ජලය සුරැකීම අපේ යුතුකමකි ජලය යනු මිනිස් ජීවිතයට අත්‍යවශ්‍යම ස්වාභාවික සම්පතකි. ජලය නොමැතිනම් මනුෂ්‍යයා පමණක් නොව, සතුන්, වෘක්ෂලතා හා සමස්ත පරිසර පද්ධතියම විනාශයට ලක්වනු ඇත. පෘථිවියේ පවතින ජලයෙන් බහුතරයක් ලවණ සහිත ජලය වන අතර, මනුෂ්‍යයාට භාවිත කළ හැකි පානීය ජල ප්‍රමාණය ඉතා සීමිතය. එබැවින් ජලය සුරැකීම අප සෑම දෙනාගේම වගකීමක් බව තේරුම් ගත යුතුය. අතීතයේ අපේ පුරාණ රජවරු පවා ජලයේ වටිනාකම හොඳින් අවබෝධ කරගෙන තිබුණි. ඒ නිසාම ඔවුන් වැව්, ඇළ මාර්ග ආදී විශාල ජල කළමනාකරණ පද්ධති ගොඩනැගූහ. “ගමයි දාගැබයි, වැවයි පන්සලයි” යන පාඨයෙන් ඒ බව පසක් වෙයි. ඒ අනුව ඔවුන් රට පුරා වැව් පද්ධතියක් නිර්මාණය කරමින් වියළි කලාපයේ ජීවිත යහපත්ව පවත්වාගෙන යාමට හැකි වන පරිදි ක්‍රියා කළහ. මේ මඟින් පැහැදිලි වන්නේ ජලය සුරැකීම අපේ සංස්කෘතියේද අත්‍යවශ්‍ය කොටසක් වූ බවයි. නමුත් අද කාලයේ ජලය අපහරණය කිරීම, අනිසි ලෙස භාවිත කිරීම සහ ජල මූලාශ්‍ර විනාශ කිරීම වැඩි වෙමින් පවතී. නගරීකරණය, කාර්මීකරණය, වනාන්තර විනාශය සහ පරිසර දූෂණය නිසා බොහෝ ගංගා, වැව් හා උල්පත් දූෂිත වී ඇත. සමහර ප්‍රදේශවල පානීය ජලය හිඟ වීමත්, වියළි කාලවලදී ගොවි ජනතාවට දැඩි අපහ...
සිංහල විෂය සහ සාහිත්‍ය රසවින්දනය ඔප් නැංවීම සඳහා ඇති අවකාශයකි.