පේමති ජායති සෝකෝ නාට්‍යහි නාට්‍යෝචිත අවස්තා මගින් පුද්ගල සන්තානගත යතාර්තයන් දැනවීමට නාට්‍යකරුවා උත්සාහ දරා ඇති බව විමර්ශනය කරන්න
නාට්‍ය යනු ජීවිතය පිළිබිඹු කිරීමකි.
- ස්ටැනිස් ලාවුස්කි -
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ශූරීන් සද්ධර්මාලංකාරය ඇසුරු කොටගෙන රචනා කරන ලද පේමතී ජායතී සෝකෝ නාට්‍ය මානව ජීවිතය පිළිබිඹු කරන්නකි. නාට්‍යෝචිත අවස්ථා මගින් පුද්ගල සන්තානගත යථාර්ථයන් දැනවීමට නාට්‍යකරුවා උත්සහා දරා ඇත.
බාහිර පරිසරයට කොතරම් තමාගේ පවිත්‍රතාව පෙන්නුවද කිසියම් හෝ කාරණයක් නිසා සිත වෙනස් වී තමාගේ සැබෑ චින්තනයන් පිලිබිඹු වන බව නාට්‍යකරුවා දක්වා ඇත.
"ලොවි සුවයක පිහිටලා නැති
ලොව්තුරා ආස්වාදයෙන් කිම
පසක් විය මට නිසරු බව එහි
මිරිඟුවකි එය පවස නොනිවන"
නාට්‍යකරුවා නාට්‍යයට උචිත ප්‍රේක්ෂකයාගේ සිතෙහි කුකුසක් ඇති වන ආකාරයෙන් නාට්‍ය ගෙන හැර පෑමට සමත් වී ඇත. ශිෂ්‍යයන්ගේ සිතෙහි උද්දාල කෙරෙහි පවතින ගුණ භක්තිය හා ඔහු කාන්තාවන් පිළිකුල් කළ ඇදුරුතුමෙකි. ඔහු මාතුගාමයෙකු දුටු පමණින් සිත වෙනස් වී ආලයෙන් බැඳෙයි. තමා මෙතෙක් ජීවත් වී සිටියේ තමන් මවාගත් සමාජයේ උද්දාල යන චරිතය සුදු වර්ණ චරිතයක් කිරීමට ගත් ප්‍රයත්නයකින් බව ඔහු පවසයි. ලෞකික ජීවිතයේ සැප ලෝකෝත්තර ජිවිතයෙන් විදීමට හැකියාවක් නැත. එය නිසරුය. ගුරුවරයාගේ මෙම වෙනස්වීම නාට්‍යයට උචිත අයුරින් යොදා ගෙන ඇති අතර එමගින් ප්‍රේක්ෂකයාට පෙන්වාදීමට උත්සාහ ගෙන ඇත්තේ පුද්ගල සංතානගත යථාර්ථයන් ය. ඒ බව ඉහත උදාහරණය මගින් මනාව විදාරණය කෙරේ.
නාට්‍ය ආරම්භයේදීම නාට්‍යකරුවා උද්දාලගේ කැළඹිලි ස්වභාවය දක්වමින් ඔහු ශිෂ්‍යයන්ගෙන් උපදෙස් ගැනීමට තරම් ව්‍යාකූල තත්වයකින් පසුවන කිසියම් සිද්ධි දාමයක් සිදුවී ඇති බව ප්‍රේක්ෂකයාට දනවයි.
" පිය සිසුනි සිදුවූයේ විපතක්ය මට මහත් නොදැනේය පුවත් කිසි සිත මගේ වියවුල්ය. මෙතෙක් කල් ඔබ සැමට දුන්නේ උපදෙස් මාය. දැන් ඔබෙන් උපදෙසක් මට ලබාගන්නට වේ"
තමාට කිසියම් විපතක් සිදු වූ බවත් ඊට කිසියම් පිළිසරණක් අවශ්‍ය බවත් නාට්‍ය ආරම්භයේදීම නාට්‍යකරුවා පවසයි. මිනිස් සිතෙහි ඇතිවන වෙනස්වන සුළු බව නිසා මනුෂ්‍යයාගේ යථාර්ථ ස්වභාවය ඉස්මතු වෙයි. ශිෂ්‍යයන්ට උපදෙස් දෙන ගුරුතුමා අද ශිෂ්‍යයන්ගෙන් උපදෙස් පතයි. පුද්ගලයාගේ ඇත්ත තත්ත්වය කිසියම් මොහොතක ඉස්මතු වන අතර එය නාට්‍යයෙහි කුතුහලයක් දනවමින් එකවරම නාට්‍යයට උචිත අයුරින් දක්වා ඇත.
