Skip to main content

Follow on YouTube

සිංහල විචාර 05 - මට්ටකුණ්ඩලී කතා වස්තු විචාරය 02

"සද්ධර්මරත්නාවලියේ මට්ටකුණ්ඩලී කතා වස්තුව තුළින් පාඨක සිතෙහි චිත්තරූප මවයි" විමසන්න.

ධම්මපදට්ඨ කථාව සිංහල බෞද්ධයන් විසින් පරිශීලනය කරන ලද උසස් ධර්ම ග්‍රන්ථයකි. එවැනි වටිනාකමක් ඇති ග්‍රන්ථයක් ආශ්‍රය කොට ගෙන ධර්මසේන හිමියන් විසින් සද්ධර්මරත්නාවලිය රචනා කොට ඇත. ධර්මසේන හිමියන්ගේ බලාපොරොත්තු වූයේ එයට මූලාශ්‍ර වු ධම්මපදට්ඨ කථාවේ සඳහන් කථාවස්තු එලෙසම ඉදිරිපත් කිරීම නොව එයට වඩා නවකතාවකින් කතුවරයන් ජීවත් වූ සමකාලීන සමාජයේ මිනිස් ජීවිතය තත්ත්වාකාරයෙන් විවරණය කිරීමයි. ධර්මසේන හිමියෝ සද්ධර්මරත්නාවලිය සම්පාදනය කරගන්නේ සත්පුරුෂ ජනතාවට හිත වැඩ පිණිසයි.

බෞද්ධයන්ගේ ධර්ම ග්‍රන්ථය අනුරාධපුර යුගයේ සතර පහ සියවස අතර කාලයේ ලියැවී ඇතැයි නිගමනය කෙරේ. ධර්මසේන හිමියෝ සද්ධර්මරත්නාවලියෙහි කතා වස්තුවක් වූ මට්ටකුණ්ඩලී කතා වස්තුව උපයෝගි කරගෙන සමාජයේ පියවරුන්ට මෙන් ම පුතුන්ට ඇතුළු සෑම සියලු දෙනාටම ආදර්ශ සපයයි. 

මෙහිදී රචකයා යොදා ගන්නා හොඳම උපක්‍රමය චිත්ත රූප මැවීමයි. පාඨක සිත වෙනත් මාර්ගයකට නොයවා කතාවස්තුව තුළම රදවා ගැනීමට පාඨකයාට දැනෙන අයුරින් නිර්මාණය කිරීමට උපකාරී වේ. කතාවක් කියවාගෙන යන අතරතුර පාඨක සිතෙහි නාට්‍යයක රූප මැවේ නම් එම රචකයා සාර්ථකය. එය අසීමිත කාර්යයකි. සද්ධර්මරත්නාවලියෙහි මට්ටකුණ්ඩලී කතා වස්තුව පුරාවටම බොහෝ තැන්වල ධර්මසේන හිමි පාඨක සිතෙහි චිත්ත රූප මවා ඇති ආකාරය නිදසුන් ඇසුරින් විමසා බලමු.

" අකුරු ලියනා සේ නොදන්නා කෙනෙකුන් පත්වල හරි අදින සේ කුණ්ඩලාභරණ සේ තළා පියා.."

ලොව වටිනාම සම්පත් අතරින් වටිනා ම සම්පත දරුවන්ය. එහි වටිනාකම බෙහෙවින් දැනෙන්නේ දෙමාපියන්ටයි. දෙමාපියන් දහඩිය හෙලා දුක්මහන්සියෙන් එකතු කරගන්නා ධනය තම දරුවන් වෙනුවෙන් වැය කරන්නේ කිසිදු ලෝබී අදහසකින් තොරව ය.

එහෙත් මට්ටකුණ්ඩලීගේ පියා ඊට වඩා වෙනස් පුද්ගලයෙකි. ඔහුට අසූ කෙළක් ධනස්කන්ධය ඇත. ඔහුට ඇත්තේ තම එකම පුතු මට්ටකුණ්ඩලී වුවද තමාගේ එම ධනය අඩුවේ යැයි බියෙන් සිටින බමුණා තම පුතුට කුණ්ඩලාභරණයක් සෑදීමට සිතන්නේ පියෙකුගේ සෙනෙහස බමුණු සිත තුළ ගැබ් කරමිනි. එහෙත් කුන්ඩලාභරණය සෑදීමට බඩාල් කෙනෙකුන්ට කීමට අකමැති වන්නේ කර්මාන්තය නිමවනතුරු බතුත් දීමට වේ යැයි සිතාය. බමුණා රත්තරන් කෑල්ලක් ගෙන එය තලන අවස්ථාව උපමා සහිතව පාඨක සිතහි සිත්තම් කරන්නේ එය අප ඉදිරියේ සිදුවන්නක් මෙනි.

