Skip to main content

Follow on YouTube

සිංහල විචාර 12 - අනුරුද්ධ කුමාර කතා වස්තු විචාරය 01 (පූජාවලිය)

පූජාවලිය කතුවරයා සතු භාෂා රීතියේ විශේෂතාවය අනුරුද්ධ කුමාර කතා වස්තුව ආශ්‍රයෙන් විමසන්න.

දඹදෙනි යුගයේ වැජඹුණු ශ්‍රේෂ්ඨ උගතුන් අතර වැඩසිටි අතිපූජනීය බුද්ධ පුත්‍රයන් කෙනෙකු වූ මයුරපාද පිරිවෙන්පති නමින් ප්‍රසිද්ධ වූ මහා තෙර පාදයන් වහන්සේ විසින් පූජාවලිය නැමැති ග්‍රන්ථය රචනා කරනු ලැබුවාය. බෝසත් වහන්සේගේ චරිත කතාත්, බුද්ධ චරිතයේ වැදගත් සංසිද්ධීනුත් ඇසුරු කරගෙන බුදු බණ ඇසුරින් ජීවිතය සකස් කර ගැනීමට කැමති ශ්‍රද්ධාවන්තයින් තුළ භක්ති ප්‍රේම වඩන්නට ලියැවුණු ග්‍රන්ථයක් ලෙස පූජාවලිය නම් දරයි. මෙම ග්‍රන්ථය පරිච්ඡේද 34 කින් සමන්විත අතර එක් එක් පරිච්ඡේදය කිසියම් පිළිවෙලකට ඉදිරිපත් කර තිබීම දැකිය හැකිය.

යම්කිසි කලා නිර්මාණයක ප්‍රධාන මෙවලම භාෂාවයි. සාහිත්‍ය කලා නිර්මාණයක සාර්ථකත්වයට යොදාගෙන ඇති භාෂා උපක්‍රම බෙහෙවින්ම ඉවහල් වේ. කථාවස්තුව පාඨක සිතට සමීප කරවීමට, පාඨකයා එය ප්‍රතික්ෂේප නොකර ඒ තුල රදවා ගැනීමට කතුවරයා විවිධ භාෂා උපක්‍රම යොදාගෙන තමාගේ නිර්මාණයට අලංකාරයක් එක් කරයි. එය කතුවරයාගේ සාර්ථකත්වයට බලපාන අතර අපට නියමිතව ඇති පූජාවලිය ග්‍රන්ථයේ එන අනුරුද්ධ කුමාර කතා වස්තුව කතුවරයා එම භාෂා උපක්‍රම යොදාගෙන නිර්මාණය කර ඇති ආකාරය නිදසුන් ඇසුරින් විමසා බලමු.

අපේ බොහෝ චිරන්තන සාහිත්‍යධරයෝ සංස්කෘත කවීන් අනුගමනය කරමින් අනුකාරකයන් ලෙස උපමා යෙදූහ. යම් වස්තුවක් යම් තත්ත්වයක් වඩා හොඳින් පැහැදිලි කිරීම සඳහා තවත් වස්තුවකට සමාන කර දැක්වීම උපමාවක් නම් වේ.

"සුළං බදන්නා සේ"
"වෙස් බැන පානා විකාර රූපයක් සේ"
"සුළං කඩක් නැගී දිය බුබුලක් වැන්න"
" ශක්‍ර පුරයෙන් බට දිව්‍ය භටයන් හය දෙනකු සේ"
"තල ඇටක් සා වස්තුවක් අත්ලෙහි තැබුවා සේ"

බුද්ධ පුත්‍ර හිමි මේ අයුරින් අපූරුව ලෙස අවස්ථාවට ගැළපෙන ආකාරයේ උපමා රැසක් යොදා ගනිමින් අනුරුද්ධ කුමාර කතා වස්තුව නිර්මාණය කර ඇති අයුරු දැකගත හැකිය.

තවද,

බුද්ධ පුත්‍ර හිමියෝ ස්වකීය ප්‍රතිභා ශක්තිය තුළින් පූජාවලියෙහි පාඨකයා තුළ විවිධ රස ජනිත කරවීමෙහි සමාර්ථයක් දැරූහ. උපමා රැසක් එකට එක්කොට උපමා මාලා රැසක් නිර්මාණය කර ඇති අයුරු දැකගත හැකිය.

