Skip to main content

ප්‍රස්තාව පිරුළු 100 ක්

සාමාන්‍ය දැනීම සඳහා ප්‍රස්තාව පිරුළු එකතුව (ප්‍රස්තාව පිරුළු 100 ක්)

ප්‍රස්තාව පිරුළු 01 
පරංගියා කෝට්ටේ ගියා වගේ- කෙටියෙන් කළ හැකි දෙයක් වැඩි වේලාවකින් නිම කිරීම

ප්‍රස්තාව පිරුළු 02
ආඩි හත්දෙනාගේ කැඳ හැලිය වගේ- අනුන් රැවටීමට ගොස් තමා රැවටීම

ප්‍රස්තාව පිරුළු 03
කබලෙන් ලිපට වැටුණා වගේ- කරදරයට පත් වූ කෙනෙක් තවත් කරදරයකට පත්වීම

ප්‍රස්තාව පිරුළු 04
බල්ලන්ගේ වැඩේ බූරුවා කලා වාගේ- තමන්ට අයිති නැති දෙයක් කිරීම

ප්‍රස්තාව පිරුළු 05
වක්කඩේ හකුරු හැංගුවා වාගේ - ප්‍රයෝජනවත් නැති වැඩක් කිරීම

ප්‍රස්තාව පිරුළු 06
ජාඩියට මූඩිය වාගේ -ගැලපෙන දෙදෙනෙකු එකතු වීම

ප්‍රස්තාව පිරුළු 07
ඉබ්බා දියේ දැම්මා වගේ- කැමති දෙයක් සිදුවීම

ප්‍රස්තාව පිරුළු 08
ගඟට ඉනි කැපුවා වගේ- මහන්සි වී කරන වැඩකින් ප්‍රයෝජනයක් අත් නොවීම

ප්‍රස්තාව පිරුළු 09
කටුස්සගේ කරේ රත්තරන් බැන්දා වාගේ- මෝඩ කෙනෙකුට වටිනා දෙයක් දුන්නට උඩඟු වීම

ප්‍රස්තාව පිරුළු 10
ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා වාගේ - ආරවුලක් ඇති තැනකට තවත් ආරවුලක් ඇති කිරීමට කටයුතු කිරීම

ප්‍රස්තාව පිරුළු 11
අටුව කඩා පුටුව හැදුවා වගේ -වටිනා දෙයක් විනාශ කර නොවටිනා දෙයක් කිරීම

ප්‍රස්තාව පිරුළු 12
ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ - කරදරයකට පත්වී සිටින විට ඊටත් වඩා කරදරයකට මැදිවීම

ප්‍රස්තාව පිරුළු 13
අන්දරේ සීනි කෑවා වගේ - තමන්ට අවශ්‍ය දේ මොන විදිහකින් හෝ ඉටු කර ගැනීම

ප්‍රස්තාව පිරුළු 14
පණින රිලවුන්ට ඉනිමං බැන්දා වගේ- වැරදි කරන අයට තවත් රුකුලක් දීම

ප්‍රස්තාව පිරුළු 15
රෑ වැටුන වලේ දවල් වැටුනා වගේ- දැන දැන අමාරුවේ වැටීම

ප්‍රස්තාව පිරුළු 16
පිස්සිගේ පලා මල්ල වගේ- පිළිවෙලකට වැඩ නොකිරීම

ප්‍රස්තාව පිරුළු 17
කලුනික සොයාගත්තා වගේ- අපහසු දෙයක් සොයා ගැනීම

ප්‍රස්තාව පිරුළු 18
පුහුල් හොරා කරෙන් දැනේ- වැරැද්ද කලාට පසු ඒ ගැන සිතා කලබල වීම

ප්‍රස්තාව පිරුළු 19
ගහෙන් ගෙඩි එන්නා වාගේ- එක දිගටම කරදර පැමිනිම

ප්‍රස්තාව පිරුළු 20
සිංහ හම පුරවා ගත් කොටලුවා වාගේ- බොරු අහංකාරකමක් පෙන්වීම

ප්‍රස්තාව පිරුළු 21
හිවලා මිදි ඇඹුල් කීවා වාගේ -ලබාගන්න බැරි දෙයක් ගැන සිතා උත්සාහය අත් හැරීම

