අසම්මත විවාහයකට පැටලී අවිනිශ්චිත හා අනපේක්ෂිත ඉරණමකට මුහුණ දෙමින් ක්‍රියා කිරීම නිසා ස්වර්ණතිලකා හට ඛේදනීය ඉරණමකට මුහුණ දීමට සිදු විය. මේ අදහස විමසුමට ලක් කරන්න.
පෙමතො ජායතී සෝකෝ නාට්‍යයේ මූලික ම තේමාව වන්නේ නාට්‍යය හදුන්වන සංඥා නාමයේ ද අදහස වන ප්‍රේමයෙන් ශෝකය හට ගන්නා බව ප්‍රකාශ කිරීමය. සරත්චන්ද්‍ර සූරිහු එම තේමාවට ම අනුගතව යමින් ලෝක ස්වභාව තත්ත්වයන් පිළිබඳව අවධාරණය කරති. කතා පුවතේ මූලිකම කාරණය වන්නේ ස්වර්ණතිලකා නම් වූ සැඩොල් කුල තරුණිය හා උද්දාල නම් වූ ශිල්ප ශාස්ත්‍රය පිළිබඳව ඥානයෙන් හෙබි කතුන් පිළිකුල් කරන බ්‍රාහ්මණ ආචාර්යවරයා අතර ගොඩනැගෙන ස්නේහ බන්ධනයයි. උද්දාල මෙන්ම ස්වර්ණතිලකා යන දෙදෙනා අසම්මත විවාහයකට පැටලෙයි. ඒ නිසාම අවිනිශ්චිත වූත් අනපේක්ෂිත වූත් ඉරණමකට මුහුණ දෙති. ස්වර්ණතිලකාට පමණක් නොව උද්දාල බමුණාට ද අවසානයේ බලවත් බේදනීය ජීවන ඉරණමකට මුහුණ දීමට සිදුවෙයි.
"පුළිගු නෙත් අළු අතර සැඟවී
තිබේ දැවෙමින් බවේ ආසා
රැ සඳ ඈ විෂය පවනින්
මෙලවි මෙලවි බුරා නැග එයි"
මේ මිනිස් සිතේ තෙරපෙන ආශාවන්හි ස්වභාවයයි. ඒවායෙහි නැවැත්මක් කෙලවරක් නිමාවක් නැත. එය බුර බුරා නැගෙන ගින්නක් වැන්න. ප්‍රේමය ද ගින්නකි. ජීවන ඉරණමට මිනිසුන් කැඳවාගෙන යෑමට ඉඩකඩ සලසාලන බලවේගයකි.
උද්දාල බමුණා උගතෙකි බුද්ධිමතෙකි ඇඳුරෙකි. ස්වර්නතිලකා සැඬොල් තරුණියකි. බමුණා ස්ත්‍රීන් පිලිකුල් කරන්නෙකි. ස්ත්‍රියක මුණගැසුනොත් එය මහා අප්‍රසන්න අවාසනාවන්ත දසුනක් සේ සිතන්නෙකි.
" කාලකණ්නියක් දුටුවෙමි මම අද
කවර පාපයක් දෝ පෙර නොදනිමි
සක්මන් කරමින් උන්නෙමි උයනේ
හුදෙකලා පෙදෙසකීය
කිසි කෙනෙකු නොහැසිරෙන
මහළු මිනිසෙකු කැටුව හුන්නා
පියා දෝ ඇගෙ නොදන්නෙමි ඔහු
මං මුළා වී දෝ එදෙදෙන ම"
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
උද්දාලගේ සිතෙහි තෙරපෙන සාම්ප්‍රදායික සිතුවිලි දහරාව ඉහත ප්‍රකාශනයෙහි අපූරුවට ගැබ් වී තිබේ. ඔහු ඉහත ප්‍රකාශනය ඉදිරිපත් කරනුයේ සිසුන් ඉදිරියෙහි ය. එය ව්‍යාජ වූ ස්වභාවයකි. පසු ව යථාර්ථය හෙළි වෙයි.
" මෙවර නම් කිරි පැණින්
සත්වරක් දෙවුවද
ඇතුළට හටගත් සාලිටු මල නැත
පහ වී යන්නේ පහසුවෙන් මගෙ"
"යා දෙක නොරක රත- සමග පෑහීමක් නැත" කීවා සේ පරස්පර වූ සිතුවිලි දහරා දෙකක් උද්දාලගේ සිත්හි එකිනෙක ගැටෙයි. අවසානයේ රාගයෙන් මත්වෙයි. ප්‍රතික්ෂේප කිරීම වෙනුවට අල්ලා ගැනීම සිදුවෙයි. අසම්මත විවාහයට මුල පිරෙන්නේ එතැන් සිටය.
