Skip to main content

Posts

පිරිසිදුකම පිළිබඳ රචනාව

පිරිසිදුකම  මිනිසා සෑම තැනකින්ම වින්දනය පමණක් රැගෙන, ඔවුන් හැර ගිය අපිරිසිදු සලකුණු එහි ඉතිරි කර එයි. ඒ නිසාම අද පිරිසිදුකමේ සත්‍ය අගය ගැන මනුෂීය හැඟීමක් සමාජයට දිය යුතු වෙනවා. පිරිසිදුකම යනු දිනපතා ස්නානය කිරීම පමණක් නොවෙයි. එය කායික, මානසික, වාචික හා ආත්මීය වශයෙන් පරිපූර්ණ වෙයි. මේ තුනම සවිමත් වීමෙන් සම්පූර්ණ පිරිසිදුකමෙහි නියම අරුත ගොඩනඟන හැකියාව ලැබේ. නිරෝගී ජීවිතයක මුල් පියවර කායික පිරිසිදුකමයි. අපේ සිරුර යනු අපි ජීවත් වන පළමු වාසස්ථානයයි. එය නිරෝගී සහ නිරවුල් තත්ත්වයක තබා ගැනීම වඩාත් වැදගත්ය. ස්නානය, දත් මැදීම, ඇඳුම් පිරිසිදුව තබා ගැනීම, වැනි දෛනික කටයුතු පිරිසිදුකමේ මුලික පියවර වෙයි. අපිරිසිදු තැනැත්තාට තම සිරුර නිසි පරිදි පිරිසිදු නොකිරීමෙන්, ඇදුම් පැලදුම් ආදී තමා පරිහරණය කරන දේ පිරිසිදුව තබා නොගැනීම, පිරිසිදු ආහාර පාන පරිහරණය නොකිරීම සහ තමා වෙසෙන පරිසරය පිරිසිදු නොකිරීමෙන් විවිධාකාර වූ ලෙඩ රෝග වැලදෙයි. පිරිසිදු ඇඳුමකින්, පිළිවෙලට සැරසී සිටින පුද්ගලයෙකු සමාජය තුළ විශ්වාසය, ගරුත්වය, ආදරය සහ ආකර්ෂණය ලබා ගනියි. ඔහු ආරක්ෂාකාරී, පිළිවෙලකට යටත්වන, සමාජ වගකීමක් දන්නා පුද්ගලයෙකු ...

පන්සිල් සුරකින යහපත් සමාජයක් බිහි කරමු රචනාව

පන්සිල් සුරකින යහපත් සමාජයක් බිහි කරමු සදාචාරවත් සමාජයක් බිහිවීම සඳහා පදනම වන්නේ ආචාර ධර්මයි. එවැනි සමාජයක් ගොඩනඟා ගැනීමට අපිට උපදෙස් දෙන විශිෂ්ට මාර්ගය නම් පන්චසීලය යි. ගිහියාගේ නිත්‍ය සීලය පන්චසීලය යි. පන්සිල් සුරකින සමාජයක මිනිසුන් අතර සමභාවය, ගෞරවය සහ සාමකාමී වාතාවරණයක් බිහි වෙයි. සාමය, ආරක්ෂාව සහ විශ්වාසය බිහි වෙයි. පන්සිල් සුරකින සමාජයක මිනිසුන් තවත් ජීවීයෙකුට හානියක් නොකරන නිසා, බිය සහ අනාරක්ෂිත හැගීම නොමැතිව ජීවත්විය හැක. සත්‍යය හා ගෞරවය පදනම් කරගත් සන්නිවේදනය සමාජය තුළ විශ්වාසය වැඩි කරයි. මෙවන් සමාජයක දරුවන් යහපත් මූලධර්මයන් යටතේ වැඩෙන අතර, ඔවුන් අනාගතයේ යහපත් පුරවැසියන් බවට පත්වෙති. එමෙන්ම අද කාලයේ වංචා, දූෂණය, මත්ද්‍රව්‍ය භාවිතය වැනි සමාජ අපරාධ වැඩිවීම වැළැක්විය හැක්කේ පන්සිල් වලට නියමව ජීවත් වීමෙනි. පංචසීලයට අනුව සියළු දෙනා පර පන නොනසන සමාජයක තම ජීවිතය පිළිබද අවධානමක් කිසිවෙකුහට නොපවතී. කිසිවෙක් හෝ තමාට හිරිහැර, ඝාතන එල්ල කරාවි යැයි සැක සහිතව පීඩා නොවිදියි. පංචසීලයට අනුව ජීවත්ව අන්සතු දේ සොරකම් නොකරන සමාජයක කිසිවෙකු හෝ තමා සතු දේ පිළිබද බියෙන් පසු නොතැවෙයි. කාමයෙහි වරදවා ...

ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට නම් රචනාව

ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට නම් ශ්‍රී ලංකාව සුන්දරත්වයෙන් පිරුණු දිවයිනකි. සීගිරිය, දළදා මාළිගාව, දකුණු මුහුදු තීරය, රට පුරා විහිදී ඇති විවිධාකාර ආගමික ස්ථාන, කදු, දිය ඇලි, වනෝද්‍යාන මේ සියල්ල එක්ව ගත්කළ රටක් ලෙස ආඩම්බර විය හැකි නමුත්, රටේ ලස්සන පාවිච්චි කරන්නෙත්, එය තවත් ලස්සන කරන්නෙත්, විනාශ කරන්නෙත් අපි මයි. එනිසා මේ සුන්දර දිවයිනේ අලන්කාරත්වය රැක ගැනීම අප සියලු දෙනාගේ වගකීමක් ය. "ලස්සන රටක්"යන්න වඩාත් බහුඅර්ථවත් වචනයක් වේ. පරිසරය පමණක් නොවෙයි. එය මිනිස්සුන්ගේ හැසිරීම, ආචාරධර්මය, විනය, සාමය, සත්‍යය, ආදරය, හා ගරු කිරීම මත පදනම් වේ. මේවා නැතිනම් පරිසරය කෙතරම් සුන්දර වුවද, රටක් සැබෑවටම ලස්සන නොවන බව නිසැකයි. එමෙන්ම රටක් ගොඩනැගීම කෙරෙහි හැම කෙනෙකුටම තමන්ට අදාළ භූමිකාවක් තිබේ. දරුවෙකුට පාසලේ ඉගෙනීමත් සමග ම, අයහපත් දෙවල් වලින් වැළකීම, හොඳ පුරුදු අනුගමනය වැනි දේ පුරුදු පුහුණු කිරීම මගින් රටේ අනාගතය ලස්සන කල හැකිය. තරුණයන්ද වගකීම් සහිතව, විවෘත මනසකින්, නීතියට ගරු කරන ආකාරයෙන් හැසිරීම කළ යුතුය.  රට තුළ ලස්සන ජීවිතයක් බිහි කිරීමට සැබවින්ම අවශ්‍ය නම් තරුණයෝ තමන්ගේ හැකියාවන් හඳු...

