරුවන් විදින්නේ අසීමිත දුකකි. මේ පද්‍ය පන්තියේ ද ඇත්තේ එවැනි සිදුවීමකි. කුරුලු මව සහ පියා එක්ව තනන කැදැල්ල කුරුලු පැටවුන්ගේ උපරිම සුවපහසුව ඇති තැන වූවද පැටවා කැදැල්ලෙහි රැදීමට අකමැති වේ. ඒ පැටවාගේ දෙනෙතට නිල් අහස පෙනෙන නිසාය. පැටවාට අවශ්‍ය වී ඇත්තේ මින් පසු කැදැල්ලෙහි රැදීම නොව තමාට අවශ්‍ය නිදහස සොයා යෑමයි. දෙමව්පියන් දරුවන්ට කොතරම් රැකවරණය ලබා දී ආදරයෙන් රැකබලා ගත්ත ද යම් දිනෙක ඒ සියල්ල හැරදමා යන බව සිතා දෙමාපියන් දුක් නොවිය යුතු බව ද තමාගේ දෙමාපියන් ගේ සිත කිසිදු දිනෙක නොරිද්දා හැසිරිය යුතුය යන ජීවිතාවබෝධය කවියා දෙමාපියන්ට සහ දරුවන්ට යන දෙපලටම ලබා දෙයි.
" කවුළුව තුළින් එළියට හිස දමන විට
හොඳ බව පෙනෙයි මෙහි ඇතුලට වැඩිය පිට"
" උවදුරු එමට ඇති මුත් එළිමහන තුරේ
පැටවට පෙනෙයි එහි පවතින කුරුලු පොරේ"
සමාජය දෙස පිටින් බලන විට එහි සුන්දර බව පෙනේ. එහෙත් එහි ඇතුළත පිටින් පෙනෙනවාට වඩා වෙනස්ය. මෙහි කුරුලු පැටවාටද කැදැල්ලෙන් පිටත හිස දමන විට ඇතුළුට වඩා පිටත හොඳ බව පෙනේ. එහි උවදුරු නම් බොහෝමය. එම කිසිවක් ගැන නොපෙනෙන නොසිතන කුරුලු පැටවාට අවශ්‍යව ඇත්තේ තමාට උරුම නිදහසයි. පිටත සමාජය පිළිබඳ දන්නා අත්දැකීම් ඇති දෙමාපියන් ගේ බසට අවනත නොවී නිදහස සොයා ගොස් ජීවිතය වරදවා ගත් පුද්ගලයින් බොහෝමයක් අපට මනුෂ්‍ය සමාජය තුළ දැක ගත හැකිය. නිසි කල වයස සපිරි විට සමාජය පිළිබඳ අවබෝධයක් ඇති වීමෙන් පසුව දෙමාපියන් දරුවන් සමාජයට දමන්නේ එම හේතුව නිසා වෙනි. සතුන් ද එසේමය තම පැටවුන්ගේ ප්‍රාණය ආරක්ෂා කර නිසි වයසේදී සමාජයට දමන්නේ පාඨකයාට සමාජය ගැන පෘථුල අවබෝධයක් ආදර්ශයක් ලබා දෙමිනි.
" සටනක් නැතිව සැපතක් ඇතිවිය නොහැක
මේ රැකවරණය තුළ ඇති සුවසිරි දුකෙක
උවදුරු දිගේ යන දිග මාවත මිසෙක
නිදහස කරා යන වෙන පාරක් කිමෙක"
සමාජයේ මිනිසුන් පිළිබඳ, සමාජ වටපිටාව පිළිබඳ දැනුමෙන් සමාජගත වීම නිසා ජීවිතයට පැමිණෙන ගැටලු රැසක් වළක්වා ගත හැකි අතර එසේ නොමැති වුවහොත් උවදුරු සහිත සමාජයේ විවිධ දරුණු පුද්ගලයින් සමාජ විරෝධී ක්‍රියාවන් ආදියට යොමු කරවා ගැනීමට ක්‍රියා කරන අවස්ථා බොහෝය. එම නිසා තමාගේ ජීවිතය සාර්ථක කර ගැනීමට සටන් කළ යුතු බව, සමාජයේ පවතින උවදුරු වලින් බේරී ක්‍රියා කිරීම මිසක නිදහස කරා යන වෙන පාරක් නොමැති බවත් මෙයින් ව්‍යංග වත් කරමින් සමාජය පිළිබඳ ජීවිතාවබෝධයක් පෘථුල කරයි.
