පේමතෝ ජායතී සෝකෝ නාට්‍යයේ විකාශනයට ස්වර්ණතිලකා ගේ භූමිකාව වැදගත් වී ඇති ආකාරය පැහැදිලි කරන්න.
ස්වර්ණතිලකා ගේ භූමිකාව උද්දාල බමුනාගේ චරිත ස්වභාවය අනාවරණය කර ගැනීම සඳහා නොමද ආලෝකයක් සපයයි. ස්ත්‍රීන්ගේ දර්ශන මාත්‍රයක්වත් අපේක්ෂා නොකරමින් බඹසර රකින පුද්ගලයකු වූ උද්දාල ස්වර්ණතිලකාගේ දර්ශනය දැකීමෙන් රාග නිශ්‍රිත වූ චරිතයක් බවට පත් වෙයි.
විපතක්ය මට මහත්
නොදැනේය පුවත් කිසි
සිත මගේ වියවුල්ය
මෙතෙක් කල් ඔබ සැමට
දුන්නෙ උපදෙස් මාය
දැන් ඔබෙන් උපදෙසක්
මට ලබාගන්නට වේ"
ඉහත දැක්වූ උධෘතයෙන් ප්‍රකට වන්නේ උද්දාලගේ සිත වියවුල් වී ඇති අයුරුය. සිසුනට සිප්සතර දෙමින් ඔවුන් දිවි සකසා ලන්නට ඇපකැප වුණු පඩිවරයෙකු වූ උද්දාල එක්වරම කැළඹුණු සිතැත්තෙක් විය. සිසුන්ගෙන් උපදෙස් පැතීමට තරම් සිත දීන විය. මෙය වූකලී ස්වර්ණතිලකා ඇතිකළ බලපෑමකි.
සමස්ත නාට්‍යයේම විකාශනය සදහා ප්‍රමුඛ චරිතය ලෙස ක්‍රියා කරන්නේ ද ස්වර්ණතිලකාය. උද්දාල බමුණා ට මෙන්ම සිසු පිරිසට ද ඈගේ පැමිණීම විවිධ අර්බුද රැසක් මතුකරවයි. ඈ නිසා උද්දාල බමුණා ශිල්ප දානයෙන් වැළකී සිටියි.
සිසු ශිල්පාශාවෙන් ස්වර්ණතිලකා මරා දැමීමට පවා පෙළඹෙයි. මේ හැම දෙයක්ම සිදුවන්නේ ස්වර්ණතිලකා නිසාය.
ගැටුමෙන් තොර නාට්‍යයක් නැති තරම්ය. පේමතෝ ජායති සෝකෝ නාට්‍යයෙහි මූලික ගැටුම් පැන නගින්නේ ස්වර්ණතිලකා හා උද්දාල බමුණා අතර පැන නගින අසම්මත ප්‍රේමයෙනි. එහෙම අසම්මත ප්‍රේමයක් වනුයේ ස්වර්ණතිලකාගේ කුලහීන භාවයත් බමුණාගේ බ්‍රාහ්මණ වංශික භාවයත් අතර පවතින පරස්පරතා හේතුවෙන් පමණක් නොවේ. උද්දාල ස්වභාවයෙන් ම ස්ත්‍රීන් නොරුස්සන චරිතයකි. කුස ජාතකයෙහි කුස මෙනි. කුස කෙතරම් විරූපී පුද්ගලයෙකු වුවද ස්ත්‍රීන් නුරුස්සන පුද්ගලයෙකු වුවද පබාවතී කෙරෙහි ඇති කරගත් බැඳීම නිසා අනන්ත අප්‍රමාණ දුක් ගැහැට වින්දේය. පේමති ජායති සෝකෝ නාට්‍යයෙහි උද්දාල තමන්ගේ වටිනා ජීවිතය පවා පරිත්‍යාග කරනුයේ ස්ත්‍රී ප්‍රේමය වෙනුවෙනි.
