Skip to main content

සිංහල රචනා 52 - නූතන සාහිත්‍ය ගීත කලාව රචනාව

නූතන සාහිත්‍ය හා ගීත කලාව 

"සාහිත්‍යයේ රසය මෙලොවට පැමිණි දා අමෘතය දෙව්ලොවට පලා ගියා.."

ජනයාගේ සිත් සතන් නිවාලන්නට ප්‍රධානතම අවියක් ලෙස එදා මෙදා තුර භාවිතා කළ ගීත කලාව සාහිත්‍යයේ සුවිශේෂීය සංධිස්ථානයකි. ගීතය යනු අප කොයි කවුරුත් අතර ඉතාමත් ජනප්‍රිය වූ සාහිත්‍යයක් ලෙස දැක්වීම නිවැරැදිය.  සංගීතඥයා, පද නිර්මානකරු, ගායකයා යන තුන් කොට්ඨාසයේම සුසංයෝගයක් ලෙසින් ඉතාමත් අපූර්ව ගණයේ ගීත නිර්මාණයන් බිහි වී ඇත.

මෙලෙසින් ඉතාමත් සූක්ශම අන්දමින් නිර්මාණය වන ගීත නිර්මාණ තුළින් දහසක් ජනයාගේ සිත් සතන් සුවපත් කිරීමට හැකියාව ලැබෙනු ඇත. තවද මානසික නිරෝගීතාවය, මානසික පීඩනය නොමැතිවීම, විවේකය විනෝදයෙන් ගත කිරීමට හැකි වීම, මානසික ඒකාග්‍රතාවය, මානසික සුවය සඳහා ද ගීත සාහිත්‍ය ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇත. මෙතරම් ප්‍රයෝජනවත් වන ගීත සාහිත්‍ය තුළින් අතීතයේ මෙන්ම වර්තමාන මිනිසාගේ මානසික සුවය පිණිස ඉහළ කාර්යයක් සිදු කල හැකි බව නොඅනුමානය. නමුත් වර්තමානය වන විට දියුණු තාක්ෂණයත් සමඟ ගීත නිර්මාණය වන විට නවක පරම්පරාවන් ඒවා විකෘති කිරීමක් සිදුකොට ඇති අතර වර්තමානයේ ගී ලොව දෙස විචාරශීලීව බලනු ලබන ඕනෑම අයකුට ඒ බව මනාව පැහැදිලි වන බව පැහැදිලි කරුණකි.

වෙනස් වීම සදාතනික සේම විකාශනය නැතිනම් සංවර්ධනය අත්‍යවශ්‍යයෙන් සිදු විය යුතුය. එහෙත් එය විකෘතියක් නොවිය යුතුය. විශේෂයෙන්ම සාහිත්‍ය වැනි මනස හා බැදි ක්ෂේත්‍ර තුල හිතුවක්කාරී ලෙස වෙනස් වීම් සිදු කිරීම යෝග්‍ය වන්නේ නැත. 

අද වන විට පරිගණක මෘදුකාංගයක් මගින් ලබාදෙන අක්‍රමවත් ශබ්ද මාලා ගී තනු ලෙස ගෙන කරනු ලබන ගීත යැයි කියන නිර්මාණ මනසට සපයන සුවය කුමක්දැයි කවුරුන්  හෝ දන්නේ නැත. යූ ටියුබ් නාලිකා තුල ඕනෑම වෙනසකට ඉඩ ඇති බැවින් අහබු ලෙස ට්‍රෙන්ඩින් වන එලෙස නිර්මාණය වූ ගීත තරුණ මනස විකෘති කරන බව කිව යුතුමය. 

නූතන ගීත පද රචනා ගත්තද ඒවා එකම දුක් ගැනවිල්ලකි. මානසික සුවය කෙසේ වූවද එවැනි ගීත දිගින් දිගටම අසා විශාදය වැනි රෝගී තත්ත්වයකට පත් විය හැකිය. සිංහල පැරණි ගීත කලාව ගත් කල එය බොහෝ විට ව්‍යාංගාර්ථවත් විය. ශ්‍රාවකයාට ගීතය තුල සිතීමට දෙයක් තිබුණි. ඒ තුල ඉහළ ගියේ බ්ලඩි ප්‍රෙෂර් නොව පරිකල්පනයයි. 

වර්තමානයේ ගී ලොව තුළ දෙසවනට වැකෙනුයේ ඉතාමත් ලද බොළඳ වූ හරසුන් ගීතය. මේ ගීත මිනිසාගේ මානසික සුවය කෙරෙහි ඉතා ප්‍රබල ලෙස බලපෑම් එල්ල කරනු ලබයි. මන්ද ගීතයක් රස විදිනු ලබන්නේ සුවපත් ඌත් ප්‍රීතිමත් වූ කාලයක් ගත කිරීම උදෙසා වුවද වර්තමාන ගීත සවනට ඇසීමේදී ඒ බවක් නොහැගේ. එයට ප්‍රධාන ලෙසම නවක පරම්පරාව වගකිය යුතුව ඇත. මෙම ගීත නිර්මාණකරුවන් හා මෙම ගීත රසවිදින්නන් හේතුවෙන් අතීතයේ පටන් පැවතගෙන ආ ගී ලොව විනාශ වීමක් හා විකෘති වීමක් ක්‍රම ක්‍රමයෙන් සිදුවෙමින් පවතින බව මනාව පැහැදිලි වන කරුනකි.

එයට මනා ක්‍රියාමාර්ගයක් රැගෙන වියැකී යන ගීත ලොව නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම උදෙසා වර්තමානයේ ගීත රසවිඳින්නන් ලෙස අප ඇප කැප වී කටයුතු සිදු කළ යුතුව ඇත. එයින් ඉතාමත් මනරම් ඌ සියල්ලන්ගේම සිත් සතන් සුවපත් කරනු ලබන ගී නිර්මාණයන් රැසක් නිර්මාණය කිරීමට හැකියාව ඇති බව මනාව පැහැදිලි වනු ඇත. එම නිසා අතීතයට නොදෙවෙනි වර්තමානයට සරිලන අනාගතයට ආදර්ශනීය ගීලොවක් නිර්මාණය කිරීමට අපත් වග බලා ගත යුතුය.


මානව ගුණධර්ම ප්‍රවර්ධනයට ප්‍රමුඛතාවය දිය යුතු අධ්‍යාපනයක අවශ්‍යතාවය

ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව ක්‍රියාත්මක විය යුත්තකි


Key words 
නූතන සාහිත්‍ය ගීත කලාව රචනය
සංගීත කලාව පිළිබඳව රචනාව 
නූතන ගීත සාහිත්‍ය ගැන රචනා
Nuthana sahithya pilibadawa rachanawa
Nuthana sahithya ha sangeethaya rachana pdf
ගීත කලාවේ වැදගත්කම 
ගීත සාහිත්‍යයේ නූතන අවධිය රචනා

Comments