රිය අනතුරු සහ මිනිස් ජීවිත රචනාව

රිය අනතුරු සහ මිනිස් ජීවිත ' දුල්ලභංච මනුස්සත්තං’, ‘කිච්ඡෝ මනුස්ස පටිලාභෝ’ යනුවෙන් මිනිසත් බවේ දුර්ලභත්වය බුදුදහම පවා අවධාරණය කරයි. කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස බලන්නා වූ තරම් දුර්ලභ වූ සිදු වීමක් ලෙස සංසාරයේ මිනිසෙකුව ඉපදීම දැක්විය හැකිය. එතරම් දුර්ලබ වූ මිනිස් ජීවිත මහ මග යකඩ ගොඩවල් වල හැපී පොඩිවී මිලින වී යෑම කෙතරම් නම් අභාග්‍යයක් වන්නේද? තාක්ෂණයේ දියුණුව මිනිසාගේ අවශ්‍යතා අනවශ්‍ය ලෙස සංකීර්ණ කර ඇති යුගයක අප ජීවත් වෙයි. ගමනාගමන ප්‍රවාහන අවශ්‍යතා නූතන මිනිසාගේ අත්‍යවශ්‍ය අංග බව රහසක් නොව. එදිනෙදා රැකියා සඳහා දහස් සංඛ්‍යාත ජනයා නගර හා ගම් දනව් අතර කොතරම් ගමනාගමන සිදු කරනවාද?  නූතන ලෝකයේ තාක්ෂණය පරිණත යැයි කීවද ලෝකය පුරා සිදුවන රිය අනතුරු සහ අහිමි වන මිනිස් ජීවිත අපට පෙන්වා දෙන්නේ තාක්ෂණයට පමණක් ජීවිත ආරක්ෂා කල නොහැකි බවයි. නූතන මිනිස් ජීවිතය පහසු කිරීම සදහා වන රථ වාහන වල දායකත්වය මිනිසාගේ ජීවිත වල විනාශයට හේතු නොවිය යුතුය. නමුත්, වර්තමානයේ ඇසෙන දකින පරිදි රථ වාහන භාවිතය නිවැරදිව සිදු නොවිමෙන් මිනිස් ජීවිත කෙතරම් විනාශ වන්නේද ? දිනෙන් දින වැඩිවන ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු අති විශ...

නූතන තාක්ෂණය පාසල් සිසුන් අභියෝගයට ලක් කරයි රචනාව

නූතන තාක්ෂණය පාසල් සිසුන් අභියෝගයට ලක් කරයි අද වන විට තාක්ෂණය ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසක් බවට පත්වී තිබේ. ජංගම දුරකථන, පරිගණක, අන්තර්ජාලය, කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණික උපකරණ අපගේ එදිනෙදා කටයුතු සෑම අතකින්ම පහසු කරමින් පවතියි. මෙම තාක්ෂණික පරිණාමය ශිෂ්‍ය ජීවිතයට සෘණාත්මක මෙන්ම ධනාත්මක ලෙසද බලපායි. නූතන තාක්ෂණය හරහා සිසුන්ට ඕනෑම විෂය ක්ෂේත්‍රයකට අදාළ දැනුම ඉතා පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ලැබී ඇත. ඔවුන්ට අවශ්‍ය ඕනෑම තොරතුරක් උත්සාහයකින් තොරව අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැක. මේ නිසා නුතන තාක්ෂණය පාසල් සිසුන්ට අත්‍යාවශ්‍යම අංගයක් බවට පත් වී හමාරය. නමුත්, තාක්ෂණය නිවැරදිව භාවිතා නොකෙරේ නම්, එය ව්‍යසනදායකය. බොහෝමයක් සිසුන් තාක්ෂණය භාවිතයෙන් ඉතා පහසුවෙන් විනාශය කරා ළගා වෙති. සමාජ ජාලා භාවිතය වැඩි වීමත් සමඟ ඔවුන්ගේ අවධානය අඩුවෙයි. දිගු කාලයක් ඩිජිටල් තිර දෙස බලා සිටීම නිසා මානසික අවපීඩනය, අක්ෂි දෝෂ, පවුලේ සාමාජිකයක් හා මිතුරන් සමග ඇති අන්තර් පුද්ගල සම්බන්ධතා බිද වැටීම වැනි අයහත් ප්‍රථිපල රාශියකට මග පෑදෙයි.  තවත් වැදගත් කරුණක් වන්නේ, තාක්ෂණය හරහා සිසුන්ට අසත්‍ය තොරතුරු, වන්චනික අන්තර්ගත සහ ...

හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි පිළිබඳ රචනාව

හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි ස්වදේශීය මහා හෙළ චින්තනය, දර්ශනය පිළිබඳ දේශකයෙක් විය. බෝධිසත්ව ගුණෝපේත, ත්‍රිපිටකවාගීශ්වරාචාර්‍ය, පණ්ඩිත ශිරෝමණී ආදී ගෞරව නාමයන් රාශියක් හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ නම ඉදිරියේ සටහන් වෙයි.  ක්‍රි.ව 1827 ජනවාරි 20 වැනිදා හික්කඩුවේ වැල්ලවත්ත නම් ග්‍රාමයේ දී උපත ලැබූ ශ්‍රී සුමංගල හිමියන්ගේ ගිහි ගෙයි නාමය දොන් නිකුලස් ලියනගේ නම් විය. දෙමාපියන් වූයේ දොන් ජොහානිස් ලියනගේ මැතිතුමාණන් හා දොඩන්දූව ගමගේ ක්‍රිස්තිනා හාමිනේය. නිකුලස් ලියනගේ ඔවුන්ගේ පස්වැනි දරුවා විය. හික්කඩුවේ ශ්‍රී සුමංගල නමින් පැවිදි වන විට දොන් නිකුලස්ගේ වයස අවුරුදු දහතුනක් විය. සිංහල පාලි හා සංස්කෘත භාෂා පිළිබඳ හසල දැනුමක් ලබා ගත් භික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියෝ බ්‍රහ්ම ධර්මය, මාර්ග ලක්ෂණ, සිදත් සඟරා සන්නය ආදී ග්‍රන්ථ රචනා කලහ. උන්වහන්සේ ක්‍රි.ව 1848 දී පරමධම්ම චේතිය පිරිවෙනෙහි ප්‍රධානාචාර්ය ධූරයට පත් වීම සුවිශේෂ අවස්ථාවක් වූවා සේම බෞද්ධාගමික ප්‍රවර්ධනයට මහා පිටිවහලක් විය.  ලාංකික බෞද්ධයින් පවා බටහිර සංස්කෘතිය පසු පස යමින් ක්‍රිස්තියානි ආගම වැළද ගනිම...

ඇසළ පෙරහැර රචනාව

ඇසළ පෙරහැර ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා ආගමික සැමරුම් අතර ප්‍රධානතම ස්ථානයක් මහනුවර ඇසල මහා පෙරහැර සඳහා හිමිවේ. බෞද්ධාගමික උත්සවයක් වන මෙය සෑම අවුරුද්දක් පාසා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි. ශ්‍රි ලංකාව ගැන ලෝකය පුරා කතාබහ වීමට මෙම ඇසළ පෙරහැර බෙහෙවින් හේතු විය. ඇසළ පුර පසළොස්වක පොහොය දිනයේ ඇරඹෙන ඇසළ මංගල්‍යයේ පෙරහැරවල් රාශියක් පැවැත්වෙයි. සතර මහා දේවාල සහ දළදා මාළිගාව මුල් කර ගනිමින් එම පෙරහැරවල් පැවැත්වීම සිදුවෙයි. එම පෙරහැරවල් අතර ප්‍රධානම හා ජනප්‍රියම අංගය වනුයේ නිකිණි මස පැවැත්වෙන මහා රන්දෝලි පෙරහැරයි. විවිධ සංස්කෘතික අංගයන්ගෙන් විචිත්‍ර වන ඇසළ පෙරහැර නැරඹීමට දෙස් විදෙස් ජනතාව ඉතා උද්‍යෝගයෙන් සැදී පැහැදී සිටියි. අලි ඇතුන් විශාල ප්‍රමාණයක් පෙරහැරේ ගමන් කිරීම එහි ආකර්ෂණය සඳහා බෙහෙවින් හේතු වෙයි. විවිධ සැරසිලි ආයිත්තම් වලින් යුත් නෙත් කළු ඇදුම් පැළදුම් ඇන්ද වූ මෙම අලි ඇතුන් කාගේත් අවධානය දිනා ගනී. විශේෂයෙන්ම පාවඩ මතින් ශ්‍රී දළදා වහන්සේගේ කරඬුව වැඩමවන හස්තියා ඒ අතරින් කැපී පෙනෙයි.  එසේම කස කරුවෝ, ගිනි බෝල කරුවෝ, කොඩි ගෙන යන්නෝ, හේවිසි කරුවෝ, නැට්ටුවෝ, බෙර වාදකයෝ ද පෙරහැර විචිත්‍රවත් කර...

