Skip to main content

Posts

පරිසර හිතකාමි ජීවන රටාවක් රචනාව

පරිසර හිතකාමි ජීවන රටාවක් අද ලෝකය මුහුණ දී සිටින විශාලතම අභියෝගවලින් එකක් වන්නේ පරිසර විනාශයයි. වායු දූෂණය, ජල දූෂණය, වනාන්තර විනාශය, දේශගුණික වෙනස්වීම් වැනි ගැටලු දිනෙන් දින තදින් බලපාමින් ඇත. මේ සියල්ලටම ප්‍රධාන හේතුව වන්නේ මිනිසාගේ ස්වභාවික සම්පත් අධික භාවිතය හා අව භාවිතයයි. එවැනි පසුබිමක, පරිසර හිතකාමි ජීවන රටාවක් අනුගමනය කිරීම අද කාලයේ අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇත. පරිසර හිතකාමි ජීවන රටාවක් යනු, ස්වභාවධර්මයට හානි නොකර, සම්පත් වගකීමෙන් භාවිතා කරමින්, අනාගත පරපුර වෙනුවෙන් පෘථිවිය ආරක්ෂා කරගැනීමේ ජීවන ක්‍රමයකි. මෙය විශාල ව්‍යාපෘති හෝ රජයේ පමණක් වගකීමක් නොව, පුද්ගල මට්ටමින් ආරම්භ විය යුතු ක්‍රියාවලියකි. අපගේ දෛනික ජීවිතයේ කුඩා පියවර වලින් පරිසරය රැක ගැනීම ආරම්භ කළ හැක. උදාහරණයක් ලෙස, පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම ඉතා වැදගත්ය. එක් වරක් භාවිතා කර ඉවතලන දෑ වෙනුවට නැවත භාවිතා කළ හැකි බෑග්, බෝතල්, භාජන භාවිතා කිරීමෙන් විශාල පරිසර ආරක්ෂාවක් සිදු කළ හැක. එමෙන්ම කසළ වර්ග කර, කාබනික කසළ පොහොර ලෙස භාවිතා කිරීමත්, නැවත ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය වෙනම එකතු කිරීමත් වැදගත් වේ. ජලය...

යහපත් සමාජීය සබඳතා පවත්වා ගැනීමේ වැදගත්කම

යහපත් සමාජීය සබඳතා පවත්වා ගැනීමේ වැදගත්කම මනුෂ්‍යයා යනු සමාජීයව වෙසෙන ජීවියෙකි. ඔහුට තනිව ජීවත් වීමට නොහැකි අතර, උපතේ සිට මරණය දක්වාම ඔහුගේ ජීවිතය සමාජය සමඟ බද්ධව පවතියි. පවුල, මිතුරන්, ගුරුවරුන්, අසල්වැසියන් හා සමාජයේ විවිධ පුද්ගලයන් සමඟ ඇති සම්බන්ධතා මිනිස් ජීවිතය ගොඩනගා ගැනීමට මහත් ලෙස බලපායි. ඒ නිසාම යහපත් සමාජීය සබඳතා පවත්වා ගැනීම පුද්ගලයාටත්, සමාජයටත් අතිශයින් වැදගත් කරුණක් බවට පත්වෙයි. පළමුවෙන්ම සමාජීය සබඳතා මනුෂ්‍යයාගේ මානසික සෞඛ්‍යයට ඇති බලපෑම ගැන අවධානය යොමු කළ යුතුය. මනුෂ්‍යයාට ආදරය, අවබෝධය, සහය හා පිළිගැනීම අවශ්‍ය වේ. යහපත් සමාජීය සබඳතා පවත්නා විට, පුද්ගලයා තනිව නොමැති බවක් දැනෙයි. එය මානසික ආතතිය සහ මානසික අවපීඩනය අවම කරයි. මිතුරන් හෝ පවුලේ අය සමඟ තම ගැටලු බෙදා ගැනීමට හැකි වීම, ජීවිතයේ අභියෝග ජයගැනීමට මහත් ශක්තියක් ලබාදෙයි. එමඟින් පුද්ගලයාට ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමටද හැකි වේ. ඊට අමතරව, යහපත් සමාජීය සබඳතා පුද්ගල චරිත සංවර්ධනයට ද වැදගත් වේ. අන් අය සමඟ ජීවත් වන විට, ඉවසීම, ගෞරවය, කරුණාව, සහයෝගය, සහ අනුකම්පාව වැනි ගුණාංග අප තුළ වර්ධනය වෙයි. විවිධ අදහස්, සංස්කෘතීන් සහ පසුබ...

