කුඩා දරුවන්ගේ සිත විනිවිද දැක්වීමේ සුවිශේෂ හැකියාවක් පල කරන කෙටි කතාවක් ලෙස ජී. බී සේනානායකයන්ගේ වෙසක් පහන කෙටිකතාව සැලකිය හැකි බව පැහැදිලි කරන්න.
1945 දී පළවුන ජී. බී සේනානායකයන්ගේ "දුප්පතුන් නැති ලෝකය" නම් එතුමාගේ මුල්ම කෙටිකතා සංග්‍රහයයි. මෙහි එන වෙසක් පහන නම් කෙටිකතාව ද එම කෘතියෙන් උපුටා ගන්නකි. මෙම කෙටිකතාව තුළ වෙසක් පහනක් නැතිනම් වෙසක් කූඩුවක් සෑදීමේ සිට එය විනාශ වී යන තෙක් ළමා සිත ක්‍රියා කරන අයුරු පෙන්වා දී තිබේ.
ජී. බී සේනානායකයන් විසින් මෙම කතාව උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් රචනා කිරීමේ දී "මම" යන චරිතය නිරූපණය කරන්නේ මල්ලිය. එනම් එම කතාව පාඨකයාට ඉදිරිපත් කරන්නේ මල්ලි වේ. මල්ලි හෝ නංගි මේ වනතුරුම අටපට්ටමක් සාදන ආකාරය දැන හිටියේ නැත. ඒ නිසාම මොවුන් තුළ මෙම අටපට්ටම් කූඩුව සෑදීම එක්තරා කුතුහලය දනවන්නක් විය. ඒ නිසාම ඔවුන් දෙදෙනා අයියා උණ කැබැල්ල පතුරු වලට ඉරන සැටි බලා සිටියේ විස්මය උපදවන දෑසිනි.
එම අවස්ථාවේදී ළමා සිත ක්‍රියා කරන ආකාරය මැනවින් නිරූපණය කරමින් කතුවරයා පෙන්වා දී ඇත්තේ "අයියා සැස පසෙක තැබූ උණ පතුරක් මා දකින්නට පෙර නංගී තම දෙකකුල යටට කොට සගවා ගත්තාය.." යනුවෙනි. විස්මය කුතුහලය පිරුණු කුඩා දරුවන්ගේ මනස සැමවිටම යම් විමසිල්ලකින් පසුවේ.
මෙහිදීද නංගී අයියා දකින්නට පෙර උණ පතුර සඟවාගත් සැටි ද අයියා ආයෙ දකිතැයි බියෙන් උණ පතුර තම ගවුම තුල සඟවන්නට යෙදුණු උත්සාහය තුළ ද කුඩා දරුවන්ගේ සිත විනිවිද දැකීමේ සුවිශේෂ හැකියාව මෙම වෙසක් පහන කෙටි කතාව තුල මැනවින් නිරූපණය කර තිබේ. එසේම මෙම කතාව කියවන්නා වූ වැඩිහිටියකු වුවද මෙම ළමා ක්‍රියාකාරකම් තුළින් තම ළමා කාලය වෙතට ගෙනයාමේ හැකියාවක් ඇත.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
"දෙනෙතින් කදුළු වැහැරීම සොහොයුරියගේ කෝපය වැඩි වීමට හේතුවිය. ඈ තමා හිද සිටි තැනින් නැගිට මා පිටුපසට අවුත් මාගේ හිසට දැඩි පහරක් ගසා ගෙට දිව ගියාය. අම්මා මට බැණ ඇය සනසනු මට ඇසිණ"
නංගිගෙන් උණ පතුර උදුරා ගත් පසු නංගි හැසිරුණු අයුරු ළමා මනස ක්‍රියා කරන ආකාරය පිළිබඳ මැනවින් නිරූපණය කරන අතර මල්ලිද නංගිගෙන් උණ පතුර උදුරාගැනීම ළමා සිත තුළ පවතින හැඟීම් විනිවිද දැක්වීමට කතුවරයා සමත් ව ඇති අයුරු විදහා පායි. අනෙකා සමග කලහ කර ගැනීම කුඩා දරුවන්ගේ ක්‍රියාවක් වන අතර මෙහිදීද නංගී උණ පතුර ලඟ තබා ගන්නා අයුරු දුටු මල්ලිගේ සිතේ සියුම් ආකාරයෙන් ඉරිසියාවක් ඇති වූ ආකාරය ද කුඩා දරුවෙකු ලෙස නංගි කෝපයට පත් වූ ආකාරයද ළමා මනසේ ක්‍රියාකාරීත්වය මොනවට කියාපායි.