වැඩිහිටියන්ට සලකමු රචනාව

වැඩිහිටියන්ට සලකමු අපට වඩා වයසින් වැඩි සියලුම පුද්ගලයින් වැඩිහිටියන් වේ. අම්මා, තාත්තා, අයියලා, අක්කලා, නැන්දලා, මාමලා, ආච්චිලා, සීයලා ආදී වූ විශාල වැඩිහිටි පිරිසක් අප සැමට සිටී. අපට වඩා වැඩි කාලයක් ඔවුන් මිහිපිට ජීවත් වී ඇති නිසා ජීවිතය පිළිබඳ වැඩි අවබෝධයක් ඔවුන්ට තිබේ.  අප ඉපදුන දා සිට අම්මා, තාත්තා, අච්චී, සීයා අපව හදාවඩා ගැනීමට විදි දුක් අපමණය. මොකුත් නොදත් බිලිදුන් වූ අපට ඔවුන් දන්නා වූ සියල්ල ටික ටික කියා දුනි. හොද නරක තේරුම් කර දුනි. අද අප මෙලෙස ජීවත් වන්නේ ඔවුන් කියා දුන් දේවල් නිසාය. එනිසා අපි අපගේ වැඩිහිටියන්ට ගරු කල යුතු වෙමු. සැලකිය යුතු වෙමු.  අපට බොහෝ දේ කියා දෙන වැඩිහිටියන් අපෙන් මිල මුදල් බලාපොරොත්තු නොවෙයි. ඔවුන් බලාපොරොත්තු වන්නේ අප යහමග යනු දැකීම වෙයි. අප හොද මිනිසුන් වනු දැකීම වෙයි. එවැනි අපට ආදරය කරන වැඩිහිටියන්ට සැලකිය යුතු බව අපට කවුරුන් හෝ කියා දිය යුතු නැත. හැකි සෑම විටම වැඩිහිටියන්ට සැලකීමට, ගරු කිරීමට අප වග බලාගත යුතුය. නිවසේදී අම්මාට, තාත්තාට උදව් කරමින් ඔවුන්ගේ උපදෙස් පිළිපදිමින් අපි ජීවත් විය යුතුය. ඔවුන්ට ලෙඩක් දුකක් සෑදුන විට දී හැකි පරිදි ඔවුන්...

හොඳ සිරිත් අගයමු රචනාව

හොඳ සිරිත් අගයමු   හොඳ සිරිත් යනු තමන්ටත් අනුන්ටත් යහපතක් වන ක්‍රියාවන්ය. වැඩි හිටියන් විසින් කුඩා කල සිටම අපට හොඳ සිරිත් විරිත් තෝරා බේරා දී පුරුදු පුහුණු කර තිබීම අපේ වාසනාවකි. තනි තනි පුද්ගලයන් ලෙස තම තමන් හොඳ සිරිත් වලට වැඩි වටිනාකමක් ලබා දෙමින් ක්‍රියා කරයි නම්, මුළු සමාජයම හොඳ සිරිත් වලින් පෝෂණය වෙයි. එවිට අප සැමට හිතේ සතුටින් ජීවත් වීමට හැකි වට පිටාවක් නිර්මාණය වනු ඇත. දැන් අපි හොඳ සිරිත් මොනවද කියා මතක් කර ගනිමු. උදෑසනම අවදි වීම, දින පතා දත් මැදීම, පිරිසිදුව සිටීම, දින පතා පාසල් යාම, දෙමා පියන්ට ගුරුවරුන්ට ගරු කිරීම, බුදුන් වැදීම ආදී ආගමික වතාවත් සිදු කිරීම ආදිය අපගේ දින චර්යාව හා බැදී ඇති හොඳ සිරිත් වේ. දින පතා දත් මැදීම, පිරිසිදුව සිටීම ආදී හොඳ සිරිත් ක්‍රියාවට නැංවීම තුළින් අපගේ ජීවිතය නීරෝගීමත් වීම සිදු වෙයි.  දින පතා පාසල් යාම, වැඩි හිටියන්ට ගරු කරමින් ඔවුන්ගේ අවවාද අනුශාසනාදිය පිළිපැදීම ආදිය තුළින් අපගේ දැනුම කුසලතා වර්ධනය වේ. මනුෂ්‍යයන්ට සේම සතා සිවුපාවුන්ට පවා කරුණාව දැක්වීම හොඳ සිරිතකි. ඔබ ගෙදර ඇති කරන සුරතලාට ඇති කරුණාව දයාව ඔබට මග තොට හමුවන බල්ලන්, පූසන් ආදී...

පොදු දේපල සුරකිමු රචනාව

පොදු දේපල සුරකිමු   ඔබට පමණක්, මට පමණක්, කවුරුන්ට හෝ පමණක් අයිති නොවූ, සියලු පුරවැසියන්ට එක ලෙස භාවිත කල හැකි දේවල් වන පොදු දේපල අපි සැම එක ලෙස සුරැකිය යුතු වෙමු. මන්ද එම දේපළ ගොඩ නගා ඇත්තේ ඔබගේ හෝ මාගේ පමණක් නොව රටේ සියළු පුරවැසියන්ගේම බඳු මුදල් වලින් වන නිසාය. ඕනෑම පුරවැසියෙකුට අවශ්‍ය විටදී භාවිත කිරීම සඳහා එම දේපළ අපි සුරැකිය යුතු වෙමු. ඔබ ඉගෙන ගන්නා රජයේ පාසල, ඔබ ගමන් ගන්නා සී.ටී.බී බස් රථය සේම බස් නැවතුම් පොල, දුම්රිය සේම දුම්රිය නැවතුම් පොල, මහා මාර්ග, දුම්රිය මාර්ග, පොදු ක්‍රීඩාංගන, උද්‍යාන, පොදු වැසිකිළි, ගංගා දිය ඇලි, වැව් අමුණු, මුහුදු වෙරළ සහ වරාය එකී මෙකී නොකී විශාල වපසරියක් මෙකී පොදු දේපළ වලට අයත් වෙයි. අප කිසියම් භාණ්‌ඩයක් වෙළද සැලකින් මිලදී ගන්නා විට අප ගෙවනු ලබන මුදලින් කොටසක් අපට නොදැනීම රජයට බඳු මුදල් ලෙස අය වෙයි. රජය එසේ එකතු වන සුවිශාල දනස්කන්ධයක් වැය කරමින් රටේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පොදු දේපල නිර්මාණය කරයි. නිර්මාණය කල පොදු දේපල නඩත්තු කරයි. සංවර්ධනය කරයි.  ජනතාවට සැප පහසු ජන ජීවිතයක් ඇති කිරීම, රටේ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම, ආර්ථික සංවර්ධනය වේගවත් කි...