"අවුල් හූ වැටියක් වැන්න, සුළං කඩක් නැඟි දිය බුබුලක් වැන්න, දියෙහි යන රළ පතරක් වැන්න, දියෙහි ඇදි රේඛාවක් වැන්න, විදුලියයක් වැන්න, සුළං කඩක් වැන්න, දෝලා කෙළියක් වැන්න, ඉන්ද්‍ර ජාලාවක් වැන්න, දර්පන රූපයක් වැන්න, සිහිනෙන් දුටු රූපයක් වැන්න"

උක්ත නිදසුනෙන් ඒ බව පැහැදිළි ය. එක් උපමාවක් නොව ස්ථානයට පුද්ගලයාට හා පදයෙන් පදයට ගැලපෙන අයුරින් මෙලෙස උපමා මාලා නිර්මාණය කරමින් පාඨකයාට උපරිම රසයක් හා පැහැදිලි කිරීමක් ලබා දෙයි. මෙහිදී කතුවරයා උපමා වලට පමණක් සීමා නොවී තමාගේ හැකියාව පෙන්වා දෙමින් උපමා මාලා නිර්මාණය කොට ඇත.

රූපකාලංකාරය යනු නිපාතයක් යොදා නොගෙන වස්තුවක් සතු ලක්ෂණ තවත් වස්තුවකට ආරෝපණය කොට දැක්වීමයි. අනුරුද්ධ කුමාර කතා වස්තුවේ එවැනි තැන් ද බොහෝය. 

"සුගත් මහා මුහුද"
" ශ්‍රද්ධා නැමැති මහ වතුර" 
"තෘෂ්ණා නැමැති වර්ෂාව" 
"දියහැල්ල සර්වඥ නමැති නියග්ගල"
"ශාසන නැමැති ආකාශය" 
"බුද්ධ ශාසනා නැමැති මහා ගෘහය"

භාෂාවෙහි තවත් භාෂා උපක්‍රමයක් වන රූපකයන් රැසක් ඉහත දැක්වූ පරිදි කථාවස්තු තුළ දැකගත හැකිය.

පාඨකයා වෙත සාහිත්‍ය නිර්මාණයක් වඩාත් සමීප කරවීමට කට වහරෙහි වචන යොදා ගත හැකිය.

"කලෝතින්"

"බෙදාදීලා"

"සතා සතුන්"

"නිකන් තලිය"

"ඉතිකින්"

බුද්ධපුත්‍ර හිමියන් මෙවැනි ගැමි ජනයාට සමීප වූ කටවහරෙහි බොහෝ වචන යොදාගනිමින් අනුරුද්ධ කුමාර කතා වස්තුව පාඨකයාට වඩාත් සමීප ලෙස නිර්මාණය කොට ඇත.

අනුප්‍රාසය නම් එකම අකුර හෝ එකම පදය නැවත නැවත යෙදීමයි. එමගින් නිර්මාණකරුවාගේ අරමුණ වන්නේ අර්ථ රසය නොව ශබ්ද රසය ලබා දීමයි. කියවන්නාට මෙන්ම අසන්නාට ශබ්දයෙන් අලංකාරයක් ලබා දීමේ අරමුණින් පූජාවලී කතු වූ බුද්ධ පුත්‍ර හිමි ද කතා වස්තුව තුළ මෙලෙස,

"සුඟත් සුඟ" "බල බලා"

"කල කල" "යත් යත්"

"ඇවින ඇවින" "කෙළ කෙළ"

ආදී අනුප්‍රාසාත්මක වචන බොහොමයක් දක්වා පාඨක පිරිස හට ශබ්ද රසය මනාව ලබා දෙයි.

තවද,

කෙටි වැකි අවැසි ස්ථානයට කැටි වැකිද, විස්තර කිරීම් ආදියට දිගු වැකි ද දැක ගත හැකිය. මෙසේ නිර්මාණය වීම කියවන්නාට මෙන්ම අසන්නාට ද උපකාරයක් වේ.

කෙටි වැකි- "කැවුම් තලියක් එවන්නේ ය"

දිගු වැකි- "දරාවන් පරදි පරදි සේ මම කැවුම් තලි යවාගත නොහෙමි. ඉතිකින් ගෙයි කැවුම් නැතැයි"

පූජාවලියේ කතුවරයා තැනට ගැළපෙන පරිදි කෙටි වාක්‍ය ශෛලිය හා දිගු වාක්‍ය ශෛලිය අනුගමනය කරමින් අසන්නාගේ සන්තෘෂ්ටිය ජනිත කරවන පරිදි ශ්‍රව්‍ය ගෝචර රටාවට ගැලපෙන අයුරින් මෙම භාෂා උපක්‍රමය භාවිතයට ගෙන ඇත.