ප්‍රස්තාව පිරුළු 22
ළිඳේ ඉන්න මැඩියා වාගේ -වටපිටාවේ තොරතුරු කිසිවක් නොදැන සිටීම

ප්‍රස්තාව පිරුළු 23
හොරාගේ අම්මාගෙන් පේන ඇහුවා වාගේ-වැරදි කරපු කෙනෙකුගෙන්ම ඒ ගැන විමසීම

ප්‍රස්තාව පිරුළු 24
වදින්න ගිය දේවාලෙ හිස කඩා වැටුණා වාගේ- හොඳක් කරන්න ගොස් තමාට වැරැද්දක් සිදුවීම 

ප්‍රස්තාව පිරුළු 25
අනුන්ගේ පහනෙන් එළිය බැලීම- නිතරම අන් අයගෙන් උදව් ලබාගැනීම

ප්‍රස්තාව පිරුළු 26
ඇම ගිල්ල මාළුවා වාගේ- යමකින් ගැලවීමට නොහැකි වීම

ප්‍රස්තාව පිරුළු 27
පය බරවායට පිටිකර බෙහෙත් දැම්මා වගේ- කළ යුතු දෙය තිබියදී වෙනත් දෙයක් කිරීම

ප්‍රස්තාව පිරුළු 28
කෝදුව තිබියදී අතින් මනින්නා වාගේ- යමකින් ප්‍රයෝජන නොගැනීම

ප්‍රස්තාව පිරුළු 29
අඟේ ඉඳන් කන කනවා වාගේ- තමන්ට හිතවත් බව පෙන්වා විරුද්ධකම් කිරීම

ප්‍රස්තාව පිරුළු 30
ඉඟුරු දී මිරිස් ගත්තා වාගේ -අයහපත ඉවත් කිරීමට යාමෙන් ඊට වඩා වැඩි නරකක් සිදුවීම

ප්‍රස්තාව පිරුළු 31
නරියා පඹගාලේ පැටලුනා වාගේ- විසඳිය නොහැකි ගැටලුවකට  ලෙස කරදරයකට පත්වීම


ප්‍රස්තාව පිරුළු 32
හිඟන්නගෙ පාත්තරේට හෙන හුරා වැටුණා වගේ- දුකකින් තවත් දුකකට පත්වීම

ප්‍රස්තාව පිරුළු 33
බත් පතේ වැලි වැටුනා වාගේ- ඉතා අවාසනාවන්ත දෙයක් සිදුවීම

ප්‍රස්තාව පිරුළු 34
අඩුව තියෙද්දි අත පූජා ගත්තා වගේ -පහසුවෙන් යමක් කිරීමට හැකියාව තිබියදී අපහසු මාර්ග තෝරා ගැනීම

ප්‍රස්තාව පිරුළු 35
අවිගත්තෝ අවියෙන්ම නැසේ - දරුණු ක්‍රියාවල යෙදුන අය එයින්ම වැනසෙති

ප්‍රස්තාව පිරුළු 36
ආරේ ගුණ නෑරේ- ජම්බෙන් එන පුරුද්ද අත් නොහැරිය හැකි බව

ප්‍රස්තාව පිරුළු 37
උපාසක බළලුත් මීයෝ අල්ලනවලු.- යහපත් පුද්ගලයින් මෙන් පෙනී සිටියද වැරදි කරන බව

ප්‍රස්තාව පිරුළු 38
උණු හින්දා බොන්නත් බෑ කිරි හින්දා අහක දාන්නත් බෑ- එක අතකින් හොඳක් වුවත් අනිත් අතකින් නරකක් වන විට තීරණයක් ගත නොහැකි වීම

ප්‍රස්තාව පිරුළු 39
කළ හොඳ පස්සෙන් එනවලු -තමන් උදව් කළ අය තමන්ටම එරෙහිව කටයුතු කිරීම

ප්‍රස්තාව පිරුළු 40
දාහට අරන් සීයට දුන්නා වාගේ- ප්‍රශ්න අතර සිරවී කනස්සල්ලෙන් සිටීම

ප්‍රස්තාව පිරුළු 41
ගලෙන් පට්ටයක් ගන්නවා වාගේ- කෙනෙකුගෙන් යමක් දැන ගැනීමට ඇති අපහසු බව

ප්‍රස්තාව පිරුළු 42
ලූලා නැති වලට කනයා පණ්ඩිතයාලු- නායකයන් නොමැති එතන අවශේෂ අයද නායකයන්ගේ තැන ගැනීම

