බණකතාකරුවාගේ සුවිශේෂී ලක්ෂණ පිළිබඳව පූජාවලියේ හමුවන ජීවක වෛද්‍ය වරයාගේ කතාව ඇසුරින් විමසන්න. භාරතය හා බුද්ධ කාලීන සමාජ තොරතුරු කැටිකොට ගත් පූජාවලිය ග්‍රන්ථය ලංකා ඉතිහාසය පිළිබඳව ද සුවිසල් තොරතුරු රැගත් ඓතිහාසික බෞද්ධ ග්රන්ථයක් ලෙස සැලකිය හැකිය. මහාවංශයේ පවා හමු නොවන ඇතැම් ඉතිහාස ගත තොරතුරු අන්තර්ගත බුද්ධපුත්‍ර හිමියන්ගේ මේ සුවිශේෂී ග්‍රන්ථය බණ කතා පොතක් වශයෙන්ද බෞද්ධයා හට ඉමහත් වැදගත්කමක් ඇති පුස්ථකයක් බව එහි අන්තර්ගත කතා වස්තු පරිශීලනයේ දී මනාව අවබෝධ වේ. පොලොන්නරුව යුගයේ දී ලියැවුණු අමාවතුර, බුත්සරණ වැනි බුදු ගුණ සාහිත්‍යයේ දිගුවක් ලෙස ද දඹදෙණි සාහිත්‍ය යුගයේ ලියැවුණු මේ පූජාවලිය හැදින්විය හැකි වනුයේ තථාගත සාම්‍යක් සම්බුදු රජාණන් වහන්සේගේ අරහං බුදු ගුණය විදහා දක්වමින් එය රචනා වී ඇති නිසාවෙනි. ප්‍රධාන ලෙසම බණ කතා ග්රන්ථයක් වශයෙන් වැදගත් වන මේ පූජාවලිය ග්‍රන්ථයේ එන ජීවක කතා වස්තුව අධ්‍යයනයේදී පෙනී යන බණකතාකරුවාගේ සුවිශේෂී කතා ලක්ෂණ කෙරෙහි මෙසේ අවධානය යොමු කර බලමු. පූජාවලියේ රචකයා වන මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර හිමියන්ට පමණක් නොව පූජාවලිය ග්‍රන්ථය රචනා කරන සමයේ දඹදෙණිය...
සිංහල විෂය සහ සාහිත්‍ය රසවින්දනය ඔප් නැංවීම සඳහා ඇති අවකාශයකි.