අධ්‍යාපනයේ වැදගත්කම රචනා
මානව ගුණධර්ම ප්‍රවර්ධනයට ප්‍රමුඛතාවය දිය යුතු අධ්‍යාපනයක අවශ්‍යතාවය
ජෛව ලෝකයෙහි විශිෂ්ටතම නිර්මාණය ලෙසින් මිනිසා හඳුන්වා දිය හැකිය. ඒ මන්දයත් අනෙකුත් සතුන් හා සන්සන්දනය කල විට මිනිසාගේ මනස ඉතාමත් උසස් වන බැවිනි. එබැවින් සතුන් අතර විශිෂ්ටතම සත්වයා මිනිසාය යන බව මිනිසුන් පිළිගනියි.
මිනිසා පිළිබඳ සාකච්ඡා කිරීමේදී මොවුන් තනිව නොව පිරිසක් සමග වාසය කරනු ලැබේ. එහිදී ඉතාමත් වැඩි වශයෙන් මානව ගුණධර්මයන් මිනිසාට අනෙකුත් මිනිස් සත්වයන් හා කටයුතු කිරීමේදී අවශ්‍ය වනු ඇත. එහිදී මානව ගුණධර්මයන් ඉතාමත් උසස් අන්දමින් පුද්ගලයා තුළ පිහිටා තිබිය යුතුය. ඒ තුළින් මිනිසාට ඉතාමත් පහසුවෙන් අනෙකා සමග මනා අන්තර් සබඳතාවක් පවත්වාගෙන යාමට හැකි බව ඕනෑම අයෙකුට මනාව පැහැදිලි වන කරුණකි.
මේ සඳහා අධ්‍යාපනික අවශ්‍යතාවයක් වර්තමානය වන විට පැන නැගී ඇති බව විවිධ සමාජ විෂමාචාර වැනි කටයුතු සිදු වීමේදී අපට මනාව හඳුනාගත හැකි වනු ඇත. ඒ තුළින් සමාජය හා මිනිසා අතර සිදුවන ගට්ටනයේ දී ඒ තුළින් පැන නගිනු ලබන අයහපත් ක්‍රියා සමුදායන්, අවම වීමට ප්‍රධානතම අවියක් ලෙසින් මෙම මානව ගුණධර්ම ප්‍රවර්ධනය අධ්‍යාපනයට එකතු කිරීම දැක්වීම නිවැරදි වනු ඇත.
වර්තමානයේ බොහොමයක් සමාජ මාධ්‍යජාලා තුළින් අසන්නට දකින්නට ලැබෙනුයේ එතරම් සුබදායක කටයුතු නොවීම මෙම මානව ගුණධර්ම පිරිහීමෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙසින් දක්වන්නට පුළුවන. එහිදී විවිධ සමාජ විෂමාචාරයන්, අසාධාරණත්වයන් රජ කිරීම වැනි බොහොමයක් අකටයුතුකම් සිදුවන බව වර්තමානය දෙස ඉතාමත් තියුණු ඇසකින් නරඹන්නෙකුට මනාව පැහැදිලි වන කරුණකි. මෙයට ප්‍රධාන ලෙස බටහිර ආගමනයේ අයහපත් පැතිකඩ හේතු පාදක වී ඇත. මන්ද ඔවුන් විසින් අප රටෙහි පැවති සාම්ප්‍රදායික සිරිත් විරිත් සංස්කෘතීන් වැනි අනන්‍යතාවන් වලට මැදිහත් වී ඔවුන්ගේ සම්ප්‍රදායන් වැපිරවීමට කටයුතු කළ බව අතීත තොරතුරු තුළින් මනාව පැහැදිලි වන කරුණකි.
කුල, පන්ති, ආගම් භේද වලින් වර්තමානයේ සමාජ කොටස් විවිධාකාර අයුරින් බෙදා වෙන් වී කටයුතු කළද, අප සියල්ලන්ගේම ශරීර කූඩු තුළ ගලනුයේ එක රත් පැහැ රුධිරයයි. එහිදී අප කිසි විටෙකත් තව කිසිවෙකුට දෙවෙනි නොවන්නේය. එසේ හෙයින් වත්මන් අධ්‍යාපන ලොව තුළ මානව ගුණධර්ම ප්‍රවර්ධනයට ඇති අවශ්‍යතාවය මතුකොට ඒ සඳහා දායක වී කටයුතු කරමු.
ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව ක්‍රියාත්මක විය යුත්තකි
අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ රචනා
අධ්‍යාපනයේ වැදගත්කම රචනා
අධ්‍යාපනය පිළිබඳව රචනා
අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ
අධ්‍යාපනය නගා සිටුවමු රචනා
ලංකාවේ අධ්‍යාපනය රචනා
Comments