AI තාක්ෂණයේ අහිතකර බලපෑම රචනාව

AI තාක්ෂණයේ අහිතකර බලපෑම මිනිසා සතු විශාල මොලය නිසා අලුත් අලුත් දේ සොයා ගනිමින් මිනිසා වේගයෙන් ලෝකය වෙනස් කරයි. බොහෝ පිරිස් මෙය ලෝකය දියුණු වීම ලෙසද හඳුන්වයි. එක් එක් අතීත යුගයන්හීදී මිනිසාගේ නව සොයා ගැනීම් නිසා ලෝකයේ කැපී පෙනෙන වෙනස් වීම් සිදු වූ අවස්ථා බොහෝය.  ගින්දර සොයා ගැනීම, රෝදය සොයා ගැනීම, විදුලිය නිපදවා ගැනීම, දහන එන්ජිම, විදුලි බල්බය, පරිඝණකය, දුරකථනය සොයා ගැනීම ආදීය ලෝකය පරිවර්තනය කල සොයා ගැනීම් සඳහා නිදසුන් ලෙස දැක්විය හැකිය. නූතනයේ වඩාත්ම කතාබහට ලක් වන මෙවැනි වූ සොයා ගැනීම ලෙස AI තාක්ෂණය, නැතිනම් කෘතිම බුද්ධිය (Artificial Intelligent ) නවීන ලෝකයේ සෑම සියලු ක්ෂේත්‍රයන් සඳහා ම සම්බන්ධ වෙමින් පවතී. විශේෂයෙන්ම AI යනු පරිගණක සහ ජංගම දුරකථන පාදක කර ගත් මෘදුකාංග සඳහා වන තාක්ෂණයක් බැවින් ජංගම දුරකථන මත එල්ලී සිටින තරුණ ප්‍රජාව අතර AI යන වදන සුලභ වී ඇත. එසේ කීවද වයස් බේදයකින් තොරව AI තාක්ෂණය වේගයෙන් සමාජගත වන බව මේ දිනවල පෙනෙන්නට තිබෙයි.  AI තාක්ෂණය යනු මේ දිනවල වඩාත් කතා බහට ලක් වූවද දශක කීපයක් පුරා සිටම පර්යේෂණ සිදු කරමින් වැඩි දියුණු කරන්නකි. AI හි පරමාර්ථය මිනිසා සිතන ...

බයානක රිය අනතුර රචනාව

බයානක රිය අනතුර වෙනදා අම්මා කූද්දන තුරුම අවදි නොවන මා අද අම්මාටත් පෙර අවදි වී පාන්දර හතර වන විට පාසල් යාමට සූදානම් වී අවසන් විය. අද මා තුල පාසල් යාමට තද නොඉවසිල්ලක් ඇත්තේ පාසලෙන් නුවරඑළිය බැලීමට විශේෂ චාරිකාවක් සූදානම් කර ඇති නිසාවෙනි. පොත් නැති වූවත් වෙනදාටත් වඩා විශාල වූ බෑගය කරේ දමාගත් මා තාත්තා විසින් විගසින් පාසලට ඇරලුවේ ය. යාලුවන් සියල්ලන්ම වාගේ මා යන විටත් පෝලිම් ගැසී බලා සිටී. පෝලිමේ මැද හරියේ සිටි මාගේ හොඳම යාලුවා ලඟට මා රිංගා ගත්තේ කාගේත් ඇස් වසාය. හැමෝම බස් රිය එන තුරු පෙරමං බලා සිටි නිසා පෝලිම පැණීම මට ඉතා පහසු විය. නොබෝ වේලාවකින් පැමිණි පාට පාට ලයිට් දැමූ බස් රිය කාගේත් සිත් තුල අර ගීතය සිහි ගන්වන්නට වීය. පංති භාර ගුරුතුමිය, නම් ලකුණු කරමින් අප සැම බස් රථය තුළට නැංගූ සැණින් මා යාලුවන් සමඟ හොඳම ශීට් එක තෝරන්නට විය. මා වීදුරුව අසල ශීට් එකක ටක්ගාලා වාඩි වූවත් යාලුවා සමඟ මාරුවෙන් මාරුවට අයිනෙ ශීට් එකේ ඉදගෙන යාමට එකග විය.  වටපිටාව අන්ධකාර වූ නිසාත් මෙතරම් පාන්දර අවදි වී නුපුරුදු නිසාත් යාලුවන් සේම මා ද තද නින්දට වැටුණි. එක පාරටම ක්‍රී..ස් ගා ගැසූ බ්‍රේක් පාරට හිස ඉස්සරහ ශී...

පොසොන් පොහොය දිනය රචනාව

ලංකාවේ බෞද්ධ ජනතාව වෙසක් උත්සවය සේම ඉමහත් වූ භක්තියකින් සහ උත්කර්ෂවත්ව පොසොන් පොහොය දිනය සමරනු ලබයි. ශ්‍රී ලංකාවට පළමු වරට බුදු දහම රැගෙන මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කිරීම ක්‍රිස්තු පූර්ව 247 දී පොසොන් පුර පසළොස්වක පොහොය දිනයක දී සිදු විය. මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කර එවකට ලංකා දිපයේ රජකම් කල තිස්ස රජතුමා හමු වී ධර්මය දේශනා කල මිහින්තලය සහ අනුරාධපුරය මුල් කර ගනිමින් සෑම වර්ෂයකදීම පොසොන් පුර පසළොස්වක පොහොය දිනය ලංකාවාසී බෞද්ධයින් ඉමහත් ගෞරවාදරයෙන් සමරනු ලබනුයේ ඒ අතීතය ද සිහි කරමිනි. අතීතයේ ඉන්දියාව පාලනය කල මෞර්ය වංශික රජෙකු වූ අශෝක රජතුමා තම රාජ්‍ය පුළුල් කර ගැනීමට ඉන්දියාවේ අනෙකුත් රාජ්‍යයන් හා යුද්ධ කලහ. මුලු මහත් ඉන්දියාවේම බලය තම අණසකට ලබා ගනිමින් අශෝක අධිරාජ්‍ය නිර්මාණය කලද, කාලිංග නම් රාජ්‍ය සමග පැවති යුද්ධයේ දී වූ මනුෂ්‍ය ඝාතන දැක යුද්ධය පිළිබඳ දැඩි කලකිරීමකට අශෝක අධිරාජ්‍යයා පත්විය. එකී කලකිරීම කනස්සල්ල අතරේ කුඩා සාමණේර හිමි නමක් දැක බුදු දහම ගැන පැහැදී පැවති වෛදික සම්ප්‍රදායෙන් ඉවත් වී අශෝක රජු හිංදු දහම වෙනුවට බුදු දහම වැළද ගත් බවද පසුව ධර්මාශෝක ලෙස ප්‍රසිද්ධියට පත් බවද ඉති...