ඉවසීම ජයග්‍රහණයට මග වේ රචනාව

ඉවසීම ජයග්‍රහණයට මග වේ මිනිස් ජීවිතය යනු සරල, සෘජු මාර්ගයක් නොවේ. එය බොහෝ විට අභියෝග, පරාජය, වේදනා සහ අසාර්ථක අවස්ථා වලින් පිරුණු ගමනකි. මෙම ගමන තුළ මිනිසාට මුහුණ දීමට සිදුවන බාධක සහ අභියෝග ජයගැනීමට අත්‍යවශ්‍ය ගුණයක් ලෙස ඉවසීම සැලකිය හැක. ඉවසීම නැති ජීවිතයක් අතහැර දැමූ සිහින වලින් හා උත්සාහයන්ගෙන් පිරී යන අතර, ඉවසීම ඇති ජීවිතයක් ජයග්‍රහණයට මාර්ගය සලසයි. එබැවින් “ඉවසීම ජයග්‍රහණයට මග වේ” යන වාක්‍යය ප්‍රායෝගික ජීවිතය තුළ සත්‍යයක් ලෙස සැලකිය හැක. ඉවසීම යනු කේන්තිය, හදිසි තීරණ සහ අපහසු තත්වයන්ට නොඇදෙමින්, සන්සුන් සිතින් දුෂ්කරතා හමුවේ දෘඪව සිටින හැකියාවයි. එය දුර්වලත්වයක් නොව, විශාල මානසික ශක්තියකි. බොහෝ දෙනා ඉවසීම දුර්වලතාවයක් ලෙස වැරදි ලෙස හඳුනා ගත්තද, ඇත්ත වශයෙන්ම එය විශාල ආත්ම ශක්තියක් ඇති පුද්ගලයෙකුගේ ලක්ෂණයකි. කාලයට, උත්සාහය සහ විශ්වාසය එක්කර ගනිමින් ඉදිරියට ගමන් කිරීම ඉවසීමේ සැබෑ අරුතයි. අධ්‍යාපන ක්ෂේත්‍රය දෙස බැලූ විට ඉවසීමේ වටිනාකම පැහැදිලිව දක්නට ලැබේ. විභාගවල අසාර්ථක වීම්, අඩු ලකුණු ලැබීම, හෝ අකමැති විෂයයන් සමඟ සටන් කිරීම සිසුන්ගේ ජීවිතයේ සාමාන්‍ය අත්දැකීම් වේ. එවැනි අවස්ථාවලදී...

අපේ කුඹුරේ ගොයම් කැපූ දා

අපේ කුඹුරේ ගොයම් කැපූ දා එදා අපේ ගෙදර බොහෝ කලබලකාරී තැනක් විය. අම්මා, අප්පච්චී එක්ක අපි හැමෝම උදෙන්ම කුඹුරට ගියේ මද්දහන වන්නට පෙර හැකි තරමක් ගොයම් කැපීමට ය. ආච්චි අම්මා ගෙදර නැවතුනේ වැඩ කරන අයට කෑම ලෑස්ති කරන්නටයි.  ගිය සුමානයේ හේරත් මාමලගෙ කුඹුරේ ගොයම් කපන්න අපි ගියා වගේම හේරත් මාමලත් අපේ කුඹුරේ ගොයම් කැපිල්ලට ඇවිත් හිටියේ පවුලේ හැමෝම එක්කයි. 'අත්තම' කියන්නේ ඒ විදියට ශ්‍රමය හුවමාරු කර ගන්න එක බව අම්මා මට කියලා දුන්නේ බොහොම ඉස්සරයි. ගොයම් කැපිල්ල ආරම්භ විය. අම්මත්, සෝමා නැන්දත්, යශෝ අක්කත් ඇතුළු ගැහැණු උදවිය තාලෙට ගොයම් කවි කියමින් ගොයම් කැපුවා. ඒ කවි අහගෙන ඉන්න ආසයි. වෙල් යාය පුරාවටම ඒ ලස්සන ගොයම් කවිවල රාවය පැතිරුණා. වැඩිහිටි අය ගොයම් කපන අතරේ මමත් මල්ලිත් වක්කඩෙන් වැටෙන වතුර එක්ක සෙල්ලම් කළේ අම්මගෙ, අප්පච්චිගේ ඇස් අපෙන් ඉවතට ගියාමයි. ඉර ටිකින් ටික මුදුන් විය. බැලූ බැල්මට ගොයම් කපන උදවියට දැන් නම් මහන්සි පාටයි. ' ආ අම්මා ඇඹුලත් අරන් ඇවිත් ' අම්මා කිව්වේ කෑමත් අරගෙන කුඹුරට එන ආච්චි අම්මව දැකලයි. "ඇයි අම්මේ කෑම වලට එහෙම කියන්නේ? " ඒ වචනය අහලා තිබුණත් තේරුමක් ...

නායයෑම් ගැන රචනාව

නාය යෑම් වලින් ආරක්ෂා වෙමු දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දැඩි වර්ෂාවෙන් අධික ලෙස ජීවිත හානි සිදු වූයේ ගංවතුර නිසාවෙන් නොව නායයෑම් වලට හසු වීම නිසාවෙනි. ඊට ප්‍රධාන හේතුව වන්නේ ගංවතුර දැමීමේදී ජල කද තරමක් සෙමින් ගොඩබිම ආක්‍රමණය කරන නමුත් නායයෑමකදී එකවරම කදුකරය බෑවුම දෙසට ඒම නිසාවෙනි. කෙසේ නමුත් එලෙස එකවර නායයෑමට අවම පැය කිහිපයකට පමණවත් පෙර සිට යම් යම් සුළු අනතුරු ඇගවීම් පරිසරය විසින් අපට දෙනු ලබයි. නිවෙස් වල බිත්ති හා පොළොව අතර ස්ථරයෙන් මඩ වතුර ගලා ඒම නායයෑමේ මූලික අනතුරු ඇගවීමේ ලක්ෂණයකි. පරිසරයෙන් ලබාදෙන ස්වභාවික අනතුරු ඇගවීම් වලට අමතරව රජයේ වගකිව යුතු ආයතන මගින් නායයෑමේ අවධානම් ඇති පෙදෙස් වල ජනතාවට රතු නිවේදන නිකුත් කර ඇති නමුත් බොහෝ දෙනා එම අනතුරු ඇගවීම් මායිම් කර නැත. එම පෙදෙස් වල ජනයා ඒවා නොසලකා හැරීමෙන් වැළකී ආරක්ෂිත ස්ථාන වලට කල් වේලා ඇතුව ගොසින් සිටියා නම් හානි වූ ජීවිත ප්‍රමාණයෙන් හරි අඩක්ම සුරැකෙන්නට ඉඩ තිබුණි. නායයෑමේ සම්භාවිතාව පොළොවේ ස්ථායි බව මත රදා පවතියි. කදුකර පෙදෙස් ස්වභාවයෙන්ම තැනිතලා බිම් වලට සාපේක්ෂව ස්ථායි බවින් අඩු අතර එම පෙදෙස් වල ගස් කැපීම, යටිබෝග වගාවන් ...

