Skip to main content

Follow on YouTube

පන්සිය පනස් ජාතක කතා පොත ඇසුරින් විචාරය 01 - උසස් පෙළ

පන්සිය පනස් ජාතක පොතේ හුවා දැක්වෙන්නේ බෝධිසත්ව උප්පත්ති කතා හා සමාජයට ලබාදෙන ලද ජීවිත උපදේශ සමුදායකි, විමසන්න.

සිංහල සාහිත්‍ය වංශය තුළ එන්නාවූ සුවිශේෂ කෘති අතරින් විරාජමාන වන කෘතහස්ත කෘති අතර පුරාතන ගද්‍ය සාහිත්‍ය තුළ එන්නාවූ විශිෂ්ට කලා නිර්මාණය පන්සිය පනස් ජාතක පොත විය. කුරුණෑගල සමයේදී මෙය විරචිත අතර පාලි ජාතකට්ඨ කතාව ඇසුරින් විරචිත මෙම පුස්තකය බෝධිසත්ව උප්පත්ති කතා ඇතුළත්ව බහුකතෘන් විසින් ද රචනා කර ඇත. මෙම පොතෙහි අඩංගු වන්නේ බෝධිසත්ව උප්පත්ති කතා මෙන්ම සමාජයට ලබාදෙන ලද ජීවන උපදේශ සමූදාය බව පහත දැක්වෙන ලද සනිදර්ශන හා සවිස්තර මගින් ද පැහැදිලි වේ.

චන්නකින්නර ජාතකයේ වර්තමාන කතා පුවත තුළ යශෝධරා දේවියගේ ගුණ වර්ණනා කරන ලද අතරමද සිද්ධාර්ථ හා යශෝධරා කිඳුරු කුලයක ඉපදීමද ඔවුන්ට මුහුණ දීමට සිදුවන ලද අනපේක්ෂිත සිදුවීම ද බරණැස් රජු හීතල පහරින් කිඳුරා මරණයට පත් කරන ලද අතර ඉන් කිඳුරිය ශෝකයට පත්වීමද ඉදිරිපත් කරයි.

" ලද ශර ප්‍රහාරයෙන් වෑහෙන්නා වු ලෙහෙයෙන් රැදී ඔත්තා වු..කකියා ගිය කබලෙක දවාලු කල කද මුලින්ම සිදිගිය හෙලූ ගසක් සෙයින්ද නියන් සමයෙහි පැන් සිදී වියලි ගිය මළ හෝ කිදුරන් සෙයින් "

සඳ කිඳුරිය දැඩිව වියෝගයට පත්ව සිටින්නේ ද ඇයට තිබෙන අව්‍යාජ ආදරය නිසාමය. තම ස්වාමියාට ඒ අකටයුතුකම කරන ලද පුද්ගලයාට ඇය දෝෂාරෝපණය කරන ලද්දේද උතුම් පතිනියක ලෙසය. මෙලෙස දිවයන චන්නකින්නර ජාතකයෙන් ජාතක කතා පොත තුළ බෝධිසත්ව උප්පත්ති කතා මෙන්ම සමාජයට ලබාදෙන ලද ජීවන උපදේශ සමුදාය මැනවින් විශද වේ.

බරණැස් රජු කිඳුරාව මරණයට පත් කිරීමට තැත් කරමින් ද කුමරියට අයුතු යෝජනා ද ඉදිරිපත් කරයි. ඇය ඒ සියල්ලම ප්‍රතික්ෂේප කරමින්ද සැපේදී මෙන්ම දුකේදීත් ඔහු සමග සිටින බව පෙන්වීමට ද ඇය පහත පරිදි රජු දැඩි සේ විවේචනය කරනු ලැබේ.

"පාපිෂ්ඨ තා වැනි දෝහි මාගේ ස්වාමි පුත්‍රයාට පැමිනි මරණ දුක්කය තටද වේවයි. මට පැමිණියා වු මේ ශෝකය තගේ අඹුදරුවන්ටද වේවයි. තවද පවිටු රජ තගේ මව්ද තා නොදැක සොහොන් වදිවයි "

සඳකිඳුරිය සැබැවින්ම වාසි තකා රජුගේ යෝජනා සියල්ල ඉටු නොකරන ලද්දේ උතුම් පතිනියක ලෙසය. රජුගේ යෝජනාව ප්‍රතික්ෂේප කරන්නේද අලුයම ඉවතලූ කෙළ පිඩක් සේය. අවසානයේ දී ශක්‍රයා කිඳුරාව සුවපත් කරන්නේ ද කාමාශාවෙන් ලොල් වූ රජු පරාජය කරමින්ය. මෙලෙස දිවයන චන්නකින්නර ජාතකයෙන්ද ජාතක කතා තුළ අඩංගු වනුයේ බෝධිසත්ව උප්පත්ති කතා මෙන්ම සමාජ උපදේශනා සමුදායක් බව පිළිබිඹු වේ.

ඉහත සඳහන් චන්නකින්නර ජාතකයේ සනිදර්ශන හා සවිස්තර මගින්ද පහත සදහන් චුල්ලධනුද්ධර ජාතකයේ සවිස්තර මගින්ද බෝධිසත්ව උප්පත්ති කතා මෙන්ම සමාජයට ලබාදෙන ලද ජීවන උපදේශ සමූහය පිළිබිඹු වෙයි.

