Skip to main content

හෙට ලොව දිනන නව නිපැයුම් රචනාව


පාසල් සිසුන්ගේ නව නිපැයුම් පිළිබඳ ජන මාධ්‍යවල නිතර අසන්නට හා දකින්නට ලැබේ. විවිධ වර්ගයේ වාහන, සෞඛ්‍යාරක්ෂණ උපකරණ ආදිය ද මේ අතර වේ. එහෙත් එම නව නිපැයුම් සමාජයට එක් වන්නේ ඉතා අල්ප වශයෙනි. එයට හේතු වශයෙන් ඔවුන් සඳහන් කරන්නේ එම නිෂ්පාදන වෙළඳපොළට එකතු කිරීමේ අපහසුතා පවතින බවයි. එබැවින් මෙම නව නිපැයුම්කරුවන්ට අත දී එම නිර්මාණ අපේ රටේ සංවර්ධනයට යොදා ගැනීමට අවස්ථාවක් උදාකර දීම කාලීන සමාජ අවශ්‍යතාවයකි.

ඉහත ඡේදයට අනුකූලව හරවත් රචනාවක් ලියන්න.


හෙට ලොව දිනන නව නිපැයුම්

අතීත නටඹුන් නරඹන ඔබට ඇතිවන අභිමානය අපගේ මුතුන් මිත්තන් තුළ වූ නිර්මාණශීලී දස්කම් විස්කම් මැනවින් කියාපායි. යූ ටියුබ් වැනි මාධ්‍යයන් කිසිත් නොවූ සමාජයක නිර්මාණය කර ඇති ඒ සියළු නිර්මාණයන් ඔවුනට නවමු වූ නිර්මාණයන් වූ අතර ලංකා ඉතිහාසය හා සමගාමී ඉතිහාස කතා ඉතා විරල බැවින් ලෝකයේ විශිෂ්ටතම නව නිපැයුම්කරුවන් විසූ දේශයක් ලෙස ශ්‍රී ලංකාව ඉහළින්ම තැබිය හැකිය.

නූතන යුගය වන විට අතීත වැව් අමුණු, දා ගැබ්, සීගිරිය වැනි මාලිගා ආදී නටඹුන් පිළිබඳ උදම් අනන පැනඩෝල් පෙත්ත පමණක් නොව කෑමට ගන්නා ලුණු පවා විදේශ රටවලින් ආනයනය කරන දීන ජාතියක් වීම කෙතරම් නම් ලැජ්ජා සහගත ද? බොරුවෙන්ම රට කරන දේසපාලුවන්හට නම් එම ලැජ්ජාවන් නොදැනිය හැකි මුත් මුළු මහත් ජාතියකට එසේ නොදැනෙන්නේ කෙසේද?

තත්පරයෙන් තත්පරය දිනෙන් දින දියුණු වෙමින් පවතිනු ලබන ලෝකයක සෑම සියලු දෙයක්ම පාහේ නවීන තාක්ෂණය සමඟින් බද්ධව වෙනස් වෙමින්, දියුණු වන බව දැක ගත හැකිය. එහිදී නවීන තාක්ෂණයත් සමඟ කරට කර තරග වදිමින් ලාංකික විද්වතුන් හා නිර්මාණශීලී පුද්ගලයින් විසින් නවීන නිර්මාණ රාශියක් උත්පාදනය කොට එළි දක්වනු ලබයි. මෙම නිර්මාණයන්ගෙන් බොහොමයක් පාහේ ඔවුන්ගේ නව අදහස් උදහස් වලින් නිමවා තිබීම, පෙර නොවූ විරූ තාක්ෂණයක් උපයෝගී කර තිබීම ඒවායේ කැපී පෙනෙන ලක්ෂණයකි.

නවීන තාක්ෂණයත් සමඟ සෘජුවම සම්බන්ධ වන පිරිස් කොට්ඨාසයක් වශයෙන් පාසල් සිසුන් සුවිශේෂ ස්ථානයක් හිමි කර ගනු ලබයි. සමාජ මට්ටම් එකිනෙක සසදන කල්හි කුඩා අවදියේ පසුවන පාසල් දරුවන් තුළ නවමු අදහස් ගලා ඒම නොරහසකි. එම අදහස් අල්ප වූ ද්‍රව්‍යයන් යොදා ගනිමින් ඉතාමත් උසස් ලෙස නව නිපැයුම් ලෙස නිර්මානය කිරීමට වත්මන් දක්ෂ දරුවන් දස්කම් පෑ අවස්ථා නම් එමටය.