දිට්වා සුළි කුණාටුව ගැන රචනාව

ලක්දිව ජලයෙන් යට කළ දිට්වා  පසුගිය දිනවල ශ්‍රී ලංකාවට බලපා තිබූ අහිතකර කාලගුණය කෙතරම් විනාශකාරීද යන්න අපි සියලු දෙනා දුටුවෙමු. ඒ සියල්ල සිදුවූයේ දිට්වා නම් විනාශකාරී සුළි කුණාටුව නිසාවෙනි. එය නොවැම්බර් මස අවසන් දින කිහිපය තුළ ශ්‍රී ලංකාවටත් දෙසැම්බර් මස මුල් දින කිහිපයේ ඉන්දියාවටත් විශාල හානි රැසක් සිදු කළේය.  ඊට අමතරව තවත් දකුණු ආසියාතික රටවල් කිහිපයකටම මෙම දිට්වා සුළි කුණාටුව නිසාවෙන් දැඩිලෙස හානි සිදුවිය. ඒ අතර දහස් සංඛ්‍යාත ජීවිත හානි මෙන්ම දේපල හානි ද විය.  මෙම සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට එම දින කිහිපය පුරාවට අධික වැසි හා සුළන් ඇති වූ අතර ශ්‍රී ලංකාවේ දකුණු පළාත හැර අනෙකුත් සියලුම පළාත් මෙම ව්‍යසනයට මැදිවිය.   අධික වැසි හමුවේ නමුත් ජලාශයක්, වැවක් හෝ කිසිදු විශාල ජල මූලාශ්‍රයක්වත් නොමැති පළාත් පවා ජලයෙන් යට වීම අහම්බයක් නොවේ. ඊට නිසි ලෙස නඩත්තු නොවූ කාණු පද්ධතිය ඇතුළු ඇල මාර්ග ද ඇතැම් විට හේතුවක් වන්නට ඇත. එලෙස ශ්‍රී ලංකාවේ පළාත්, දිස්ත්‍රික්ක බෙදීමකින් තොරව මුලු ලංකාවම ජලයෙන් යට විය. මෙම ව්‍යසනය හමුවේ මහා මාර්ග, පාලම්, පොදු දේපල, වාහන, නිවෙස් ඇතුලු ...

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ගැන රචනාව

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්, කෝට්ටේ යුගයේ විසූ පඬිවරයෙක්, කවියෙක්, යකැදුරෙක් මෙන්ම භාෂා ගණනාවක ප්‍රගුණතාව ද හෙබවූ හිමි නමකි. උන් වහන්සේ තොටගමුවේ විජයබා පිරිවෙනෙහි පිරිවෙන්පතිව වාසය කර ඇති අතර භාෂා ගණනක් ප්‍රගුණ කර ඇති නිසාවෙන් සහ දැනුම් සම්භාරයකින් යුක්ත වූ නිසාවෙන් ෂඩ්භාෂා පරමේශ්වර, ත්‍රිපිටකාචාර්‍ය ලෙස හදුන්වා දී ඇත. මුන් වහන්සේ ක්‍රි.ව. 1408 වසරේ දී වික්‍රමබාහු නම් කුමරෙකුට දාව සීලවතී නම් කුල කුමරියකගේ කුසින් මෙලොව එළිය දුටුවේ දෙමටාන නම් ග්‍රාමයේ දීය. කුඩා කළම සිදුවූ තම පියාගේ අභාවයෙන් පසුව මව වූ සීලවතී කුමරියව, සිරි පැරකුම් රජු විසින් තම බිසෝ තනතුරේ තබා ගත් අතර 'දෙමටාන කුමරු' නමින් හැදින්වූ මේ බිළිදාව ද තම පුත් ලෙසම හදාවඩා ගත්තේ ය. වීදාගම තෙරුන්ගේ ශිෂ්‍යයෙකු වූ දෙමටාන කුමරුන් කුඩා කළම පැවිදි දිවියට පා තැබූයේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි යන නමිනි. එමෙන්ම උන් වහන්සේ කුඩා කළ පටන්ම තමන් වහන්සේගේ නුවණේ මහිමය පෙන්වීමට ද සමත්කම් දැක් වූයේ ය. කෙසේ නමුත් රාහුල හිමියන් තම රජ පවුල සමග තිබූ සබදතා අත් නොහළ අතර පසු කළෙක සිරි පැරකුම් රජු විසින් තම උපදේශක තනතුර ද ර...

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ගැන රචනාව

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි දකුණු පළාතේ බලපිටියේ මොහොට්ටිවත්ත නම් ග්‍රාමයේ දී, අසනේරිස් මැන්දිස් නම් තැනැත්තාට දාව සීනිගම කලුදුර මිල්ඩෝ ද සිල්වා මැතිණිය විසින් මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද හිමියන්ට මෙලොව එළිය දැකීමේ භාග්‍ය හිමි කර දුන්නේ මිගෙල් මැන්දිස් යන ගිහි නමෙනි. ඒ 1823 වසරේ පෙබරවාරි 09 වැනිදා ය. ගිහි කළ බලපිටිය සුභද්‍රාරාමාධිපති වූ බලපිටියේ ගුණරතන ස්වාමීන් වහන්සේගෙන් අධ්‍යාපනය හැදෑරූ මිගෙල් මැන්දිස් දොළොස් වස සපිරීමේදී ප්‍රථම වරට පැවිදි දිවියට ඇතුලත් වූයේ මොහොට්ටිවත්තේ ගුණනාන්නද හිමි යන නාමයෙනි. මේ හිමියන්ගේ නාමය බොහෝ දැන් වලදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ලෙස ද හදුන්වනු දැකිය හැකි වේ. පැවිදි දිවිය තුළදී ද බලපිටියේ ගුණරතන ස්වාමීන් වහන්සේගෙන් සහ තෙලිකඩ පියරතන ස්වාමීන් වහන්සේගෙන් තම අධ්‍යාපන කටයුතු හදාරා ඇත. කෙසේ නමුත් පසු කළෙක මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් නැවත වරක් උපැවිදි වන්නේ තම පියාගෙ අභාවත් සමග මව රැකබලා ගැනීමේ අවශ්‍යතාව මතු වූ බැවිනි. පසුව නැවත වරක් පැවිදිව 1874 දී උපසම්පදාව ලබා ඇත. දෙවන වර පැවිද්දෙන් පසුව අධ්‍යාපනය හදාරා ඇත්තේ තෙලිකඩ සෝනුත්තර ස්වාමීන් වහන්සේ යටතේ ය. එහිදී...