යම්කිසි කතා වස්තුවක් නාට්‍යයක් මෙන් සජීවී ලෙස සමීප කරවීම සදහා සංවාද යොදා ගනී. අපට කථා වස්තු තුළ මුලින්ම සංවාද හමුවන්නේ අනුරුද්ධ කුමරු කෙළි සෙල්ලම් සිදු කරන විට කුමාරවරුන් හා කුමරියන් අතරයි. එසේ සෙල්ලම් කර පැරදි විටෙක තම මව යැවූ කැවුම් වල රස දැනී නිවසට පැමිණ මව ගෙන් කැවුම් පිළිබඳ අසා දැනගැනීමෙහි කොටස කතා වස්තුවෙහි දක්වා ඇත්තේ මව හා පුතු අතර සිදුවන අපූරු සංවාදයක් ලෙසයි. අනුරුද්ධ කුමරු:- "මෑණියන් වහන්ස මෙතෙක් දා නුබ මට ස්නේහ නැත්තේ ඇයි ද..."

මව:- පුතණුවෙනි කුමක් කියන්නේ වීද මාගේ ඇස් දෙකත් මාගේ හදවත නුඹත්.."

ඉහත නිදසුනෙන් ද ඒ බව පැහැදිලි ය. දෙවනුව අපට සංවාදයක් හමුවූයේ කුමාරවරුන් කෙළි සෙල්ලම් සිදු කරන විට "බත් උපදින්නේ කොහින්ද" යන ගැටලුව පැන නැගුණු අවස්ථාවේදීය.

කිම්බල කුමාරයා:- බත් උපදින්නේ බඩසලිනැ"

තවද මව හා අනුරුද්ධ කුමරු අතර නැවත සංවාදයක් ඇති වෙන්නේ අනුරුද්ධ කුමරු පැවිදි වීමට යන බව මවට පවසන අවස්ථාවේදීය. ඉන්පසු කුමාරවරු පැවිදි වීමට යන අතර මඟ සිටි කපුවා සමගද සංවාදයක් ලෙස බොහෝ සංවාද යොදාගෙන කතාවස්තුව පාඨකයා තුළට සමීප කරවා ඇත.

තවද,

අපූරුව භාෂා උපක්‍රමයක් වනුයේ පාඨක සිත් තුළ සංකල්ප රූප මැවීමයි. කතා වස්තුව කියවන් යන්නාට මෙන්ම අසන් සිටින්නා හටද නාට්‍යෝචිත ලෙස සිත් තුළ සිදුවීම් චිත්‍රණය කිරීම කතා වස්තුවෙහි සාර්ථකත්වයට හේතු වන්නේ පාඨකයා එය ප්‍රතික්ෂේප නොකොට ඒ තුළම රඳවා ගන්නා නිසාවෙනි. 

"දෑතින් දෙදඩු ගෙන විලි පිලියෙන් විරූප ව කුද ගසා ගෙන පෙර තමා උපයා කෑ රටම වෙස් බැද පානා විකාර රූපයක් සේ"

මහානාම විසින් අනුරුද්ධ කුමරු හට ගිහි ජීවිතයේ යථාර්ථවත් බව වටහා දෙන සංවාදය තුළ මහානාම පවසනුයේ මෙම ශරීරය වයසට යන බවයි. යම් කෙනෙක් තමාගේ ශරීරය දිරාවට පත්වූ විට ක්‍රියා කරන ආකාරය දක්වන අතර එහිදී එම තැනැත්තාගේ ස්වරූපය දක්වමින් පාඨකයා තුළ චිත්තරූප මවාලයි.

තවද කතා වස්තුව තුළ සංකල්ප රූප මවන අවස්ථාවන් බොහොමයක් දැකගත හැකි අතර ඒ තුළින් අනුරුද්ධ කුමාර කතා වස්තුව පාඨකයාට සමීප කර දීමට බුද්ධ පුත්‍ර හිමියෝ උත්සාහ දරා ඇත.