ඒ අනුව ඉහත දක්වන ලද මෙම "ඉගිලෙන සිහින" පද්‍ය පන්තිය හරහා ව්‍යංගාර්තව කතුවරයා ලබා දෙන්නේ සමාජ ජීවිතාවබෝධය යි.
අල්විස් පෙරේරා කවියාගේ ඇසුනු පාන වනාහී ශාකවල විවිධත්වය ගැන දරුවෙකුට ඇතිවන ප්‍රශ්ණාවලියක් විලස රචනා වූවකි. එහෙත් එකී ප්‍රශ්නාවලියෙහි යම් අරුත් සමාජ ජීවිතය පිළිබඳ සංකේතාර්ථ උත්පාදනය කරයි. ඒ බව පද්‍ය පන්තියෙහි අරමුණින්ද පෙනෙයි. එහි අරමුණ වූයේ "ගස් කොළ වල විවිධත්වය ළදරු මනසට නැගෙන විවිධ පාන හරහා ඉදිරිපත් කරමින් ශාක වල විවිධත්වය හදුනාගැනීමටත්, කවියා සංකේතාත්මකව ඒ හරහා සමාජයේ පවතින සම විෂමතා පිළිබඳ අවබෝධයක් ලබා දීමත් විය." එම අගනා අරමුණින් නිර්මාණය කළ මෙම පද්‍ය පන්තිය හරහා පාඨකයාට සමාජ ජීවිතාවබෝධය ලබා දෙන්නේ මෙසේය.
" මෙතරම් කැසුම ඇයි කහබිලියා බූවේ
නිදිකුම්බා කොලේ මොකටද නිදියෑවේ"
කහබිලියා ශාකය ඉතා දරුණුය. එය ශරීරයෙහි ගෑවුන විට වේදනාවක් මෙන්ම කැසීමක් ද ඇතිවේ. සමාජයේ ද දරුණු කහබිලියා ශාක වැනි මිනිසුන් දැකගත හැකිය. නිදිකුම්බා ශාකය ස්පර්ශ කළ පසු නිදා ගන්නේ ඉතා සංවේදී ශාකයක් ලෙසයි. සමාජයේ මෙවැනි සංවේදී මිනිසුන් ද සිටී. කහබිලියා ස්පර්ශ කළහොත් දරුණු වේදනාවක් දැනෙන අතර කිසිවෙකු කුමක් කළ ද තමාගේ පාඩුවේ නිදිකුම්බා ශාකය සේ සිටින්නන් ද වන බව මෙයින් කියැවේ. අප සමාජය තුළ ජීවත් වීමේදී පුද්ගලයින් කෙබඳු ද යන වග හොඳින් බලා ඇල්ලිය යුතු බව හෙවත් ආශ්‍රය කළ යුතු බව මෙම කවියෙන් ව්‍යංගවත් කරමින් ජීවිත අවබෝධයක් අපූර්ව ලෙස ලබා දෙයි.
" පවතී අඩනහිරියා මල් වල සද්දේ
කෝදුරු රංචු අට්ටික්කා ගෙඩි මැද්දේ"
මෙම කවියෙන් කියවෙන්නේ අඩනහිරියා මල් වල ශබ්දය කණට මිහිරි බවයි. එවැනි මිනිසුන් අපට ඕනෑ තරම් දැක ගත හැකිය. කිසිවෙක් අපට කතාවෙන් මැනිය නොහැකි බව මෙයින් ව්‍යංගවත් කරයි. කෝදුරුවා නම් හැංඟෙන්නේ අට්ටික්කා ගෙඩි ඇතුලේය. පරපෝෂිත ජීවියෙකු වන කෝදුරුවා ගෙඩියේ ඉපිද ගෙඩිය ඇතුළ කාගෙන පෝෂණය වී ගෙඩිය විනාශ කරගෙන එළියට යයි. සමාජය තුළ මෙවැනි මිනිසුන් බොහෝය. තමා ඉපදුනු තැන, සිටින තැන, පෝෂණය ලබා ගත් තැන සියල්ල විනාශ කොට කටයුතු කරන මිනිසුන්ද සිටින බව මෙයින් ව්‍යංගවත් කරමින් යම් ජීවිත අවබෝධයක් ලබා දෙයි.
