කුකුළු හැවිල්ල රසාස්වාදය
කුමාරතුංග මුනිදාසයන්ගේ හෙළ හවුලේ ප්‍රබල සාමාජිකයෙකු වූ රැයිපියල් තෙන්නකෝන් මහතා ඉතා දක්ෂ කවියෙකි. සිංහල භාෂාව හා ඉතිහාස විෂයෙහි තමා සතු අවබෝධය විදහා දැක්වෙන ශාස්ත්‍රීය කෘති මෙන්ම ගද්‍ය පද්‍ය නිර්මාණ රැසක් මෙතුමාගේ කෘති සම්භාරයට ඇතුළත්ය. එකල පද්‍ය රචනා මෙන්ම දීර්ඝ කාව්‍ය නිර්මාණ ද පළ කරමින් හෙළ හවුලේ කවි මග පුළුල් කළ රැයිපියල් තෙන්නකෝන් කවියා කුමාරතුංග මුනිදාස වැනිම පඩිවරයෙකි.
රැයිපියල් තෙන්නකෝන් සැබැවින්ම අරුත් කවියෙකි. ඔහුගේ මූලික අරමුණ පාඨකයාගේ කල්පනය පුබුදු කිරීමයි. ඒ අරමුණින් නිර්මාණය කළ එක් පද්‍ය නිර්මාණයක් ලෙස කුකුළු හැවිල්ල පද්‍ය පන්තිය පෙන්වාදිය හැකිය. මෙම කුකුළු හැවිල්ල පද්‍ය පන්තිය සදහා වස්තු විෂය වූ තම කුකුළා සොරකම් කළ පුද්ගලයෙකු හට දඩුවම් පමුණුවන ලෙස කතරගම දෙවියන්ට සිදුකරන්නා වූ කන්නලව්ව අනුභූතිය කොටගෙන නිර්මාණය කළ එහි අරමුණ වූයේ ගැමි ජන විඥාණයේ ශේෂ මාත්‍රා වින්‍යාසයක් විවරණය කිරීමයි. එසේ නිර්මාණය කොට ඇති කුකුළු හැවිල්ල පද්‍ය නිර්මාණය තුළ රැයිපියල් තෙන්නකෝන් කවියා කොතෙක් දුරට සාර්ථක දැයි මින් ඉදිරියට විමසා බලමු.
බඳ තෙද කඳ
කඳ දෙව් රද
සාමිනේ"
රැයිපියල් තෙන්නකෝන් කවියා කුකුළු හැවිල්ල පද්‍ය පන්තිය ආරම්භ කරන්නේ මෙසේය. තම කුකුලා සොයා දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලීමට පෙර මෙලෙස දෙවියන්ට ආමන්ත්‍රණය කරයි. මෙය උච්චාරණයේ දී බෙර පදයක් වැනිය. ඒ තුළ කවියා දේවත්වය පිළිබඳ හැඟීම ඇති කරවන අතර පාඨක සිත් තුළ බියක් ජනිත කරයි. මෙම කවියෙහි දෙවන පදය අවසන් වන්නේ කඳ යන වචනයෙහි එම වචනයෙන් අවසන් වීමත් සමග ඉන්පසු පදය ආරම්භ වන්නේ ද කඳ යන වචනයෙනි. එය නම් අලංකාරය සඳහා යොදා ගත්තා වූ සන්දෘෂ්ටියක් ය. කෙටි පද වලින් හා කෙටි වැකි වලින්ද අනුප්‍රාසාත්මක ගුණයෙන් ද සමන්විත බස ගැහැනියකගේ චිත්ත වේගය ප්‍රබල ලෙස ප්‍රකාශ කරන්නට උපකාරී වන අතර එළිසමය රකිමින් අපූර්ව ලෙස කුකුළු හැවිල්ල පද්‍ය පන්තියට ආරම්භය ගෙනදෙයි.
දදය ඔබගෙ පාළුය කා
තව එක බුද දිනක් තකා
ඉන්නට ඉඩ නොදී මකා"
කුකුළු හැවිල්ල පද්‍ය පන්තිය සඳහා පාදක වන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයයි. "මගේ කුකුළා නැසූ එකා" යන ප්‍රකාශයෙන් ඒ බව සනාථ වේ. කුකුළා නැති වුණු කාන්තාව පවසන්නේ තමාගේ කුකුළා පමණක් නොව කතරගම දෙවියන්ගේ කොඩියෙහි සිටිය කුකුළාද නොමැති බවය. සත්‍ය වශයෙන්ම කතරගම දෙවියන්ගේ කොඩියෙහි සිටින්නේද ඒ හා සමාන කුකුලෙකු බව මත් කර සිටිනුයේ දෙවියන් හට අල්ලසක් ලබා දෙන අයුරිනි. එම කාන්තාවගේ සිතේ ඇති කෝප සහගත සිත මෙහිදී මනාව ගැබ් කොට නිරූපණය කරන්නේ ආවේගශීලී සිතුවිලි වල ක්‍රියාකාරීත්වය මනාව පෙන්වා දෙමිනි.