ප්‍රස්තාව පිරුළු 43
උගුරට හොරා බෙහෙත් බිව්වා වාගේ -යමක් රහසක් සේ තැබීමට උත්සාහ කළද එය කළ නොහැකිවීම

ප්‍රස්තාව පිරුළු 44
දී කිරට බළල්ලුත් සාක්කිලු -වාසි ඇති තැනට වාසිය දී කතා කිරීම 

ප්‍රස්තාව පිරුළු 45
පනින රිලවුන්ට ඉනිමං තිබ්බා වාගේ -වැරදි කරන අයට තවත් රුකුලක් දීම

ප්‍රස්තාව පිරුළු 46
කොකාගේ සුද පේන්නේ ඉහළ යන විටලු -නරක මිනිසුන් සේ සිතුවද මිනිසුන්ගේ සැබෑ තත්ත්වය හෙළිවීම

ප්‍රස්තාව පිරුළු 47
කපන්න බැරි අත ඉඹිනවලු -යමෙකුගෙන් පළිගැනීමට නොහැකි වූ තැන ඔහු සමග මිත්‍රශීලීව කටයුතු කිරීම

ප්‍රස්තාව පිරුළු 48
කළ දුටු කල වල ඉහ ගන්නවා වාගේ- අවස්ථාව ලද විට තම කාර්යය ඉටු කර ගැනීම

ප්‍රස්තාව පිරුළු 49
ඉබ්බාගෙන් පිහාටු ඉල්ලුවා වාගේ- කෙනෙක් ළඟ නැති දෙයක් ඉල්ලා සිටීම 

ප්‍රස්තාව පිරුළු 50
එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මැරුවා වාගේ- කටයුතු දෙකක් එක උත්සාහයෙන් කර ගැනීම

ප්‍රස්තාව පිරුළු 51
අති රහත් තිත්ත වෙනවලු -ඕනෑම දෙයක් ප්‍රමාණය ඉක්ම ගිය විට අනිසි පල ගෙන දෙයි.

ප්‍රස්තාව පිරුළු 53
ඉබි කටුත් බෙහෙතට ඕන වෙනවලු-
අනවශ්‍ය යැයි සිතන දේත් සමහර අවස්ථාවල අවශ්‍ය වීම

ප්‍රස්තාව පිරුළු 54
එල හරකයි මී හරකයි එකට ඈඳුනා වාගේ- නොගැලපෙන දෙදෙනෙකු එක්ව එකම ක්‍රියාවක නිරත වීම

ප්‍රස්තාව පිරුළු 55
නටන්න බැරි මිනිහට පොළොව ඇදයි කීවා වාගේ- අදක්ෂ කෙනා තම බැරිකම වහගන්නට වෙන දෙයක් පෙන්වා දීම

ප්‍රස්තාව පිරුළු 56
බීරි අලියට වීණා ගායනා කරනවා වාගේ -අවවාද නොඅසන්නෙකුට අවවාද කිරීම

ප්‍රස්තාව පිරුළු 57
බළලුන් ලවා කොස් ඇට බාවන්නාක් වාගේ- අවදානම් වැඩක් වෙන අය ලවා කරවීම

ප්‍රස්තාව පිරුළු 58
රට වට කර වැට බැන්දත් කට වට කර වැට බඳින්න බෑ- වාචාල කතා නතර කළ නොහැකි බව

ප්‍රස්තාව පිරුළු 59
රත්තරන් ඉදි කටුව උනත් ඇහේ ඇනුනොත් කන වෙනවලු- හැම අතින්ම පරිස්සම් වීම යහපත්ය

ප්‍රස්තාව පිරුළු 60
දත් ඇතිදා පොල් කන්න කීවාලු -සෑම දෙයක්ම නියමිත කාල සීමාවේදී කළ යුතුය

ප්‍රස්තාව පිරුළු 61
දුන් දේ සුවඳයි නුදුන් දේ ගඳයි -දන් දීම උසස් දෙයකි

ප්‍රස්තාව පිරුළු 62
නරියා මිදි තිත්තයි කීවා වාගේ- යමකට අසීමිත ලෙස ආසා කර නොලැබුණ විට එයට දොස් පැවරීම