සාමාන්‍යයෙන් කුඩා දරුවන් තමන් හට ආවේගයක් ඇති වූ විටදී හැඩීම මුල්කර ගනියි. එසේම තමා සමග කලහ ඇති කරගත් කෙනාට පහර දෙයි. මෙහිදී ද කතුවරයා ළමා සිත විනිවිද දකිමින් "දෙනෙතින් කඳුළු වැගිරීම සොහොවුරියගේ කෝපයට හේතු විය" යනුවෙන් ද "..මා පිටුපසට අවුත් මගේ හිසට දැඩි සේ පහරක් ගසා ගෙට දිව ගියාය." යනුවෙන්ද දක්වා තිබීමෙන් එය මැනවින් පැහැදිලි වෙයි. එසේම කුඩා දරුවකු තමාට අසාධාරණයක් සිදු වූ විට වැඩිහිටියකුගේ පිහිට පතයි. මෙහිදී ද කතුවරයා ළමා මනස විනිවිද දකිමින් නංගී අම්මා ළඟට දිව යන අයුරු පෙන්වා දී ඇත.
"මෙය අපට පහසුවෙන්ම කළ හැකි කාරියක් වූ හෙයින් බීක්කු සෑදීම අප දෙදෙනාට භාර කරන ලදී"
මෙහි දැක්වෙන පරිදි ගමෙන්ම ඉතා විශාල අලංකාරම වෙසක් පහන අයියා විසින් නිර්මාණය කිරීමේදී ඔවුන් ඒ දෙස බලා සිටින්නේ කුතුහලය පිරි දෙනෙත් වලිනි. එසේම එම වෙසක් පහන සෑදීම අයියා විසින් සිදු කිරීමේ දී ඊට කුඩා හෝ උපකාරයක් කර හවුල් වීමට නංගීට සහ මල්ලීට අවස්ථාව ලැබෙන්නේ එම වෙසක් පහනේ ඇලවීමට බීක්කු කපා දීමෙන් ය.
මෙහි "අප පැය කිහිපයක්ම සහයෝගයෙන් වැඩ කලෙමු" යැයි සදහන් කිරීමෙන් ළමා මනස ක්‍රියා කරන ආකාරය මොනවට පැහැදිලි වන්නේ කුඩා ළමයින් අතර කොතරම් රණ්ඩු සරුවල් ඇති වූවද යම් කාර්යක් ඔවුන්ට පැවරූ විට එය මහත් ආසාවෙන් සහ සහයෝගයෙන් යුතුව සිදු කිරීමට ඔවුන් කටයුතු කරන ආකාරය පසක් කර දෙමිනි.
"පියරු දැම්මට මුහුණේ ගඳ යනවා ද?"
නංගී සහ මල්ලී ඉතා සහයෝගයෙන් බීක්කු ඇලවීමේ කාර්යයේ යෙදී සිටියද ජී. බී සේනානායකයන් කුඩා දරුවන්ගේ සිත විනිවිද දකිමින් සදහන් කරන්නේ "ඇගේ අලුත් ගවුම දැක මා තුළ උපන් ඊර්ෂ්‍යාවක් නිසා දෝ ඇය කෝප කරවීමට මට සිතුණි" යනුවෙනි. කුඩා දරුවන්ගේ ළමා සිතේ ඇති වන සියුම් නොමනාපයන් හේතුවෙන් ඔවුන්ගේ සිත්වල මෙවැනි ඊර්ෂ්‍යා සහගත හැගීම් ඉස්මතු වන්නේ ඔවුන්ගේ ළමාකම හේතුවෙනි.
මෙහිදීද අයියාට නංගීගේ අලුත් ගවුම දැක සියුම් ඊර්ෂ්‍යාවක් උපදින්නේ ද ළමා සිත ක්‍රියා කරන ආකාරය අපට මොනවට පැහැදිලි කරමිනි. එසේම එම සියුම් අමනාපය හේතු කොට ගෙන අයියා " පියුරු දැම්මට මුහුණේ ගඳ යනවා ද?" යනුවෙන් විමසීමේ දී නංගී එම පරාජය භාර ගැනීමට සූදානම් නැත. එය ළමා සිතයි. "ඇය තමන් හිද ගත් තැනින් නැගිට මට පහරක් ගැසුවාය."
අයියා තමන්ව කෝප කිරීම හේතුවෙන් නංගී අයියාට පහරක් ගැසීම නිසා ඔවුන් දෙදෙනා අතර කලහයක් ඇති විය. ජී. බී සේනානායකයන් වෙසක් පහන කෙටිකතාව තුළ කුඩා දරුවන්ගේ සිත විනිවිද දකිමින් කුඩා දරුවන්ගේ ලෝකය තුළ පවතින කලහ, සහයෝගය වැනි දේ මනාව ගෙනහැර දක්වා තිබීමෙන් කතාව රස විඳින වැඩිහිටියෙකුට වූවද මොහොතකට තම ළමා ලෝකයට මනස දිවගොස් එනු නොඅනුමානය.
- උත්තරා රාජපක්ෂ -
Key words
වෙසක් පහන
වෙසක් පහන කෙටිකතා විචාරය
වෙසක් පහන විචාරය pdf
උසස් පෙළ වෙසක් පහන