"ස්නේහ වූ කල මිනිස් කෙනෙකුට
අන්තයෙහි ඇති වන්නේ දුකයි
මිනිස් සිත නිති වෙනස් වන්නේ
මිනිස් සිරුර ද දිරා යන්නේ
සදාකාලික දෙයකි ශිල්පය
දනන් මෙන් නැත චපල වන්නේ"
ශිෂ්‍යයන් පිරිසගේ මුවට නංවන වදන් මගින් නාට්‍යකරුට අභිමත වූ ජීවන දැක්ම දර්ශනය ඉදිරිපත් වෙයි. සියල්ල අනිත්‍යය වෙනස්වන සුලුය එහෙත් උගත් දේ කිසි විටෙකත් කිසි කලෙකත් වෙනස් වන්නේ නැත.
"මායාවී ගැහැණියක්ම වන්නී
ඈ සැකයක් නැත
අප ඇදුරන් පොලඹවන්නට
සිතාගෙනම ආවා වන
නැත්නම් මේ වන පෙදෙස
කුමටද විත් හැසිරෙන්නේ"
ඉහත අදහස් දප්නුලගෙනි. ඇඳුරුතුමා පිළිබඳව සිසුන් තුළද ඇති වන්නේ සැකයකි. භීතියකි. මේ සියල්ල අවිනිශ්චිත අනපේක්ෂිත සිදුවීම්ය. උද්දාලගේ මුවින්ම සිදුව ඇති මහ පෙරලිය ගැන මෙසේ පැවසෙයි.
"පිළිසරණ වනු මෙමට
සතර දිග වේ ඇදුරු
විපරිත වී මසිත
පසිඳුරන් දොරටු රැකි මුර පිරිස්
පරාද වී පලා ගියෝ"
අවසානයේ ලොව්තුරා ආශ්වාදය ප්‍රතික්ෂේප කරමින් ලෞකික ආශාවන්ට යොමුවන උද්දාල ශිල්ප ශාස්ත්‍රයෙන්ද ඈත් වෙයි. ස්වර්ණතිලකා කෙරෙහිම බැදී ඈ වෙත ම රැදී සිටී. පසුව යළි ශිල්ප ශාස්ත්‍ර දීමට උද්දාල නැවත යොමු කරනුයේ නීවර්ණතිලකාය. ඒ සදහා පියවර ගන්නා විට සියල්ල ප්‍රමාද වී ඇත. ශිෂ්‍යයන්ගේ සිත්සතන්හි වෛරීය චේතනා ගොඩනැගී ඇත. ඔවුහු කුමන්ත්‍රණයක යෙදෙති. එය බිහිසුණුය. තරුණයන්ගේ සිතුම් පැතුම් ප්‍රචණ්ඩ ස්වභාවයක් ගන්නා අවස්ථා බහුලය. සිංහබාහු නාට්‍යයේදී සිංහබාහු ලෙනින් පලායාමට තීරණය කරනුයේ එකේ ප්‍රචණ්ඩකාරී විප්ලවීය ස්වභාවය ඔහු සිත්හි ඉස්මතු වීමෙනි. විටෙක එය යහපත් ප්‍රතිඵල ද තවත් විටෙක අයහපත් ප්‍රතිඵල ද අත්කර දෙයි. එයද අවිනිශ්චිතය.
තමා වෙත සිසුන් භක්තිය දක්වනුයේ ශිල්ප ශාස්ත්‍රය කෙරෙහි පවත්නා බැඳීම හේතුකොට ගෙන බව උද්දාලගේ අදහස ය. එහෙත් ප්‍රේමය ඊට වඩා වෙනස් දෙයකි.
" දිවා රෑ දෙක හද සමීපේ
දෑස නොපියා බලා ඉන්නා
දෙයකි සෙනෙහස"
කෙසේවෙතත් ස්වර්ණතිලකා මෙන්ම උද්දාල ද ප්‍රේමය හේතුකොටගෙන ම විනාශයට පත්වෙයි. කිසිසේත්ම අපේක්ෂා නොකළ ආකාරයට ජීවිත දෙකක් විනාශ වී යයි. ස්වර්ණතිලකා සිසුන්ගෙ කුමන්ත්‍රනයට පසු වන්නීය. රුදුරු මත් ඇතෙකුගේ බිහිසුණු ප්‍රහාරයට ලක් වන්නී ඇය මරණයට පත් වූවාය. උද්‍දාල ඇගේ වියෝව දරාගත නොහැකිව බලවත් වූ ශෝකයට පැමිණ ඈ දවු දර සෑයට ම පැන මරණයට පත්වන්නේ ය.
අසම්මත විවාහයකට පැටලුණු දෙදෙනෙකුගේ ජීවිත අනපේක්ෂිත ඛේදවාචකයක් බවට පත් වන්නේ ප්‍රේමයෙන් ශෝකය ඇති වෙන ආකාරය පසක් කොට දෙමිනි.
- අකීශා මන්දාකිනි -
Key words..
ප්‍රේමතො ජායතී සොකෝ විචාරය උසස් පෙළ
පේමතෝ ජායතී සෝකෝ විචාර pdf download
පේමතෝ ජායතී සෝකෝ නාට්ය විචාරය