Skip to main content

සිංහල රචනා 54 - ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව ක්‍රියාත්මක විය යුත්තකි

ක්‍රීඩාව නගා සිටුවමු

ක්‍රීඩාව නගා සිටුවීමට මූලිකවම සිදු කල යුත්තක් නම් අනවශ්‍ය දේශපාලන අත පෙවීම් නවතා ක්‍රීඩා කටයුතු ස්වාධීනව සිදු කර ගෙන යෑමට ඉඩ සලසා දිය යුතුය. මේ පිළිබඳව ඔබේ අදහස් එක්කර රචනාවක් ගොඩ නගන්න.

ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව ක්‍රියාත්මක විය යුත්තකි

අද ලෝකයේ දියුණුය. හෙට ලෝකය තව තවත් දියුණු වෙනු ඇත. ඒ නිතැතින්ම වූ ලෝක ස්වභාවයයි. නමුත් වර්තමානය දෙස තීක්ෂණ නෙතින් පරීක්ෂාකොට බැලූ කල අත්ව ඇති ඉරණම එතරම් සතුටුදායක කරුණක් නොවනු ඇත. මන්දයත් ලංකාව වැනි රටක් සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයක් ලෙස නම් දරා සිටියත් මෑතකාලීනව ඇති වූ විනාශකාරී තත්ව හමුවේ නිර්ධන රාජ්‍යයක් වී හමාරය.

රටක් ලෝකයක් තුළ ඉදිරි පැවැත්ම සඳහා දේශපාලනය අත්‍යවශ්‍ය සාධකයක් බව නොඅනුමානය. නමුදු දේශපාලනය සෑම අංශයක් කෙරෙහිම එකම ආකාරයකින් මැදිහත් විය යුතු නැත. එහිදී ක්‍රීඩාවට මැදිහත් විය යුතු නැත. ක්‍රීඩාව දේශපාලනයෙන් තොර වූ තරමට එහි දියුණුවට මං පෙත් විවර වනු ඇත. ක්‍රීඩාව සඳහා දේශපාලන මැදිහත් වීමක් අවශ්‍ය නොවන්නේ ක්‍රීඩාව හමුවේ විවිධ දූෂිත ක්‍රියා සුරාව, සූදුව, අල්ලස වැනි තත්ත්ව උද්ගතවීමත්, සුදුස්සාට සුදුසු තැන නොලැබීමත් යන හේතු සාධක මුල් කරගනිමිනි.

මේ ආකාරයට නිසි පරිපාලන ව්‍යුහයක් නොමැති හෙයින් ශ්‍රී ලංකාව වැනි රටවල් තුළ ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා මඟ ඇහිරීමක් සිදුවනු ඇත. එහිදී ග්‍රාමීය ප්‍රදෙස්වල ඉතාමත් දක්ෂ ක්‍රීඩකයන් ගමට සීමා කරනු ලබයි. ඔවුන්ගේ දක්ෂතා අගය කිරීමත් එළිදැක්වීමත් සිදු නොකරයි. නෙත්මි නම් ග්‍රාමීය පිටිසරව හැදී වැඩුණු තරුණ ක්‍රීඩිකාව මල්ලව පොර තරඟයෙන් ජයග්‍රහණය ලැබීම, තරුශි කරුණාරත්න නම් ක්‍රීඩිකාව විසින් මෙරටට රන් පදක්කම රැගෙන ඒම වැනි සුවිශේෂී අවස්ථා සිද්ධි නිදසුන් ලෙස යොදා ගත හැකිය. නමුත් චීනය, පින්ලන්තය වැනි රටක් නිදසුන් ලෙස යොදා ගැනීම තුළින් එහි ක්‍රීඩා අංශයේ පරිපාලන ව්‍යුහයේ මනා ක්‍රියාකාරීත්වය හඳුනාගෙන එය අප රට තුළට ද ආරෝපණය කල හැකිය.

ඒ අනුව දේශපාලන මැදිහත්වීමකින් තොර වූ ක්‍රීඩාව දිනෙන් දින දියුණුවනු ඇත. එය ඕනෑම ක්‍රීඩාවක් සඳහා බල පැවැත්වෙයි. අනවසර වියදම් වලින් තොරව සිදු කරනු ලබන ක්‍රීඩාව දිනෙන් දින දියුණුවේ. ලක්‍ෂ 18 ක් පමණ විදේශ රැකියාවල යෙදෙන ලක්‍ෂ දාසයක් පමණ වාහන රියදුරන් තුළ කොතරම් දක්ෂ ක්‍රීඩකයන් ඇතිද යන පැනය අප තුළ නැගෙනු ඇත. මේ අනුව නිසි ප්‍රතිපත්ති රාමුවක් තුළින් රටෙහි අනෙකුත් අංශයන් මෙන්ම ක්‍රීඩා අන්තය සඳහා අවධානය යොමු කොට ක්‍රීඩා කටයුතු සඳහා නිසි පරිපාලන පුද්ගලයින් පත්කොට සුදුස්සාට සුදුසු තැන ලබා දෙමින් රට ලෝකය තුළ ක්‍රීඩා අංශය දියුණුව උදෙසා කටයුතු කරලීමට හුදෙක් දේශපාලන මැදිහත් වීමක් අවශ්‍ය නොවනු ඇත. ඒ ආකාරයෙන් දියුණු වූ ක්‍රීඩා කුසලතාවයන් ඇති දේශපාලකයින්ගේ අත පෙවීම් වලින් තොර වූ ක්‍රීඩා අංශයක් බිහිවේවායි අප එක්සිත්ව ප්‍රාර්ථනා කරමු.


මානව ගුණධර්ම ප්‍රවර්ධනයට ප්‍රමුඛතාවය දිය යුතු අධ්‍යාපනයක අවශ්‍යතාවය රචනාව


Key words 

ක්‍රීඩාව හා දේශපාලනය රචනා
ක්‍රීඩාව නගා සිටුවමු රචනා
ක්‍රීඩා නගා සිටුවමු රචනා pdf
ලංකාවේ ක්‍රීඩා නගා සිටුවීමට පියවර ගනිමු
Krida naga situwamu rachanawa


Comments