කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ කවීන්ට තම නිර්මාණ සඳහා තේමාව වූයේ කාලීන සමාජ වාතාවරණයයි. සුදුසු නිර්මාණ තුනක් ඇසුරෙන් පැහැදිළි කරන්න.
කවිය කොතරම් සොඳුරුද? සිංහල සාහිත්‍ය කලා කෙත සුපෝෂිත කරලනු පිණිස සාහිත්‍ය නම් වූ පියුම් විලෙහි සුපුෂ්පිත පියුමකි කවිය. කාලයාගේ ඇවෑමෙන් කවියට බොහෝ අංග එක් වීමත් එසේම කවියේ කොටස් ප්‍රතිනිර්මාණය වීමත් සිදුවිය. එසේ විකසනය වූ කවිය කොළඹ යුගයේ දෙවන කවි පරපුර හෙවත් බටහිර රොමෑන්ටික් කවි පරපුර වෙත දිවෙන විට ඔවුන්ගේ නිර්මාණ බොහොමයක් කාලීන සමාජය හා බැඳුනා වූ තේමාවන් අලෙලා නිර්මාණය වී ඇති බව නිගමනය කල හැකිය.
කොළඹ යුගයේ දෙවන කවි පරපුර නියෝජනය කරනු ලැබූ කවීන් අතර ප්‍රමුඛයන් ලෙස,
- සාගර පලන්සූරිය
- විමලරත්න කුමාරගම
- ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
- පී. බී අල්විස් පෙරේරා
- මීමන ප්‍රේමතිලක
- එච්. එම් කුඩලිගම
යන කවීන් හැඳින්විය හැකිය.
කොළඹ දෙවන කවි පරපුරේ කවීන් හෙවත් බටහිර රොමෑන්ටික් කවීන් තම කවි නිර්මාණය කර ඇත්තේ සමාජ ප්‍රශ්න, ආදරය, විරහව, දිළිඳුකම, ජාති මාමකත්වය, ජාතික සංහිදියාව ආදි කාලීන සමාජ වාතාවරණය හා බැදි වස්තු විෂයයන් ඔස්සේය. මෙම කවීන් නිසදැස් කාව්‍ය ආකෘතියට අනුවද කාව්‍ය නිර්මාණය කළේය.
කවිය නිර්මාණය කිරීම සඳහා වෙහෙසෙනු නිර්මාණකරුවන් අතර අදත් එදත් හෙටත් නිතරම ස්මරණය වන කවීන් ලෙස මොවුන් ද හැඳින්විය හැකිය.
මව් ඇකයේදී සොබාවධර්මයටත්, බුදු දහමටත් හුරු වූ මෙම කවීන්ගේ නිර්මාණ බොහොමයක් සිව්පද කාව්‍ය ආකෘතියට අනුව උපයුක්ත කර නිර්මාණය කර ඇත. එමෙන්ම මෙම පද්‍ය පන්ති සරල සුමග බස් වහරින් හා ව්‍යාවහාර භාෂාවෙන් පෝෂිත වී ඇත.
කොළඹ යුගයේ දෙවන කවි තරංගය බිහිකල ප්‍රබලතම කවියෙක් ලෙස පී.බී අල්විස් පෙරේරා හැදින්විය හැකිය. දෙවන කවි තරංගයට අයත් මොහු "සොබාදහම", "මිණි පහන", "මියගිය කිරිල්ලිය", "අනුර ගීතය" ආදී පොත්පත් නිර්මාණය කරන ලදී.
සැබවින්ම මෙම කවියා විසින් රචිත "පැසුණු පැන" පද්‍ය නිර්මාණය බෙහෙවින් ජනප්‍රිය අගනා පද්‍ය පංතියක් ලෙස හැඳින්විය හැකිය. මෙම පද්‍ය පංතිය "අන්ධ කවියා" නම් වූ කවි පොතෙන් උපුටා ගත් කවි පෙළකි. එසේම මෙම පද්‍ය පන්තිය සරල සුගම බස් වහරින් හා උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් සැකසී ඇත. එසේම සිව් පද කාව්‍ය ආකෘතියට අයත් වේ.
