බැද්දේගම ග්‍රාමයේ ජීවත් වූ අහිංසක ගම්වැසියන් නිලධාරීවාදයෙන් පීඩනයට පත් වූ අයුරු බැද්දේගම නවකතාවේ නිදසුන් තුනක් ඇසුරෙන් පැහැදිලි කරන්න.
බැද්දේගම නවකතාව මුලින්ම ලියූ නවකතාකරු ලෙස ලෙනාඩ් වුල්ෆ් මහතා හැඳින්විය හැකිය. එහිදී ලෙනාඩ් වුල්ෆ් එම නවකතාවට දුන් නාමය වූයේ "ද විලේජ් ඉන් ද ජන්ගල්" යන්නයි. බැද්දේගම නමැති නවකතාව රචනයේදී මුල් කෘතියේ කතාව අල්ප මාත්‍රයකින් හෝ අඩු වැඩි නොකොට ඒ. පී ගුණරත්නයන් විසින් සිංහලයට පරිවර්තනය කරන ලදී. නවකතාව රසවිදීමේ දී පැහැදිලි වන්නේ මෙම නවකතාව රචනා කිරීම සඳහා ලෙනාඩ් වුල්ෆ් මහතා පාදක කර ඇත්තේ නියගයට හසුවී ඇති වසරේ වැඩිම කාලයක් අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන හම්බන්තොට දිස්ත්‍රික්කය බවයි. සැබවින්ම මෙම ප්‍රදේශය ශුෂ්ක ලදු කැලෑ ද කටුපඳුරු වලින් මිනිසාට පීඩා ගෙන දෙන මිනිසුන් අනේකවිද දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන ගමක් ලෙස හැඳින්විය හැකිය.
සැබවින්ම බැද්දේගම අහිංසක ජනයා මෙම ගම්මානයේ ජීවත් වීමේදී නිලධාරීවාදයෙන් පීඩාවට පත්වූහ. නිලධාරි වාදය යනු ගමේ නායකයාට යටත් වී ඔවුන්ට අවශ්‍ය පරිදි වැඩ කිරීමට ගැමියන්ට සිද්ධ වීමයි. ගම්වාසීන් දුප්පත්කමින් පමණක් නොව පාලකයාගෙන්ද විවිධ දුක් ගැටලු වලට ලක් වූ දුෂ්කර වූ කටුක වූ ජීවිතයක් ගත කළ ආකාරය නිරූපණය කොට ඇත්තේ යථාර්ථවාදීවය.
මෙම බැද්දේගම ග්‍රාමයේ සිටින ප්‍රධානියා ලෙස බබේ හාමි ආරච්චිලා හැඳින්විය හැකිය. මොහු විසින් ගම්වැසියන් පීඩාවට ලක් කළ එක් ආකාරයක් ලෙස ගොවිතැන හැඳින්විය හැකිය.
බැද්දේගම ජනයාගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ ගොවිතැනයි. එහෙත් මෙම ගැමියන්ට හේන් ගොවිතැන කිරීමට තමාටම කියා ඉඩම් නොතිබුණි. මෙම බැද්දේගම ජනයා ගමේ ඉඩම්වල ගොවිතැන් කිරීමට ගමේ ප්‍රධානියා වන ආරච්චිගෙන් අවසර ගත යුතුය. එසේ හෙයින් බැද්දේගම ගැමියන් විසින් හේන් ගොවිතැන කරත් එයින් ලැබෙන ධනය සම්පූර්ණයෙන්ම හිමි නොවෙයි. එයින් අඩක් ඉඩම් හිමි ආරච්චිට දිය යුතුය. එසේ හෙයින් බැද්ඳේගම ජනයාට වසරේ වැඩි කාලයක් බඩගින්නේ සිදීමට සිදුවිය.
