අධිෂ්ඨාන පරවශ භාවයත් මිනිස් සිත්වල ඇති ගූඪ හා සංකීර්ණ ස්වරූපයත් මැනවින් විවරණය කිරීමට සරච්චන්ද්‍රයෝ උත්සාහ ගත්හ. පෙමතෝ ජායති සෝකෝ නාට්‍ය ඇසුරෙන් සාකච්ඡා කරන්න.
ශ්‍රී ලාංකේය සිංහල සාහිත්‍යයේ නාට්‍ය අංශයේ නව ප්‍රබෝධයක් සනිටුහන් කළ මහාචාර්ය ඉදිරවීර සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කර ඇති මෙම අගනා නිර්මාණය ගම්පොළ යුගයේ දෙවන ධර්ම කීර්ති හිමි විසින් රචිත සද්ධර්මාලංකාරයෙහි එන ස්වර්ණතිලකා කතා වස්තුව මෙයට වස්තු බීජය කර ගත්තද ස්ත්‍රිය තුළ පවත්නා පාරම්පරික යති දෘෂ්ටිය නිසේදනය කරමින් ගුරු සිසු භූමිකා ඔස්සේ විවිධ පැතිකඩවල් කරා රැගෙන යාමට කතුවරයා මහත් වෙහෙසක් දරා ඇති බව මනාව ස්පුට වේ.
මෙහිදී මෙම නිර්මාණය තුළ අධිෂ්ඨාන පරවශභාවය එනම් අධිෂ්ඨානය මත ඇළුනු බැඳුනු ස්වභාවයත්, මිනිස් සිත් වල ඇති ගූඪ එනම් අභිරහස් හෝ ගුප්ත ස්වභාවයත් සංකීර්ණ ස්වරූපයත් මනාව සරච්චන්ද්‍රයන් විසින් විදහා දැක්වීමට කටයුතු සිදුකොට ඇති බව මනාව පැහැදිලි වනු ඇත. මේ පිළිබඳ රසවින්දනාත්මක ලෙසත් විචාරාත්මක ලෙසත් විමසා බලන කල්හි ඒ පිළිබඳ මනාව කරුණු පෙළගස්වා ගත හැකි වනු ඇත.
විපතක්ය මට මහත්
නොදැනෙන්නේය පුවත් කිසි
සිතමාගේ වියවුල් ය"
මනුෂ්‍යයා යනු පෘථග්ජන සත්ත්වයෙකු වන බැවින් ඔවුනට ඇතිවනු ලබන හැඟීම් කිනම් ආකාරයේ වේදැයි අපට සිතකින්වත් සිතිය නොහැකියි. එහිදී මිනිස් සිතක ඇති සංකීර්ණතාවය යනු ද එවන්නකි. කුමන වේලාවක චකිත වෙනවාද යන්න අපට නිගමනය කළ නොහැකිය.
මාප්‍රිය දත්පුල
එකලස් කරගන්නා
තුරු මා සිත
ගොස් දැන් සැතපෙන්නෙමි
මම යහනේ
පමා නොවී යළි එන්නෙමි ඔබ වෙත...."
මිනිස් සිතක් කුමන වූ වෙලාවක කුමන ආකාරයක් ගනීද යන පැනයට කිසිවෙකුට කිසිදා පිළිතුරු දිව නොහැකිය. මෙම නිර්මාණය තුළ සඳහන් වනු ලබන උද්දාලයන්ගේ චරිතය එක් එක් වේලාවෙහි විවිධ වූ ස්වරූපයන්ට නතු වන්නේ ද එලෙසිනි.
අධිෂ්ඨාන පරවශභාවයක් මෙම නිර්මාණය තුළදී අපට මැනවින් විදහා දක්වනු ලබන්නේ උද්දාලයන් ස්වර්ණතිලකාවන් විවාහ කර ගැනීමෙන්ම නොවේද? නමුදු ලෝක යථාර්ථයට අනුව සියලු එක්වීම් අවසානයේ වෙන්වීමකින් විනාශයකින් කෙළවර වන බව මනාව පැහැදිලි වනු ඇත.
අප දෙදෙනා හට
සාර මසක් ගතනොවේද
ඇදුරු සද"
මිනිස් චින්තනය විවිධ ස්වරූප ගනු ලබන ආකාරයත් එහිදී වෙනස්වීම් වලට ලක්වන ආකාරයත් එම අවස්ථාවෙහි කටයුතු කරනු ලබන ආකාරයත් වෙනස්ය. එහිදීම නිර්මාණකරුවා ඉතාමත් රසවත් ලෙසතම නිර්මාණයෙහි අර්ථ ගන්වනු ලබන්නේ අධිෂ්ඨාන පරවශභාවයත් මිනිස් සිත් වල ඇති ගූඪ හා සංකීර්ණ ස්වරූපයත් ම නොවේද?