හෙලුව හෙල්ල
මුල මැ බෙල්ල
මරු තැනේ"
මෙම කවියෙන් කියවෙන්නේ එම කාන්තාවගේ කුකුළා සොරකම් කළ සොරාට දඬුවම් කළ යුතු බවය. මෙමගින් පෙනෙනුයේ කුකුළා අහිමි වූ ගැමි කාන්තාවගේ සිතෙහි පවතින කෝපයයි. ගැමි කාන්තාවක වුවද ඇය තුළ පවතින දැඩි නපුරු සහගත සිතුවිලි වල ස්වභාවය මෙමඟින් පෙනේ. මෙහිදී කවියා තමාට ආවේණික තම පරපුරට ආවේණික වූ "ඇ" කාර භාෂා භාවිතය සිදු කරයි. "මුලැ මැ" මෙය පද්‍ය පන්තිය සදහා අර්ථ රසයට නොව ශබ්ද රසයට හේතු වී තිබේ.
හිඟා කකා, ලබන විටේ
පයින් මැ ගොස් ඇවිද වටේ
පොළොවැ උලා නළල් ඇටේ"
කුකුළා අහිමිවූ කාන්තාව නැවත කුකුළා සොයා දීමේ වගකීම දෙවියන්ට භාර කරයි. ඇය දෙවියන්ට බාර වන්නේ නැවත කුකුළා හිමි වූ විට රුහුණු රටේ සිටින කතරගම දෙවියන් බැලීමට යන බව පවසමිනි. ඇය පයින් සිගා කකා ගොස් පොළොවේ නළල උලන බව පවසයි. එම කාන්තාව කෙතරම් ධනවත් වූවද ඇය සිගා කකා එන බව පවසයි. මේ තුළින් ජනතාව අතර පවතින ආකල්ප හා විශ්වාස කෙබඳුද යන්න මනාව නිරූපණය කරයි. කවියා මෙහිදීද තම පරපුරට ආවේණික "ඇ" කාරය යොදාගෙන ඇති අතර කතාවට පාදක වූ ගැමි වටපිටාව පාදක කොටගෙන එයට ගැලපෙන ගැමි ජන බස් වහරක් සමග එළිසමයද රැක ගනිමින් රැයිපියල් තෙන්නකෝන් මහතා ඉහත කවිය නිර්මාණය කොට ඇත.
රිදියෙන් බිජු වටක් පුදමි
රන් දුනු හී දෙකක් පුදමි
රුවට රිදී රුවක් පුදමි"
තම කුකුළා අහිමිවීමේ දුකෙන් වේදනාවෙන් කනගාටුවෙන් සිටින කාන්තාව පවසන්නේ දෙවියන් තම කුකුළා සොයා දුන් විට රනින් තැනූ කුකුළු රුවක්, රිදී බිජු අටක්, රන් දුනු හී දෙකක් හා කතරගම දෙවියන්ගේ රූපය රිදියෙන් තනා පුදන බවයි. මෙම කාලයේ දේව ආකල්පය ගැමි ජීවිතයේ මුල් බැසගෙන තිබුණි. තම කුකුළා නොමැතිව වේදනාවෙන් සිටින මෙම කාන්තාව නැති වූ කුකුළා සොරෙන් ගෙන ගිය තැනැත්තා මරා කුකුළා සොයා දුන් විටෙක එම කුකුළාගේම රුවක් රනින් තැනීමටද භාර වෙයි. එම කාන්තාවට තමගේ මේ කුකුළා මෙතරම් වටින්නේ ඇයි දැයි යන ප්‍රශ්නය පාඨකයා තුළ හටගනී. කෙසේ වෙතත් එම කාන්තාව තම කුකුළා සොයා ගැනීමට අසීමිත උත්සාහයක් දරයි. මෙහිදී කවියා කවිය තුළ ව්‍යාකරණ රීති රැක ඇත. "රනින් කුකුළු රුවක් පුදමි, රිදියෙන් බිජු අටක් පුදමි" වැනි කවියේ පද වලින් ඒ බව සනාථ වේ. තවද මෙම කවියේ සෑම පදයක්ම "මි" අකුරෙන් අවසන් කොට එළි සමය රැක ඇත.