බැද්දේගම ගම්වාසීන් බඩගින්නේ සිටියත් ගමේ ආරච්චිගේ වී බිස්ස පිරී ඉතිරී ගියේය. බැද්දේගම වැසියන් මහන්සියෙන් වගා කටයුතු කරත් ඔවුන්ගේ අතමිට සරු නොවීය. ආරච්චිලාගේ අතමිට සරු විය. සැබවින්ම මෙම ගම්මානයේ සිටින සාමාන්‍ය ජනයා නිලධාරිවාදයෙන් පීඩාවට ලක්වන අයුරු මැනවින් පැහැදිලි කරගත හැකිය. බැද්දේගම ජනයා නිලධාරිවාදය නිසා ගොවිතැනින් තැලුණු අයුරු නවකතාකරු මෙසේ දක්වා ඇත. එයට දස්දෙන්නක් ලෙස,
"ගමේ හැම මිනිහෙකුම යැපුනේ හේන් ගොවිතැනෙනි. අවුරුදු දහයකට වරක් වන රොද කපා දමා කුරක්කන්, අමු, මිනේරි, වට්ටක්කා ආදිය වපුරා ගන්නා බිම් පෙදෙස හේනකි. ගම්මු සතු වනයක් නැත. ඒ ආණ්ඩුව සන්තකය. ආණ්ඩුවේ අවසරයක් නැතිව ගහක් කැපීම හෝ හේනක් එළිකිරීම හෝ තහනම්ය. අවසරයක් ලබා ගත යුත්තේ ආරච්චිගේ මාර්ගයෙනි."
එමෙන්ම මෙම බැද්දේගම ගම්මානයේ සිටින අසරණ දුගී දුප්පත් ජනයා හිත් පිත් නැති ගම්මුලාදෑණිවරුන්ගේ ද ණය හිමියන්ගේද කපටි උපක්‍රමවලට හසුවිය. එම කූට උපක්‍රම පිළිබඳ ව මෙම ගම්මානයේ අසරණ මිනිසුන් නොදන්නේය. එහෙයින් එම ප්‍රභූන් ගම්වැසියන්ගෙන් අයතා ප්‍රයෝජන ගත්හ. එයට දස් දෙන්නක් ලෙස,
"හේන් අස්වැන්නෙන් පහෙන් පංගුවකට සම්පූර්ණ හේන් අයිතිවාසිකම් ප්‍රනාන්දුට පවරාදීම ගම්මුන්ගෙන් ඉටු විය යුතුය. ප්‍රනාන්දුට දෙන පහෙන් හතර පංගුවක් වැඩිපුර අස්වැන්න කොටසින් ඔහුගේ ණයත් පොලියත් කැපී ඉතිරි නම් පමණකි.."
මෙම ගම්මානයේ සිටින දුගී දුප්පත් ජනයා කෙතරම් මෙම ප්‍රභූ ජනයාට යටත් වී සිටින්නට ඇතිද යන්න මැනවින් පිළිබිඹුවේ. මෙම ගම්මානයට පැමිණි වෙළෙන්දා ලෙස ප්‍රනාන්දු හැඳින්විය හැකිය. ඔහු කූට උපක්‍රම යොදා ගනිමින් ගම්වාසීන් ඔවුන්ට යටත් කරගන්නේද නොදැනීමය. ගම්වාසී පවුල්වල එකම අරමුණ වන්නේ තමන්ගේ දරුවන් පෝෂණය කිරීමයි. ඒ හෙයින් ගන්වාසීන් විසින් ප්‍රභූ ජනයාට ණය වී තම ජීවිකාව සම්පූර්ණ කරයි. ප්‍රභූන් විසින් ඔවුන් ගන්නා ණය දෙගුණ තෙගුණ කිරීම සිදුකරයි. එහෙයින් ගම්වාසීන්ට ප්‍රභූන්ට ණය ගෙවීමට නොහැකි වෙයි. එම ණය ගෙවීමට බැරි අවස්ථාවලදී ගම්වාසීන් ප්‍රභූන්ට ඕනි ලෙස වැඩ කටයුතු කළ යුතුය.