පැසුණු පැන පද්‍ය පන්තියේ වස්තු විෂය වී ඇත්තේ ළමා සිතට පහළ වූ ගැටළු තම මව වෙත ඉදිරිපත් කිරීමක් කරන ආකාරයෙන් පරිසරයේ නිතරම නොදක්නා තැන් කරා සිත යොමු කිරීමක් ය. පාරිසරික සංසිද්ධි ඔස්සේ කවියා වක්‍රකාරව සමාජය පිළිබඳව ඉදිරිපත් කරන මෙම පද්‍ය පන්තියේ ඇති භාෂාව ඉතා ඖචිත්‍ය මෙන්ම ඉතා රසවත්ය.
දලු අතු පැළී ඒවා කොහොමද ආවේ
මෙතරම් කැසුම ඇයි කහඹිලියා බූවේ
නිදිකුම්බා කොලේ මොකටද නිදියෑවේ"
මෙම පද්‍ය පන්තියෙන් කවියා අජීවී වස්තු සජීවී බවට ගෙන හැර දක්වයි. සැබැවින්ම ආරම්භයේදී ම මෙම පද්‍යයට අනුව දරුවා විසින් මවගෙන් ප්‍රශ්නාවලියක් අසන බව පැහැදිලිය. මල්වල පාට ගෑවේ කවුද? , දලු අතු හැලී දලු ලන්නේ කොහොමද?, කහඹිලියා ඹූව කසන්නේ ඇයි?, නිදි කුම්බා කොල නිදියන්නේ මොකටද? යනුවෙන් ළමයා විසින් මවගෙන් ප්‍රශ්නාවලියක් අසයි. කුඩා ළමයා මවගෙන් මෙසේ අසන්නේ ළමයා ඇතුළත ඇති ළදරු හැගුම් නිසාය. ළමුන්ගේ සිතෙහි ඇතිවන ළදරු හැගුම් ඉතා චමත්කාර ජනකය. මෙහිදී වැඩි වශයෙන් "ද" නිපාතය යොදා ඇති බව ද දැක ගත හැකිය.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
ළමයාගේ සිතේ පහළ වන ළදරු හැගුම් පරිසරයේ ඇති සුන්දර තැන් කරා යොමු කරමින් මවගෙන් ප්‍රශ්න අසන්නේ අපූර්වත්වයෙනි. එයට දෙස් දෙන්නක් ලෙස,
කෝදුරු රංචු අට්ටික්කා ගෙඩි මැද්දේ
කජු ඇට පුහුලමේ යටිපැත්තෙහි පැද්දේ
අම්මේ කළේ මේවා කවුරුද බැද්දේ"
සැබවින්ම ළමයා අසන ප්‍රශ්න මව ඉතා ඕනෑකමින් අසා සිටින බව පැහැදිලිය. පරිසරයේ ඇතිවන ඉතා චමත්කාරජනක සිදුවීම් ළමයා මවගෙන් අපූර්වත්වයෙන් අසයි. අඬහිරියා මල්වල ශබ්දය ආවේ කොහෙන්ද? අට්ටික්කා ගෙඩි මැද කෝදුරු රංචු ඇයි? කජු පුහුලමේ ඇටය යටින් ඇත්තේ ඇයි? මේවා කලේ කවුද? යනුවෙන් ළමයා මවගෙන් ප්‍රශ්න අසන ආකාරය මෙයින් පැහැදිලි කරගත හැකිය. මේවා ළමයාගේ සිතෙහි ඇතිවන ළදරු හැඟුම්ය.
මෙම පද්‍ය පන්තියේ බැද්දේ, පැද්දේ, වැද්දේ යනුවෙන් අග එළිවැට සකසා ඇත්තේ අපූර්වත්වයෙනි. මෙහිදී ද "ද" නිපාතය යොදා ඇත. මෙම පද්‍ය පන්තියෙන් අජීවී වස්තුවලට සජීවී බවක් ගෙනහැර දක්වයි.
පී. බී. අල්විස් පෙරේරා විසින් රචිත මෙම නිර්මාණයේදී ළමයා විසින් මවගෙන් ප්‍රශ්නාවලියක් අසන බව පැහැදිලිය. දරුවා අසන ප්‍රශ්න මව ඉතා අපූර්වත්වයෙන් අසා ඉන්න බව පැහැදිලිය. පැසුණු පැන පද්‍ය පන්තිය උපමා අලංකාර රහිත පද්‍ය පංතියකි. මෙහි කාව්‍ය ගුණය නම් ප්‍රශ්නාවලියකින් ළමා සිත් මෙන්ම පරිණත සිත්ද එතෙක් නොදුටු ඉසව් කරා මෙහෙයවීමයි. ශාක හා සත්ත්ව විවිධත්වය ඔස්සේ සමාජයේ වෙසෙන විවිධාකාර වූ මිනිසුන් පිළිබඳ අවබෝධයක් ලබා දීමයි.
