සද්ධර්මාලංකාරයෙහි සුවිශේෂීත්වය වන්නේ සමාජයේ විවිධ ස්තරවල මිනිසුන්ගේ දුර්වලතා උපහාසයට ලක් කිරීමයි. නියමිත කතා වස්තු දෙක ආශ්‍රයෙන් විමසන්න.
බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයට අලංකාරයක් ලෙස ලියන ලද ග්‍රන්ථය එහි කතුවරයා වූ ගම්පොළ සමයේ ජීවත්ව සිටි දෙවැනි ධර්ම කීර්ති ස්වාමිපාදයන් විසින් ම නම් තබන ලද්දේ සද්ධර්මාලංකාරය ලෙසිනි. ග්‍රන්ථය ලියන ලද කාලය සිංහල සාහිත්‍ය ඉතිහාසයේ ගම්පොළ යුගයයි. ගම්පොල යුගයේ මේ බණ පොත ලියූ කතුවරයා ගම්පල දෙවැනි ධර්ම කීර්ති ස්වාමීන් වහන්සේය. දඹදෙණි යුගයේ වේදේහ අනෝමදස්සි හිමියන් විසින් රචිත පාලි රසවාහිනිය නමැති ග්‍රන්ථය මූලාශ්‍ර කොටගෙන සද්ධර්මාලංකාරය නිර්මාණය කරන්නට විය. ඒ අනුව සද්ධර්මාලංකාරය රසවාහිණිය නමැති ග්‍රන්ථයේ සාර්ථක පරිවර්තනයකි.
මෙලෙස නිර්මාණය කරන ලද සද්ධර්මාලංකාරයෙහි අපට නියමිත කතාවස්තු දෙක වන ස්වර්ණතිලකා කතා වස්තුව හා නන්දි වාණිජ කතා වස්තුව සාර්ථක නිර්මාණ දෙකකි. එහි සුවිශේෂීත්වය වන්නේ සමාජයේ විවිධ ස්තරවල මිනිසුන්ගේ දුබලතා උපහාසයට ලක් කිරීමයි. එම සුවිශේෂීත්වය තුළ කතු හිමි කොතෙක් දුරට සාර්ථක දැයි නිදසුන් ඇසුරින් විමසා බලමු.
වර්තමානයට වඩා අතීතයේදී ප්‍රබල ලෙස සමාජය විවිධ විස්තර වලට බෙදී තිබුණි. නුවණින් හා දැනුමෙන්, හොඳ නරකින් හා ආකල්ප වලින් මිනිසුන් මැනීම වෙනුවට කුලයෙන් ධනයෙන් හා පන්තියෙන් උසස් පහත් ලෙස මිනිසුන් වෙන් කළ යුගයක නිර්මාණය කළ මෙම කෘතිය තුළ ධර්ම කීර්ති හිමියන් සියලු විස්තරවල මිනිසුන් කිසිදු භේදයකින් තොරව ඔවුන් තුළ පැවති දුර්වලතා උපහාසයෙන් යුතුව නිර්මාණය කර ඇත්තේ අපූර්ව ලෙසිනි.
පෙරාත්මයේ ස්වර්ණතිලකාගේ මව ශ්‍රද්ධාවන්තව කටයුතු කරන කාන්තාවකි. දිනපතා භයගිරි වෙහෙරට ගොස් මල් පුදා ශ්‍රද්ධාවන්තව කටයුතු කරයි. දිනක් තම බාල දුවත් සමග වෙහෙරට ගොස් වත්පිළිවෙත් සිදු කිරීමට ගිය අවස්ථාවේ දී මල් සුන් ගෙයි පැන් නොදැක පැන් බැස ගෙන පැන් ගෙන ඒමට පොකුණට ගිය අවස්ථාවේ, දුව මව පැමිණීමට පෙර මල් මිටක් ගෙන බුදුන්ට පූජා කර ඇති අයුරු දුටු මව තම සිත තුළ ඇති වූ කෝපය නිසා තම දුවට චණ්ඩාල කෙල්ල ලෙසින් බනී. ශ්‍රද්ධාවන්ත කාන්තාවක් වන මව තම දුවගේ වරද පෙන්වා නොදී නුසුදුසු ස්ථානයකදී මෙසේ බැන වැදීම කිසිසේත් උචිත වූවක් නොවේ. දිනපතා වෙහෙරට ගොස් පින් දහම් කරගන්නා මෙම කාන්තාව මෙහිදී කතු හිමි විසින් උපහාසයට ලක් කරන්නේ තමා තුළ ඇති වූ කෝපය පාලනය කරගත නොහැකි කාන්තාවක ලෙසය.