ජන කවි රසවිඳිමු රචනාව

ජන කවි රසවිඳිමු "... සාහිත්‍ය රසය මෙලොවට පැමිණිදා අමෘතය දෙව්ලොවට පලා ගියා...." සාහිත්‍යය රසය එතරම් අලංකාර රසයක් වීම සඳහා ප්‍රධාන වශයෙන් මූලික අඩිතාලම වූයේ ජන කවියයි. මෙම ජන කවි රසවිඳීමට අතීත පුද්ගලයාගේ පටන් වර්තමාන පුද්ගලයන් දක්වා ඉතා ම විශාල පිරිසක් එක් රොක්වී ඇත.  තමා මෙන්ම සමාජයේ ද සාමකාමී ප්‍රීතිමත් අර්ථවත් සමබර සංවර්ධනයක් සඳහා කෙනෙකු සතුව තිබිය යුතු උසස්ම ගුණයක් වන්නේ අධ්‍යාත්මික සංවර්ධනයයි. මෙම යහගුණයෙන් පිරුණු මනසක් ඇත්තෙකු වන්නට නම් ජීවිතයේ කවර අවස්ථාවක වුවද සමාජ ප්‍රවර්ධනයට සම්බන්ධ දෑ උගත ගත යුතුය. ඒ සඳහා ද අතීතයේ පටන් පැවත ආවේ ජන කවියයි.  බාලයන්ට පෙර වැඩිහිටියන් සදාචාර සම්පන්න වීමෙන් බාල පරපුරට දෙනු ලබන ආදර්ශය සමාජ යහපැවැත්ම සඳහා ඉතා වැදගත් වේ. එදා සිට ජන කවියෙන් ඉටු වූයේද එයයි. ජන කවිය තුළින් සදාචාරසම්පන්න වැඩිහිටි පරපුරක් බිහි විය. එසේම ඒ වැඩිහිටියන් ජන කවිය ඔස්සේම තම ළමා පරපුර වෙත ඒ සදාචාරසම්පන්න ගති ලක්ෂණ පුරුදු කලහ.  වත්මන් ළමා පරපුර බොහෝ විට අවිචාර ලෙස හැසිරීමට හේතු වී ඇත්තේ වැඩිහිටියන් විසින් යා යුතු නිවැරදි මඟ පෙන්වා නුදුන් නිසා විය හැකිය. එහිදී වැඩිහි...

උග්ගසේන සිටුපුත්හුගේ වස්තුව විචාරය 03

සද්ධර්මරත්නාවලී කතුවරයාගේ කථා කලාවේ විශේෂතා උග්ගසේන නම් සිටුපුත්හුගේ වස්තුව ඇසුරින් පැහැදිලි කරන්න.  සද්ධර්මරත්නාවලිය දඹදෙණි යුගයේ "ධර්මසේන" නැමති යතිවරයාණන් විසින් රචිතය. "සඳහම් ඇමිණූ වැල" යන අර්ථාන්විත "සද්ධර්මරත්නාවලිය" යන නම මේ ග්‍රන්ථයට යෙදී තිබේ. පාලි ධම්මපදට්ඨ කථාව ඇසුරින් ලියා ඇති ජනප්‍රිය බණකථා සංග්‍රහයක් වන මෙහි දෙසිය පනස් හය වන කථා වස්තුව වන්නේ "උග්ගසේන සිටුපුත්හුගේ කථා වස්තුවයි".  ගැමි ව්‍යවහාරෝචිත උපමා, රූපක, ප්‍රස්තාව පිරුළු, ගැමිවැකි, උපහැරණ ආදී සෑම දෙයක්ම උපයුක්ත කර ගනිමින් රචනා කර ඇති සද්ධර්මරත්නාවලිය පද සාරයෙන් මෙන්ම අර්ථ සාරයෙන් පෝෂිත වූවක් සේ සැලකිය හැකිය. කථා පුවතෙහි ගැබ් වූ මූලික ධර්මය ඉතා සරල ලෙසින් සිත් ගන්නා ලෙසින් ප්‍රකට කර ඇත්තා සේය. ධර්මසේන හිමියන්ගේ කථා කලාවෙහි එක් සුවිශේෂී ලක්ෂණයක් වන්නේද මෙයයි.  "තවද උගනිතත් නිරවද්‍ය ශිල්පයක් මුත් සාවද්‍ය ශිල්පයෙන් ඓහලෞකික ප්‍රයෝජනයක් මුත්, පාරලෞකික ප්‍රයෝජනයක් නැති නියාව හඟවන්නට උග්ගසේන නම් සිටු පුත්හුගේ වත කියමු." පූර්වෝක්ත පාඨය මගින් ශ්‍රාවකයාට හෝ පාඨකයාට දියයුතු අගනා උ...

උග්ගසේන සිටු පුත්හුගේ කථා වස්තුව විචාරය 02

සද්ධර්මරත්නාවලී කතුවරයා හාස්‍යය, උපහාසය හා අනුකම්පාව පෙරදැරිව චරිත නිරූපනයට පෑ චතුරතාව "උග්ගසේන කථාවස්තුව" ඇසුරින් විමසන්න. දඹදෙණි යුගයේ දී ධර්මසේන යතිවරයාණන් විසින් බෞද්ධ ධර්ම කරුණු ඇතුළත් කරමින් රචිත "සද්ධර්මරත්නාවලිය" මාහැගි බණකථා සංග්‍රහයක් වේ. ධර්මසේන හිමියන් විසින් පාලි ධම්මපදට්ඨ කථාව ඇසුරින් සංගෘහිත මේ කෘතිය මගින් බෞද්ධ සාහිත්‍යයේ ප්‍රකට කථා වස්තූ සමූදායක් ශ්‍රව්‍ය ගෝචර මාධ්‍යයෙන් හෙළි කරනු ලබයි. සද්ධර්මරත්නාවලියෙහි 256 වන කථා වස්තුව නම් "උග්ගසේන නම් සිටු පුත්හුගේ කථා වස්තුවයි." මෙම කථා පුවතෙහි එන උග්ගසේන නම් සිටු පුත්‍රයාගේ හා විද්දත් දියණියගේ චරිතය ශ්‍රාවකයින්ගේ හා පාඨකයින්ගේ චිත්ත සන්තානයෙහි හාස්‍ය, උපහාසය හා අනුකම්පාව පෙරදැරිව ජීවමාන ආකාරයෙන් ගෙන හැර පෑමට කතුවරයා ගත් උත්සාහය මෙතැන් සිට විමසා බලමු. "ගැල් රකිනවුනගේ පුත, බර උසුලන්නවුගේ පුත, කුමකුත් නොදන්නවුගේ පුතැ කිය කියා නළවයි." රූමත් බවින්ද, ශිල්ප බලයෙන්ද බලවත් සේ අහංකාර පරවශ සිත් ඇති වූ විද්දත් දියණිය උග්ගසේනයන්ගේ සිත තැලෙන වාග් ප්‍රහාර එල්ල කරයි. සිත රිදෙන අයුරින් හැසිරෙයි. ඇය සිඟිති...

සමාජ මාධ්‍යය සහ ළමා පරපුර රචනාව

සමාජ මාධ්‍යයන් නූතන ළමයා කෙරෙහි දක්වන බලපෑම අහිතකර බව හුදු පිළිගැනීම වී ඇත. සමාජ මාධ්‍ය හා ළමා පරපුර පිළිබඳව ඔබේ අදහස් දක්වා රචනාවක් ලියන්න. අතීත ජන සමාජයේ ජීවත් වූ ළමයින් සිය මව් පියන්ගේ, ආච්චී සීයාගේ, ඥාතීන්ගේ ගුරු හරුකම් ලබමින්, ඔවුන් සෙවණේ වැඩෙමින් වයසින් මෝරත්ම ශිෂ්ඨ සම්පන්න මිනිසුන් බවට පත් විය. රූපවාහිනිය, පරිඝණකය හා ජංගම දුරකථනය ජන සමාජයේ සුලභ වීමත් සමග ළමයින් ආච්චි සීයා ඇතුළු තමාට සැබැවින්ම ආදරය ඇති ඥාතීන්ගෙන් පමණක් නොව දෙමාපියන්ගෙන් පවා ඈත්ව යාමත් සමග දත් නැති කාලයේ පටන් තමාගේ ජීවිත කාලය දුකෙන් හෝ සතුටින් සමාජ මාධ්‍ය තුල ගෙවා දැමීමට හුරු පුරුදු විය.  සැබැවින්ම අද සමාජයේ ළමයින් තම සීයා ආච්චිගේ නම දැන ගන්නේ පවා ඔවුන්ගේ මරණ දැන්වීමෙන් වීම යම් කණගාටුදායක තත්ත්වයක් යැයි ඔබට සිතිය හැකිය. නමුත් අපේ අනාගත දූ දරුවරු තම මව්පියන් වන අපගේ නම් ගම් පවා හරිහැටි මතකයක් නැති ජන මාධ්‍ය, සමාජ මාධ්‍ය තුල ප්‍රසිද්ධ අනෙකුත් සියළු දෙනා එදිනෙදා කන බොන දේ පවා දන්නා උන්මත්තකයින් වන හෙයින් එතරම්ම අන්ධ නොවූ අද සමාජය පිළිබඳව යම් සතුටක් අපට විදිය හැකිය. "මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක සාධකය ළමයායි" ...