ප්‍රෙක්ෂකයාට පහසුවෙන් අවබෝධ කරගත හැකි ගැටුම හැරුණු විට උද්දාලගේ චිත්තාභ්‍යන්තරයෙහි පැනනැගී තවත් ප්‍රබල ගැටුමක් විය. එය ස්වර්ණතිලකා කෙරෙහි ඇති කරගත් බැඳීම මත ඇය විවාහ කර ගැනීමෙන් පසු තමන්ගේ ආත්මාභිමානය රැක ගන්නේ කෙසේද යන ප්‍රශ්නයට මුහුණ දීමේදී ඇතිවන ගැටුමයි. එහෙත් තමන් සිප්හලෙහි කළ මෙහෙවර නතර වීම ස්වර්ණතිලකා සම්බන්ධව ඇතිවූ ප්‍රේමය හේතුකොට ගෙන ඇති වූ තත්ත්වයකි. එසේ නම් ස්වර්ණතිලකාගේ චරිතයෙන් තොරව මෙම නාට්‍යයෙහි පැවැත්මක් නොමැත.
ලීලාව දක්වා මදහස බැල්මෙන් යුතුව
පලස මෑත්කොට ශවිර ප්‍රභා දක්වා"
මේ සද්ධර්මාලංකාරයේ ස්වර්ණතිලකා බමුණාව පොළඹවා ගත් අයුරු ප්‍රකාශ කල සැටිය. නාට්‍යකරුවා ගායකයන්ගේ මුවට නංවන පහත පෙනෙන වදන් මගින් සද්ධර්මාලංකාර කතුවරයා කල දේම කරයි.
තොල්පෙති එළද රුසිරා
නද බඹරු මෙන් විහිද වූ
සරය නෙත සවන
පියවි මත අතුරුදන් විය
අප මිතුරාගේ"
උද්දාල බමුණාගේ සිත ස්වර්ණතිලකා කෙරෙහි බැදෙන්නේ ඇගේ රූමත් බව නිසාවෙනි. එහෙත් නාට්‍යයෙහි නිරූපණය වන ස්වර්ණතිලකා උද්දාල පොළඹවා ගැනීමට ස්ත්‍රී මායම් දක්වා නැත. සද්ධර්මාලංකාර කතෘට අනුව ස්වර්ණතිලකාට රූමත් බව උරුම වී ඇත්තේ පෙර පින් මහිමයෙනි. නාට්‍යකරුවා පෙර පිං ගැන හෝ පෙර පව් ගැන කතා කරන්නේ නැත. චරිතයේ යථා ස්වරූපය මතු කරමින් හේතුඵල ධර්මතාව අනුව පැහැදිලි ජීවන දෘෂ්ටියක් ප්‍රේක්ෂකයා හමුවේ තැබීමට නාට්‍යකරුවා වෙහෙසී ඇත.
ස්ත්‍රිය වනාහි ලෞකික ආස්වාදය තීව්‍ර කරන ආකර්ෂණීය වස්තුවක් සේ දක්වන්නට නාට්‍යකරුවා ප්‍රයත්න දරයි.
මිහිරි වදනින් සවන් ගල්වන
අතීතය වත්මනට ගෙන එන
පුරව ජන්මය සිහියෙ නංවන
අරුම සුවඳින් පා පැහැය සනහන
මොලොක් පැහැයෙන් සිරුර සනසන
මේ සියල් මුත් කවර දේ
මේ අඟන නම්"
බමුණා ස්ත්‍රි ස්වභාවය වර්ණනා කරන නමුත් ස්වර්ණතිලකා ප්‍රකාශ කරන්නේ මේ අදහසයි.
ඇඳුරිදුනි මම සැඬොල් දුවක් වෙමි
හීන කුලයේ උපන්
උභය කුල පාරිශුද්ධ
බමුණෙක්ය ඔබ තුමා
ලෝ පසිඳු පඩිතුමෙකි
ලද් නොමද කින් යසස්
සිප් නොදත් බොලඳ කතකි මම"
උද්දාල බමුණාගේ සිත්තුල මහත් චකිතයක් ඇති කරන සුළු ප්‍රකාශයකි මේ. ස්වර්ණතිලකා හා බමුණා අතර පවතින නොගැලපීම පරස්පරතාවය ඉහත ප්‍රකාශනයෙන් ඉස්මතු කෙරෙයි. මෙය එක් අතකින් උද්දාල බමුණා වෙත යොමුකල අභියෝගයකි. එම අභියෝගයට මුහුණ දෙන්නට බමුණාට අපමණ වූ පරිත්‍යාග කිරීමට සිදුවනු ඇත. ස්වකීය ආත්මාභිමානය පවා කැප කිරීමට ඔහුට සිදු වෙයි. සිප් නොදත් බොලඳ කතක හා ලෝ පසිඳු පඩිතුමා අතර ඇතිවන පෙම් සබදකම සැබැවින්ම අසම්මත කිසියම් මොහොතක මහා විනාශයක පෙර නිමිත්තකි. නාට්‍යකරුවා පේමතො ජායතී සෝකෝ විකාශනය කරන්නේ මේ නොගැලපීම ම මුල් කොට ගෙන ය.