මට්ටකුන්ඩලී හට අවුරුදු 16 පමණ වන විට පාණ්ඩු රෝගය වැළදේ. පෝෂදායි ආහාර නොලැබීම නිසා මෙම රෝගය වැළදේ. බැමිණිය මෙම අවස්ථාවේ අදින්නපුබ්බක අමතා පුතුට පිළියම් කළ යුතු යැයි ප්‍රකාශ කරන අවස්ථාව ද පාඨකයා වෙත ගෙන එන්නේ නිවසක මව සහ පියා කටයුතු කරන ආකාරය දෙබසක් මගිනි. බොහෝ පියවරුන්ට වඩා දරුවන් ගැන සොයා බලන්නේ මවුවරුන්ය. ධර්මසේන හිමි එය ද මෙමගින් පවසයි.

දෙබස් ආකෘතිය යොදා ගෙන,

" ඊට නිසි පිළියම් දන්නා කෙණෙකුන් ගෙනවුත් පිළියමක් කරව"

" වෙදවරුන් ගෙනා කල වෙදකම් නිමවන තෙක් බතුත් දුන මැනව"

නිවසක සැබෑ ස්වරූපය ධර්මසේන හිමි චිත්තරූප සහිතව මෙහි දක්වා ඇත.

බොහෝ ධන සම්භාරයකට උරුමකම් කියන අදින්නපුබ්බක බමුණා තම පුතුගේ රෝගයට පිළියම් කිරීමට අකමැති වන්නේ වෙදදුරුට ප්‍රතිකාර නිම කරන තෙක් ආහාර හා වැඩ කුලී දීමට වේ යැයි සිතාය.

" මූ මළ කල එළව්වට ආ කෙනෙක් ඇතුළු ගෙයි.."

"පුතු පිටත් කරවා ගෙන් පිටත පළ පිට ලවාපීය"

ජීවිතයත් මරණයත් අතර සටනක සටන් වදින මට්ටකුණ්ඩලී කුමරුන්ව තම පියා නිවසින් බැහැරට ගෙනැවිත් දමන්නේ තම පුතු නොව නිවසෙහි ඇති කළ තිරිසන් සතෙකුට වත් කළ නොහැක්කක් මෙම පියා සිදු කරමිනි. වත්මන් සමාජය තුළද මෙවැනි දෙමාපියන් අපමණ දැක ගත හැකිය. තම කුසින් බිහි කරන දරුවා කිසිදු වේදනාවකින් තොරව මහ මග දමා යන අද සමාජයට මෙය කදිම නිදසුනකි. පන අඳිමින් සිටින මට්ඨකුණ්ඩලී කුමරුන්ව කිසිදු දුකක් රහිතව බමුණා ගෙයි පිලට ගෙන ගොස් දමන්නේ පියකුගෙන් තම දරුවාට ඉටුවිය යුතු යුතුකම් පැහැර හරිමිනි. කථාවස්තු තුල මෙය ඉතා සංවේදී අවස්තාවකි. එම සංවේදී අවස්තාව ධර්මසේන හිමි පාඨකයා ඉදිරියට ගෙන එන්නේ එය පාඨකයා කතාව කියන අතරතුර කතාව ඇතුළට රැගෙන යමිනි. ඒ අනුව රචකයා මෙම අවස්ථාව පාඨකයාට දැනෙන අයුරින් චිත්ත රූප මවමින් ඉදිරිපත් කර ඇත.

" මා කෙරෙහි සිත පහදවාගෙන කොට ගත් අනෙක් පින්කමක් නැතත් සිත පහදවා ගත් පමණකින්.."

