ප්‍රේමය ශෝකයේ උපතය මේ කියමන හුවා දැක්වීමට පෙමතො ජායතී සෝකෝ නාට්‍යකරුවා දරා ඇති උත්සාහය සාර්ථක දැයි විමසන්න.
ප්‍රේමය ශෝකයේ උපතය. එය බුදු දහමේ දැක්වෙන නියමයකි. ධම්ම පදයේ ගාථාවක ද ඒ බව දැක්වෙයි. බෞද්ධ සාහිත්‍යයේ ඇතුළත් කථා පුවත් කිහිපයකම මෙම කියමනට අදාළ සිදුවීම් නිරූපිතය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සූරීන් එම අදහස දැක්වෙන පාලි පාඨය නාට්‍ය හැඳින්වීමට ද යොදා ගෙන තිබේ.
ස්වර්ණතිලකා කුමරිය කෙරෙහි උද්දාල බමුණා ප්‍රේමවන්ත වෙයි. එය කෙතරම් දැඩි ප්‍රේමයක් ද කිවහොත් තමාට ආවේණික ස්ත්‍රීන් පිළිකුල් කිරීමේ ප්‍රතිපත්තිය පවා අමතක කොට දමයි. තමාගෙන් ශිල්ප හදාරන සිසු පරපුර ද ඈත් කරයි. ඔවුනට ශිල්ප ඉගැන්වීමෙන් වැළකී සිටී. මේ ආකාරයට තමන්ගේ මුළු ජීවිතයම ස්වර්ණතිලකා කුමරිය වෙනුවෙන් කැප කරයි. අවසානයේ ඇයගේ ඇවිලෙන දර සෑයට පැන දිවි නහ ගනී. ප්‍රේමය ශෝකයේ උපත වූයේ එලෙසිනි.
මනමේ නාට්‍යයෙහි "ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ" යනුවෙන් ද, සිංහබාහු නාටකයෙහි " අසිරිමත් වූ දේකි මෙලොව ප්‍රේමය නමිනා" යනුවෙන්ද ප්‍රේමයේ චමත්කාරය ගැන පවසන මහාචාර්ය සරච්චන්ද්‍ර ශූරිහු ප්‍රේමතෝ ජායතී සෝකෝ නාට්‍යයෙහි ස්ත්‍රී පුරුෂ ප්‍රේමය මෙසේ උත්කර්ෂයට නංවයි.
" පාලු කතරකි මා හද
නැත එහි සෙවණක්
සිහිලස දෙන දිය සීරාවක්
හදවත් කතරේ මලක් පිපෙන්නට
දිය සීරාවක් සිසිලස දෙන්නට
වියලුනු පොළොවෙන් මතු වී එන්නට
සදා නොමැලවී පිපී තිබෙන්නට
මා නිසා නෙත් මිණි පහන් තුළ
දල්වනුය පෙම් දැල්ල නොනිවා
එකලු කරනුය මහද මැදුරක
අරක්ගෙන ඇති අඳුර දුරලා"
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
මේ ගායකයන්ගේ මුවින් පැවසෙන හැඟීම්ය. ඒ උද්දාලගේ සිතුවිලිය. අපේක්ෂාය. තවත් විටෙක උද්දාලගේ මුවට නංවන වදන් මගින් ප්‍රේමයේ චමත්කාරය කියාපාන්නට නාට්‍යකරුවා උත්සාහ කරයි.