සැබවින්ම මෙම ගම්මානයේ අසරණ කමින් පීඩාවට පත්වන ගැහැණියක් ලෙස පුංචි මැණිකා හැදින්විය හැකිය. ඇය බබුන් සමග විවාහ වූයේය. ඒත් මොවුන් ආරච්චිට යටත් වී සිටියේය. බැද්දේගම ගම්මානයට ප්‍රනාන්දු මුදලාලි පැමිණීමත් සමගම නිලධාරීවාදය වැඩි වන්නට විය. එමෙන්ම ප්‍රනාන්දු යනු කපටි පුද්ගලයෙකි. ඔහු තමන්ට ආරච්චිද යටත් කර ගත්තේය. ආරච්චි ද මොහුට ණය වූයේය. එමෙන්ම ගමේ මිනිසුන් මෙම ප්‍රනාන්දු මුදලාලිගෙන් නොසෑහෙන්න ණයට මුදල් ගත්තේය. මේ හේතුවෙන් ගම්මුන්ට ද මොහුට යටත් වී සිටීමට සිදුවිය.
සැබැවින්ම ගත් කල දී මෙම ප්‍රනාන්දු මුදලාලි තමන්ගේ කපටිකමින් මෙම කටුක ජීවිත ගත කරන බැද්දේගම ජනයාගෙන් ප්‍රයෝජන ගන්නා ආකාරය බැද්දේගම නව කතාව තුල ඉතා තාත්වික ආකාරයට පැහැදිලි කර ඇත. එයට දස් දෙන්නක් ලෙස,
"මොනවා මොනවා බබුන් මට ණයයි නේද?"
මේ ආකාරයෙන් ප්‍රනාන්දු මෙම අසරණ ජනයාගෙන් ප්‍රයෝජන ගන්නා ආකාරය මැනවින් පැහැදිලි කරගත හැක. මේ ආකාරයටම විවාහ සබඳතා වලදී වුවද නිළාධාරීවාදය ප්‍රබල වේ. බබුන් ප්‍රනාන්දුට ණයයි. මේ නිසා ණය නොගෙව්වොත් ප්‍රනාන්දු පුංචි මැණිකාව විවාහ කර ගැනීමට සිතයි. එමෙන්ම ණය ගෙවීමට බබුන්ට නොහැකි වී අසරණ විය. මේ ලෙස ප්‍රභූ ජනතාව අසරණ ජීවිතවලින් ප්‍රයෝජන ගන්නා ආකාරය බැද්දේගම නවකතාව තුළින් මැනවින් පැහැදිලි කරගත හැකිය. මෙයට දස්දෙන්නත් ලෙස,
"ගෑණි මට නොදුන්නොත් ඒ එකකටවත් මං දෙන්නේ නෑ. මං මෙහාට ඇවිදින් ඉන්නේ උඹලා වගේ හරකුන්ට හිනාවෙන්න නෙවෙයි."
ආරච්චිගේ කූට උපක්‍රම වලට සිලිදුත් බබුන් අප්පුත් අසුවන්නේ නොදැනීමය. ආරච්චි, සිලිදු සමගත් බබුන් සමගත් වෛරයෙන් පසුවෙයි. පළිගැනීමේ චේතනාවෙන් සියල්ල කරයි. ප්‍රනාන්දු මුදලාලි පුංචි මැණිකා අයිති කර ගැනීමට මාන බලා සිටී. ඒ නිසා සූක්‍ෂම උපක්‍රම යොදයි. එකී උපක්‍රම වලට හසු වීමෙන් බබුන් පත්ව ඇති අසරණකම ඉහත පාඨ වල ගැබ්වී තිබෙයි.