" සමහර මල් තිබේ ලස්සන එමට ඇත
එනමුදු සුවද නම් ගෑවුණු තැනක නැත
සමහර මලක තනි සුදුමැලි පැහැය ගත
තිබුනත් සුවද පිනවයි දුටු අයගෙ සිත"
සමහර මල් වල ලස්සන තිබුණද එහි කිසිදු සුවදක් නොමැත. සමහර මල් තනි සුදු පැහැය වුවද එහි සුවද දුටුවන්ගේ සිත පිනවීමට සමත් බව මෙම කවියෙන් කියයි. බාහිර රූපයෙන් කිසිදා කිසිවකු මැනිය නොහැකිය. රූපය ලස්සන බොහෝ අයගේ සිත අපිරිසිදු විය හැකි ය. එමෙන්ම රූපයෙන් අවලස්සන බොහොමයකගේ සිත පිරිසිදු, ලස්සන විය හැකිය. එමෙන්ම සමාජයේ සුදු ඇදුමින් සිටින බොහෝ දෙනකුගේ බාහිර හා රූපයන්ට නොරැවටිය යුතු බව ද මෙයින් කවියා අදහස් කරමින් අපූරු ජීවිතාවබෝධයක් ලබා දෙයි.
" කලුමැදිරිය කළුය ඇට්ටේරිය සුදු වේ
කොස් කහ, පතගි රතු , එක කැලයක පොදුවේ"
කැලයක ගස් වර්ග බොහෝය. එම ගස් වලින් ගන්නා ලී විවිධ වර්ණයන්ය. එම ගස්වල ප්‍රමාණය ද එකිනෙකට වෙනස්ය. කලුමැදිරිය කලුය, බේරිය සුදුය, කොස් කහ වර්ණයද, පතගි රතු වර්ණයෙන් ද විවිධ වර්ණ ගනියි. රටක් ගත් විට ද එසේමය. එකම රටේ විවිධ ජාතීන්වල විවිධ ආගම්වල මිනිසුන් ජීවත් වේ. එකම කැලයක විවිද ගස් සේ, රටක ජීවත්වන ජනතාව සියල්ලෝම ජාතිය, ආගම නොසලකා ක්‍රියා කළ යුතුය යන බව මෙයින් ව්‍යංගවත් කරමින් ජීවිතයට ආදර්ශයක් ලබා දීමට කවියා උත්සාහ දරයි.
කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ කවීන් අතර එච්.එම් කුඩලිගම කවියා ප්‍රධාන තැනක් ගනියි. ඔහුගේ පද්‍ය නිර්මාණ අතර "තවමත් ඔබ මගේය" සාර්ථක නිර්මාණයකි. එම පද්‍ය පන්තිය තුළින් ද පාඨක ජීවිතාවබෝධය ලබා දෙයි.
"සිහිලැල් සිනාවට උනු කදුලු නෑ වුනා
කඳුළෙහි සියුම් දහමක රසය ගෑ වුණා"
අපට සෑම විටකම සිනාසිය නොහැක. සිනහව පසුපස ඇත්තේ දුකයි. එනම් කඳුලයි. එම දෙකම අප සමසේ විඳදරා ගත යුතුය. අපගේ සිනහව මෙන්ම කදුලද රැඳී තිබෙන්නේ තමා සිදුකරන ක්‍රියාමතයි. එම නිසා සෑම අවස්ථාවක දීම නුවණින් සිතා බලා කලබල නොවේ කටයුතු කිරීමෙන් ඇඩීමට සිදුවන අවස්ථා අඩුකර ගත හැකිය. මෙහිදී කවියා ලෝක ධර්මතාවයෙන් වටිනා ජීවිතාවබෝධයක් ලබා දෙයි.