පොල් හොරා

පොල් හොරා "පුතේ දිනෙත්... තේ ඩින්ග බීලා ලෑස්ති වුනා නම් හොදයි නේද දැන්"   දිනෙත්ගෙ දවල් කෑමට කිරි අල ටිකක් ඔතන ගමන් හිටපු ආච්චි කුස්සියේ ඉදන්ම කෑ ගැහුවා.  " හරි හරි ආච්චී මන් ලෑස්ති වෙලත් ඉවරයි. අද ක්‍රීඩා සර් කිව්වා හරියටම 6.30 වෙනකොට පිට්ටනයට ඇවිත් ඉන්න කියලා"  වෙනදටත් වැඩිය කලින් ලෑස්ති වෙලා ගෙදරින් එළියට බහින ගමන් දිනෙත් කිව්වා. " ඒ මොන එහෙකටද මයෙ පුතේ."  "අනේ මන් දන්නෑ ආච්චියේ. මන් හිතන්නේ මේ පාර පළාත් තරග වලට යන්න ළමයි තෝරනවා." එහෙම කියපු දිනෙත් එක පිම්මට වැට පැනලා දිව්වේ හරිම උද්‍යෝගයෙන්. " ආ මේ කෑම එක අරන් යන්න මයෙ පුතේ" ආච්චි අම්මා කෑ ගැහුවා. ඒ වෙනකොටත් සෑහෙන දුර ගිහින් තිබුණත් දිනෙත් ආපහු ඇවිත් කිරි අල පාර්සලේ අරගෙන ගියේ ආච්චිගෙ මහන්සිය අපතේ යවන්න බැරි හින්දයි. දිනෙත් එයාගෙ ආච්චි එක්ක ජීවත් වෙන්නේ කටුමැටි වලින් හදපු පුංචි ගෙදරක. දිනෙත්ගේ අම්මයි තාත්තයි දිනෙත් පුංචි කාලෙම නැතිවෙලා තියෙන්නේ හදිසි අනතුරකින් කියල තමයි ආච්චි නම් කියන්නේ. දිනෙත් පිට්ටනියට යන කොටත් ළමයින්ගේ කසු කුසුව. දිනෙත් කෙලින්ම ගියේ එයාගෙ හොදම යාලුවා වුන චලන ගාව...

පෙමතො ජායතී සෝකෝ විචාරය 12

අධිෂ්ඨාන පරවශ භාවයත් මිනිස් සිත්වල ඇති ගූඪ හා සංකීර්ණ ස්වරූපයත් මැනවින් විවරණය කිරීමට සරච්චන්ද්‍රයෝ උත්සාහ ගත්හ. පෙමතෝ ජායති සෝකෝ නාට්‍ය ඇසුරෙන් සාකච්ඡා කරන්න. ශ්‍රී ලාංකේය සිංහල සාහිත්‍යයේ නාට්‍ය අංශයේ නව ප්‍රබෝධයක් සනිටුහන් කළ මහාචාර්ය ඉදිරවීර සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කර ඇති මෙම අගනා නිර්මාණය ගම්පොළ යුගයේ දෙවන ධර්ම කීර්ති හිමි විසින් රචිත සද්ධර්මාලංකාරයෙහි එන ස්වර්ණතිලකා කතා වස්තුව මෙයට වස්තු බීජය කර ගත්තද ස්ත්‍රිය තුළ පවත්නා පාරම්පරික යති දෘෂ්ටිය නිසේදනය කරමින් ගුරු සිසු භූමිකා ඔස්සේ විවිධ පැතිකඩවල් කරා රැගෙන යාමට කතුවරයා මහත් වෙහෙසක් දරා ඇති බව මනාව ස්පුට වේ. මෙහිදී මෙම නිර්මාණය තුළ අධිෂ්ඨාන පරවශභාවය එනම් අධිෂ්ඨානය මත ඇළුනු බැඳුනු ස්වභාවයත්, මිනිස් සිත් වල ඇති ගූඪ එනම් අභිරහස් හෝ ගුප්ත ස්වභාවයත් සංකීර්ණ ස්වරූපයත් මනාව සරච්චන්ද්‍රයන් විසින් විදහා දැක්වීමට කටයුතු සිදුකොට ඇති බව මනාව පැහැදිලි වනු ඇත. මේ පිළිබඳ රසවින්දනාත්මක ලෙසත් විචාරාත්මක ලෙසත් විමසා බලන කල්හි ඒ පිළිබඳ මනාව කරුණු පෙළගස්වා ගත හැකි වනු ඇත. "ප්‍රිය සිසුනි සිදුවූයේ  විපතක්ය මට මහත්  නොදැනෙන්නේය පුවත් කිස...