කොළඹ යුගයේ දෙවැනි කවි පරපුර බිහිකළ තවත් ප්‍රබල කවියෙක් ලෙස එච්. එම් කුඩලිගම කවියා හැදින්විය හැකිය. දෙවෙනි කවි තරංගයට අයත් මොහු "කුණාටුව", "ඈ", "ගංගාවේ සංගීතය" යන ආදී නිර්මාණ කල අතර ඔහු විසින් රචිත "තවමත් ඔබ මගේය" නිර්මාණය ඔහුටම ආවේණික වූ ලක්ෂණයන්ගෙන් සපිරුණකි.
මෙම පද්‍ය පන්තිය සිව් පද කාව්‍යාකෘතිය අනුව උපයුක්ත කර නිර්මාණ කර ඇත. එමෙන්ම මෙම පද්‍ය පන්තිය සරල සුගම බස් වහරින් හා ව්‍යාවහාර භාෂාවෙන් පෝෂිත වේ.
අතීතයේදී ආදරයෙන් සිටි පෙම්වතා සහ පෙම්වතිය පසු කාලයේදී වෙන් වී යාමක් තවමත් ඔබ මගේය පද්‍ය පන්තියට වස්තු විෂය වී ඇත. මෙම පද්‍ය පන්තිය අවට තිබෙන පාරිසරික සංසිද්ධියට අනුව පෙම්වතා විසින් පෙම්වතිය කවදා හෝ හමුවීමට පතන බවට ඉගි කරමින් නිර්මාණය කර ඇත.
කදුලෙහි සියුම් දහමෙක රසය ගෑවුණා
උස් කඳු මුදුන් ගන මීදුමක පා වුනා
අරුණාලෝකයක් ඇදිරියට යා වුණා "
සැබවින්ම පෙම්වතා හා පෙම්වතිය දුරස්වීම හේතුවෙන් මෙම පද්‍ය නිර්මාණය වී ඇත. මෙම පද්‍යාවලිය ස්වභාවධර්මය සමග රචනා කර ඇත. පෙම්වතාගේ පරම පැතුම වන්නේ පෙම්වතිය කවදා හෝ හමුවීමයි.
තවදුරටත් පෙම්වතාගෙන් පෙම්වතිය දුරස්වීම නිසා ඇති වූ ශෝකය විවිධ දරා ගැනීමට බැරි බව කවියා සහෘදයා වෙතට ගෙනහැර දක්වයි.
මෙම පද්‍ය පංතිය උස් කදුමුදුන්, මීදුම, අරුණාලෝකය, ඇදිරිය ආදී ස්වභාවික සිද්ධීන් ගලපා ගනිමින් නිර්මාණය කර තිබෙන බව පැහැදිලි වේ. නෑවුනා, පා වුනා, යා වුනා, ගෑවුනා වැනි අනුප්‍රාසවත් යෙදුම් මෙහි ඇතුළත් වේ.
කවදා හෝ පෙම්වතිය හමුවන්නට බලාගෙන සිටින අයුරු මෙම පද්‍ය පන්තිය මුල සිටම අපූර්වත්වයෙන් නිර්මාණය කර ඇත. එයට දෙස් දෙන්නත් ලෙස,
දවසෙක එහෙත් මල් පෙති කළු ගල් බඳු වේ
ලුහු බැඳ ගමන් ගත් අදහස් ඇත පොදුවේ
සිතු දෙය නොසිදු වේ නොසිතුව දෙය සිදු වේ "
සැබවින්ම කවියා ස්වභාවධර්මයේ තිබෙන ස්වභාවික සංසිද්ධීන් වලට අනුව නිර්මාණය කරන තවමත් ඔබ මගේය පද්‍ය පන්තිය අතීතයේ දී ආදරයෙන් සිටි පෙම්වතිය පෙම්වතාගෙන් දුරස් වී යන දුක්බර කතාවක් ලෙස පැහැදිලි කරගත හැකිය. මෙහි ඇති "කළුගල්", "මල් පෙති" ස්වභාවධර්මයේ අපූරු සංසිද්ධීන් ලෙස හැඳින්විය හැකිය. කළුගල් පවා වනමල් මෙන් යනුවෙන් උපමාවක් ද නිර්මාණය කරන කවියා නිර්මාණයට අපූර්වත්වය මුසු කරයි.
