(මමද යමි දියණියනි මොහොතකින් සඳ ඒවි තනියට 😔 )
රන් තැටියක කදුළු රසාස්වාදය
ක්ෂේත්‍ර රැසකට තමාටම අනන්‍ය වූ භාෂාත්මක මුද්‍රාවක් සලකුණු කළ දයාසේන ගුණසිංහයන් විසින් රචනා කරන ලද රන් තැටියක කදුළු පද්‍ය පන්තිය විශිෂ්ට ගණයේ කාව්‍ය කෘති අතරට ඇතුලත් වේ. මෙහි දී එතුමා විසින් වස්තු විෂය ලෙස ගෙන ඇත්තේ ඉපදෙන විටම මරණයට පත් වූ දියණියක් පිළිබඳ පියෙකුගේ සිත තුළ පහළ වූ දුක්මුසු හැඟීම් සමුදාය කැටිකොට වචන වලට වර නැගීමයි.මෙහිදී කවියා ගේ අරමුණ වී ඇත්තේ මෙවැනි ශෝකජනක සිදුවීම් පිළිබඳව පාඨකයා සංවේදී කරවීමයි. එමගින් කථකයාගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සරල බස් වහරකින් යුතු රූපකාර්ථවත් යෙදුම්වලින් හැඩගැසුනු භාෂාවක් උපයුක්ත කොට ගෙන ඇත.
"මා පමණි ඔබ කැටුව ආවේ
මමද යමි දියණියනි
මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුලින්"
මම ඔයා එක්ක ආවට මටත් වෙන් වෙන්න වෙනවා යැයි වෙන්වන වියෝව රන් තැටියක කිරි පැණියෙන් නොව කඳුළු වලින් පුරවා ලන බව කවියා පවසයි. කථකයා විදි වේදනාවක් පාඨකයාට සමීප කිරීමට මෙම සරල සුගම බස් වහර මැනැවින් උපයුක්ත වී ඇත. නිතර නොකියැවෙන පිතු සෙනෙහස සියුම් අයුරින් පාඨක හද ස්පර්ශ කිරීමට සමත් වන අයුරින් කවියා වචන හසුරුවා ඇත.
"මා පමණි ඔබ කැටුව ආවේ
මමද යමි දියණියනි
මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුලින්"
මම ඔයා එක්ක ආවට මටත් වෙන් වෙන්න වෙනවා යැයි වෙන්වන වියෝව රන් තැටියක කිරි පැණියෙන් නොව කඳුළු වලින් පුරවා ලන බව කවියා පවසයි. කථකයා විදි වේදනාවක් පාඨකයාට සමීප කිරීමට මෙම සරල සුගම බස් වහර මැනැවින් උපයුක්ත වී ඇත. නිතර නොකියැවෙන පිතු සෙනෙහස සියුම් අයුරින් පාඨක හද ස්පර්ශ කිරීමට සමත් වන අයුරින් කවියා වචන හසුරුවා ඇත.
සෑම මවක් මෙන් ම පියෙකු ද තමන් හට ඒ උතුම් පදවිය උරුමකර දුන් තම දරුවා මෙලොව එළිය දකින තුරු බලා සිටියි. එම බලාපොරොත්තුව සුණු විසුණු වී ගිය කල හැගෙන වේදනාත්මක හැඟීම් කවියා වර නගා ඇති ආකාරය අති විශිෂ්ටය. එමෙන්ම තම සිතෙහි පහළවන සංවේදී හැගීම් ඒ අයුරින් ම පාඨක සිත් තුළ චිත්‍රණය කිරීමට කවියා සංකල්ප රූප උපයුක්ත කරගෙන ඇත.
"දස එකඩ මසක් ඈ රැකි
සෙනෙහසේ නිධානය
වෙස් මුහුණු තුලට වූ බහිරවයන්
නුහුරු බස් තෙපළමින්
වට වෙමින් අඬු නියෙන්
පැහැර සඟවන අතර
බලා සිටියෙමි කොනක
ගොළු වෙමින් අසරණව"
ස්නේහයෙන් මාස නවයක් තම දරුවා නිධානයක් ලෙසට ප්‍රවේශම් කර ගනිමින් තම දරුවා මෙලොවට බිහි කිරීමට ප්‍රසූත වේදනාවෙන් විලාප දෙන විට ඇය ඒ සඳහා රෝහල් ගත කරයි. ඒ වන විට තම බිරිඳගේ හා දරුවාගේ ආරක්ෂකයා වන පියා කොතෙක් දුර සිටියත් ඈ අසලට පැමිණෙයි. තම හුස්ම පොද බදු වූ දරු පැටියා දැක ගැනීමට සෑම දෙමාපියකුගේ ම කැමැත්ත වුවද එම සිහිනය බොද වී යන ආකාරය දැක්වීමට කවියා පද්‍ය පන්තියට අපූරු ලෙස පද ඝට්ටනය කර ඇත.
වෛද්‍යවරුන් වට වී දරුවා බේරා ගැනීමට දැරූ උත්සාහය කවියා පාඨක සිත් තුළ සියුම් රිදුමක් ඇති කරන අයුරින් දක්වා ඇත. වෛද්‍යවරුන් අඩු එහා මෙහා කරමින් නූපන් බිළිදාගේත් මවගේත් ජීවිත අතර සටනක යෙදෙන අයුරු වෙනස් වූ ආකාරයකට සිතේ චිත්‍රණය කිරීමට කවියා සමත් වී ඇත. මෙම වෛද්‍යවරුන්ගේ අමුතු හැසිරීම තුළින් පාඨකයාට සියුම්ව දැනගන්නට සලකනුයේ දරුවාට කරදරයක් වී ඇති බවයි. ඒ ආකාරයට කවියා මෙම අවස්ථාව පාඨකයාට දැනවීම සඳහා අපූරු සංකල්ප රූප උපයුක්ත කොට ගෙන ඇත.
සාමාන්‍ය නොවූ, සුලභ නොවූ ඛේදයක්, එය නොවිදි ජනයාට සමීපස්ථ කරලීමේ කාර්ය තුල දයාසේන ගුණසිංහයන් සමත් වූ බව සඳහන් කොට තබමි.
- අකීශා මන්දාකිනි -