මාර්ටින් වික්‍රමසිංහ මහතා ගැන රචනාව

මාර්ටින් වික්‍රමසිංහ මහතා හෙළයේ මහා ගත්කරු වන මාර්ටින් වික්‍රමසිංහයන්ගේ උපත 1890 වසරේ මැයි 29 වන දින කොග්ගල ග්‍රාමයේදී සිදු විය. එතුමාගේ පියා ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ නම් වූ අතර මව මාගල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි නම් විය. ඉතා සුන්දර මනරම් ග්‍රාමයක් වූ කොග්ගල ග්‍රාමයෙහි ගෙවූ කුඩා කාලය පසු කලෙක මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිර්මාණ වල තිබූ ප්‍රභාවය කෙරෙහි විශාල ලෙස බලපෑහ. වයස අවුරුදු පහේදී පමණ ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේගෙන් සිංහල ද, දේවනාගරී අක්ෂර ද උගත් අතර වයස අවුරුදු හතේදී ඔහුව ගමේ පාසලට ඇතුළත් කළේය. එතැන් සිට 1897 දක්වා එම පාසලේ ඉගෙනුම ලැබූ ඔහුව පසුව බොනවිස්ටා නම් ගාල්ලේ පිහිටි ඉංග්‍රීසි පාසලකට ඇතුලත් කෙරුණි. එහි වසර දෙකක් පුරාවට අධ්‍යාපනය ලැබූ මාර්ටින් වික්‍රමසිංහයන් ඉංග්‍රීසි බස ද, ලතින් බසද මනාව ඉගෙන ගත් හ. එම වසර දෙකට පසුව තම පියා මිය යාම නිසාවෙන් ඔහුව නැවතත් ගමේ පාසලට ඇතුළත් කළ නමුත් එතැන් සිට ඔහුගේ ඉගෙනීමේ උනන්දුව පහව ගොස් තිබුණි. කෙසේ නමුත් පසුව 1914 වසරෙදී ලීලා නම් නවකථාව සමගින් තම සාහිත්‍ය ජීවිතයට එළඹීමෙන් අනතුරුව 1919 දී ශාස්ත්‍රීය ලේඛන නම් සාහිත්‍ය විචාර ලිපි සංග්‍...

ඩෙංගු මර්දනය කරමු රචනාව

ඩෙංගු මර්දනය කරමු ඩෙංගු රෝගය යනු වෛරසයක් මගින් පැතිරෙන රෝගයකි. මෙය ඊඩ්ස් නම් ගණයට අයත් ගැහැණු මදුරුවෙකු හරහා පුද්ගලයාගෙන් පුද්ගලයාට ව්‍යාප්ත වෙයි. ආසාදිත පුද්ගලයෙකුට දෂ්ට කළ සාමාන්‍ය ඊඩ්ස් ගැහැණු මදුරුවෙකු තවත් නිරෝගී පුද්ගලයෙකුට දෂ්ට කිරීමෙන් මෙම රෝගය පැතිරේ. ඩෙංගු මදුරුවන් සාමාන්‍යයෙන් උදෑසන ඉර පායා පැය කිහිපයක් යන තුරු ද, ඉර බැස යාමට පැය කිහිපයක සිට ද ක්‍රියාකාරී වේ. ඩෙංගු උණ, සාමාන්‍ය උණෙන් වෙන් කර හදුනා ගැනීම අපහසු වේ. සාමාන්‍ය උණ බොහෝ විට කෙටි කලකින් සුව වන නමුත් ඩෙංගු උණ එලෙස ඉක්මනින් සුව නොවේ. එමෙන්ම මෙම රෝගය ආසාදනය වීමට විශේෂ අවදානම් සාධක අවශ්‍ය නොවන අතර ආසාදිත ඊඩ්ස් මදුරුවෙකු දෂ්ට කරන ඕනෑම අයෙකු මෙම රෝගයට භාජනය විය හැක. නමුත් පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණය, වයස හා ස්වභාවය මත රෝගය දරුණු වනවාද නැතිද යන්න තීරණය වේ. මෙම වෛරසය මගින් මිනිසාගේ රුධිරයේ ඇති රුධිර පට්ටිකා ආක්‍රමණය කරන බැවින් ප්‍රතිශක්තිකරණය දුර්වල වන අතර එනිසා වෙනත් රෝග වැළදීමට ඇති අවධානම ද ඉහළ යයි.  සාමාන්‍ය ලෙස ඩෙංගු උණ වැළදුනු අයෙකුට හිසරදය හා ඇස් යට වේදනාව, මස්පිඬු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය මෙන්ම සමෙහි රත...

සද්ධර්මරත්නාවලිය විචාරය-08

සද්ධර්මරත්නාවලිය විචාරය  රාගය, ආදරය, සෙනෙහ, මසුරුකම ආදී සුගුණ හා දුර්ගුණ ප්‍රකාශ කිරීම ධර්මසේන හිමියන්ගේ අභිප්‍රායයි. නියමිත කතා දෙක ඇසුරෙන් උදාහරණ සහිතව පැහැදිලි කරන්න. සිංහල සාහිත්‍යය නමැති සූර්යයා ප්‍රධාන කොට ගෙන එයින් ආලෝකය ලබන්නා වූ සෞම්‍ය චන්ද්‍රයා මෙන් සද්ධර්මරත්නාවලිය ද සද්ධර්මයට තෝතැන්නක් විය. සද්ධර්මරත්නාවලියෙන් වහනය වන්නාවූ සුගන්ධය මුළු සිංහල සාහිත්‍යම සුවඳවත් කරනු ඇත. දඹදෙණි යුගයේ ධර්මසේන හිමියන් විසින් රචිත මෙම අගනා ධර්ම රත්නයන්ගෙන් හෙබි කෘතිය සිංහල සාහිත්‍යයේ නවමු ලක්ෂණයක් සනිටුහන් කරන ලදී. උක්ත කරුණු විචාරාත්මක ලෙසත් රසවින්දනාත්මක ලෙසත්, විමසා බලන කල්හි සද්ධර්මරත්නාවලිය රාගය, ආදරය, සෙනෙහස, මසුරුකම ආදී සුගුණ මෙන්ම දුර්ගුණයන්ද ප්‍රකාශ කොට ඇති බව මනාව පැහැදිලි වනු ඇත. එය ධර්මසේන හිමියන් සතුව පැවැති දක්ෂතාවයක් ලෙසින් දැක්වීම නිවැරැදි වනු ඇත. මේ පිළිබඳ අපට නියමිත මට්ටකුණ්ඩලී සහ කුණ්ඩලකේෂී යන කතා වස්තු තුළින් එකිනෙක විමසා බලමු. සද්ධර්මරත්නාවලියෙහි එන කුණ්ඩලකේෂී කතා වස්තුව තුළින් ඉහත කරුණු සියල්ලක්ම පාහේ මනාව ඉස්මතු කර ඇත. මෙහිදී රාගය නිසාවෙන් අවසානයේ මිනිසා විනාශ මුඛයට ඇ...

