සඳකිදුරු දා කව ඇසුරින් කිඳුරා සහ කිඳුරිය ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ බව පැහැදිලි කරන්න.
සඳකිදුරු ජාතකය පදනම් කර ගනිමින් විල්ගම්මුල මහතෙරුන් විසින් රචිත සඳකිදුරු දා කව මා හැගි සම්භාව්‍ය කාව්‍ය සංග්‍රහයක් වේ. සඳකිදුරු දා කවෙහි ඉතාම විශිෂ්ටතම කාව්‍ය වර්ණනය වන්නේ කිඳුරන්ගේ විලාපයයි.
කිඳුරිය කිඳුරා සමග වනයෙහි කෙළිදොලෙන් කාලය ගත කළහ. බඹදත් රජුගේ අනපේක්ෂිත වූ හී පහරින් කිඳුරා විසඥ වී ඇද වැටිණ. මෙම අනපේක්ෂිත ව්‍යසනයෙන් කම්පිත වූ කිඳුරියට නිරාරාගයෙන් ම මතකයට නැගෙන්නේ අතීතයේ ගතකළ ප්‍රීතිමත් ජීවිතය යි. තම සැමියා තමන් හැරදා ගිය අවස්ථාවේ තමන් ඔහු හා කෙතරම් සතුටින් සිටියේද යන්න ඕනෑම පෘථග්ජන කාන්තාවකට සිහිවේ. ඇයටද ඇති වූ එම සිතුවිලි විශ්ව සාධාරණය.
ළකල් කුසුම් දම් කරැලා එකල්වන
නිමල් මෙනුඹ සහ විදි සැප උපුල්වන
සිහිල් සෙවණැ උන මට මෙ තැවුල්වන"
වන ගොමුවෙහි මනාව පිපෙන මානෙල් මල් කඩාගෙන කන්පෙති සරසමින් අලංකාර මල් මාලාවන් ගෙලෙහි පැළඳ ගනිමින් සතුටින් ගත කළ අහිංසක ප්‍රීතිමත් දිවියේ රස මුසු තැන් චිත්තාකර්ශණීය ලෙස කථකයා විවරණය කරයි. පාරිශුද්ධ වූ මේ නුඹ මා සමඟ මහත් සැපයක් වින්දේය. සිහිල් සෙවණෙහි සිටිය මා හට මේ සන්තාපය ජනිත විය.
තම ප්‍රේමවන්තයාගේ වියෝව දරා ගත නොහැකි වූ ඇයට අතීතයේ ගතකළ ප්‍රීතිමත් ජීවිතය නිතැතින් සිහිවීම සර්ව සාධාරණය. කිඳුරියටගේ සිතෙහි ජනිත වූ අව්‍යාජ වූ නිර්ව්‍යාජ වූ අකලංක වූ සිතුවිලි සමුදායක් යථෝක්ත පද්‍යයට පාදක වී ඇත.
ගිමන නිබද සතපා උනිමු ලොබ වලා
විමන මෙ සදැ තැවුලිය ළැව් ගිනි සෙවලා
කුමන සැපද වින්දේ හිමි සමග වලා"
පුරුෂෝත්තම සමාජයේ සාර ධර්මානුකූලව සිතන පතන කිඳුරියට අනපේක්ෂිතව ඇති වූ මේ වියෝව දරා ගැනීම අතිශයින් අසීරුය. සිතන සෑම විටම ඇයට සිහි වන්නේ අතීත සිදුවීම්ය. සුවද පැතිරෙන්නා වූ මද පවනින් ගතට සිසිලස විදි ලතා මඩුලු වල සිටි මෙම දෙදෙනාගේ ගිමන විඩා හැරි අයුරු පවසා ඇත්තේ රමණීය වදන්වලිනි. සිසිල් සුවඳ පැතිරෙන විට ඇහැ සිදුරු තුළින් ඇතුලුවී සියලු ශරීරය පුරා හා සකල ආධ්‍යාත්මය වසා පේලි පැතිරී ගියේ කෙතරම් සුන්දර අයුරින් ද ? නිරන්තරයෙන් ආශාවෙන් ගත කළේ ඒ අතීතය කෙතරම් ප්‍රීතිමත් ද ? චමත්කාර ජනකද ?
යථෝක්ත පද්‍යයෙන් කිඳුරා සමඟ විදි සැපය මෙනෙහි කරන ඇය ඇති වූ සෝච ජනිත කරන්නේ වනයෙහි ඇති වූ ලැව්ගිනි සේය.
පබ වස් කුළල් ලිය ගී කිය කියා සොඳ
සිඹ මුව කමල් දෙදෙන මැ ගෙල වැලැද ඉද
නුඹ හැර මෙකල් ලැම සැනසේද හිමි සද"
වන වදුළු වල ඇවිද නිරන්තරයෙන් අඹ දඹ කෙසෙල් පලා ජලයෙන් පල වැල ගෙන දෙදෙනාම සතුටින් භුක්ති විදි ඒ අතීතය සිහි වෙයි. බට නලා පිඹිමින් සුන්දර ලයාන්විත ගී ගයමින් මුව නමැති කමල චූෂණය කරමින් ගත කළ දිවිය ස්මරණය කරයි. දෙදෙනාම සතුටින් ගෙල වැළඳ ගෙන ගතකළ ඒ ඉමිහිරි ජීවිතය සංගමයෙන් කථකයා හෙලිකරයි. එවැනි සුන්දර දිවියක් ගත කළා වූ හිමියනි, නුබ හැර මේ කැලයේ මගේ සිත කෙසේ නම් සැනසෙන් ද ? දෙදෙනා ගත කළ ජීවිතයේ රසමුසු තැන් ශුංගාරාත්මක හැඟුම් සංයමයෙන් යුතුව කථකයා ගෙන හැර පා ඇති අයුරු අපූරුය. උක්ත සදහන් කෙරුණු කරුණු මගින් සඳකිදුරා සහ කිඳුරිය ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ බව පැහැදිලි වනු ඇත.
- දසුනි මහවත්ත -