වවන්නෝ දිනන්නෝය රචනාව

පිරිහී යන කෘෂිකර්මාන්තය දියුණු කිරීමට සිත් යොමු කරමින් නිර්මාණාත්මක රචනාවක් ගොඩ නගන්න. වවන්නෝ දිනන්නෝය "වවන්නෝ දිනන්නෝය" යන වදන අප සුලභව අසා තිබෙයි. කෘෂි කර්මාන්තය ලේ වල ඇති සිංහලයා අතීතයේ පටන් වගාවෙන් දිනූ ජාතියකි. අතීත යුගයන්හීදී පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලිය ලැබීමද වගාවෙන් ලද ජයග්‍රහණයකි. ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන ආහාර අතින් ස්වයංපෝෂිතකර බත බුලතෙන් සරි රටක් තැනීම තුළ වවන්නෝ දිනන්නෝ වෙති. අපේ අතීත මුතුන් මිත්තෝ ලෝකයේ ශ්‍රේෂ්ඨ කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක ජීවත් වූවෝ වෙති. ඒ ආඩම්බරය ඔබට මට ලබා දුන් අතීත මිනිසුන්, එකල ඒ වවන්නෝ දිනුවෝය. රට පුරා ජීවමාන මහා වැව් අමුණු අදටත් ඒ ජයග්‍රහණ ගැන සාක්ෂි දරයි.  රටක ජීවත් වන සියලු ජනතාවගේ පරිභෝජනයට ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනයක් ඒ රට තුල සිදු වෙයි නම් ස්වයංපෝෂිතයැයි යන වදන භාවිත කල හැකිය. රටක් ස්වයංපෝෂිත වූ කල්හි එහි පැවැත්මට අනෙකුත් රටවල බලපෑම ඉතා විරලවීම රටක ජයග්‍රහණයකි. "ආරෝග්‍යා පරමාලාභා" නීරෝගී බව පරම සැපත වූ කල්හි ජනතාවට තුන් වේල හොඳින් ආහාර අනුභව කොට නීරෝගී ජීවිතයක් ගත කල හැකි බැවින් ද, එ පරම සැපත සලසා ගන්නා බැවින්...

මා පාසල් ගිය මුල් දිනය

ඔබගේ මතකයේ රැඳුණු ඒ සුන්දර දවස පාසල් ගිය පළවෙනි දවස පිළිබඳව රචනාවක් ලියන්න. මා පාසල් ගිය මුල් දිනය ටික දිනක සිටම අම්මා වෙහෙසෙන්නේ මා පාසල් යැවීමටය. නමුත් මටනම් ඒ ගැන කිසිදු විශේෂයක් නොවීය. මාගේ හැසිරීම ඒ පාසල් යැවීමට සූදානම් වනුයේ මා නොව වෙනෙකෙකු ලෙසිනි. මා පෙර පාසලට ඇතුලත් කල මුල් දිනය මට සිහි විය. ඩෙස් පුටු පමණක් නොව සෙල්ලම් කිරීමට තිබූ සීසෝ, ඔංචිල්ලා, ලෙස්සන බෝට්ටු පවා මා ඉදිරියේ මවා පෑවේ අසීමිත භීතිකාවකි. ඇඩීමට රුසියා වූ නිසා මා තුළ වූ භිය කදුළු වලින් පිට කල ද ඒ සොඳුරු දිනය පාසල් යෑමට මට ඉමහත් ශක්තියක් විය.  මා හට වැඩිමල් සහෝදර සහෝදරියෙකු නොවීමෙන් මින් පෙර පාසලට ගොස් නැති මට මහත් අසරණ බවක් දැනුණි. හතර වටින් අහසට දිවෙන සුවිසල් ගොඩනැගිලි, යකුන් සේ එහෙ මෙහෙ දුවන අයියලා අක්කලා, ළමයින්ට කෑගසමින් කලබලයෙන් එහෙමෙහෙ යන ටීචර්ලා මා හිත තුළ බිය දෙගුණ තෙගුණ කරමින් සිටියදී, පෙර පාසලේ ටීචර්ගේ වේවැල වාගේ තුන් ගුණයක් පමණ දිග වේවැලක් අතේ රැගෙන වැඩි හාමුදුරුවන් දෙස බලා සිටි මා ගතෙහි පණ නැති වේගෙන යනු මට දැනුණි.  අක්කලා ටිකක් අපිව හරි හරියට පෝලිම් කරන්නට විය. මට ඉස්සරහාත් පිටි පස්සේත් ළමයින් ...

සිංහල රචනා 59 - මා කැමතිම ලේඛකයා

ඔබ කැමති ලේඛකයා පිළිබඳව වචන 150 කට නොඅඩු රචනාවක් ලියන්න. මා කැමති ලේඛකයා මා කැමති ලේඛකයන් අතරින් කැමතිම ලේඛකයා ලෙස කුමාරතුංග මුනිදාස මහතා හැඳින්වීමට මම කැමැත්තෙමි. මට මතක ඇති කාලයේ පළමුවෙන් ම කියැ වූ හත් පන කතා පොත නිසා මා තුල පොත් කියැවීමට ඇල්මක් ඇති විය. එම පොත ද කුමාරතුංග මුනිදාසයන් රචනා කරන ලද පොතක් වූ අතර පසුව මා හීන් සැරය කතා පොත ද සොයා ගෙන කියවීමෙන් කුමාරතුංග මුනිදාසයන්ගේ පොත් සොය සොයා කියවීමට උත්සුක විය. එතුමා මාගේ ප්‍රියතම ලේඛකයා වූ නිසා එතුමන් පිළිබඳව බොහෝ තොරතුරු මා සොයා බැලීය. 1887 ජුලි මස 25 වන දින මාතර දික්වැල්ලේ ඉදිගස් ආරේ දී එතුමා උපත ලැබා ඇත. ගමේ පන්සලෙන් බෞද්ධ පාසලටත්, මාතර ශාන්ත තෝමස් විද්‍යාලයටත් ඇතුලත් වී එතුමා අධ්‍යපනය හදාරා ඇත.  වෘත්තීයෙන් ගුරුවරයෙක් ලෙස ද සේවය කර ඇත. භාෂා සාහිත්‍ය මෙන්ම රට ජාතිය උදෙසා ද කුමාරතුංග මුනිදාසයන් සිදු කල සේවය ඉමහත්ය. යටත් විජිත සමයන්හී දී සිංහල භාෂාව සඳහා වටිනාකමක් නොමැති වූ කාලෙක සිංහල භාෂාවේ අභිවෘද්ධිය පිණිස කුමාරතුංග මුනිදාසයන් සිදු කර ඇති සේවය නිසා මා එතුමා පිළිබඳව තවත් පැහැදුණි. සිංහල ව්‍යාකරණ සම්බන්ධයෙන් වර්තමානයේ පවා පිළි...