ප්‍රස්තාව පිරුළු 63
ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයිලු -යම් අයෙකු තමාගේ තරාතිරමට නොගැලපෙන ඉතා පහත් වැඩ කිරීම

ප්‍රස්තාව පිරුළු 64
ලුණු නැති හොද්ද වගේ- අවශ්‍ය දෑ භාවිතා කර නොමැති වීම්

ප්‍රස්තාව පිරුළු 65
ලිහන්නට තියෙන මල්ල ඔබා බලනවා වාගේ - තමාට ලැබෙන්න තියෙන දෙයක් බව දැන දැනත් අනුමානව කටයුතු කිරීම

ප්‍රස්තාව පිරුළු 66
නිතර දකින කුකුළගෙ කරමල සුදු පාටයි-. නිතර දකින විට ඕනෑම දෙයක් අගය අඩුවීම

ප්‍රස්තාව පිරුළු 67
තැනේ හැටියට ඇනේ ගහන්න ඕනලු- අවස්ථාවේ හැටියට ගැලපෙන ලෙසින් වැඩ කටයුතු කිරීම

ප්‍රස්තාව පිරුළු 68
අත හයිය නම් බත නොවරදියි- උත්සාහයෙන් වැඩ කරන විට ආදායම නොවරදින බව කියැවෙයි

ප්‍රස්තාව පිරුළු 69
අනුන්ට කැපූ වලේ තමන්ම වැටීම- අනුන්ට කරන අවැඩකින් තමන්ට හානි සිදුවීම

ප්‍රස්තාව පිරුළු 70
දිය බසින්නේ මිටි තැනින්ලු -ලොකු අය කරන වැරදි වලට වගකීම කුඩා අය පිටවීම

ප්‍රස්තාව පිරුළු 71
දැනුමුත්තොත් මෝඩ වෙනවලු-දැනුම් තේරුම් ඇති අයටත් වරදින අවස්ථා ඇති බව

ප්‍රස්තාව පිරුළු 72
බීරාගෙන් පාර ඇහුවා වාගේ- කිසි පලක් නැති ප්‍රශ්නයක් කිරීම

ප්‍රස්තාව පිරුළු 73
බාලයන් සේවනය කරන්න එපාලු -නූගතුන් ආශ්‍රය නොකළ යුතු බව

ප්‍රස්තාව පිරුළු 74
පිරුණු කලේ දිය නොසැලේ- උගතුන් නිකරුණේ ශබ්ද නොකරයි

ප්‍රස්තාව පිරුළු 75
තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාමයි- කෙනෙකුගේ ජන්ම ගති ඉවත් කළ නොහැකි බව

ප්‍රස්තාව පිරුළු 76
ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්න බැරිලු- කරන ලද මෝඩකම නැවත නිවැරදි කල නොහැක

ප්‍රස්තාව පිරුළු 77
නයාට අඳුකොළ වාගේ- යමක් සම්පූර්ණයෙන්ම අප්‍රිය වීම

ප්‍රස්තාව පිරුළු 78
ගිණි පෙල්ලෙන් බැටකෑ මිනිහා කණා මැදිරි එළියටත් බයයිලු- විශාල අකරතැබ්බකට මුහුණ දුන් කෙනා සුළු කරදරයකට පවා බිය වීම

ප්‍රස්තාව පිරුළු 79
කතාව දෝලාවෙන් ගමන පයින් -වර්ණනා කරන තරම් දෙයක් ක්‍රියාවේ නොමැති වීම

ප්‍රස්තාව පිරුළු 80
කරන එක කියන තරම් පහසු නෑ -යම් කාරියක් දුෂ්කර බව දැනෙන්නේ ඒ කාරියෙහි යෙදෙන තැනැත්තාට බව

ප්‍රස්තාව පිරුළු 81
උපදින්නටත් ඉස්සර හඳහන් බලනවා වාගේ- යම් දෙයක් කරන්නට හෝ සිදුවන්නට පෙර ඒ ගැන සිහින මැවීම

ප්‍රස්තාව පිරුළු 82
උපන් බිමත් වැදූ මවත් ස්වර්ගයටත් වඩා උතුම්- උපන් බිම සහ මව ඉතාමත් උතුම්ය

ප්‍රස්තාව පිරුළු 83
ගෝනි නැතිව කරේ යන්න හදනවා වාගේ- චාටු බස් කියා යමෙකු රවටාගෙන යම් කාර්යයක් කරවා ගැනීම