" උස් කදු මුදුන්වල වැජඹෙන සිරිමලිය
ඔබගෙන් අලුත් දහමක් මට පැහැදිලිය
රූමත් මුහුණකට ඇති මිහිරිම එළිය
සිහිලැල් සිනා රැලි නොව උණු කදුලැලිය"
තමාගේ ප්‍රේමවන්තිය ආමන්ත්‍රණය කරන තරුණයා පවසන්නේ ඇයගේ රූමත් මුහුණේ සිහිලැල් සිනහා පසුපස උණු කදුලැලි ඇති බවය. යම් කෙනෙක් රූමත් බැවින් කෙනෙකු තෝරා ගනී නම් ඒ පසුපස ඇත්තේ දුකයි. එම නිසා රූමත් බව නොව පවතින ගුණ ධර්මයන් ගැන සිතා කටයුතු කරයි නම් සතුටින් සිනහවෙන් ක්‍රියා කළ හැකි බව මෙයින් කියවෙයි. ඒ අනුව සමාජයේ තරුණ ප්‍රජාවට වටිනා ජීවිතාවබෝධයක් මෙමගින් ලබා දී ඇත.
සැඟවුණු ගිනි පුපුරු අළු යට නිවේ නම්
ඊ මත අලුත් සිසිලක් කිති කැවී නම්
මේ දෙවි ගමන කෙටි මඟ කට ගෙවේ නම්
හමු වනුවට අගෙයි යළි හමු නොවේ නම්
ජීවිතය තේරුම් ගත් තරුණයෙකුගේ සිතිවිලි වල යථා ස්වරූපය මෙම කවිය තුළ නිර්මාණය කර ඇත. උපත පසුපස ඇත්තේ මරණයයි. මෙලොව උපත ලබන මිනිසුන් සතුන් පමණක් නොව ගස්වැල් ආදී සියලු දේම කෙදිනක හෝ නැති වේ. අහිමි වේ. ලෝක ධර්මතාව එයයි. ජීවත්ව සිටියදී රැස්කරගත් මිල මුදල් යාන වාහන ඉඩකඩම් ආදී සියලු ධනය මෙන්ම තමාගේ යහළු මිත්‍රාදීන් දරුවන් සියල්ල අතහැර දමා යාමට අපට සිදුවේ. අප රැගෙන යන්නේ අප ජීවත්ව සිටියදී එක් කරගත් කුසලාකුසල ධර්ම පමණිය, යන ජීවිතාවබෝධය මෙමගින් ලබා දෙයි. ඒ අනුව කොළඹ යුගයේ කැපී පෙනෙන කවි පරපුරක් වන කොළඹ යුගයේ දෙවන පරපුරේ කවීන් අතර සාගර පලන්සූරිය, පී.බී අල්විස් පෙරේරා මෙන්ම එච්.එම් කුඩලිගම යන කවීන් මෙම පද්‍ය පන්ති තුන හරහා පාඨකයන්ගේ සමාජ ජීවිතාවබෝධය පෘථුල කිරීමෙහි ලා බෙහෙවින් සමත්ව ඇත.
තවමත් ඔබ මගේය පද්‍ය පන්තිය >>>
Key words
කොළඹ යුගයේ දෙවන කවි පරපුර විචාර
කොළඹ යුගයේ දෙවන කවි තරංගය
කොළඹ යුගයේ පද්‍ය විචාර
කොළඹ කවියේ දෙවන තරංගයේ විචාර
ද්විතීයික කවි තරංගයේ පද්‍ය විචාරය
කොළඹ දෙවන කවි පරපුර විචාර
කොළඹ යුගයේ පද්‍ය රසාස්වාදය
කොළඹ යුගයේ විචාර pdf
කොළඹ යුගයේ පද්‍ය විචාර download