නාය යෑම් වලින් ආරක්ෂා වෙමු දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දැඩි වර්ෂාවෙන් අධික ලෙස ජීවිත හානි සිදු වූයේ ගංවතුර නිසාවෙන් නොව නායයෑම් වලට හසු වීම නිසාවෙනි. ඊට ප්‍රධාන හේතුව වන්නේ ගංවතුර දැමීමේදී ජල කද තරමක් සෙමින් ගොඩබිම ආක්‍රමණය කරන නමුත් නායයෑමකදී එකවරම කදුකරය බෑවුම දෙසට ඒම නිසාවෙනි. කෙසේ නමුත් එලෙස එකවර නායයෑමට අවම පැය කිහිපයකට පමණවත් පෙර සිට යම් යම් සුළු අනතුරු ඇගවීම් පරිසරය විසින් අපට දෙනු ලබයි. නිවෙස් වල බිත්ති හා පොළොව අතර ස්ථරයෙන් මඩ වතුර ගලා ඒම නායයෑමේ මූලික අනතුරු ඇගවීමේ ලක්ෂණයකි. පරිසරයෙන් ලබාදෙන ස්වභාවික අනතුරු ඇගවීම් වලට අමතරව රජයේ වගකිව යුතු ආයතන මගින් නායයෑමේ අවධානම් ඇති පෙදෙස් වල ජනතාවට රතු නිවේදන නිකුත් කර ඇති නමුත් බොහෝ දෙනා එම අනතුරු ඇගවීම් මායිම් කර නැත. එම පෙදෙස් වල ජනයා ඒවා නොසලකා හැරීමෙන් වැළකී ආරක්ෂිත ස්ථාන වලට කල් වේලා ඇතුව ගොසින් සිටියා නම් හානි වූ ජීවිත ප්‍රමාණයෙන් හරි අඩක්ම සුරැකෙන්නට ඉඩ තිබුණි. නායයෑමේ සම්භාවිතාව පොළොවේ ස්ථායි බව මත රදා පවතියි. කදුකර පෙදෙස් ස්වභාවයෙන්ම තැනිතලා බිම් වලට සාපේක්ෂව ස්ථායි බවින් අඩු අතර එම පෙදෙස් වල ගස් කැපීම, යටිබෝග වගාවන් ...
සිංහල විචාර Sinhala Vichara
සිංහල විෂය සහ සාහිත්‍ය රසවින්දනය ඔප් නැංවීම සඳහා ඇති අවකාශයකි.