මට්ටකුණ්ඩලී කුමරුන් බුදු ඇසට හසු වන්නේ දිව්‍ය ලෝකයෙහි ඉපදීමට ඇති පිං බලය නිසාවෙනි. දරුවෙකුට ඕනෑම කරදරයක දී ගැටලුවක දී මෙන්ම ලෙඩකදී දුකකදී තමා ලගින් සිටින්නේ තම දෙමාපියන් ය. නැතහොත් සහෝදරයින්, මිතුරන්, නෑදෑයින් විය හැකිය. එවැනි අවස්ථාවලදී ඔවුන් ලබා දෙන ආදර්ශ වදන් තුවාලයකට ප්‍රතිකාරයක් වැනිය. එවැනි කිසිවකු කුමරුට ප්‍රතිකාර කිරීමට නොමැතිය. ඒ අන් කිසිවකුගේ පිළිසරණක් නොමැතිව පිලෙහි ඇති මට්ටකුණ්ඩලී කුමරුන් සොයා බුදුන් වහන්සේ වඩිනේ තමාව දැක සිත් පහදවා ගත් පිනෙන් මියගොස් තව්තිසා දෙව්ලොව එකසිය විසි ගවුවක් විතර උස ඇති රන් විමනක ඉපදීමට පින ඇති බව දිවැසින් දුටු නිසාවෙනි.

එසේ බුදුන් වහන්සේගේ රුව දැක සිත් පහදවා ගන්නා ආකාරය ධර්මසේන හිමි චිත්‍ත රූප මගින් පාඨකයා ඉදිරියට ගෙන එයි.

" බමුණු මියගිය පුතු දවා පියා මළ පුතු අරබයා හඩමින් දවාපු සොහොනෙහි ඇවිදිද්දි"

බුදු දහම මුල් බැසගෙන තිබූ යුගයක මිල මුදල් වෙනුවෙන් මනුස්සකම පාගා තබන බමුණා වැනි බොහෝ දෙනා වර්තමාන සමාජයේ ද දැක ගත හැකිය. කොතරම් දුර්ගුණ පුද්ගලයෙකු සතුව තිබුණ ද තමා සමීපතමයන්ගේ වියෝව තුළ පුද්ගල සන්තානයේ ඇතිවන්නා වූ වේදනාව මේ පමණක යැයි කියා කෙනෙකුට කිව නොහැක.

දරුවන්ගේ වියෝව තුළ දෙමාපියන් ලබන චිත්ත පීඩාව අදින්න පුබ්බක බමුණා හරහා සමාජයට ලබා දේ. ජීවත්ව සිටියදී තම පුතුගේ අගය නොදැනුන ද මියගිය පසු ඔහුගේ සිතෙහි එය හටගැනීමට ඇතැයි උක්ත නිදර්ශනය මගින් පාඨකයාට සිතෙයි. මට්ටකුණ්ඩලී පුතු මිය ගිය පසු අදින්නපුබ්බක බමුණා  සොහොනට ගොස් හඬා වැලපෙන අවස්ථා චිත්ත රූප සමගින් පාඨකයාගේ සිතෙහි මවා දක්වයි.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.



" දැන් ආදාහන භූමියට ගොසින් වසාලූ කඩ රෙද්දට ලෝභයෙන් හඬන්නා සේ"

අතරම් ධනස්කන්ධයක් තබාගෙන තම එකම පුතුට පෝෂදායි ආහාර ලබා නොදී පාණ්ඩු රෝගය වැළඳුණු අවස්ථාවේ මට්ටකුණ්ඩලී කුමරුව බේරා ගැනීමට හැකියාව තිබියදී ද ලෝබී සිතුවිලි නිසා තම පුතුට වෙදැදුරකු ලවා ප්‍රතිකාර නොකොට අදින්නපුබ්බක බමුණා ම අත් වෙදකම් කර අසාධ්‍ය වූ අවස්ථාවේ නිවසින් බැහැර තබා මියගිය පසු මළ සිරුර වසා තිබූ රෙදි කැබැල්ලට ලෝබයෙන් මෙන් සොහොනෙහි හඩයි. මෙහිදී රෙදි කැබැල්ලට ආශාවෙන් හඩන්නේ බව කතාව ආරම්භයේ සිට කියැවූ පාඨකයාට සිතෙයි. එහෙත් එම අවස්ථාවේ දරු දුක නිසා හැඩුවා ද විය හැකිය. ධර්මසේන හිමි එම අවස්ථා දෙකම පාඨක සිතෙහි දෝලනය වීමට මෙම අවස්ථාව නිර්මාණය කර ඇති බව සිතිය හැකිය. ඒ අනුව මෙම අවස්ථාව යොදා ගෙන ධර්මසේන හිමි පාඨක සිත තුළ චිත්ත රූප මවයි.