සිංහල විචාර 106 - පෙමතො ජායතී සෝකෝ කාව්‍යමය භාෂාව

පෙමතො ජායතී සොකෝ නාට්‍යයේ එදිරිවීර සරච්චන්ද්‍රයන් පෙන්නුම් කරන්නා වූ කාව්‍යමය භාෂා භාවිතය පිළිබඳව විචාරයක යෙදෙන්න. කවිය හා මිනිසා අතර ඇති සම්බන්ධය ඉතාමත් ඈත අතීතයකට දිව යයි. අද මෙන් ජන මාධ්‍ය, සමාජ මාධ්‍ය නොදියුණුව පැවති අතීත යුගයන්හී දී කවියට හිමි වූයේ සුවිශේෂී ස්ථානයකි. මානවයාගේ හදවතට කතා කිරීමේ හැකියාව කවිය තුල පවතී.  නාට්‍යය කරුවෙකු ලෙස ඉමහත් ගෞරවයට පත් එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යය නිර්මාණ අධ්‍යයනයේ දී ඔහු තුල ඇති කාව්‍ය කරණයේ සක්ෂ්‍යතාව මනාව පැහැදිලි වේ. ස්වකීය අධ්‍යයනයන් සිදු කරමින් නාට්‍ය කරණයෙහි නිරත වූ එදිරිවීර සරච්චන්ද්‍ර මහතා කාව්‍යමය නාටකයක් නිර්මාණය කිරීමට අදහස් කල අතර එසේ නිර්මාණය වූ පෙමතො ජායතී සොකෝ නාටකය එදා සිට අද දක්වාම ජනතා ප්‍රසාදය දිනා සිටිනුයේ එහි වූ කාව්‍ය රසය ජනහද ස්පර්ශ කල නිසා විය යුතුය.  ස්වර්ණතිලකා කතා වස්තුව මූලාශ්‍ර කොට ගනිමින් එදිරිවීර සරච්චන්ද්‍රයන් නිර්මාණය කරන ලද පෙමතො ජායතී සොකෝ නාට්‍ය තුල දැකිය හැකි කාව්‍යමය භාෂා භාවිතය එම නාට්‍යයෙහි සාර්ථකත්වයට හේතු වී ඇති ආකාරය මෙසේ විමසා බලමු. " කෙලෙස් මලයෙන් මලින සතහට -   ගොදුරු වී තම සි...

සාහිත්‍ය රසාස්වාදය 32 - පරමල් රසාස්වාදය

පරමල් රසාස්වාදය  නව කවියේ සද උදාව ලෙස විචාරකයකුගේ ඇගයුමට පාත්‍ර වූ රත්න ශ්‍රී විජේසිංහ මහතා ප්‍රතිභා පූර්ණ කවියෙකි. රචකයෙකි. විචාරකයෙකි. 1953 ජුනි 1 වෙනි දා උපත ලැබූ රත්න ශ්‍රී විජේසිංහයන් හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය විදුහල, ගාල්ල රිච්මන් ඇතුළු පාසල් කිහිපයකින් අධ්‍යාපනය ලැබූ අතර උසස් පෙළ තෙක් විද්‍යා විෂයන් හැදැරීය. නමුත් විශ්ව විද්‍යාල ප්‍රවේශයට ලකුණු මදි වූ අතර පසුව ගුරු පුහුණු සහතිකයක් හා සිංහල ගෞරව උපාධියක් ලබා ගෙන ගුරුවරයෙකු ලෙස සේවය කළේය. රත්න ශ්‍රී විජේසිංහ මහතා නිදහස් කවියේ දෙවන තරංගය බහුජන වින්දන මාධ්‍යයක් බවට පත්කිරීමට මෑත කාලයේ ඉහළම දායකත්වයක් දැක්වූ මානවවාදී කවියා ලෙස පෙන්වා දිය හැකිය. වර්තමානයේ රසික සිත් තුළ ආකර්ෂණය දිනා ගෙන සිටින ජනප්‍රිය සාහිත්‍යවේදියෙකු වන හෙතෙම නව කවියේ අදුරු යුගය ආලෝකය කරා රැගෙන ඒමට සමත් විය. තරුණ පරපුර වනාහි රටක අනාගත පැවැත්ම උසුලන්නට සැරසෙන පිරිසකි. ස්වභාවයෙන්ම තරුණයා අලුත් දේ අගයන චරිතයකි. අලුත් දේ ඇගයිය යුතු නමුත් අතීතයේ පැරණි දෑ අමතක කර දා අලුත් දේ වැළඳ ගැනීම වැරදි සහගතය. තරුණයින් රටක ජීව නාලය වුවද වැඩිහිටියන් වයසින් වැඩුණු, දැනුමින් වැඩුණු...

සිංහල විචාර 105 - ගුත්තිල කාව්‍ය විචාරය 06

ගුත්තිල කාව්‍ය විචාරය  (මූසිල චරිතය) ගුත්තිල කාව්‍ය තුල දැක්වෙන මූසිලගේ චරිතය පිළිබඳව නිදසුන් ගෙනහැර දක්වමින් විමර්ශන කරන්න. ගුත්තිල ජාතකය ඇසුරු කොට ගනිමින් වෑත්තෑවේ හිමියෝ ගුත්තිල කාව්‍ය නම් විශිෂ්ට කාව්‍ය සංග්‍රහය රචනා කලහ. ගුත්තිල ජාතකයේ දැක්වෙන කතාවේ දෙව්දත් තෙරුන්ගේ නුගුණ පෙන්වීම බහුලව දැකිය හැකි වෙයි. නමුත් වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍ය රචනයේ දී දෙව්දත් තෙරුන්ගේ පූර්ව භවයක් වූ මූසිලගේ චරිතය යම් සාධාරණීය කරණයකට ලක් කර ඇතැයි සිතෙයි.  "ඉදිමියි නො වී                     ණ ය  දක්වා සිල්ප වී                     ණ ය  සමග උප වී                         ණ ය  රැගෙන දැඩි කොට සදා වී  ණ ය" මූසිල යනු ආර්ථික අතින් පිඩාවට පත් තරුණයෙක් වූ අතර වීණා වාදනයට ද හැකියාවක් තිබුණි. වීණා වයා වෙළදුන් සතුටු කොට මුදල් ඉපැයීමේ නිරත වූයේ ණය නොව...

සතර කන් මන්ත්‍රණය විචාරය 06

උම්මග්ග ජාතකය රචනා කිරීමේ දී එහි සාර්ථකත්වයට ජාතක කතා කරුවාගේ භාෂා භාවිතය හේතු වූ අයුරු සතර කන් මන්ත්‍රණය පාඩමේ උදාහරණ ඇසුරින් විමසන්න. 14 වන සියවසේ කුරුණෑගල රජකම් කල iv වන පරාක්‍රම බාහු රජ දවස රචනා වූ පන්සිය පනස් ජාතක පොත වනාහි බෝධිසත්ව කතා ඇතුලත් අග්‍රගන්‍ය බෞද්ධ පුස්තකයකි. ජාතක කතා 547 අන්තර්ගත වන මෙම පොතෙහි දීර්ඝතම ජාතක කතාව වනුයේ උම්මග්ග ජාතකයයි. සතර කන් මන්ත්‍රණය පාඩම එම උම්මග්ග ජාතකයෙන් උපුටා ගත් කොටසක් වන අතර උම්මග්ග ජාතකයේ සාර්ථකත්වය සඳහා ජාතක කතා කරුවාගේ භාෂා භාවිතය හේතු වූ ආකාරය මෙසේ විමසා බලමු. "සුවද තෙලෙහි නගන ලද පහන් ආලෝකයෙන් ගන්ධදාම පුෂ්පදාමාවලම්භිත නා නා වර්න විචිත්‍ර විතානෝපලක්ෂිත අලංකෘත ශ්‍රී යහන් ගර්භය බලන්නාහු මහත් වූ සම්පත් දැක, මේ මාගේ යසස සන්තක දෝ හෝ යි සිතන්නාහු අනෙක් කෙනෙකුන් සන්තක නොවෙයි: චූලනී බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවන් සන්තක ය." ඉහත දැක්වෙන පරිදි වූ ඉතා දිගු වැකි භාවිතය ජාතක කතා කරුවාගේ භාෂා ලක්ෂණය කි. විවිධ සිත් ගන්නා වූ විශේෂණ පද යොදමින් නැවතීමකින් තොරව කියාගෙන යනු ලබන දීර්ඝ වැකි පාඨක හද ආකර්ෂණය කරයි. පාඨකයා කතාව තුලම රදවා ගැනීමට ද එවැනි දිගු වැ...