මේ අනුව ස්වර්ණතිලකා භූමිකාව නාට්‍යයේ විකාශනයට කදිම රුකුලක් වී ඇති අයුරු පැහැදිලිය.
- අකීශා මන්දාකිනි -
..............................................
..............................................
සමාජගත වී ඇති කුල භේදයෙහි නිසරු බව පෙන්වා දීමත් සියලු බැදීම් වලට වඩා ස්ත්‍රී පුරුෂ මානව සබඳතා උත්තරීතර බැඳීමක් බවත් පේමතො ජායතී සෝකෝ නාට්‍ය මගින් විදහා දැක්වෙන බව පෙන්වා දෙන්න.
සිංහල සාහිත්‍ය අම්බරය එකළු කල සරා සඳ මඩළ වන මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින් නිර්මාණය කරන ලද පේමතෝ ජයතී සෝකෝ නාට්‍යය විශිෂ්ට ගණයේ නිර්මාණයකි. සමාජගත වී ඇති කුල භේදයෙහි නිසරු බව පෙන්වා දීමත් සියලු බැදීම් වලට වඩා ස්ත්‍රී පුරුෂ මානව සබඳතා උත්තරීතර බැඳීමක් බවත් අපූරු ලෙස පෙන්වා දී ඇත. ඒ බව පහත උදාහරණ මගින් ප්‍රකට වේ.
හීන කුලයේ උපන්
උභය කුල පාරිශුද්ධ
බමුණෙක්ය ඔබ තුමා
ලෝ පසිඳු පඩිතුමෙකි
ලත් නොමද කිත් යසස්
ලද බොලඳ කතකි මම"
ප්‍රේමතී ජායතී සෝකෝ නාට්‍යයෙහි උද්දාල හා ස්වර්ණතිලකාගේ ප්‍රේමයේ දී ඇති වන කුල පිළිබදව සමාජයේ ඇති ප්‍රශ්නය මෙහිදී ස්මතුවේ. ස්වර්ණතිලකා යනු සමාජයේ ඇති පහත්ම කුලයේ ඉපදුණු රූමත් තරුණියකි. උද්දාල බමුණා යනු උසස් කුලයක ඉපදුණු අයෙකි. උසස් කුල හා පහත් කුල අතර ඇති එකල පැවැති සමාජ ක්‍රමය නිසා මොවුන්ගේ ආදරයට ගැටලුවක් ඇති වී තිබුණි. සමාජයේ සම්මත කරගත් මෙම උගත් නූගත් කුල භේදය ප්‍රේමයේ දී අදාළ නොවේ. මොවුන් අතර ඇති වූ එම සංවාදයේ දී ස්වර්ණතිලකාගේ දුක සහ නිහතමානී කන මැනැවින් පිළිබිඹු කර ඇත. සමාජගත වී ඇති කුල භේදය පුද්ගල සම්බන්ධතාවලදී ඉතා නිසරූ දෙයකි. කුමක් නිසා ද යත් එකිනෙකා තේරුම් ගැනීමට විශ්වාසයක් ගොඩ නැගීමට සබදතාවයක් ඇති වීමට කුලය කුමක් ද යන්න අදාල නොවන බැවිනි. පහත් යැයි සම්මත කුලයක කතක් වන ස්වර්ණතිලකාව තේරුම් ගැනීමට ඇගේ සිතැගි හදුනා ගැනීමට උසස් යැයි සම්මත කුලයක උද්දාල බමුණාට හැකි විය. අනිත් අතට උසස් යැයි සම්මත කුලයේ උද්දාල බමුණා තේරුම් ගැනීමට ඔහුගේ සිතැගි හදුනා ගැනීමට පහත් යැයි සම්මත කුලයේ ස්වර්ණතිලකාට ද හැකි විය. ඒ බව ඉහත උදාහරණය මගින් මැනවින් විදහා දක්වා ඇත.