චුල්ලධනුද්දර ජාතකය මගින් කාන්තාවන්ගේ චපල ක්‍රියාකාරීත්ව හේතුවෙන් සමාජ අයහපතට බලපාන ලද්දේ කෙසේද යන්න ද කාන්තාවන් තුළ පවතින චපල නිශේධගති ලක්ෂණ ද මෙතුළින් විදහා දැක්වේ. මෙලෙස දිවයන චුල්ලධනුද්ධර ජාතකය මගින් ජාතක පොත තුළ පවතින ලද බෝධිසත්ව උප්පත්ති කතා මෙන්ම සමාජයට ලබාදෙන ලද ජීවන උපදේශ සමුදාය ද විස්තර වෙයි.

චුල්ලධනුද්දර ජාතකයේ දී වර්තමාන කථාංග වශයෙන් එක් භික්ෂු නමක් ස්ත්‍රියක් කෙරේ උකටලී වූ භික්ෂුව ගෙන් එයින් පෙර බවයකදී සිදුවන්නා වූ ආකර්ෂණය පැහැදිලි කරමින් ද සිදු කෙරෙන ලද දේශනාව දිවයන අතර මෙම ජාතකය මගින් එය පැහැදිලි කර ඇත.

" මේ ස්ත්‍රිය කෙරේ ලෝභ කළේතොප දැන් මතු නොවෙයි පළමු ත් මූ තු මූ තාපට අනර්ථව සිටියෝ වේදැයි වදාරා ඒ කෙසේ දැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකු ත් වත් දක්වා වදාළ සේක"

කතාව ආරම්භයේ දී මෙම චපල කාන්තාව පිළිබඳ ඉඟි ලබා දෙන අතර එම චරිත සියුම්ව විග්‍රහ කරනු ලබන අතර ද ඊටම සමානව අතීත කතාව ඉදිරිපත් කර ඇත. දිසාපාමොක් ඇදුරු සමීපයට ගොස් ධනුද්ධර ශිල්ප හැදෑරූ අතර ඔහු සිප්හලෙන් සමත්විය. ඔහු ඒ සඳහා ඔහුගේ දියණිය ව, ධනුද්ධරට විවාහ කර දුන් අතර ද ඇයගේ චපල ක්‍රියා මත චුල්ලධනුද්ධර මරණයට පත්විය. මෙලෙස දිවයන චුල්ලධනුද්ධර ජාතකය මගින් ජාතක පොත තුළ බෝධිසත්ව උප්පත්ති කතා මෙන්ම සමාජ ජීවන උපදේශ සමුදාය ලබාදෙන බව ද මෙයින් ගම්‍යමාන වෙයි.

වනාන්තරය තුළ දී බෙහෙවින් සටන් වැදුනද සොරු 500 දෙනාගේ නායකයා අතින් ධනුද්ධර මරණයට පත් වන්නේ ද තරුණිය සොරාට රුචි වීමත් සමගය. එම ක්‍රියාවම අනෙක් පැත්තට ද අයහපත් ලෙස ඇයටම බලපාමින්ද සොරදෙටුවා ඇයව අතහරින ලද අතර පසුව ශක්‍රයා මාතලී හා පංචසිඛ සමඟින් ඇයගේ චපල ක්‍රියාවද විවේචනය කරනු ලැබේ.

" තොපගේ පළමු පි සවා කෑ සමු ණනු ත් නැති ව අළුත් සමු ණනු ත් නැති ව උභය භ්‍ර ෂටව ඉඳිනා තොපි මට නින්දා කියා සිනාසෙන්නේ යයි ශක්‍රයෝ නින්දා කොට බිනූහ. ..පති ව්‍ර තා ධර්මය විනා මෙසේ වූ දෙයක් නො කරමි කී ව"

ශක්‍රයා පවසන අන්දමට ද තම ප්‍රථම ස්වාමියා මරණයට ලක් කිරීමේ පාපිෂ්ට ක්‍රියාව කරමින්ද සොරාට පෙම් බැදීම නිසා ද ඇයට දෙදෙනාම අහිමි විය. ශක්‍රයා මේ උපදෙස් පරිදි චපල සෑම කාන්තාවකටම අත්වන ලද ඉරණම ද මෙයින් පැහැදිලි කරයි. ඇය විසින් සිදුකරන ලද චපල ක්‍රියාව පිටු දකිමින් ද සමාජ හරස්කඩ මෙන්ම පුද්ගල දුර්වලතා විවේචනයට මගද එලිකර තිබේ. මෙලෙස දිවයන චුල්ලධනුද්ධර ජාතකයෙන් ජාතක කතා පොත තුළ බෝධිසත්ව උප්පත්ති කතා මෙන්ම සමාජයට ලබාදෙන ලද ජීවන උපදේශ සමුදාය ද මින් විද්‍යාමාන වේ.

යථෝක්ත සනිදර්ශන සහ සවිස්තර මඟින් ද ජාතක පොත තුළ අඩංගු වන චුල්ලධනුද්දර ජාතකය මෙන්ම චන්නකින්නර ජාතකය මඟින්ද බෝධිසත්ව උප්පත්ති කතා මෙන්ම සමාජයට ලබා දෙන ජීවන උපදේශ සමුදාය පැහැදිලි වේ.

- අමර්තා දෙව්මිණී -