බොළඳුන්ගෙ ද කිරි තුඩගේ
රඟ දෙන්නට වඩමි අගේ
එකතින් හිමි සඳුනි මගේ"
මෙම කවියෙන් පවසනුයේ කාන්තාවගේ නැති වූ කුකුළාව ගෙන ගිය හොරා මැරුවොත් කතරගම දෙවියන්ගේ තේජස පිළිබඳ දරුවන්ට පවසා අගය වැඩි කරන බවයි. එහෙත් දෙවියන් කෙනෙකුන් මරා දැමීමට අකමැති වෙයි. මෙහිදී කතරගම දෙවියන්ගේ භක්තියට බාධාවක් ඇති වේ. එනමුදු කාන්තාව තම කෝපය පිට කරනුයේ මෙවැනි වූ වදන් තුළිනි. එනයින් පෙනෙනුයේ රැයිපියල් තෙන්නකෝන් කවියා සාමාන්‍ය ජන ජීවිතයේ හමුවන කාන්තාවකගේ ස්වරූපය මින් නිරූපණය කර ඇති ආකාරය වේ.
රැයිපියල් තෙන්නකෝන් කවියා මෙම කුකුළු හැවිල්ල පද්‍ය පන්තිය සදහා යොදාගත් භාෂා උපක්‍රම දෙස බැලූ විට කාව්‍යාලංකාර රැසක් හඳුනාගත හැකිය.
කවියා මෙම පද්‍ය පන්තිය සඳහා යොදාගෙන ඇත්තේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයයි.
"මගෙ කුකුළා නැසූ එකා"
රිදියෙන් බිජු වටක් පුදමි
රන් දුනු හී දෙකක් පුදමි
රුවට රිදී රුවක් පුදමි"
මෙම පාඨයන් තුළින් ඒ බව සනාථ වේ. මේ සියලු ප්‍රකාශයන් කරන ලද්දේ තම කුකුළා අහිමි වූ කාන්තාව විසිනි.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
භාෂාව දෙස බැලූ විට යම් ගැහැනියකගේ සිතේ ජනිත වන කෝපය මැනවින් නිරූපණය කිරීමටත් සමත් වාග් විලාසයක් යොදා ගෙන තිබෙන්නේ,
"මගෙ කුකුළා නැසූ එකා"
"බලා එල්ල
හෙළුව හෙල්ල" ආදී ලෙසය.
තවද එහි භාවිත භාෂාව පාඨකයාට පහසු කෙටි වැකි වලින්ද අනුප්‍රාසාත්මක ගුණයෙන් ද සමන්විත බස ගැහැනියකගේ චිත්තවේග ප්‍රබල ලෙස ප්‍රකාශනයට උපකාරී වේ.
ලද තෙද කඳ
කඳ දෙව් රද
සාමිනේ"
රැයිපියල් තෙන්නකෝන් කවියා මෙහිදී තමාට මෙන්ම තම පරපුරට ආවේණික "ඇ" කාර වචන භාවිතයෙන් කුකුළු හැවිල්ල පද්‍ය පන්තිය නිර්මාණය කොට ඇත.
"මුලැ මැ" "පයින් මැ"
"නැඟැ" "ගන්නැ"
කුකුළු හැවිල්ල පද්‍ය පන්තියට පාදක වන්නේ කාන්තාවකි. එනම් තමාය. එනම් "මම" ලෙස ගෙන "මි" අකුරෙන් අවසන් කොට ව්‍යාකරණ රීතීන් ද රැක තිබේ.
රිදියෙන් බිජු වටක් පුදමි
රන් දුනු හී දෙකක් පුදමි
රුවට රිදී රුවක් පුදමි"
එවැනි වූ තවත් භාෂාවෙහි එන විශේෂ ලක්ෂණයක් නම් ව්‍යවහාරික බස් වහරක් යොදා ගැනීමයි.
හිඟා කකා, ලබන විටේ
පයින් මැ ගොස් ඇවිද වටේ
පොළොවැ උලා නළල් ඇටේ" මෙයින් ඒ බව තහවුරු වේ.
කවියා කුකුළු හැවිල්ල පද්‍ය පන්තිය සදහා යොදාගෙන ඇත්තේ මාත්‍රා 12 කින් යුත් දොලොස්මහේ විරිතයි.
රිදියෙන් බිජු වටක් පුදමි -12
රන් දුනු හී දෙකක් පුදමි -12
රුවට රිදී රුවක් පුදමි - 11
ඒ අනුව ඉහත දක්වන ලද භාෂා උපක්‍රම යොදාගෙන පද්‍ය පන්තිය හරහා පාඨකයාට උපරිම රසය ලබාදෙන අතර "කුකුළු හැවිල්ල" පද්‍ය පන්තිය රැයිපියල් තෙන්නකෝන්ගේ සාර්ථක නිර්මාණයක් ලෙස පෙන්වා දිය හැකි අතර කවියා ඒ තුළ බෙහෙවින් සමත් බව කිව යුතුය.
කුකුළු හැවිල්ල රසාස්වාදය pdf
කුකුළු හැවිල්ල රැපියල් තෙන්නකෝන්
Kukulu hevilla rasaswadaya
කුකුළු හැවිල්ල විචාරය pdf