ප්‍රස්තාව පිරුළු 84
ගිරයට අසූ වූ පුවක් ගෙඩිය වාගේ -කොයි පැත්තෙනුත් නිදහසක් නැති බව

ප්‍රස්තාව පිරුළු 85
ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැක ගන්නේ- නැති වූ වස්තුව ගැන දුක් නොවී තිබෙන දේ රැකගත යුතු බව 

ප්‍රස්තාව පිරුළු 86
ගින්නක් නැතුව දුමක් නොනගී- සෑම කටයුත්තකටම හේතුවක් තිබෙන බව 

ප්‍රස්තාව පිරුළු 87
ගහේ කටු උල් කරන්න ඕන නැහැ-. සහජයෙන් ඇතිවන ගතිගුණ වෙනස් නොවන බව

ප්‍රස්තාව පිරුළු 88
ගලේ කෙටූ අකුර වගේ- හොඳ මිනිස්සුන්ට උපකාරයක් කළ විට ඔවුන් එය කිසිදා අමතක නොකරයි

ප්‍රස්තාව පිරුළු 89
ගඟෙන් වතුර බී මුහුදට ආවඩන්නා වාගේ- පිදිය යුත්තන්ට පුදන්නේ නැතුව වෙනත් කෙනෙකුට පිදීම

ප්‍රස්තාව පිරුළු 90
කොටිවලිගේ අල්ලා ගත්තා වාගේ -අත් හරින්නට නොහැකි වුවමනා නැති වැඩකට සම්බන්ධ වීම

ප්‍රස්තාව පිරුළු 91
මිටෙන් ඇරිය කුරුල්ලා වගේ- නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලැබීම 

ප්‍රස්තාව පිරුළු 92
කූඩැල්ලා මෙට්ටේ තියන්න බෑලු -නුසුදුසු අයට හොඳ තැන්වල සිටීමට බැරි බව

ප්‍රස්තාව පිරුළු 93
කූඩැල්ලා එක තැනක් අත්හරින්නේ තවත් තැනක් අල්ලාගෙනලු- එක තැනක සිටින ගමන් තවත් තැන් අල්ලාගෙන තැන් මාරු කිරීම

ප්‍රස්තාව පිරුළු 94
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් අසන්න ඕනෑලු- කිසිම කතාවක් ඇසෙන ආකාරයෙන් පිළිගත නොගත යුතු බව

ප්‍රස්තාව පිරුළු 95
කිරි ගහට ඇන්නා වගේ- සිකුරටම කියවෙන දෙයක් ගැන කියවීම

ප්‍රස්තාව පිරුළු 96
කැකිල්ලි රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වාගේ- අසාධාරණ විනිශ්චයත් ගැන කීම

ප්‍රස්තාව පිරුළු 97
කළුවා මාරපන් ගියා වගේ- විමසීමකින් තොරව කටයුතු කිරීම

ප්‍රස්තාව පිරුළු 98
තමාගේ බෙල්ලට තමාම තොණ්ඩුව දමාගත්තා වාගේ- තමාගේ විනාසය තමාම ළඟා කර ගැනීම 

ප්‍රස්තාව පිරුළු 99
දත් නැතිදා උක්දඩු ගිනි තපින්නද- සුදුසු කාලයේදී ඒ ඒ දෙයින් නිසි ප්‍රයෝජන ගත යුතු බව කියැවෙයි

ප්‍රස්තාව පිරුළු 100
දිය පිට ඇඳි ඉරක් වගේ- කළගුණ නොදත් අයට කරන උපකාර ඒ මොහොතේම අමතකව මැකී යන බව



Key words 
ප්‍රස්තාව පිරුළු
ප්‍රස්තාව පිරුලු 100
ප්‍රස්තා පිරුළු
Prastha pirulu
Prasthawa pirulu pdf
Prasta pirulu download 
ප්‍රස්තා පිරුලු උදාහරණ 
ප්‍රස්තා පිරුළු එකතුව pdf
ප්‍රස්තාව පිරුලු download 
ඉගි වැකි සහ ප්‍රස්තාව පිරුලු
9 ශ්‍රේණිය ප්‍රස්තාව පිරුළු 
8 වසර ප්‍රස්තාව පිරුලු
7 ශ්‍රේණිය ප්‍රස්තා පිරුලු 100

Comments