බැද්දේගම ජනයාට නිලධාරීවාදය නිසා අසරණකමත් නූගත්කමත් පමණක් හිමිවිය. එසේම නීතියේ පිළිසරණක්ද ගැමියන්ට නොවීය. එයට දස්දෙන්නක් ලෙස,
"හාමුදුරුවනේ කොයින්ද මට සාක්කි. මුලාදෑනියාට විරුද්ධව කවුරුන්ද සාක්කි කියන්නේ"
"උබට ගමින් සාක්කි ගේන්න පුළුවන් නම් මම නඩුව කල් දාන්නම්"
සැබවින්ම බබුන්ට එරෙහි සොරකම් නඩුවෙහි කුමන හෝ අවුලක් ඇති බව නඩුකාරයාට වැටහෙයි. එහෙත් ඔහුට කරන්න දෙයක් නැත. ඔහුට සාක්ෂි අවශ්‍යය. බබුන්ට සාක්ෂි ගෙන දෙන ලෙස කියන්නේ ඒ නිසාය. එහෙත් බබුන්ට එයින්ද පිහිටක් නැත. මන්දයත් ආරච්චිලට එරෙහි සාක්ෂි සැපයීමට කිසිවෙකු ඉදිරිපත් නොවන නිසාය. අනෙක් අතට පුංචි මැණිකා කැදවා හෝ සාක්ෂි සැපයීමට ඔවුන්ට හැකි බව ඔවුන් දන්නේ නැත. ඒ එවැනි දැනඋගත්කමක් ඔවුන්ට නැති නිසාය. මේ අනුව මෙයින් බැද්දේගම අහිංසක ජනයා නිලධාරීවාදයෙන් පීඩාවට ලක් වූ අයුරු පැහැදිලි කර ගත හැක. නිලධාරිවාදය නිසා දිළිඳු කමින්ද බැද්දේගම ජනයා නොසෑහෙන්න පීඩාවට ලක් විය. එයට දස් දෙන්නක් ලෙස,
"බිස්සේ තිබුන කුරක්කන් ටික ඉක්මනින්ම ඉවර වී ගිය හෙයින් කෑ හැකි කොල වර්ග, අලවර්ග හා පලතුරු සෙවීමට ඈ වනයට ගියාය"
කෙසේ වෙතත් නිලධාරීවාදයෙන් පීඩාව විඳින ජනයා දිළිඳුකම නිසා දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන ආකාරය බැද්දේගම නවකතාව තුළ ඉතා තාත්වික ආකාරයෙන් කියාපාන්නේ ඉහත පරිදිය. බැද්දේගම උළු සෙවිලි කළ එකම ගෙය ආරච්චිලාගේ නිවස පමණි. ගම්මුන්ගේ දිළිඳුකම එනයින්ම ප්‍රකාශිතය. අනෙක් අතට බමුන් ණයට ගන්නේ ද දිළිදුකම නිසාය. ඉහත දක්වා ඇති උදාහරණයෙන් ප්‍රත්‍යක්ෂ වන්නේ දිළිඳුකමෙහි එක් පැතිකඩකි. ගමෙහි අත මිට සරු කිසිවෙකු නොසිටියහ. ආරච්චි පවා ප්‍රනාන්දුට ණය වී සිටියේය. ආරච්චි කෙසේ වෙතත් ගමෙහි අනෙක් සියල්ලෝම දිළිදුකමින් දැඩි පීඩා වින්දෝය.
මේ අනුව මෙයින් බැද්දේගම ග්‍රාමයේ ජීවත් වූ අහිංසක ගම්වැසියන් නිලධාරීවාදයෙන් අසීමිතව පීඩනයට පත් වූ අයුරු මැනවින් පැහැදිලි කරගත හැකිය.
- කවීෂා දෙව්මිණී -
බැද්දේගම විචාර
(මෙහි බැද්දේගම සම්පූර්ණ විචාර 2 ක් අන්තර්ගත වේ.)
01. පුංචි මැණිකා මනා ඉවසීමෙන් යුක්ත ශක්තිවන්ත ගැහැනියකි, මේ කියමන බැද්දේගම නවකතාව ඇසුරින් විමසන්න.
02. බැද්දේගම ග්‍රාමයේ ජීවත් වූ අහිංසක ගම්වැසියන් නිලධාරීවාදයෙන් පීඩනයට පත් වූ අයුරු බැද්දේගම නවකතාවේ නිදසුන් තුනක් ඇසුරෙන් පැහැදිලි කරන්න.
>> බැද්දේගම නවකතාව සාහිත්‍යය විචාරය
බැද්දේගම නිලධාරීවාදය
නිලධාරීවාදය නිසා පීඩාවට පත් බැද්දේගම
නිලධාරී වාදය සහ බැද්දේගම
බැද්දේගම නිලධාරීවාදය විචාර
ප්‍රභූන් නිසා පීඩා විඳින බැද්දේගම ජනයා
බැද්දේගම නවකතාව උසස් පෙළ විචාර
බැද්දේගම විචාර pdf download
Comments