" මට මේ සා මහත් හානියක් කල තැනැත්තවුහට මේ විතරක් මද තවත් මුසුප්පු උපදවමි"

දරුවකු කුමන වරදක් කළ ද සමාව ලබාදීමට දෙමාපියන් කිසිවිටකත් දෙවරක් නොසිතයි.

අදින්නපුබ්බක බමුණා ගෙන් ඉටුවිය යුතු යුතුකම පැහැර හැරීම නිසා දිව්‍ය ලෝකයේ ඉපදී මට්ටකුණ්ඩලි කුමරුන් තම පියා ගෙන් පළි ගැනීමට සිතන්නේ සසර දුකින් මිදුන ද පෙර ආත්ම භවයේ තම පියාගෙන් පළි ගැනීමට සිතෙන අවස්ථා හාස්‍යයෙන් යුතුව ඉදිරිපත් කරන අතර මට්ටකුණ්ඩලී කුමරුගේ එම කෝපය චිත්ත රූප සහිතව පාඨක සිතෙහි මැවෙයි. වර්තමාන සමාජයේ ද මෙවැනි දරුවන් දැක ගත හැකිය.

නාට්‍යයක් නරඹන ප්‍රේක්ෂකයා නාට්‍යයෙන් පිටත නොගොස් ඒ තුල රදවා තබා ගන්නේ එහි රූප රමු තිබූ නිසාවෙනි. කතා වස්තුවක් ලිවීමේ දී එහි නොයෙක් තැන්වල චිත්‍ර ඇදීම අපහසුය. ඒ වෙනුවට රචකයා යොදා ගන්නා උපක්‍රමය පාඨක සිතෙහි චිත්ත රූප මැවීමයි.

ඒ අනුව සද්ධර්මරත්නාවලියෙහි මට්ටකුන්ඩලි කතා වස්තුව තුළ ධර්මසේන හිමියන් බොහෝ අවස්ථාවල පාඨකයාට දැනෙන අයුරින් අපූරු ලෙස චිත්ත රූප මැවීමෙහි ලා බෙහෙවින් සමත් වී ඇත.


H.M ශෂිකා ලක්මාලි
උසස් පෙළ කලා අංශය
මප/ව/මඩුල්ල ද්විතීයික පාසල



මට්ටකුණ්ඩලී ජාතක කතාව >>>




උසස් පෙළ විචාර ලයිස්තුව

>> මාර යුද්ධය නිසඳැස් කාව්‍ය රසාස්වාදය 01

>> සද්ධර්මරත්නාවලිය විචාරය 01

>> රන් තැටියක කදුළු රසාස්වාදය

>> වන්නියේ සැන්දෑව සාහිත්‍ය රසාස්වාදය 01

>> දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් රසාස්වාදය 01

>> බද්දේගම විචාරය 02

>> ආදරණීය පාසල සාහිත්‍ය රසාස්වාදය 01

>> සද්ධර්මාලංකාරය (අතෘප්තිකර ආශාවන් නිසා පරිහානියට පත්වීම)

>> සද්ධර්මාලංකාරය ( පුද්ගල ජීවිතය තුළ ඇති හොඳ සහ නරක)

>>පෙමතො ජායතී සෝකෝ විචාරය 01

>>පෙමතො ජායතී සෝකෝ විචාරය 02

>>පෙමතො ජායතී සෝකෝ විචාරය 03

>>පෙමතො ජායතී සෝකෝ විචාරය 04

>>නවකතාව යනු කුමක්ද හා නවකතාවක අන්තර්ගත විය යුතු ලක්ෂණ

>>අනුරුද්ධ කුමාර කතා වස්තු විචාරය 01

>>අනුරුද්ධ කුමාර කතා වස්තු විචාරය 02

>>මට්ටකුණ්ඩලී කතා වස්තුව විචාරය 01

>>මට්ටකුණ්ඩලී කතා වස්තුව විචාරය 03

>>කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ පද්‍ය විචාරය 01

>>කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ පද්‍ය විචාරය 02

>> කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ පද්‍ය විචාරය 03