මේ ආකාරයට සරච්චන්ද්‍රයන් තම නිර්මාණය තුළට කතා වස්තුවෙහි නොමැති කොටස් හා කතා වස්තුවට වෙනස් වූ නවමු කොටස් එක් කරමින් මෙහි ඇති යථා ස්වභාවය මනාව ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කරනු ලබන්නේ තමාගේ අනගි වූ නිර්මාණශීලී හැඟීම් ප්‍රේක්ෂකයන්ට සමීප කරවමිනි.
කිලිටි පස්යට තිබුණ මුත්
මැණික නම් මැණික වේ"
උද්දාලයන් තම අරමුණු මුදුන් පමණවා ගැනීම උදෙසා කටයුතු කරනු ලබන අතරින් වාඩියෙහි තම මිත්‍රයන්ට චණ්ඩාල නම් වූ පහත් කුලයකට ස්වර්ණතිලකා අයත් වුවත් ඇයතමාට අවශ්‍ය වන බව මනාව පැහැදිලි කර දෙනුයේ එලෙසිනි.
මේ අනුව මෙම පෙමතෝ ජායතී සෝකෝ නාටකය තුළ අධිෂ්ඨාන පරවශභාවයත් මිනිස් සිත් තුළ පවත්නා ගූඪ හා සංකීර්ණ ස්වරූපයත් මනාව ඉස්මතු වනු ඇත.
"මැරවූයෙමි අපි ඒ ලද"
තම ආචාර්යවරයා ආරක්ෂා කිරීමේ අදහසින් ස්වර්ණතිලකාවන් මරා දමා ලූ ආකාරය ගුරුවරයාට පැවසූ සිසුන් තුළින් මනාව ප්‍රකට වනු ලබන්නේ මිනිස් සිත් තුළ පවත්නා ගූඪ බවම නොවේද?
අධිෂ්ඨාන පරවශ භාවය මුදුන් පමුණවා ගත් උද්දාලයන් කෙසේ හෝ ස්වර්ණතිලකාවන් විවාහ කර ගනු ලැබූ අතර අවසානයේ ඇය අහිමි වූ පුවත අසා තමාගේ ජීවිතයද අහිමි කර ගැනීමට තරම් ඒ අවස්ථාවෙහි උද්දාලයන්ගේ සිත සංකීර්ණ ස්වරූපයකට ආරූඪ වූ අයුරු මෙම නිර්මාණයෙහි ඉතාමත් අලංකාරවත් ලෙස දක්වා ඇත. එහිදීම මෙවැනි වූ ස්ත්‍රියකගේ වියෝයෙන් ජීවත් වනවාට වඩා මියයාම යහපතැයි සිතා,
එකම ගින්නට පුද කරන්නට
එකම අළුගොඩවී දැවෙන්නට"
ඒ ආකාරයෙන් මනුස්ස ජීවිතයක සංකීර්ණ බව මනාව විග්‍රහ කිරීමට පුළුවන. මේ ආකාරයෙන් කරුණු කාරණා සියල්ල සලකා බලන කල ප්‍රේමය විශ්ව සාධාරණ දෙයක් වුවද ඒ වටා එක් රොක්ව පවත්නා අනෙකුත් චිත්ත ස්වරූපයන් තුළින් මනාව නිර්මාණය වූ අපූරතම නිර්මාණයක් ලෙසින් මෙම පෙමතෝ ජායතී සෝකෝ නාට්‍ය දක්වාලිය හැකිය.
උක්ත කරුණු රසවින්දනාත්මක ලෙසත් විචාරාත්මක ලෙසත් විමසා බලන කල්හි පෙමතෝ ජායතී සෝකෝ යන නාට්‍ය පුරාවටම අධිෂ්ඨාන පරවශභාවයත් මිනිස් සිත්වල ඇති ගූඪ ස්වරූපය මෙන්ම සංකීර්ණ ස්වරූපයත් මැනවින් විවරණය කිරීමට ඉදිරිවීර සරච්චන්ද්‍රයන් උත්සාහ දරා ඇති බව උක්ත නිදසුන් තුළින් මනාව ප්‍රත්‍යක්ෂ වනු ඇත.
- දසුනි මහවත්ත -
Comments