Skip to main content

පන්සිල් සුරකින යහපත් සමාජයක් බිහි කරමු රචනාව

පන්සිල් සුරකින යහපත් සමාජයක් බිහි කරමු

සදාචාරවත් සමාජයක් බිහිවීම සඳහා පදනම වන්නේ ආචාර ධර්මයි. එවැනි සමාජයක් ගොඩනඟා ගැනීමට අපිට උපදෙස් දෙන විශිෂ්ට මාර්ගය නම් පන්චසීලය යි. ගිහියාගේ නිත්‍ය සීලය පන්චසීලය යි. පන්සිල් සුරකින සමාජයක මිනිසුන් අතර සමභාවය, ගෞරවය සහ සාමකාමී වාතාවරණයක් බිහි වෙයි. සාමය, ආරක්ෂාව සහ විශ්වාසය බිහි වෙයි.

පන්සිල් සුරකින සමාජයක මිනිසුන් තවත් ජීවීයෙකුට හානියක් නොකරන නිසා, බිය සහ අනාරක්ෂිත හැගීම නොමැතිව ජීවත්විය හැක. සත්‍යය හා ගෞරවය පදනම් කරගත් සන්නිවේදනය සමාජය තුළ විශ්වාසය වැඩි කරයි. මෙවන් සමාජයක දරුවන් යහපත් මූලධර්මයන් යටතේ වැඩෙන අතර, ඔවුන් අනාගතයේ යහපත් පුරවැසියන් බවට පත්වෙති.

එමෙන්ම අද කාලයේ වංචා, දූෂණය, මත්ද්‍රව්‍ය භාවිතය වැනි සමාජ අපරාධ වැඩිවීම වැළැක්විය හැක්කේ පන්සිල් වලට නියමව ජීවත් වීමෙනි.

පංචසීලයට අනුව සියළු දෙනා පර පන නොනසන සමාජයක තම ජීවිතය පිළිබද අවධානමක් කිසිවෙකුහට නොපවතී. කිසිවෙක් හෝ තමාට හිරිහැර, ඝාතන එල්ල කරාවි යැයි සැක සහිතව පීඩා නොවිදියි.

පංචසීලයට අනුව ජීවත්ව අන්සතු දේ සොරකම් නොකරන සමාජයක කිසිවෙකු හෝ තමා සතු දේ පිළිබද බියෙන් පසු නොතැවෙයි. කාමයෙහි වරදවා හැසිරීම හෙලා දකින තැනැත්තා තම පවුල් සන්ස්ථාව යහපත් ලෙස රැක බලා ගනියි. සියලු දෙනාගේ ගෞරවයට පාත්‍ර වෙයි. 

එමෙන්ම මුසා නොදොඩන තැනැත්තා සමාජයේ සියලු දෙනාගේම විශ්වාසය දිනා ගනියි. සුරා පානය නොකරන්නා තම අන්තර්පුද්ගල සබදතා රැකගන්නා සේම තම සිරුර නීරෝගීව පවත්වාගෙන වැඩි කාලයක් ආයු වළදයි.

එබැවුන් පන්සිල් සුරැකීම පෞද්ගලිකව හුදෙක් තමාට පමණක් සීමා නොවෙයි. එය පවුලේ සිට සමාජය දක්වා දිවෙන වගකීමකි. දෙමාපියන් දරුවන්ට පන්සිල්වල වටිනාකම ඉගැන්විය යුතුය. පාසල්වලද මෙය ව්‍යාප්ත කළ යුතු අතර, උගතුන් විසින් මෙහි ඇති වටිනාකම සමාජයට පෙන්වාදිය යුතුය.

- ආලෝකා සයුරංගි -

Comments