සිංහල රචනා 58 - ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය කෙරෙහි බෝ නොවන රෝග වල බලපෑම රචනාව

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය කෙරෙහි බෝ නොවන රෝග වල බලපෑම රටක ආර්ථික වශයෙන් ක්‍රියාකාරී ජනතාව ශ්‍රම බලකාය ලෙස සරලව හැදින්විය හැකිය. ශ්‍රී ලංකාවේ වයස 18 සිට 55 දක්වා නිෂ්පාදන ක්‍රියාවලියට සක්‍රීයව දායක විය හැකි පිරිස ශ්‍රම බලකාය යනුවෙන් හැඳින්විය හැකිය. ශක්තිමත් ශ්‍රම බලකායක් සිටී නම් රටක නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් සාධනීය තලයක පවත්වාගෙන යෑමට එය ඉතා පිටි වහලකි. වර්තමාන ලංකාවේ ශ්‍රම බලකාය දුර්වල කරන්නා වූ ප්‍රධාන සාධකයක් ලෙස බෝ නොවන රෝග හදුනාගත හැකි අතර ඒවායේ බලපෑම සහ ඒවා වළක්වා ගැනීම කෙරෙහි මෙසේ අවධානය යොමු කරමු. මිනිසාට වැළදෙන රෝග පිළිබඳව සොයා බැලීමේ දී එම රෝග බෝවන රෝග සහ බෝ නොවන රෝග ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය. පාචනය, කොලරාව මෙන්ම අප මෑතක දී මුහුණ දුන් කොරෝනා වැනි වසංගත තත්ත්ව බෝවන රෝග ගණයට අයත් වන අතර මේවා කිසියම් කාල සීමාවක දී සීග්‍රයෙන් ව්‍යාප්ත වී නැවත තුරන් වීම හෝ රෝගීන් අවම වීම සාමාන්‍යයෙන් සිදු වෙයි. කොරෝනා වැනි වසංගත ශ්‍රම බලකායට විශාල තර්ජනයක් කර ආර්ථිකය සමතලා කල බව සත්‍ය වේ. එහෙත් එවැනි වසංගත ප්‍රතිශක්තීකරණ එන්නත් ආදීය මගින් පාලනය කර ගැනීමේ හැකියාව පවතී. එසේ නමුත් බෝ නොවන ...

සතුට පද්‍ය රසාස්වාදය 01

සතුට පද්‍ය රසාස්වාදය   "කවිය ඇත්තේ පොත් තුළ නොවේ රසිකයාගේ හදවත තුළ ය. පොත් රාක්ක වලට කවි රස විදීමට නොහැක"         (සඳුන් අරටුව - ලාල් හෑගොඩ ) පොත් රාක්ක වලට කවි රස විඳීමට නොහැක. ඒවා ඔබ අප පැමිණෙන තුරු බලා සිටී. නූතන කවියාගේ නිර්මාණ අගයන අපට හමුවන එක් සුන්දර කවියෙකු ලෙස ලාල් හෑගොඩයන් හැදින්වීම නිවැරදිය. ලාල් හෑගොඩ සූරීන්ගේ කවි කම් සැඟවී ඇති පොත් අතර මා මිනිසෙක් ඔබ ගඟක් නිසා, පසළොස්වක සඳ මගේය, ගඟ වක් වී ගලන තැන, මෙකව මෙතැනින් නවතමි, කෝමළනී යන කවි පොත් ද මතකයට නැගෙයි. කවියෙකු තමන් රචනා කරන පොත් පත් මිනිසුන් ආශාවෙන් පරිශීලනය කරයි යැයි හිතේ දහසකුත් බලාපොරොත්තු තබා ගෙන වෙහෙස මහන්සියෙන් රචනා කරන පොත් පත් කියවන්නේ අප කී දෙනා ද? අප කියවා ඇත්තේ ඔවුන්ගේ පොත පතින් කීයෙන් කීයද ? . ලාල් හෑගොඩයන්ගේම ප්‍රකාශයක් තුලින් මෙසේ කියවී ඇත.  "සමහරුන් හැසිරුනේ මා පොතක් පල කල බවවත් නොදන්නා ලෙසිනි. කනස්සල්ල ඒ ගැනය" කවියාගේ කවියට වටිනාකමක් දිය හැකි වන්නේ පාඨකයාටයි. කවි රසය රස විදීමට ලැදි රසවින්දනයක් ඇති වන්නේ ද කවි රස විදීමෙන්ම පමණි. රසවින්දනයට ඉතාම සුදුසු උසස් ගණයේ කවි රැසක් ති...

අලුත ගෙනා මනාලිය රසාස්වාදය

අසුලභ වස්තූ විෂයක් තුළ නුහුරු හැඟුම් සමූදයක් කැටිකොට ජී. බී සේනානායකයන් සටහන් කල ඒ සොඳුරු වදන් පෙල "අලුත ගෙනා මනාලිය" මෙසේ රසවින්දනය කරමු. නිසඳැස් කාව්‍ය සම්ප්‍රදායේ සමාරම්භකයා වූ ජී. බී සේනානායක මහතා විසින් රචිත "පලි ගැනීම" කෙටිකතා සංග්‍රහයේ හමුවන නිශ්ශබ්දතාව නම් නිසඳැස් කාව්‍ය තුළින් මෙරට නිසඳැස් කාව්‍ය සම්ප්‍රදාය ආරම්භ විය. ජී. බී සේනානායකයන් විසින් රචිත වෙනස්ම වූ ආකාරයක, ආකෘතියක කාව්‍ය නිර්මාණයක් ලෙස අලුත ගෙනා මනාලිය හැදින්විය හැකිය. අලුත විවාහ වූ මනාලයෙකුගේ සිත තුල තම මනාලිය පිළිබඳව ජනිත වන අව්‍යාජ හැගීම් සමූදායක් මෙම නිර්මාණයට ප්‍රස්තූත වූ බව පැහැදිලි වේ. කාව්‍ය නිර්මාණය ආරම්භයේ දී ම තම මනාලියගේ ස්වරූපය, විශේෂයෙන්ම භාහිර ස්වරූපය විස්තර කරන නිසඳැස් කවියා මනාලිය පිළිබඳව පාඨක මනසේ චිත්ත රූපයක් මවයි. " හිස නමා ගති ඈ  සිහින් රතැඟිලි පටලවා ගති  සතියකට පෙර ගෙනා වර  විළිබරය මගෙ රන්වන් මනාලිය" උක්ත මනාලිය කැන්දාගෙන විත් තවම හරියට සතියක් පමණි. අලුත ගෙනා මනාලියක් ලැජ්ජාශීලීව හැසිරෙන ආකාරය ජී. බී සේනානායක කවියා අපූරුවට විස්තර කර තිබෙයි. ඇය මනාලයා ඉදිරියේ පිය නගන...