මොනයම් තරාතිරමක පුද්ගලයෙකු වූවද බැදීම් ඇතිකර ගත් පසු එයින් මිදීමට අපහසුය.
"සෑය පිට පැත්තේය ඇයගේ එකම ගින්නට පුද කරන්නට එකම අළුගොඩ වී දැවෙන්නට සැනසුමකි ඔහුට එය"
තමා ප්‍රේම කල ස්වර්ණතිලකාවන්ගේ වියෝව දරා ගැනීමට ඔහුට නොහැකි වෙයි. එහිදී ඔහු ඇයගේ සෑයට පැන මරණයට පත් වෙයි. ජීවිතයේ තමා කොතරම් බැදීම් වලට වෛර කලද තම සිතැගින් වෙනස් වී ඉන් ඔබ්බට පැමිණි කල ප්‍රේමනීය මිනිසෙකි. ඒ ඒ චරිත වල සැබෑ ස්වරූපය කිසියම් මොහොතක සමාජයට විවරනය වෙයි. නාට්‍යයේදී නාට්‍යකරුවා මෙම ඛේදාන්තික කොටස නාට්‍යයට උචිත වන අයුරින් පුද්ගලයාගේ යථා ස්වරූපය දැක්වීමට ප්‍රයත්න දරා ඇත.
බාහිර ස්වරූපය ලස්සන වූ රූපයක් දුටු විට ඕනෑම පුද්ගලයකුගේ හැගීම් ඇවිස්සී ඔහුගේ සිතෙහි ඇත්ත තත්ත්වය ඉස්මතු වෙයි.
" මා කීවේ ඇත්තමයි
බලනු ඇගෙ මුහුණ දෙස
නුවනගින් දෙන බැලුම්
අනුරාගයෙන් දිලෙන
නුවනගින් දෙන බැලුම්
හෙලන වැනි දැල අවට
සිත් මසුන් ඩැහැ ගන්ට"
ශිෂ්‍යයන් ස්වර්ණතිලකා දුටුවිට ඔවුන්ගේ සිත්හි ද ඈ කෙරෙහි ස්නේහයක් හටගනී. ඇයගේ රූප සම්පත්තිය නිසා ඈ දුටු දුටුවන්ගේ සිත් වශී කර ගනියි. නාට්‍යකරුවා ප්‍රේක්ෂකයාගේ සිතෙහි ස්වර්ණතිලකාගේ රූපශ්‍රීය කොතරම් දැයි උපමා යොදාගනිමින් ඇයගේ සුන්දරත්වයට ඇලුම් කරන්නන්ගේ සිතෙහි ඇතිවන චිත්ත රූපයන් දක්වා ඇත. මෙතරම් කලක් ගුජුප්සා කටයුතු වූ ගැහැනුන් ඒකෙ ස්ත්‍රියක් දැකීමෙන් ශිෂ්‍යයන් මෝහනය විය. සිතෙහි ඇති යථාර්ථ ස්වභාවය දැක්වීමට නාට්‍යකරුවා මේ අයුරින් නාට්‍යෝචිත අවස්ථා යොදාගෙන ඇත.
ඉහත උක්ත කරුණු මඟින් විද්‍යාමාන වන්නේ නාට්‍යකරුවා නාට්‍යෝචිත අවස්ථා යොදා ගනිමින් මිනිස් සිතෙහි යථාර්ථ ස්වභාවය පෙන්වා දීමට ගත් උත්සාහය සාර්ථක වී ඇති බවයි.
- අකීශා මන්දාකිනි-
Key words..
Prematho jayathi soko vichara livima
Pematho jayathi soko vichara rasasvada
පේමතො ජායතී සොකෝ නාට්‍ය විචාර pdf
Pematho jayathi shoko vichara pdf download
පේමතො ජායතී සෝකෝ විචාර pdf download
Natya vichara pdf download
පෙමතො ජායතී සොකො විචාරය
පෙමතො ජායතී සොකො
පෙමතො ජායති සොකො විචාර
පෙමතො ජායතී සොකො නාට්ය
පේමතෝ ජායතී සෝකෝ විචාර pdf
පෙමතො ජායතී සොකො විචාර
පෙමතො ජායතී සොකො pdf
පේමතෝ ජායතී සෝකෝ විචාර
පේමතෝ ජායතී සෝකෝ pdf
පේමතෝ ජායතී සෝකෝ පොත pdf download
පේමතෝ ජායති සෝකෝ
පෙමතො ජායති සොකො
පෙමතෝ ජායතී සෝකෝ
පේමතෝ ජායතී සෝකෝ pdf download
පේමතෝ
පේමතෝ ජායතී සෝකෝ නාට්ය