අපේ ජාතික වීරවරු රචනාව

අපේ ජාතික වීරවරු අතීත ශ්‍රී ලංකාව බත බුලතින් ස්වයන්පෝෂිත සරුසාරවත් දිවයිනක් විය. එකළ මෙරට යහපත් රටවැසියන්ගෙන් සහ දැහැමි, ශක්තිමත් පාලකයින්ගෙන් සවිමත් යුත් සාඩම්බර ජාතියක් වාසය කළ හ. කුලු බඩු වලින්, අලි ඇතුන්ගෙන්, මුතු මැණික් වලින් මෙන්ම වටිනා සම්පත් රැසකින් සපිරි මේ දිවයිනට වෙනත් පිට රැටියන්ගේ ඇල්ම බැල්ම වැටීම අරුමයක් නොවුණි. එලෙස පෘතුග්‍රීසි, ලන්දේසී මෙන්ම ඉංග්‍රීසි ජාතීන්ද කලින් කලට මෙරට පාලනය අතට ගත් කළ මෙරට විසූ සිංහල ලේ දැරෑ මහා වීරයින් අවදි වූයේ හතු පිපෙන්නා මෙනි. ඒ අතර රාජකීයන්ට නෑකම් කියන්නෝ ද, සාමාන්‍ය ගැමියන් ද, කම්මල්කරුවන් ද, ගොවියන් ද, මෙරටට ප්‍රේම කළ විදේශික සිංහලයින් මෙන්ම චීවරදාරීන් ද විය. 1809 වර්ෂයේ මාර්තු 13 වැනිදා මෙලොව එළිය දුටු ගොන්ගාලේගොඩ බණ්ඩා හෙවත් වන්සපූර්ණ දේවගේ ඩේවිඩ් ඒ වීරවරයන් අතරින් එක් අයෙකි. මොහු 1848 වර්ෂයේ දී මාතලේ කැරැල්ලට නායකත්වය දුන්, ශ්‍රී වික්‍රම සර්වසිද්ධි නමින් රජ වූ පුද්ගලයා යි. ශ්‍රී ලාංකීය නිදහස් සටනේ මුලසුනක් හෙබවූ ගොන්ගාලේගොඩ බණ්ඩා 1849 දෙසැම්බර් මස 1 වන දින මලක්කාවේදී මෙලොවින් සමු ගත් හ. 1812 වර්ෂයේ නොවැම්බර් 07 වන දින උපත ලැබූ වීර හැන්...

පොත් කියවීමේ වැදගත්කම රචනාව

පොත් කියවීමේ වැදගත්කම පොත යනු මිනිසාගේ දැනුම, අත්දැකීම්, හැඟීම් හා සිතිවිලි ආදිය ලියවෙන හා තවත් මනුෂ්‍යයෙකුට  අත්දැකීම් හා දැනුම් සමුදායක් ලබාගත හැකි වටිනා මධ්‍යස්ථානයකි. මිනිසාගේ සංස්කෘතියේ වර්ධනය, අධ්‍යාපනයේ ප්‍රවර්ධනය සහ මානව වටිනාකම් රැකීම සඳහා පොත් කියවීම ඉතාමත් වැදගත් අංගයකි. විශේෂයෙන්ම නූතන තාක්ෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන යුගයක, පොත් කියවීමේ වැදගත්කම කෙරෙහි නැවත අවධානය යොමු කිරීම වටිනා දෙයකි. පොත් කියවීම මගින් මිනිසාට වටිනා කියන දැනුම් සම්භාරයක් ලබා ගැනිමටද හැක. විද්‍යාත්මක, සාහිත්‍යමය, ආගමික, විචාරාත්මක වශයෙන් විවිධ මාතෘකා යටතේ පොත් පවතින අතර ඒවා කියවීමෙන් පුද්ගලයෙකුගේ දැනුම පුළුල් වේ. ඉතිහාසය, භූගෝලය, තාර්කිකය, දේශපාලනය, විද්‍යාව, භාවනාව, ආර්ථිකය වැනි විෂය ක්ෂේත්‍ර වලට අදාල පොත් පත් කියවීම තුළින් එම ක්ෂේත්‍රයන් තුළ ගැඹුරු අවබෝධයක් ලබා ගත හැකිවීමත්, එමඟින් ප්‍රබුද්ධ ජීවිතයකට ළඟා විය හැකි වීමත් විශේෂත්වයකි. පොත් කියවීම මගින් මිනිසාගේ සිතුවිලි වල ගැඹුර වැඩිවේ. විවිධ මතභේදාත්මක පොත් කියවීම මඟින් විචාරාත්මක සිතක් සහ විශේෂ අවබෝධයක් ඇති කර ගැනීමට හැකියාව ලැබේ. පොත පත කියව...

