සතර කන් මන්ත්‍රණය විචාරය
උම්මග්ග ජාතකය කතුවරයාගේ භාෂා භාවිතයේ විශිෂ්ටත්වය සතර කන් මන්ත්‍රණය පාඩම ඇසුරින් උදාහරණ තුනක් දක්වමින් විමසන්න.
සිංහල බෞද්ධයාගේ ගෞරවාදරයට පාත්‍ර වූ පන්සිය පනස් ජාතක පොත වනාහී කුරුණෑගල යුගයේ වීරසිංහ පතිරාජයා ගේ ආරාධනයෙන් බුද්ධඝෝෂ හිමි විසින් රචිත ජාතකට්ඨ කතාව පදනම් කර ගනිමින් ලියවූ ලද්දකි. බෝධිසත්වයන් වහන්සේගේ බුද්ධත්වය සදහා වූ දස පාරමිතා සපුරාගත් ආකාරය දැක්වෙන ජාතක කතා ඇතුළත් මෙහි දීර්ඝතම ජාතකය උම්මග්ග ජාතක යයි. මෙය ලිවීමේ මූලික අරමුණ වනුයේ මහෞෂධ පඬිතුමාගේ ඥාන මහිමය විදහා දැක්වීමයි.
අපට නිර්දිශිෂ්ට සතර කන්මන්ත්‍රණය කොටස යටතේ පාඩම රස විදීමේ දී උම්මග්ග කතුවරයාගේ භාෂා භාවිතයේ විශිෂ්ටත්වය කොතෙක්දැයි මනාසේ පසක් වේ. පහත දැක්වෙන්නේ ඊට කදිම නිදසුන් වේ.
සතර කන්මන්ත්‍රණය කොටසෙහි කතුවරයා භාවිතා කරනු ලැබූ භාෂා භාවිතය ගැන සලකා බලන විට උපමා භාවිතය මගින් සතර කන්මන්ත්‍රණය නම් කොටස රසවත් කිරීමට කතුවරයා ගත් උත්සාහය ඉතා සාර්ථක බව පහතින් දැක්වෙන නිදසුන් තුළින් සුපැහැදිලි වේ.
"රජ්ජුරුවෝ වනාහි රාජ මානයෙන් ද ඉසුරු මදයෙන් ද මත් වැ දණ්ඩකින් පහරන ලද සර්ප රාජයකු සේ කෝපයෙන් දිලිහි.."
ඉහත උදාහරණයෙන් පැහැදිලි වන්නේ රජු රාජත්වය පිළිබඳ ඇති ආඩම්බරයෙන් සම්පත් වලට ඇති ආශාවෙන් මහත් සේ කිපී ඇත්තේ දණ්ඩකින් පහර කන ලද සර්පයකු ලෙස බැව් කියා පෑමටයි. ඒ සදහා කතුවරයා යොදාගත් ඉහත උපමාව ඒ හා මනාසේ ගැලපී ඇත්තේ කතුවරයා සතු වූ භාෂා භාවිතයේ විශිෂ්ටත්වය නිසාවෙනි.
උපමා මෙන්ම රූපක භාවිතය මගින් නිර්මාණයේ එන භාෂාව අලංකාරය කිරීමට කතුවරයා දැක්වූ එම උත්සාහයද ඉතා අනර්ඝ ය.
"සියලු සත් යොදුන් මියුලු නුවර ඒ මහෞෂධ පණ්ඩිතයන්ගේ ප්‍රඥා නමැති සූර්යයා පහළව සත්වයන්ගේ සිත මෝහාන්ධකාර විගමනයෙන් හෙළි වූ කලක් පරිද්දෙන් ආලෝකමත් විය"
සත් යොදුන් මියුළු නුවරට මහෞෂධ පණ්ඩිත තුමාගේ ප්‍රඥාව නමැති සූර්යයා පහළ වී සත්වයන්ගේ සිත තුළ පැවති වැරදි අවබෝධය නමැති අදුර ඉවත්වූ බව ඉහත රූපක ද යොදා ගනිමින් කතුවරයා පැවසීමට දැක්වූ එම උත්සාහය සාර්ථකය. මේ තුළින් ද පැහැදිලි වන්නේ උම්මග්ග කතුවරයා සතු වූ ඒ භාෂාව භාවිතයේ විශිෂ්ටත්වයයි.
එසේම කතුවරයා දිගු වැකි යොදා ගනිමින් කතාව ඉතා සංකීර්ණ ලෙසත්, විටෙක කෙටි වැකි යොදා ගනිමින් කතාව මනා ලෙස සරල වත් ඉදිරිපත් කරයි. කෙටි වැකි යොදා ගනිමින් ඉතා පැහැදිලිව අර්ථය වටහා ගැනීමට හැකි වන ලෙස කතුවරයා රචනා කළ සතර කන්මන්ත්‍රණය කොටසෙහි එන පහත උදාහරණය තුළින් එය සුපැහැදිලි වේ.
" මම ඉතා වැඩිමහල්මි. මහෞෂධ පණ්ඩිතයෝ බාලයෝ ය. ආචාර දන්නා නුවණැති පණ්ඩිතයන් හෙයින් ඔහු මා දුටු කළ සැක නැතිව වඳනාහ.."
කෙටි වැකි භාවිතය මගින් කතාව රසවත් වූ ආකාරය ඉහත දැක්වූ උදාහරණය තුළින් පැහැදිලි වේ.
ඉහත දක්වන ලද උදාහරණ තුනෙන්ම පැහැදිලි වන්නේ සතර කන්මන්ත්‍රණය පාඩමට උම්මග්ග කතුවරයා විසින් දැක්වූ භාෂා භාවිතයේ ඇති විශිෂ්ටත්වයේ ඇති අපූර්වත්වය බැව් මනාව පැහැදිලි වේ.
(ගෙලිඔය ශ්‍රී ප්‍රඥාරතන ජාතික පාසල)
සාමාන්‍ය පෙළ විචාර
>> සිංහල සාහිත්‍ය සංග්‍රහයේ උද්ධෘත හා වැදගත් කරුණු එකතුව
>>හානා හීය පානා අඬහැරෙන් දැනෙයි
>>සතර කන් මන්ත්රණය විචාර ප්‍රශ්ණ අංක 01
>>සතර කන් මන්ත්රණය විචාර ප්‍රශ්ණ අංක 02
>>සතර කන් මන්ත්රණය විචාර ප්‍රශ්ණ අංක 03
>>සතර කන් මන්ත්රණය විචාර ප්‍රශ්ණ අංක 04
>>බැද්දේගම නවකතාව සාහිත්‍යය විචාරය
>>ලෙන අතහැර යෑම (සිංහබාහු නාට්‍ය) සාහිත්‍යය විචාරය 02
>>ලෙන අතහැර යෑම (සිංහබාහු නාට්‍ය) සාහිත්‍යය විචාරය 01
>>කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට.. විචාරය
>>කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට.. විචාරය 02
==========================
Key words for search engine..
සතර කන් මන්ත්රණය විචාර
සතර කන් මන්ත්රණය විචාර ලිවීම
සතර කන් මන්ත්රණය කෙටි සටහන්
sathara kan manthranaya
sathara kan manthranaya vichara
sathara kan manthranaya questions
sathara kan manthranaya vichara lyrics
sathara kan manthranaya full story grade 10
sathara kan manthranaya vicharaya
සතර කන් මන්ත්රණය විචාර
==========================
Comments