එසේ වූවද වර්තමානය තුළ මෙවැනි දේශීය නව නිපැයුම් නිර්මාණ වෙළඳපොළ නිෂ්පාදන බවට පත් කිරීම කෙරෙහි අවධානය යොමුවීම ඉතාමත් අවම මට්ටමක පැවතීම අසතුටට කරුණකි. මන්ද ඉතාමත් අග්‍රගණයේ නිර්මාණශීලී පරපුරක් විසින් සිදු කරනු ලබන මෙම නව නිපැයුම් නිර්මාණ තුළින් තම රට පමණක් නොව ලොවක් වූවද ජයග්‍රහණය කළ හැකි බව බොහොමයක් දෙනා දැන දැනත් නොදන්නා සේ සිටී. ආනයන වෙළදාම් වියාපාරිකයන් සේම දේශපාලඥයින් පවා ආනයන තුළින් අධික ලාභ ලැබීමට පුරුදුව සිටීම දේශීය නව නිපැයුම්කරුවන් නොසලකා හැරීමට ප්‍රධානතම හේතුවක් බව ද කිව යුතුමය.

නව නිපැයුම් නිර්මාණ ඇගයීමට භාජනය කොට ජාත්‍යන්තරයට ගෙන ඒම තුළින් වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ගැටලු වලටද විසඳම් සෙවිය නොහැකි නොවේ. අවශ්‍ය එකම දෙය උවමනාව සහ කැපවීම වේ. එහිදී ශ්‍රී ලංකාවට පමණක් නොව විදෙස් රටවලටද එම නිර්මාණයන් අලෙවි කිරීම තුළින් විදේශ විනිමය ලබා ගෙන වර්තමාන විනිමය හිගය පියවීමට උත්සාහ දැරිය යුතුය. කුඩා රාජ්‍යයක් වන ලංකාවේ වෙළඳපොළ ස්ථාවර තත්ත්වයක පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු සම්පාදනය කල යුතුය. එයින් සමාජයේ ඉහළ සිට පහළටම හිමිවන ප්‍රතිලාභ එමට වනු ඇත.

මේ ආකාරයට විශේෂයෙන් පාසල් සිසුන්ගේ සහ නව නිර්මාණශීලී මිනිසුන්ගේ නව නිපැයුම් රටේ සංවර්ධනය උදෙසා විධිමත් ලෙස යොදා ගැනීම තුළින් සමෘද්ධිමත් වූ ශ්‍රී ලංකාවක් නැවත ගොඩනගා ගැනීමට හැකි ඉඩකඩ වඩාත් පුළුල් කර ගත යුතුය. මෙහිදී මෙම නව නිපැයුම් නිර්මාණයන් බිහිවීම වලකාලන වෙළඳපළ වෙත ගෙන ඒම වලකාලන සියලුම ගැටලුකාරී තත්ත්වයන් හඳුනා ගනිමින්, ඒවාට පිළියම් යෙදීමෙන් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනගා ගැනීමට අපි වග බලා ගත යුතු වෙමු. එහිදී විවිධ දේශපාලන අරමුණු වලින් තොරව ඒ නවමු වූ නිර්මාණ වැඩිදියුණු කරමින් ධෛර්යවන්ත හදවත් ඇති ශ්‍රී ලාංකිකයන් වශයෙන් නව නිපැයුම් තුළින් ලොවක් ජයගැනීමට අප උත්සාහවන්ත වෙමු. එසේම එම නිර්මාණශීලී උත්සාහවන්ත මිනිසුන් හට වචනයකින් හෝ ශක්තියක් වෙමු.


පුරාවස්තු රැක ගැනීමේ වැදගත්කම රචනා

දේශීය නිෂ්පාදන අගයමු රචනා

ගොංගාලේගොඩ බණ්ඩා රචනාව

නවකතාවක් තුළින් සුන්දර අත්දැකීමකට පා තබමු

ශ්‍රී ලංකාවේ ආර්ථිකය රචනා




Key words 

සංවර්ධනය උදෙසා නව නිපැයුම් රචනා

සංවර්ධනය උදෙසා නව නිපැයුම් රචනා download 

සංවර්ධනය උදෙසා නව නිපැයුම් රචනාව

පාසල් සිසුන්ගේ නව නිපැයුම් pdf

පාසල් සිසුන්ගේ නව නිපැයුම් රචනා

නව නිපැයුම් යනු 

වන නිර්මාණ රචනාව

Nawa nipeyum rachana pdf download 

nava nipayum rachana livima

නව නිපැයුම් රචනා

ලංකාවේ නව නිපැයුම් pdf download 

නව නිපැයුම් හදන හැටි

නව නිපැයුම් පිළිබඳව රචනා


Comments