මත් උවදුර රචනාව

මත් උවදුර අද නූතන සමාජය දැඩි අභියෝගයකට මුහුණ දෙමින් සිටියි. තාක්ෂණික ප්‍රවර්ධනය, වාණිජ සංකීර්ණතාවය, කාර්යබහුල ජීවිතය වැනි මූලික වෙනස්කම් මිනිසුන්ගේ හැසිරීම් ආකාරය හා ජීවන රටාව සදහා තදින් බලපායි. එමගින් ඇතැම් පිරිස් සදාචාරයෙන් හා නීතිමය සීමාවන්ගෙන් ඉවතට යමින් විනාශකාරී මාර්ගයකට ඇද වැටේ. ඒ අතර තරුණ පරපුර මූලික වේ.එවැනි භයානක මාර්ගයකින් එකක් වනුයේ “මත් උවදුර”යි. මත් උවදුර යනු මනසට හා සිරුරට විශේෂ බලපෑම් කරන, වසංගත වැනි ආකාරයෙන් පැතිරෙන, නීති විරෝධී හා සෞඛ්‍යයට අනිසි බලපෑම් ඇති කරන මත්ද්‍රව්‍යවලට බහුලව ඇළී සිටීමයි. මෙය පුද්ගලයෙකුගේ මෙන්ම සමාජයේ පරිහාණියට ද සෘජුවම හේතු වේ. මත්පැන්, හෙරොයින්, ගංජා, අයිස්, කොකේන් වැනි ද්‍රව්‍ය මෙයට අයත්ය. පසුගිය වසර කිහිපයේදී ශ්‍රී ලංකාව තුළද මෙම ගැටලුව දැඩිව පැතිරී ගොස් ඇති බව නොරහසකි. මත් උවදුරෙහි ව්‍යාප්තිය සඳහා සමාජමය, ආර්ථිකමය හා මානසික හේතු රැසක් බලපායි. විශේෂයෙන්, තරුණයන් අතර එය ව්‍යාප්ත වන්නේ අධ්‍යාපන හෝ රැකියා අවස්ථා නොමැතිවීම, පවුල් සබඳතා කඩා වැටීම, ආදර්ශ රහිත ජීවන රටාවන්, සහයෝගීතාවය නොමැති පරිසරය සහ විනෝදාස්වාදය පිළිබඳ වැරදි අවබෝධය මතය. මත් උවදුර ප...

ශ්‍රී ලංකාවේ අහිකුණ්ඨික ජනයා රචනාව

ශ්‍රී ලංකාවේ අහිකුණ්ඨික ජනයා අහිකුණ්ඨිකයන් යනු ශ්‍රී ලංකාවේ වෙසෙන සුලු ජන කොට්ඨාසයකි. ප්‍රධාන වශයෙන් ලංකාවේ උතුරුමැද පළාත, සබරගමු පළාත මෙන්ම නැගෙනහිර පළාත ආශ්‍රිතව වාසය කරන මොවුන් ඉන්දියාවේ කුරවර් නම් ගෝත්‍රයෙන් පැවත ලංකාවට සංක්‍රමණය වූ පිරිසක් ලෙස සලකයි. මොවුන්ට අපට මෙන් ස්ථිර වාසස්ථාන නොමැති අතර තැනින් තැන ඇවිද යමින් තාවකාලික වාසස්ථාන වල වෙසෙයි. පන්සිය පනස් ජාතක කථා පොතෙහි එන 'චම්ප්‍යෙය ජාතකයේ' මෙන්ම සද්ධර්මාලංකාරයේ එන 'අහිකුණ්ඨික වත්ථු' යන්නෙහිද මොවුන් ගැන සදහන් වන්නේ ගමින් ගම ඇවිද යමින් නයි හා රිලවුන් නටවමින් තම ජීවිකාව ගෙන ගිය අහිකුණ්ඨික නම් දරන ජන කොටසක් ලෙස ය. මොවුන්ගේ තාවකාලික වාසස්ථාන තැනින් තැන ගෙන යා හැකි පරිදි තල් කොළ වලින් නිමවා ගන්න අතර එය උසින් අඩි පහක් පමණ ද පළලින් අඩි හතක් පමණ මෙන්ම දිගින් අඩි නවයක් පමණ ද වේ. මොවුන්ගේ එදිනෙදා කටයුතු සදහා අවශ්‍ය මස්කත් නොහොත් පිහිය, රෝලු නොහොත් වන්ගෙඩිය, තාලේ නොහොත් බේසම, ඉරමන් නම් හිරමනය, සත් නොහොත් කුල්ල, පස්‍ රායි ලෙස හදුන්වන ඇඹරුම් ගල ආදී ලෙස ඔවුන්ටම ආවේණික බසකින් නම් තැබූ බඩු බාහිරාදිය සියල්ල මේ නිවෙස් තුළම ගබඩා ක...

