Skip to main content

සිංහල විචාර 56 - දියමන්ති මාලය විචාරය 01 | සාමාන්‍ය පෙළ

දියමන්ති මාලය කෙටිකතාවේ චරිත සජීවී ලෙස නිරූපිතය. නිදසුන් දෙමින් සාකච්ඡා කරන්න.

ප්‍රංශ සාහිත්‍යයේ අග්‍රගන්‍යයේ නිර්මාණයක් සේ සැලකෙන කෙටිකතා නව ආකෘති රටාවකින් යුතු වූවකි. ප්‍රංශ කෙටිකතා ආකෘතියෙහි පැහැදිලි ආරම්භයක්ද ආරෝහණ ක්‍රියාවලියක්ද අවසානයක් ද යන අංග ලක්ෂණ දැකිය හැකි වේ. දියමන්ති මාලය නම් කෙටි කතාවද ප්‍රංශ කෙටිකතා ආකෘතියට අනුකූලව රචනා කරන ලද ගී ද මෝපසාංගේ විශිෂ්ට නිර්මාණයකි. සාහිත්‍ය ලෝලීන් අතර නොමද ජනාදරයට පත් දියමන්ති මාලය කෙටිකතාව සිංහලයට පරිවර්තනය කරනු ලැබුවේ කේ.ජී. කරුණාතිලක ශූරීන් විසිනි. දියමන්ති මාලය කෙටිකතාවේ එන ප්‍රධානතම චරිත ත්‍රිත්වය කතාවේ සෙසු සිදුවීම් සමග ඝට්ටනය වෙමින් කටයුතු කරන ආකාරය ජීවමාන ස්වරූපයෙන් හුවා දක්වන්නට ගී ද මෝපසාං දැක්වූ කුසලතාවය මෙතැන් සිට විමසා බලමු.

සිය රාජකාරී ස්ථානයේ පැවැත්වීමට නියමිත ප්‍රිය සම්භාෂණයට සහභාගි වීම සඳහා ඇරයුම් පතක් ලබා ගැනීමට ඔහු දැඩි වෙහෙසක් දැරුවේ සිය බිරිඳ වෙනුවෙන්මය. කතුවරයා හොඳ ස්වාමිපුරුෂයෙකුගේ ගති ලක්ෂණ ලොයිසල් චරිතය තුළින් විද්‍යමාන කරන්නේ ඒත් සමගම මැටිල්ඩා චරිතය සියුම් ලෙස විවේචනය කරමිනි. 

"ඕකෙන් මට මොකක් කරන්නැයි කියලද කියන්නේ? "

" ඇයි අනේ, මම හිතුවා ඔයා ඕකට සතුටු වෙයි කියලා" 

ලොයිසල් ගෙනවිත් දෙනු ලබන ආරාධනා පත්‍රය මැටිල්ඩා රැගෙන කියවා බලයි. ඉන්පසු සැමියා අපේක්ෂා කළ පරිදි සතුටට පත් නොවන ඇය නොසැලකිලිමත්ව මේසය මතට විසිකර දමයි. මේ සිදුවීම් පෙළ තාත්විකය. එමෙන්ම කතුවරයා චරිත ද්විත්වයේ හැඟීම් ගෙනහැර පාන්නට යොදාගත් සංවාදාත්මක භාෂාවද ප්‍රබලය. පූර්වෝක්ත අඹුසැමි සංවාදය ව්‍යවහාරෝචිතය සරල ජන වහර ඔස්සේ යමින් නිපදවා ගැනුනකි. මැටිල්ඩාගේ සහ ලොයිසල්ගේ කතාබහ තුළින් මේ

 දෙදෙනාගේ සැබෑ ජීවිතයේ පැතිකඩක් මනාව නිරූපණය කරන්නට කතුවරයා සමත් වී ඇත්තේය. මිනිස් සන්තානයේ සැඟවුණු සිතුවිලි ඉස්මතු කරවන කතුවරයා කාන්තාවකගේ යටි සිත ක්‍රියා කරන ආකාරය පාඨකයා වෙත හෙළිදරව් කරන ආකාරය අපූරුය. ස්වභාවිකය.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය. 


" නෑ මොකුත් නෑ. මට අදින්න ඇඳුමක් නෑ. ඒක හින්දා ඔය පාටියට යන්න බෑ. මට වඩා හොඳට ඇඳුම් පැළදුම් තියෙන භාර්යාවක් ඉන්න යාලුවෙකුට ඕක දෙන්න."

මැටිල්ඩාගේ චිත්ත අභ්‍යන්තරයේ බුර බුරා නැගෙන බොරු ආටෝපයන්ගෙන් පිරී සරුව පිත්තල මනෝ ලෝකය හැඩරුව විචිත්‍ර ලෙස කියාපාන කතුවරයා සිය සැමියාගේ අපමණ සැලකිලි සත්කාර පිළිනොගනිමින් කටයුතු කරන අහංකාර පරවශ බිරිඳකගේ ස්වරූපය මැටිල්ඩාගේ චරිතය තුළින් ජීවමාන කර පෙන්වයි. අඹුසැමි යුවල සංවේදී හදවතින් සංයමයෙන් යුතුව ඇති වී තිබෙන තත්ත්වය සමනය කර ගැනීමට කටයුතු කරනවා වෙනුවට මැටිල්ඩා හැසිරෙන ආකාරය සපුරා වෙනස් ලෙසින් කතුවරයා ඉදිරිපත් කරන්නේ යථා ස්වභාවය මැනවින් අත්දුටුවෙකු සේ ය.

වසර දහයකට පසුව ෆොරෙස්ටියර් මහත්මිය හා මැටිල්ඩා එකිනෙකා හමුවෙයි. ඇය ආවේගයෙන් කැළඹුණද ෆොරෙස්ටියර් මහත්මිය සමඟ සංවාදයේ යෙදෙයි. මේ අවස්ථාව අතිශය වැදගත්ය. එහිදී කතුවරයා යොදාගත් ජීවමය භාෂාව ප්‍රබලය. මේ දෙදෙනාගේ හමුව කතා වින්‍යාසයේ උපරිම තලයකට පැමිණි සජීවමාන අවස්ථාවක් සේ සැලකිය හැකිය.

"සුභ උදෑසනක් වේවා ජින්!" 

"මට මේ එක්කෙනාව අදුනන්න බෑ"

"අනේ මගේ අසරණ මැටිල්ඩා, ඒ මාලෙ බොරු දියමන්ති මාලයක්" 


- දිනූෂා ගමගේ - 


(If have any issue contact admin only WhatsApp- 075 5418815)

Comments