වෙසක් පොහොය වෙසක් පොහොය යනු බෞද්ධ ප්රජාවට ඉතාමත් වැදගත් ආගමික දිනයකි. මෙම දිනය බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තෙමගුල වන උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිපත් කිරීම සඳහා සමරනු ලබයි. වෙසක් උත්සවය ආගමික වශයෙන් පමණක් නොව සමාජීය වශයෙන්ද ඉතා වැදගත් වේ. වෙසක් දිනය සාමාන්යයෙන් වෙසක් මාසයේ පුර පසළොස්වක පොහොය දිනයට යෙදෙයි. ලෝකයේ බොහෝ බෞද්ධ රටවල විශේෂයෙන් ශ්රී ලංකාව, තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය සහ ලාඕසය වැනි රටවල මෙම දිනය විශාල ආගමික උත්සවයක් ලෙස සමරනු ලබයි. සිදුහත් කුමරුන්ගේ උපත ලුම්බිනි සල් උයනේ ද, බුද්ධත්වය ජය ශ්රී මහා බෝධි වෘක්ෂය පාමුල ද, පරිනිර්වාණය කුසිනාරාවේදී උපවත්තන නම් සල් උයනේදී ද සිදු වූ බව පැරණි මූලාශ්ර වල සදහන් වේ. මෙම තෙමගුල සිහි කිරීම වෙසක් උත්සවයේ ප්රධාන අරමුණයි. එම සිදුවීම් තුනම මිනිසාට ජීවිතයේ සත්ය, අනිත්ය බව, සහ නිවැරදි ජීවන මාර්ගය ගැන මඟ පෙන්වයි. ඒ නිසා වෙසක් දිනය බෞද්ධයන්ගේ අධ්යාත්මයට ආලෝකයක් ගෙන දෙන විශේෂ උත්සවයක් ලෙස හැඳින්වෙන්නේ එබැවිනි. බුද්ධ දර්ශනය යනු එක් වරම ගිහියෙකුට අවබෝධ කරගත නොහැකි සංකීර්ණ සහ දුක්ඛදායක නමුත් ලෝකය සහ ජීවිතය පිළිබද සත්යයයි. සියලු භ...
සිංහල විචාර Sinhala Vichara
සිංහල විෂය සහ සාහිත්ය රසවින්දනය ඔප් නැංවීම සඳහා ඇති අවකාශයකි.