දේශීය නිෂ්පාදන භාවිතය රචනා
දේශීය නිෂ්පාදන භාවිතය අගයමු
"සිරිලක දේ සිරි සැප දේ "යන ඉතාමත් ප්‍රවීණ අදහසක් අතීත වැසියන් දරා ඇත්තේ මන්දැයි වර්තමානය දෙස ඉතාමත් විචාරශීලි විචක්ෂණ දෙනෙතින් නරඹනු ලබන ඕනෑම අයෙකුට ඉතාමත් සරලව පැහැදිලි වන කරුණකි. මන්ද වර්තමානයේ බොහොමයක් දෙනා භාවිත කරනු ලබන්නේ විදේශ ආහාරයන්ය. නමුදු ලංකාව තුළ පවතිනු ලබන අග්‍ර ගණයේ නිෂ්පාදන ඔවුන් ලබා නොගෙන විදේශ රටවලින් ආනයනය කරනු ලබන විස රසායනික ද්‍රව්‍ය ලබා ගනිමින් තම ශරීරය සඳහා අහිතකර තත්වයක් උදා කරගනු ලබයි.
පෙරදිග ධාන්‍යාගාරය ලෙසින් විරුදාවලියට පාත්‍ර වූ ඉන්දියන් සාගරයේ මුතු ඇටය හෙවත් ශ්‍රී ලංකාව තුළ පවත්නා කුළුබඩු ද්‍රව්‍යය පටන් අනෙකුත් සියලූම ද්‍රව්‍යයන් ඉතාමත් අනර්ඝ තත්ත්වයේ පවතින ඒවා බව නොරහසකි. නමුත් වර්තමානය වන විට ජනයා විසින් විදේශ රටවලින් ආහාර ද්‍රව්‍ය, රෙදි පිළි, කුලුබඩු වැනි ද්‍රව්‍යයන් ඉතාමත් ඉහළ මිල ගණන් යටතේ ලංකාවට ආනයනය කොට වෙළෙඳාම් කිරීම හා පාරිභෝජනය කිරීම සිදු කරනු ලබයි. එමගින් සිදුවන්නේ ලංකාවේ පවතින ද්‍රව්‍යයන් සඳහා අප නිෂ්පාදනවල වෙළඳපළක් නොමැතිව යාමය.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
විදේශීය රටවලින් ආනයනය කරනු ලබන තිරිඟු සහිත ආහාර ලබා ගැනීම තුළින් වත්මන් ජනයා සඳහා විවිධ ලෙඩ රෝග බොහොමයක් වැළඳී ඇත. එහිදී බෝ නොවන රෝග ලෙස තරබාරුවීම, මේදය තැන්පත් වීම වැනි තත්ත්වයන් ඇති වීම සිදු වෙයි. විදේශීය ආහාර පාරිභෝජනයට ශ්‍රී ලාංකිකයන් නැඹුරු වීමේ ප්‍රවණතාවය මේ දිනවල සීඝ්‍රයෙන් ඉහළ යන බව අපට දක්නට ලැබෙන කරුණකි. දිනපතා මිල ගණන් ඉහළ යාම නිසා පාරිභෝගිකයන් දුෂ්කරතාවයට පත් වනු ඇත. ඔවුන් ආර්ථිකමය දුෂ්කරතාවලට පත්වෙමින් පවතින බව වර්තමානය වන විට දක්නට ලැබේ. තවද බෝනොවන රෝගවලින් පෙළෙනු ඇත. මෙයට ප්‍රධානතම විසඳුමක් ලෙස දේශීය ආහාරපාන, අල වර්ග, කොළ වර්ග, සහල් වලින් සැකසුණු ආහාර පාරිභෝජනයට නැඹුරු වීම දැක්වීමට පුළුවන. එමඟින් මෙරට පවතින ආර්ථිකමය දුෂ්කරතාවන් මඩ පවත්වා ගත හැකි වනු ඇත. මන්ද මෙම ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීම තුළින් ආහාර හා අනෙකුත් ද්‍රව්‍යයන් ආනයනය කරලීමට වැය වන අමතර වියදම් නොමැති කොට මෙරට ආර්ථික තත්වය ඉතාමත් ශක්තිමත් පැතිකඩක් ඔස්සේ රැගෙන යා හැකිය.
ඒ ආකාරයෙන් දේශීයත්වයට මුල් තැන දෙමින් කටයුතු කරමින් ඉතාමත් සාර්ථක දිවිපෙවතක් ගත කිරීමට අප වග බලා ගනිමු.
පුරාවස්තු රැක ගැනීමේ වැදගත්කම රචනා
මානව ගුණධර්ම ප්‍රවර්ධනයට ප්‍රමුඛතාවය දිය යුතු අධ්‍යාපනයක අවශ්‍යතාවය
ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව ක්‍රියාත්මක විය යුත්තකි
Key words
දේශීය නිෂ්පාදන භාවිතය රචනා
දේශීය නිෂ්පාදන සහ සෞඛ්‍ය
දේශීය නිෂ්පාදන සහ ස්වයංපෝෂිත ආර්ථිකය
වස විස නැති දේශීය ආහාර පරිභෝජනයේ වැදගත්කම රචනා
වස විස නැති දේශීය ආහාර රචනා
වස විස නැති දේශීය ආහාර පරිභෝජනයේ වැදගත්කම සගරා ලිපි
දේශීය ආහාර රටාවකට හුරු වෙමු රචනා
වස විස නැති දේශීය ආහාර වල වැදගත්කම රචනා
වස විස නැති දේශීය ආහාර පරිභෝජනයේ වැදගත්කම Easy
දේශීය ආහාර භාවිතයේ වැදගත්කම රචනා
වස විස නැති දේශීය ආහාර සගරා ලිපි
රචනා වස විසෙන් තොර දේශීය ආහාර වල වැදගත්කම
Comments