Skip to main content

සිංහල විචාර 89 - අගුල්මල් දමනය විචාරය 04 | Agulmal damanaya vichara

අගුල්මල් දමනය විචාරය ( අවස්ථා හා සිද්ධි නිරූපණය)

අවස්ථා හා සිදි නිරූපණයට අමාවතුර කතුවරයා දැක්වූ දක්ෂතාවය පිළිබඳ ඇගයීමක්, අගුල්මල් දමනය පාඩම ඇසුරින් ඉදිරිපත් කරන්න.

පෙර අපරදිග විචාරකයන්ගේ ගෞරව බුහුමානයට පත් මෙරට යම් කෘතියක් වෙතොත් ඒ අනෙකක් නොව බුදුන් වහන්සේගේ පුරිස ධම්මසාරති බුදු ගුණය මුල් කරගනිමින් ගුරුළුගෝමී නම් පඬිවරයා විසින් රචනා කරන ලද සිංහල කතා කලාවේ සංශිප්ත රීතිය නිරූපණය කරන අමාවතුර නම් ග්‍රන්ථයයි. නිශ්චිත කාලවකවානුවක් නොදැක්වෙන මෙම කෘතියෙහි පරිච්ඡේද ගණනෙන් දහ අටකි. කතුවරයා විසින් මෙම ග්‍රන්ථය රචනා කිරීමේ අරමුණ නම් පාලි- සංස්කෘත නොදත් සාමාන්‍ය ජනයාට ධර්මාවබෝධය ලබා දීම බව පැහැදිලි වේ.

අමාවතුර කතුවරයා තම නිර්මාණය තුළ ඉතාමත් අලංකාරවත් ලෙසින් අවස්ථා හා සිද්ධි නිරූපණය කරනු ලබයි. එහිදී මෙම සුවිශේෂී කරුණ මූලික කොට ගනිමින් මෙම ග්‍රන්ථයෙහි අලංකාරීත්වය වර්ධනය වී ඇති අතර සහෘද පාඨක ජනයාගේ හිත් ඇද බැඳ තබා ගැනීමට පහසු වී ඇත. එක් එක් අවස්ථා හා සිද්ධි ඉතාමත් තියුණු ලෙසින් මෙන්ම සියුම් ලෙසින් පාඨකයන්ගේ සිත් තුළ කාවැද්දීමට තරම් අමාවතුර කතුවරයා දස්කම් පෑහ.

"එකෙ කි ඇඟිළි කපා ගෙන තබයි තුඹු තුබු තැන ඇඟිලි නස්සි ඒ නස් නාසයෙක් දැක ඇඟිලි විඳ මාලාකොට දැයැ එයින් හේ අංගුලිමාල නම් යැ"

මෙහිදී අංගුලිමාලයන් මිනිසුන්ගේ ඇගිලි කපා ගන්නා ආකාරය චිත්තරූපීව මනසින් දැකීමට පාඨකයාට හැකි වනු ඇත. ඉතාමත් සියුම් භාෂා විලාසයක් උපයෝගී කර ගනිමින් නිර්මාණකරු පාඨකයාගේ මනස තුළ චිත රූපයක් මවා එය හැබෑ සිද්ධියක් ලෙසින් නිරූපණය කිරීමට පාණා දක්ෂතාවය ඉතාමත් ඉහල ලෙසින් අගය කළ යුතු දක්ෂතාවයක් නොවේද?

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.


"මෙ මහනහු මැරැව මැනැවැ යි කඩු පලග ගෙනැ දුනු හියවුර බැදැ බුදුන් පස් පස් ලුහු බදිමින් යෙයි."

මෙහිදී බුදුන් පසුපස ලේ පිපාසයෙන් මෙන් ඇඟිලි දැහැගැනීමට යන අංගුලිමාලකයන්ගේ චිත්‍රය අප කාටත් සිතෙහි චිත්තරූපීව ඉතාමත් භයංකාර රූප ගෙතුමක් ලෙසින් ප්‍රතිනිර්මාණය වන බව නිසැකය. එහිදී ඉතාමත් අලංකාරවත් ලෙස කතුවරයා විසින් අවස්ථා සිද්ධි නිරූපණය කර ඇති බව පැහැදිලිය.

"ඒ මහනැ යි දකුණත දික් කළහ. ඒ විගස ගිහි වෙස් අතුරුදහන් වී යැ මහණ වෙස් පහළ වී යැයි අර්ධිමය පා සිවුරු ශරීරයෙහි ප්‍රතිමුක්ත වී යැ ම හේ මෑ ඔහෙට පැවිද්දේ වී මෑ. හේමේ උපසම්පන්නකම් වී යැ"

මෙහිදී අපට ඉතාමත් ශාන්ත වූ සන්සුන් ඉරියව්වක් සිත් තුළ මවාපෑමට කතුවරයා කොතරම් උත්සාහයක් ගන්නට ඇත්ද?

අවස්ථා හා සිද්දි නිරූපණය කිරීම කෙරෙහි කතුවරයා විසින් දරා ඇති වෙහෙස මල් දරන්නට වූයේ එහි අලංකාරීත්වය නිසා පාඨකයන්ගේ සිත් ඇද ගැනීම තුළිනි.

මේ ආකාරයට උක්ත සඳහන් කරුණු හා නිදසුන් තුළින් අමාවතුර කතුවරයා අවස්ථා හා සිද්ධි නිරූපණය කිරීම ඉතාමත් මැනවින් සිදුකළ බව නොරහසකි.



Key words 

අගුල්මල් දමනය විචාරය 04

අගුල්මල් දමනය විචාර ප්‍රශ්ණ 04

අගුල්මල් දමනය අවස්ථා හා සිද්ධි නිරූපණය 

අගුල්මල් දමනය අවස්තා හා සිද්දි නිරූපණය 

අමාවතුර අවස්ථා සිද්ධි නිරූපණය විචාර

අගුල්මල් දමනය විචාර pdf

අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විචාර

අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විචාර pdf


Comments