"මා සමිඳුන් නැති අතරේ කෙලෙසද මා බැහැර යන්නේ අසිරිමත් දෙයක් වෙතත් කුතුහලයක් ඇතත් සිතේ"
ස්ත්‍රී පුරුෂ සබඳතා ඉතා සුමට ආකාරයෙන් රචකයා ප්‍රේක්ෂකයාට දැන වීමට අවස්ථාව සලසා දී ඇත. සැමියා නැති අතරේ තමා ගෙදරින් පිට යෑම සුදුසු නැත. කාන්තාවක් ලෙස සැමියාට කරනු ලබන ආදරය ගෞරවය හා අවංකභාවය මෙහිදී ගැබ්වී ඇත. ගුරුතුමාගේ ශිෂ්‍යයන් පැමිණ ඇයට පිටතට යෑමට කතා කරයි. මොල ඇතෙකු බැලීමට තමාගේ සිතේ කුතුහලයක් තිබුණද ඇයට ස්වාමියාගේ කීමට පිටින් යා නොහැකිය. එකිනෙකා කෙරෙහි විශ්වාසය තබා ගනිමින් ගරු කරමින් අවංකව කටයුතු කිරීම ස්ත්‍රී පුරුෂ මානව සබඳතාවේ උත්තරීතර භාවයයි. එම සබඳතා වලදී කිසි විටෙක කුල භේදය ඔවුන්ගේ සිත් තුලට හරස් නොවීය. ඒ බව ඉහත උදාහරණ මඟින් විද්‍යාමාන වේ.
විදින මේ ප්‍රිති විනෝද්‍ය
චකිත මේ සිත මගේ
මිරිගුවක්ද මේ සියල්ල
අතුරුදහන් වන සැණෙකින්"
සිත ඔබේ සනසමි
නොපමාව යන්නෙමි
සිසුන් වෙත සිප්හල"
උද්දාල බමුණා හා ස්වර්ණතිලකා යන අඹු සැමියන්ගේ අතර ඇති වන මෙම සංවාදයෙන් අපට පසක් වන්නේ එකිනෙකාගේ කීමට ගරු කරමින් ජීවත් විය යුතු බවයි. උද්දාල සාරමසක් යනතුරුම ශිෂ්‍යයන්හට ශිල්ප ඉගැන්වීමට සිප්හල වෙත ගියේ නැත. ඒ නිසා තමා විදින මේ සැප මිරිඟුවක් වේ දැයි යන බය එනම් තමාට කිසියම් මොහොතක ගැටලුවක් ඇතිවීමට හැකි බව ස්වර්ණතිලකාගේ සිතට මතුවිය. තමාගේ ස්වාමියාහට මේ බව පවසන ඇයට ලැබුණු පිළිතුරින් දෙදෙනා අතර ඇති අන්‍යෝන්‍ය සබඳතාව මැනවින් විදහා දැක්වේ. එහිදී උපදෙස් දෙනුයේ පහත් කුලයක ස්ත්‍රියක් බව කිසි විටෙකත් උද්දාල බමුණා නොසිතයි. සැබැවින්ම කුල භේදය මානව සබදතා වලට ගැටලුවක් වී නොමැති බව ඉන් පිළිබිඹු වෙයි. ඒ අනුව ඉහත උදාහරණය මගින් ද විද්‍යාමාන වන්නේ සමාජ ගතවී ඇති කුල භේදයට වඩා ස්ත්‍රී පුරුෂ මානව සබඳතාව උත්තරීතර බවයි.
- අකීශා මන්දාකිනි -
පේමතො ජායතී සෝකෝ නාට්‍යයේ ඉගෙනුම් පල,
නාට්‍යයේ චරිත නිරූපණය
- උද්දාල බමුණා
- ස්වර්ණතිලකා
- ශිෂ්‍ය මානවකයෝ ( දප්පුල, පිංගල, අග්නිදත්ත)
- සූත්‍රධාර හා අත්වැල