" භක්ති ප්‍රේමය ගෞරවය හෝ
කුමක් කීවද ඒ එකක්වත්
නොවේ සෙනෙහස
ඈත සිට පිරිනමන භක්තිය
ගෙනත් පාමුල තබන බුහුමන
ඒ එකක්වත් නොවේ සෙනෙහස
දිව රෑ දෙක හද සමීපේ
දෑස් නොපියා බලා ඉන්නා
දෙයකි සෙනෙහස"
ප්‍රේමය ශෝකය සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. අප කොතරම් ප්‍රේමවන්තව ඇදගෙන බැදගෙන සිටින වස්තුවක් වූවද සැණෙකින් අහිමි වූවහොත් දරාගත නොහැකි තරමේ මහත් ශෝකයක් දැනෙයි. ඇතැම්විට එම ශෝකය දරාගන්නට අපහසු වුවහොත් මරණයට පවා ලංවිය හැකිය. උද්දාල බමුණාට සිදු වන්නේද මරණය ලඟාකර ගන්නටය. ස්වර්ණතිලකා මරා දැමූ පසු ඇගේ සිරුර දැවෙන දර සෑයට පැන උද්දාල බමුණා දිවි තොර කර ගන්නේ ප්‍රේමය හේතුවෙනි. ප්‍රේමය නිසා ඇති වූ දරාගත නොහැකි ශෝකය හේතුවෙනි.
ශිෂ්‍ය පිරිස උද්දාල බමුණා හමුවේ මෙසේ පවසති.
"මැරවූයෙමු අපි ඒ ළද
පව් කිළියක් වන ඇයගේ
පව් හසරින් ඔබතුමා ද
මුදවා ගන්නා අටියෙන්"
මේ පාපෝච්චාරණයකි. කල දේ අවංක ලෙස සැබෑ ලෙසම පැවසීමකි. උද්දාල ඊට දක්වන ප්‍රතිචාරය කුමක්ද? ඔහු කෝපයෙන් සිසු පිරිසගෙන් පළිගන්නට උත්සාහ කලේ නැත. ස්වර්ණතිලකාගේ මරණය තමාගේද වරදින් සිදු වූවක් සේ ඔහු සිතයි.
"එසේ වී නම් ස්වර්ණතිලකා
මැරුම් කෑවේ මා අතින් මයි"
මෙය තර්කානුකූල ප්‍රකාශයකි. අසම්මත ප්‍රකාශයකි. අනුන් කල වරද තමන් වෙත පවරා ගැනීමකි. ස්වර්ණතිලකා කෙරෙහි මෙන්ම ශිෂ්‍යයන් කෙරෙහි ද ලෙන්ගතුව සිටි උද්දාල හට සිත හදා ගැනීමට ලෙහෙසි නැත. අවසානයේදී ඔහු ශෝකයෙන් උමතු වෙයි. ඇතැම් විට ඉහත ප්‍රකාශය ද එම උමතුවෙහිම මුහුණුවරක් විය හැකිය. අසීමිත ශෝකයක් හටගත් කල සියල්ල අමතකව යා හැකිය. තමන් කරන්නේ කුමක්දැයි සිතා ගන්නටද බැරි විය හැකිය. උද්දාල මේ තත්ත්වයට පත්වෙයි. අවසානයේ ඔහුගේ ජීවිතය ද එම ශෝකයෙන්ම අවසන් වෙයි.
- අකීශා මන්දාකිනි -
Key words
O/L Sinhala sahithya vichara pdf download
A/L Sinhala sahithya vichara pdf download
Pematho jayathi soko natya vicharaya
Prematho jaayathii sookoo natya vicharaya
Premato jayati soko rasaswadaya
A/L vichara pilithuru pdf download
Pematho jayathi soko drama questions and answers
පෙමතො ජායතී සොකො විචාරය
පෙමතො ජායතී සොකො
පෙමතො ජායති සොකො විචාර
පෙමතො ජායතී සොකො නාට්ය
පේමතෝ ජායතී සෝකෝ විචාර pdf
පෙමතො ජායතී සොකො විචාර
පෙමතො ජායතී සොකො pdf
පේමතෝ ජායතී සෝකෝ විචාර
පේමතෝ ජායතී සෝකෝ pdf
පේමතෝ ජායතී සෝකෝ පොත pdf download
පේමතෝ ජායති සෝකෝ
පෙමතො ජායති සොකො
පෙමතෝ ජායතී සෝකෝ
පේමතෝ ජායතී සෝකෝ pdf download
පේමතෝ
පේමතෝ ජායතී සෝකෝ නාට්ය