ලස්සන දැකුම්කලු දේ අද බැලිය නොහේ
හිරිමල් හලන්නට ගිඟ බඩ ඇටඹ ගහේ
මින් පසු නො එවා සීතල සුළඟ මෙහේ"
සැබැවින්ම මෙම පද්‍ය පන්තියෙන් වයංගාර්ථවත්ව බෞද්ධ අර්ථයක් ගෙන දෙන බව පැහැදිලිය. මෙහි " හෙල් තැනිතලා" , "ගග අසබඩ ඇති", "ඇටඹ ගස", "සීතල සුළඟ", යන ස්වභාවික සංසිද්ධීන් ලෙස ගත හැකිය. හෙල් තැනිතලාවල උදුවප්, දුරුතු වැනි මාස වල ඇටඹ ගස්වල තිබෙන ලස්සන සිනහවේ ඇති දැකුම්කළු දේ අද බැලිය නොහැකි බවත් මෙයින් කවියා මැනවින් පැහැදිලි කරයි. මින්පසු පෙම්වතිය නොමැති නිසා "සීතල සුළඟ මෙහෙ මින්පසු නොයේවා යනුවෙන් පෙම්වතා විසින් කියනු ලබයි.
මෙහිදී මහේ, ගඟේ, නොහේ, මෙහේ වැනි යෙදුම් ද යොදා ගනිමින් කුඩලිගම කවියා තමන්ගේම ආරයකට පද්‍ය නිර්මාණය කර ඇති අන්දම දැක ගත හැකිය. මෙම කවියා සොබාදහම හා අවියෝජනීය වූ කවියෙක් ලෙස හැඳින්විය හැකිය. කවි පංතිය රස විදින විට පෙම්වතා සිය පෙම්වතිය සමග කාලය ගත කල ඒ සොදුරු ප්‍රදේශය පිළිබඳ චිත්ත රූප මැවෙනුයේ නිරායාසයෙනි.
නූතන සමාජයේ දැකිය හැකි පෙම්වතුන් හා සලකන කල තමා හැර ගිය පෙම්වතිය නැවත පැමිණෙන තුරු මග බලා සිටිනවා මෙම පෙම්වතාගේ සිතුවිලි අගය කල යුතුය.
කොළඹ යුගයේ දෙවන කවි පරපුර බිහිකල තවත් ප්‍රබල කවියෙක් ලෙස සාගර පලන්සූරිය කවියා හැඳින්විය හැකිය. දෙවන කවි තරංගයට අයත් මොහු "ධීවර ගීතය", "දෙවියන් නැති මෙලොව" ආදී නිර්මාණ බිහි කල අතර ඔහු විසින් රචිත "ඉගිළෙන සිහින" නිර්මාණය ඔහුටම අවේණික ලක්ෂණයන්ගෙන් සපිරුනකි.
මෙම පද්‍ය පන්තියට සාගර පලන්සූරිය කවියා විෂය කර ගනුයේ කුරුලු කැදැල්ලක සිටින කුරුලු දෙමාපියන් දෙදෙනා විසින් තම කැදැල්ලේ සිටින කුරුළු පැටියා පෝෂණය කලද අනතුරුව එම කුරුලු පැටියා වර්ධනය වූ විට දෙමාපියන් දෙදෙනා හැරදා නිදහසේ පියඹා යන ස්වභාවික සංසිද්ධියයි.
ඇත මේ කුරුලු කූඩුව උස ගහක බෙනේ
නැත උවදුරක් මෙහි මෙතුවක් පහළ වුණේ
පැටවගෙ කුඩා දෙනෙතට නිල් අහස පෙනේ"
පද්‍ය පංතිය ආරම්භයේදී කවියා පවසනුයේ කුරුළු මව හා පියා තම පැටවුන් ආරක්ෂා කර ගැනීමට කෙතරම් උත්සාහ දරා ඇතිද යන්නයි. මිනිසෙකුගේ කටහඩක්වත් නොඇසෙන තරම් උස ගසක බෙනයක මෙලෙස තම කූඩුව සකසන්නේ තම පැටවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාමය.