මම සාරධර්ම වලින් පිරිපුන් දරුවෙක් වෙමි රචනාව

මම සාරධර්ම වලින් පිරිපුන් දරුවෙක් වෙමි සමාජයේ සාමකාමී සහ සාධාරණ පරිසරයක් ගොඩනඟා ගැනීම සදහා මිනිසා පවත්වාගෙන යා යුතු ප්‍රමුඛම පුරුද්ද සාරධර්මයන් රැකීම වේ. සාරධර්ම යනු සමාජයක ජීවත්වන පුද්ගලයින් අතර එකිනෙකාට ගරු කිරීම, කාර්යභාරයන් අවබෝධයෙන් ඉටු කිරීම, සාධාරණත්වය හා අවංකභාවය ආදී මනා ගුණාංගයකින් යුතුව හැසිරීමයි. මම ද පාසල් දරුවෙකු වශයෙන් සාරධර්ම පදනම් කරගෙන ජීවිතය ගත කරන්නෙමි.  සාරධර්මය මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය මූලික වටිනාකමකි. එය සමාජය තුළ සාමය, එකමුතුව, සහජීවනය ඇතිවීමට ඉවහල් වේ. සාරධර්මයන්ගෙන් තොර වු සමාජයක කිසිදු පුද්ගලයෙකුට නිදහසින්, ආරක්ෂාවෙන් සහ සතුටින් ජීවත්වීම අසීරු වේ. එබැවින් සාරධර්ම වර්ධනය විය යුත්තේ පුද්ගල මට්ටමෙන් ආරම්භ වෙමින් ය. මගේ පවුලේ වැඩිහිටියන් සාරධර්ම පිළිබඳව මට අගනා උපදෙස් දෙන ආදරණීය මිනිසුන්ගෙන් යුක්ත එකතුවකි. මගේ මව හා පියා මට නිතරම ගුණගරුක වීම, අවංකභාවය, උත්තම හැසිරීම, සහයෝගීතාවය, සහජීවනය ආදිය පිළිබඳව උගන්වයි. එමඟින් මම මගේ පවුලේ සාමය රැක ගැනීමට ද කැපවෙමි. ජ්‍යෙෂ්ඨයින්ට ගරු කිරීම, කුඩා ලමුන්ට හා සතුන්ට ආදරය කිරීම, වගකීම් නිසි ලෙස ඉටු කිරීම, පවුලේ සැලසුම්වලට සහභ...

සාමයේ අගය රචනාව

සාමයේ අගය  සාමය යනු එකිනෙකා කෙරෙහි ඇති සෙනෙහස, එකිනෙකා කෙරෙහි ඇති ගෞරවය, සහජීවනය හා කරුණාව පදනම් කරගත් වටිනා මානුෂීය ගුණයකි. මිනිසාගේ සතුට, සන්සුන්භාවය සහ සම්පූර්ණ ජීවිතයක් ගතකිරීම සඳහා සාමය අත්‍යවශ්‍ය කරුණකි. ආරක්ෂාව සහ නිදහස යන දෙකම සාමයට අනිවාර්ය සාධක වේ. සටන්කාමීත්වය, විරෝධතා, විනාශය හා මරණය ඇතිවෙන්නේ සාමය නැතිවිම නිසාවෙනි. සාමය පවතින සමාජයක ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි ක්ෂේත්‍ර සාර්ථකව වර්ධනය වේ. සාමය පිළිබඳව සෑම ආගමකම උගන්වනු ලබන්නේ ඒවායේ මූලික ධර්මයන් ලෙසය. බුදු දහම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම, හින්දු ආගම වැනි මනාව පිළිගත් ආගම් සියල්ලම සාමය උදෙසා පරිහරණය වේ. අපේ ඉතිහාසය තුළ සාමය නැතිවීමෙන් ඇති වූ විනාශයන් දැකගත හැකිය. පළවන ලෝක යුද්ධය හා දෙවන ලෝක යුද්ධය ද සාමයේ අහිමිවීම නිසා ඇති වූ අවාසියි. අවිධිමත් වෛර ගැටුම් මිනිස් ජීවිත විනාශ කරනවා පමණක් නොව සමාජ ව්‍යවස්ථාවද බිඳ දමයි. එම නිසා සාමය අපගේ ජීවිතයට මූලිකම අවශ්‍යතාවයක් වෙයි. සාමය පෞද්ගලික මට්ටමින් ආරම්භ වී සමාජ මට්ටම වෙත පුළුල් වන දෙයකි. පුද්ගලයෙකුගේ සිත තුළ සාමය පවතින විට පමණක් ඔහුට සමාජය සමඟ සාමකාමීව කටයුතු කළ හැකි වෙය...

ආතර් සී. ක්ලාක් මහතා ගැන රචනාව

ආතර් සී. ක්ලාක් මහතා ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මහතාගේ උපත 1917 දෙසැම්බර් 16 වන දින එංගලන්තයේ සමර්සෙට් ප්‍රාන්තයේ මයින්හෙඩ් නම් නගරයෙහිදී සිදුවිය.පසු කලෙක විද්‍යා ප්‍රබන්ධ රචකයෙකු, නව නිපැයුම්කරුවෙකු හා විද්‍යාඥයෙකු ලෙස ලොව සුපතල වූ මොහු ද්විතියික අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව අධ්‍යාපන මණ්ඩලයේ විශ්‍රාම වැටුප් අංශයේ විගණකවරයෙකු ලෙස රැකියාව කළේ ය. කුඩා කළ සිටම සගරා ලිපි ලිවීමට ඇල්මක් දැක්වූ ආතර් සී. ක්ලාක් මහතාගේ වෘත්තීය ලේඛන මගෙහි හැරවුම් ලක්ෂය වූයේ 1945 වර්ෂයේදී ඔහු විසින් ලියා පල කළ 'රැහැන් රහිත ලෝකය' නම් පුවත්පත් ලිපියයි. මෙතුමා භූ ස්ථාවර චන්ද්‍රිකා, රොකට් හා අභ්‍යවකාශ තරණය පිළිබද උනන්දුවක් දැක්වූ අතර ඒ සම්බන්ධ පොත් පත්ද ලියූ හ. 'ග්ලයිඩ් පාත්' නම් ඔහුගේ ජීවිත කතා පොතෙහි සදහන් වන පරිදි ඔහු දෙවන ලෝක යුද්ධ සමයේදී රාජකීය ගුවන් හමුදාවෙහි රේඩාර්වරයෙකු ලෙස කටයුතු කර ඇත. එකළ ඔහු භූමි පාලක පිවිසුම හා රේඩාර් විෂය සම්බන්ධව කටයුතු කර ඇත. වයස අවුරුදු 22 ක් සපිරෙන විට එනම් 1953 දී මැරිලීන් මේජීල්ඩ් නම් ඇමෙරිකානු කතක් සමග විවාහා විය. ලුප්හෝල (1946), රෙස්කියු පාටි (1946), ද සෙන්ටිනල...