Skip to main content

ආතර් සී. ක්ලාක් මහතා ගැන රචනාව

ආතර් සී. ක්ලාක් මහතා

ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මහතාගේ උපත 1917 දෙසැම්බර් 16 වන දින එංගලන්තයේ සමර්සෙට් ප්‍රාන්තයේ මයින්හෙඩ් නම් නගරයෙහිදී සිදුවිය.පසු කලෙක විද්‍යා ප්‍රබන්ධ රචකයෙකු, නව නිපැයුම්කරුවෙකු හා විද්‍යාඥයෙකු ලෙස ලොව සුපතල වූ මොහු ද්විතියික අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව අධ්‍යාපන මණ්ඩලයේ විශ්‍රාම වැටුප් අංශයේ විගණකවරයෙකු ලෙස රැකියාව කළේ ය.

කුඩා කළ සිටම සගරා ලිපි ලිවීමට ඇල්මක් දැක්වූ ආතර් සී. ක්ලාක් මහතාගේ වෘත්තීය ලේඛන මගෙහි හැරවුම් ලක්ෂය වූයේ 1945 වර්ෂයේදී ඔහු විසින් ලියා පල කළ 'රැහැන් රහිත ලෝකය' නම් පුවත්පත් ලිපියයි. මෙතුමා භූ ස්ථාවර චන්ද්‍රිකා, රොකට් හා අභ්‍යවකාශ තරණය පිළිබද උනන්දුවක් දැක්වූ අතර ඒ සම්බන්ධ පොත් පත්ද ලියූ හ.

'ග්ලයිඩ් පාත්' නම් ඔහුගේ ජීවිත කතා පොතෙහි සදහන් වන පරිදි ඔහු දෙවන ලෝක යුද්ධ සමයේදී රාජකීය ගුවන් හමුදාවෙහි රේඩාර්වරයෙකු ලෙස කටයුතු කර ඇත. එකළ ඔහු භූමි පාලක පිවිසුම හා රේඩාර් විෂය සම්බන්ධව කටයුතු කර ඇත.

වයස අවුරුදු 22 ක් සපිරෙන විට එනම් 1953 දී මැරිලීන් මේජීල්ඩ් නම් ඇමෙරිකානු කතක් සමග විවාහා විය.

ලුප්හෝල (1946), රෙස්කියු පාටි (1946), ද සෙන්ටිනල් (1948), ද සිටි ඇන්ඩ් ද ස්ටාර්ස්, චයිල්ඩ්හුඩ්ස් එන්ඩ්ස් සහ 2001 ඔහු රචනා කළ පොත් කිහිපයක් විය. 1956 හිදී ලංකාවට පැමිණි ක්ලාක් මහතා 'ෆවුන්ටන්ස් ඔෆ් පැරඩයිස්' නම් ග්‍රන්ථය ද පළ කල හ.

තවද ආතර් සී. ක්ලාක්ගේ අභිරහස් ලෝකය, ආතර් සී. ක්ලාක්ගේ අත්භූත බල ලෝකය, ආතර් සී. ක්ලාක්ගේ අත්භූත විශ්වය යන රූපවාහිනී වැඩසටහන් ප්‍රේක්ෂකයා අතර අතිශය ජනප්‍රිය විය.

මෙතුමා සාහිත්‍යයට කළ අතිමහත් සේවය නිසාවෙන් ම 2000 වසරේ මැයි 26 වන දින 'ශ්‍රීමත් ආතර් සී. ක්ලාක්' ලෙස ශ්‍රීමත් නාමයෙන් ගෞරවයට පාත්‍ර විය.

1988 සිට පෝලියෝ සහ සහලක්ෂණය යන රෝග වලින් පීඩා විදි ක්ලාක් මහතා 2008 වර්ෂයේ මාර්තු 09 වන දින ශ්‍රී ලංකාවේදී තම අවසන් හුස්ම හෙළී ය.

- ආලෝකා සයුරංගි - 

Comments