"උපනුපන් ජාතියෙහි යහපත් රූ ඇති වෙම්වායි මනෝඥ වූ ආරෝහ පරිණාහයෙන් යුක්ත වෙම්වායි. ශරත් කාලයෙහි ගුවන් මැද දිලිසෙන සූර්ය මණ්ඩල පරිද්දෙන් මාගේ ශරීරයෙන් රශ්මි මාලාවෝ.."
මවගේ බසට අවනත නොවූ දුව තම මව පැන් ගෙන ඒමට පෙර මලසුන නොසෝදා තමාගේ දෑත් පිරිසිදු නොකොට මව පැමිණීමට පෙර මව කිව්වා වූ බස් නොඅසා මල් මිටක් ගෙන වත් පිළිවෙත් සිදුකොට එලෙසින් ප්‍රාර්ථනාවක් සිදු කරයි. තමා මතු උපදින ආත්මයේ යහපත් වූ අලංකාර රූපයක් ලැබී ඒ රූපයෙන් රශ්මි මාලාවෝ ද විහිදිය යුතු බවත් එම රශ්මි මාලා නිසා දකින දකින පුරුෂයන් කාමයෙන් ඇලී යාමට තරම් අලංකාර වූ රූපයක් ලබා දෙන මෙන් ප්‍රාර්ථනා කරයි. ලෝක සත්වයා සසරින් එතෙර කිරීමට බුදුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයෙහි පිහිටා ගොස් සියලු දේ අනිත්‍ය බව පවසා වත් පිළිවෙත් සිදුකොට අනිත්‍යයයි කියූ ශරීරයට ඇලුම් ඇතිව නැවත ආත්මයක අලංකාර රූපයක් ලැබිය යුතුය ලෙස ප්‍රාර්ථනා කරන්නේ ඇයගේ අඥානකම නිසා විය හැකිය. මෙසේ නුසුදුසු ප්‍රාර්ථනයක් බුදුන් ඉදිරියේ සිදුකළ ස්වර්ණතිලකාගේ චරිතය මෙහිදී උපහාසයට ලක්වේ.
අතීත කතාවේ චරිත දෙක තුළම මෙවැනි දුබලතා පෙන්වා දෙන කතුවරයා බොහෝ විට ඒවා නිර්මාණය කොට ඇත්තේ උපහාසයෙන් යුතුවය. ස්වර්ණතිලකා කතා වස්තුවෙහි අතීත කතාව මෙලෙස නිර්මාණය කරන කතු හිමියන් වර්තමාන කතාවේ චරිත තුළ පවතින දුර්වලතාද උපහාසයෙන් යුතුව නිර්මාණය කොට ඇත්තේ කිසිදු භේදයකින් තොරවය.
වර්තමාන කතාවේ ස්වර්ණතිලකාගේ තුළත පැවති දුර්වලතා මෙසේ පෙන්වා දෙයි.