ඒ අනුව අනුරුද්ධ කුමාර කතා වස්තුව පොදුවේ ගත් කල කතුවරයා ඒ නිර්මාණයේ දී එහි සාර්ථකත්වයට තමාට ආවේණික වූ බොහෝ භාෂා උපක්‍රමයන් යොදාගෙන ඇති අතර උපමාරූපක, කටවහර, අනුප්‍රාසය, කෙටි වැකි හා දිගු වැකි, සංවාද, නාට්‍යෝචිත අවස්ථා ඒ අතර ප්‍රධාන වේ. බුද්ධ පුත්‍ර හිමි එවැනි භාෂා ලක්ෂණ සාර්ථකව යොදා ගෙන තම නිර්මාණය සිදුකර ඇත. ඒ තුළින් පූජාවලී කතුවරයා සතු භාෂාවේදී හි විශේෂතාව අනුරුද්ධ කුමාර කතා වස්තුව තුළින් මනාව නිරූපණය කර ඇති අතර කතු හිමියෝ ඒ තුළ බෙහෙවින් සමත් බව කිව යුතුය.

H.M ශෂිකා ලක්මාලි
උසස් පෙළ කලා අංශය
මප/ව/මඩුල්ල ද්විතීයික පාසල


මෙමගින් පූජාවලිය download කර ගන්න. එහි පිටු අංක 373 සිට අනුරුද්ධ කුමාර කතාවස්තුවයි.


(නංගිල මල්ලිලා අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්න)

අලුතෙන් දාන විචාර ගැන දැනගැනීමට සහ විචාර ලිවීමට අදාල තොරතුරු ලබාගැනීමට අපගේ Facebook පිටුව Like කරන්න. යාළුවන්ටත් බලන්න share කරන්න.

Grade 10 sinhala sahithya vichara athwela
Grade 11 sinhala sahithya vichara athwela
Sinhala sahithya vichara pdf free download
Grade 10 sinhala sahithya vichara question & answers

උසස් පෙළ විචාර ලයිස්තුව

>> සඳකිඳුරු දා කව විචාරය 01

>> පූජාවලිය විචාරය 01

>> පන්සිය පනස් ජාතක කතා පොත විචාරය 01

>> ස්නේහය කෙටිකතා විචාරය 01

>> නැළැවිල්ල පද්‍ය රසාස්වාදය 

>> කුකුළු හැවිල්ල රසාස්වාදය 01

>> පොඩි දුව පද්‍ය රසාස්වාදය

>> අබිනික්මන රසාස්වාදය 01

>> වෙසක් පහන කෙටිකතාවේ විචාරය 

>> ඉගිළෙන සිහින කාව්‍ය රසාස්වාදය 01

>> මාර යුද්ධය නිසඳැස් කාව්‍ය රසාස්වාදය 01

>> සද්ධර්මරත්නාවලිය විචාරය 01

>> රන් තැටියක කදුළු රසාස්වාදය

>> වන්නියේ සැන්දෑව සාහිත්‍ය රසාස්වාදය 01

>> දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් රසාස්වාදය 01

>> බැද්දේගම නවකතා විචාරය 02

>> බැද්දේගම නවකතා විචාරය 03

>> ආදරණීය පාසල සාහිත්‍ය රසාස්වාදය 01

>> සද්ධර්මාලංකාරය (අතෘප්තිකර ආශාවන් නිසා පරිහානියට පත්වීම)

>> සද්ධර්මාලංකාරය ( පුද්ගල ජීවිතය තුළ ඇති හොඳ සහ නරක)

>>පෙමතො ජායතී සෝකෝ විචාරය 01

>>පෙමතො ජායතී සෝකෝ විචාරය 02

>>පෙමතො ජායතී සෝකෝ විචාරය 03

>>පෙමතො ජායතී සෝකෝ විචාරය 04

>>නවකතාව යනු කුමක්ද හා නවකතාවක අන්තර්ගත විය යුතු ලක්ෂණ

>>අනුරුද්ධ කුමාර කතා වස්තු විචාරය 01

>>අනුරුද්ධ කුමාර කතා වස්තු විචාරය 02

>>මට්ටකුණ්ඩලී කතා වස්තුව විචාරය 01

>>මට්ටකුණ්ඩලී කතා වස්තුව විචාරය 02

>>මට්ටකුණ්ඩලී කතා වස්තුව විචාරය 03

>>කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ පද්‍ය විචාරය 01

>>කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ පද්‍ය විචාරය 02

>> කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ පද්‍ය විචාරය 03