නූතන තාක්ෂණය පාසල් සිසුන් අභියෝගයට ලක් කරයි
අද වන විට තාක්ෂණය ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසක් බවට පත්වී තිබේ. ජංගම දුරකථන, පරිගණක, අන්තර්ජාලය, කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණික උපකරණ අපගේ එදිනෙදා කටයුතු සෑම අතකින්ම පහසු කරමින් පවතියි. මෙම තාක්ෂණික පරිණාමය ශිෂ්‍ය ජීවිතයට සෘණාත්මක මෙන්ම ධනාත්මක ලෙසද බලපායි.
නූතන තාක්ෂණය හරහා සිසුන්ට ඕනෑම විෂය ක්ෂේත්‍රයකට අදාළ දැනුම ඉතා පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ලැබී ඇත. ඔවුන්ට අවශ්‍ය ඕනෑම තොරතුරක් උත්සාහයකින් තොරව අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැක. මේ නිසා නුතන තාක්ෂණය පාසල් සිසුන්ට අත්‍යාවශ්‍යම අංගයක් බවට පත් වී හමාරය.
නමුත්, තාක්ෂණය නිවැරදිව භාවිතා නොකෙරේ නම්, එය ව්‍යසනදායකය. බොහෝමයක් සිසුන් තාක්ෂණය භාවිතයෙන් ඉතා පහසුවෙන් විනාශය කරා ළගා වෙති. සමාජ ජාලා භාවිතය වැඩි වීමත් සමඟ ඔවුන්ගේ අවධානය අඩුවෙයි. දිගු කාලයක් ඩිජිටල් තිර දෙස බලා සිටීම නිසා මානසික අවපීඩනය, අක්ෂි දෝෂ, පවුලේ සාමාජිකයක් හා මිතුරන් සමග ඇති අන්තර් පුද්ගල සම්බන්ධතා බිද වැටීම වැනි අයහත් ප්‍රථිපල රාශියකට මග පෑදෙයි.
තවත් වැදගත් කරුණක් වන්නේ, තාක්ෂණය හරහා සිසුන්ට අසත්‍ය තොරතුරු, වන්චනික අන්තර්ගත සහ අකාරුණික සමාජ සම්බන්ධතා ආදී තර්ජන වලට මුහුණ දීමට සිදුවීමයි. මේ සියල්ල නිසා ඔවුන්ගේ විනය, ආචාර ධර්ම සහ අධ්‍යාපනයේ කාර්යක්ෂමතාවය අඩුවෙන්නට ඉඩ හසර සැලසෙයි.
එසේම පහසුවෙන් තොරතුරු අන්තර්ජාලය හරහා සෙවීම් කල හැකි වීම අධ්‍යයන කටයුතු ඉක්මන් සහ පහසු කරයි. නමුත් වර්තමානය වන විට දියුණු වන කෘතීම බුද්ධිය පාදක කරගත් පද්ධති නිසා ළමයින්ගේ සිතීමේ හැකියාව දුර්වල කරයි. සංකීර්ණ ගණිත ගැටලු වලට පවා එවැනි පද්ධති මගින් පියවර සහිත පිළිතුරු ලබා දෙනු අද වනවිට දැකිය හැකිය. ළමයාට ප්‍රශ්නය ටයිප් කිරීමටවත් අවශ්‍ය නැත. දුරකථන කැමරාවෙන් ස්කෑන් කල පමණින් පිළිතුරු සොයා ගත හැකිය. මෙවැනි තත්ත්වයන් නිසා සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය ද අභියෝගයට ලක් වෙයි.
කෙසේ වුවද, තාක්ෂණය නවීන ලෝකය අභිබවා යාමට අත්‍යවශ්‍ය මෙවලමක් බව කිව හැක. එය අභියෝගයක් නොවී වාසියක් කිරීම සඳහා, සිසුන්ට නිවැරදි මාර්ගෝපදේශනය, තාක්ෂණික විනය සහ දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ. එසේම කල්පැන ගිය විෂය නිර්දේශ වෙනුවට තාක්ෂණයට වඩා ඉදිරියෙන් හෝ පවතින තාක්ෂණයන්ට සමගාමී ලෙස විෂය නිර්දේශ යාවත්කාලීන කිරීම බලධාරීන්ගේ වගකීම වෙයි.
ළමයින්ටම දොස් පවරනවා වෙනුවට ස්වයන් විනයෙන් යුතුව තාක්ෂණය නිසි පරිදි හාවිතා කිරීමට ඉගැන්වීම කළ හැකි නම්, සහ ආදර්ශය සැපයිය හැකි නම් මතු අනාගතයේදී සිදුවිය හැකි අප්‍රමාණ තාක්ෂණික ව්‍යසනයන්ගෙන් පාසල් සිසුන් මුදවාගත හැකි වෙයි.
-ආලෝකා සයුරංගි-
Comments