".. අසා චණ්ඩාල බ්‍රහ්මණයාගේ පුත්‍රයාට පිළිකුල් ව නොයෙක් ආක්‍රෝෂ පරිභව බැණ නින්දා කළ හ"
පෙර ආත්මයේ කළ ප්‍රාර්ථනය මෙන් වූ ශරීරයක් ඇතිව උපදින ස්වර්ණතිලකා තම මව චණ්ඩාල කෙල්ල යැයි කියූ පව නිසා ඇය කුලයන් අතර නීචම කුලය වූ චණ්ඩාල කුලයේ ඉපදීය. ඇයගේ රූපයට ඇලුම් කරන පුරුෂයන් සිටින බැවින් ඇය ඉතා උඩඟු කමින් කල් ගෙවූ අතර උසස් කුලවතුන් සමග පවා තම කුලයේ පුරුෂයන් පහත් කොට සලකයි. තමා විවාහ කර ගැනීමට පැමිණි චණ්ඩාල බ්‍රාහ්මණ පුත්‍රයාට නොයෙක් ලෙස බැන වදින්නේ ඈ ද ඒ කුලයේම බව අමතක කරමිනි. පුරුෂයන් දුටු කල කාම ලෝලීව හැසිරෙන ස්වර්ණතිලකා තම කුලයේ පුරුෂයන් පහත් කොට උඩගු කමින් සිටියි. මෙකී ස්වර්ණතිලකා චරිතය උපහාසයෙන් යුතුව නිර්මාණය කොට ඇත්තේ එසේය.
වර්තමාන කතාවේ හමුවන අනෙක් ප්‍රධාන චරිතය වන්නේ උද්දාල නම් බ්‍රාහ්මණ චරිතයයි. සමාජයේ ඉහළ ස්තරයක ජීවත් වූ උද්දාල බ්‍රාහ්මණයාගේ පැවති දුර්වලතාද කතු හිමි උපහාසයෙන් යුතුව නිර්මාණය කොට තිබේ.
"තමා වසඟ කොට.."
උද්දාල නම් බ්‍රාහ්මණයා කාන්තාවන් දකින්නේ පිළිකුලෙන් යුතුවය. රජගෙට යන වේලෙහි කාන්තාවන් දුටු විට යන මාර්ගය දිගට කිරිකල දහසයක් ඉස්සවා තමාගේ මුහුණද කිරි පැණින් සෝදන්නේ කාලකණ්නියක දුටුවා යැයි සිතාය. උද්දාලගේ මෙම හැසිරීම කතු හිමි උපහාසයෙන් යුතුව දක්වා ඇත.
"මද ඇසිල්ලකින් ලබන ආස්වාද ඇති ඒ බ්‍රාහ්මණ තෙම බලවත් රෝගයකින් පීඩිත වූ පුරුෂයකු මෙන් කෙඳිරි ගගා.."
පෙරදි කාන්තාවන් පිළිකුලින් දුටු බමුණා අලංකාර රූප සම්පත්තියක් ඇති ස්වර්ණතිලකා දැක ඇය කෙරෙහි ආශා ඇතිව ස්ත්‍රී ලෝලීව ක්‍රියා කරයි. රටවල් පහක රජවරු දැන හදුනන දක්ෂ ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙකු වූ බමුණා සිසුන් පන්සීයක් දෙනාට ගුරුවරයෙකු වූවද ඒ බවද අමතක කර කුලය නොසලකා ස්වර්ණතිලකාව ලබා ගැනීමට කටයුතු කරන්නේ අඥාන තැනැත්තෙකු ලෙසයි. පෙර කාන්තාවන්ව පිළිකුල්ව දැක රූපයෙන් සුන්දර කාන්තාවක් දුටු විට සියලු දේ අමතක කොට ස්ත්‍රී ලෝලී සිතින් හැසිරෙන උද්දාල බ්‍රාහ්මණ චරිතය තුල පැවති මෙවැනි දුර්වලතා උපහාසයෙන් යුතුව නිර්මාණය කොට තිබේ.
>> සද්ධර්මාලංකාරය විචාර 01 හා 02
සද්ධර්මාලංකාරය විචාර
සද්ධර්මාලංකාරය විචාර ප්‍රශ්ණ
සද්ධර්මාලංකාරයේ විචාර
Saddarmalankaraya vichara livima
Saddharmalankaraya vichara pdf
Comments