කුරුළු කැදැල්ලෙහි කෙතරම් දෙමව්පියන්ගේ උණුසුම ලැබුණද, කුරුළු පැටවා ලොකුවත්ම පැටියාගේ අපේක්ෂාව වනුයේ කැදැල්ලෙන් ඉවතට පියඹා නිදහස විදීමයි. එය කවියා අපූර්වත්වයෙන් ඉදිරිපත් කරන ආකාරය මෙසේය.
පැටවා කැමති නැත හිර වී විසිල්ලෙහි
දෙනෙතට නිල් අහස යොමුවන ඇසිල්ලෙහි
ඔහු යෙදෙනවා නිදහස ගැන සෙවිල්ලෙහි"
කැදැල්ලේ සිරවී සිටින පැටවා කූඩුවෙන් ගැලවී නිදහසේ පියඹා යෑමට බලා සිටිනවා ආකාරය මෙසේ කවියා ඉදිරිපත් කරයි.
මිනිස් සමාජයේ සිටින බොහෝ ළමුන්ද දෙමාපියන්ගේ රැකවරණයේ හිරවී සිටීමට අකමැති නිසා නිදහසේ වෙනත් මාවතකට පියබා යන කුරුලු පැටියා සේ තමන් රිසිදේ සිදුකිරීමට පුංචි හෝ නිදහසක් ලැබෙන තුරු බලා සිටි.
මෙම කුරුළු පැටවුන් උස්මත් කිරීමට දෙමාපියන් විසින් නොමඳ දුක් කම්කටොළු වලට මුහුණ දී, තමන් ආහාර නොකා පැටවාට ඉතුරු කරගෙන විත් පැටව් පෝෂණය කරන බව කවියා අපූර්වත්වයෙන් පැහැදිලි කරයි. දෙමාපියන් විසින් කුරුලු පැටවාට දක්වන ආලය කවියා ගජමුතු හා සමාන බව පවසයි.
කුරුළු දෙමාපියන් පැටවාට කොතෙක් සෙනෙහස දැක්වූව ද කූඩුවේ සිරවී සිටින කුරුලු පැටවා කුරුළු දෙමව්පියන්ගෙන් නිදහස් වී පියබා යන අයුරු අපූර්වත්වයෙන් කවියා ඉදිරිපත් කරයි.
ආවා පුරුදු ලෙස පැටියා දකින අතින්
දුටුවා හිස්ව ඇති බව ගෙය එහෙම පිටින්
පැටවා ගිහින් එළි වෙන කොට හතර වටින්"
කුරුළු දෙමාපියන් තම පැටියාට ආහාර රැගෙන පැමිණෙන විට කුරුළු පැටියා රහසේම පියඹා ගොසින්ය.
එමෙන්ම අද සමාජයේ සිටින දෙමාපියන් දරුවන්ව පෝෂණය කර උගන්වන්නට රැකියාවට ගොස් එන විට දරුවන් තමන්ගේ නිදහස් සොයා යති. එම හේතුව නිසා දෙමාපියන් සේම දරුවන් ද බොහෝ සෙයින් දුකට පත්වන අවස්ථා අනන්තය. එසේ බලන කල පැහැදිලි වනුයේ සාගර පලන්සූරිය කවියා මෙම කුරුළු කතාව තුල අන්තර්ගත කර ඇති සමාජ යතාර්ථයයි.
කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ කවීන්ගේ තේමාව වූයේ කාලීන සමාජයේ වතාවරණයයි. ඉහත දෙස් දෙන්නන් අනුව ද සාගර පලන්සූරිය, එච්.එම් කුඩලිගම, පී. බී අල්විස් පෙරේරා යන කවියන් තම කවිවල ආදරය, විරහව, සමාජ ප්‍රශ්න, දිළිදුකම වැනි දෑ අන්තර්ගත කල ආකාරය පැහැදිලි වේ.
උසස් පෙළ කලා අංශය
ර/පොහොරබාව මහා විද්‍යාලය
Comments