Skip to main content

විදුලි බලය ගැන රචනාව

විදුලි බලය

විදුලි බලය නූතන යුගයේ ජීවිතයේ අත්‍යවශ්‍යම සම්පතක් ලෙස සැලකිය හැකි බලශක්ති මූලාශ්‍රයකි. විදුලි බලය නොමැතිව අද ජීවිතය පවත්වාගෙන යාම සෘජුවම අසීරු වනු නිසැකය. දිනෙන් දින ව්‍යාප්ත වන නගරීකරණය, කාර්මිකරණය, තාක්ෂණය, වාහන ක්ෂේත්‍රය, වෛද්‍යය කටයුතු, අධ්‍යාපනය, ගෘහස්ථ කටයුතු ආදි සියල්ලම විදුලි බලය මත අධික ලෙස රඳා පවතී. විදුලි බලය නිපදවීමට භාවිතා කරන්නේ විවිධ බලශක්ති මූලාශ්‍රයන් ය. ජල බලය, තාප බලය, සුළං බලය, සූර්ය බලය සහ ජෛව ඉන්ධන ඊට අයත් වේ.

විදුලි බලය සම්බන්ධ පළමු සොයා ගැනීම 18 වන සියවසේදී සිදු විය. තෝමස් අල්වා එඩිසන් විසින් විදුලි බල්බය හඳුන්වා දීමත්, නිකොලා ටෙස්ලා, මයිකල් ෆැරඩේ වැනි විද්‍යාඥයන්ගේ දායකත්වයත් මගින් විදුලිය කෙමෙන් කෙමෙන් මිනිසාගේ එදිනෙදා ජීවිතයට එකතු විය.

අද කාලයේ අපගේ දිනපතා කටයුතු වලින් වෙන්කල නොහැකි වූ මෙවලමක් ලෙස විදුලි බලය හැඳින්විය හැක. විදුලි උපකරණ, විදුලි ආලෝකය, රූපවාහිනි, රේඩියෝ සන්නිවේදනය, ජංගම දුරකථන, පරිගණක, ගෘහභාණ්ඩ, විදුලි වාහන, වායු සමීකරණ, රෝහල් උපකරණ ආදී සියල්ලම විදුලි බලය මත රදා පවතියි.

ලංකාවේ ප්‍රධාන ලෙස ජලාශ්‍ර මත පදනම්ව ජල විදුලි බලාගාර මගින් විදුලිය නිපදවයි. අමතරව ආදේශක ලෙස ගල් අඟුරු භාවිත වන තාප විදුලි බලාගාර පවත්වාගෙන යයි. නමුත් ගල් අඟුරු වැනි ක්ෂය වන සම්පත් වෙනුවට පුනර්ජනනීය ශක්ති ප්‍රභව වන සූර්ය ශක්තිය, සුළග ශක්තිය, මුහුදු රළ වල ශක්තිය වැනි විකල්ප විදුලි ශක්තීන් ද උත්පාදනයට උත්සාහ කරීම සහ ප්‍රවර්ධන අතිශය වැදගත් වේ.

තවද අද අප දැන ගතයුතුම කරුණක් වන්නේ විදුලි බලය සුරැකීමය. විදුලි බලය අතිරික්තව භාවිතා කිරීමෙන් සම්පත් අපවර්ධනය සිදුවේ. විදුලි පන්කා, රූපවාහිනි වැනි උපකරණ අවශ්‍ය නැති විට අක්‍රිය කිරීම, LED බල්බ භාවිතය, ශක්ති සුරැකුම් උපකරණ භාවිතය වැනි ක්‍රියාවලි මගින් විදුලිය සුරැකිය හැක.

එමෙන්ම විදුලිය අනිසි ලෙස භාවිත කිරීමෙන් විශාල අනතුරු ඇතිවිය හැක. විදුලි වැදීම්, ගිනි ඇතිවීම, ජීවිත හානි වැනි අනතුරු සිදුවිය හැක. ඒ නිසා විදුලි උපකරණ නිවැරදිව භාවිතා කිරීම ඉතා වැදගත්ය.

කර්මාන්ත ශාලා, නිෂ්පාදන මධ්‍යස්ථාන, ව්‍යාපාරික ආයතන, ගබඩා ආදිය දිනපතා විදුලි බලය මත රඳා පවතී. විදුලිය නැතිව එවැනි ක්‍රියාකාරකම් නිරතුරුව පවත්වාගෙන යාම දුෂ්කර වේ. 

අධ්‍යාපන ක්ෂේත්‍රයද විදුලි බලයට සෘජුවම සම්බන්ධය. ඉගෙනීම සඳහා විදුලි උපකරණවල භාවිතය ඉතා වැදගත් වී ඇත. Zoom, Google Classroom, Smart Boards වැනි මෘදුකාන්ග යෙදුම් මගින් සරසවි හා පාසල්වල ඉගෙනුම් ක්‍රියාවලිය පහසු කර ඇත. ඒවා ක්‍රියාත්මක වන්නේ විදුලිය මගින් ක්‍රියා කරන යන්ත්‍ර පද්ධති මත පදනම්වය.

එමෙන්ම දිනෙකදී සිදු කරන ගෘහස්ථ කටයුතු වලදී ශීතකරණ, බත් පිසිනය, විදුලි පන්කාව, රූපවාහිනිය, රෙදි සේදුම් යන්ත්‍රය වැනි උපකරණ භාවිතාවෙන්නේ විදුලිය මතය. එමගින් අද වන විට විදුලිය නැතිව ගෘහස්ථ ජීවිතය අසීරු තත්වයකට පත්ව තිබේ.

අද වෛද්‍ය ක්ෂේත්‍රය ද විදුලි බලය මත බෙහෙවින් රඳා පවතී. ICU, ventilator, ECG, MRI, X-ray, ultrasound යන උපකරණ ක්‍රියාත්මක වන්නේ විදුලිය මතය. එමෙන්ම බොහෝ නවීන වෛද්‍ය ක්‍රම ආදිය ද විදුලියෙන්ම ක්‍රියාත්මක වේ.

ඒ අනුව විදුලි බලය වඩාත් වටිනා සම්පතක් වන අතර, එය විකසනය, සංවර්ධනය සහ ආරක්ෂාව තහවුරු කිරීම අත්‍යවශ්‍යය. එය වඩාත් ඵලදායිව භාවිතා කිරීමත්, පරිසරයට හානියක් නැති ලෙස භාවිතයත් අපගේ වගකීමකි.

- ආලෝකා සයුරංගි - 

Comments