පූජාවලියේ එන ජීවක කතා වස්තුව තුළින් අපේ ජීවිත වලට සපයන ආදර්ශ හා ජීවිතාවබෝධය පිළිබඳව විචාරය කරන්න.
තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නවඅරහාදී බුදු ගුණ අතුරින් අරහං බුදු ගුණය සිහි කරමින් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ආමිස සහ ප්‍රතිපත්ති පූජා පිළිබඳව සහෘදයාට අවබෝධ කරවීම පිණිස දඹදෙණි යුගයේ වැඩ වාසය කල මහා යතිවරයාණෝ, මයුර පාද පරිවෙනාධිපති බුද්ධ පුත්‍ර හිමියෝ විසින් "පූජාවලිය" නම් ඒ මා හැඟි ධර්ම පුස්තකය ලෝ සත වෙත නිබන්ධනය කලහ.
බුද්ධ පුත්‍ර හිමියන් වෛද්‍ය වරයෙකු ලෙසද සඳහන් වේ. කායික මානසික රෝග සඳහා වෙදකම් කරමින් සිටින අතර තුර දී පූජාවලිය රචනා වීම සිදුවන අතර වෙදකම හා සම්බන්ධ වන ජීවක කතා වස්තුව ද පූජාවලිය තුළ අන්තර්ගත වීම ද සුවිශේෂී වේ. පූජාවලියට අමතරව යෝගාර්නවය හා ප්‍රයෝග රත්නාවලිය යන ග්‍රන්ථ ද බුද්ධ පුත්‍ර හිමියන් අතින් රචනා වීම නිසා උන්වහන්සේ වෙදකම් දැන සිටි බව තහවුරු වේ.
කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත ද්විතීයික පරාක්‍රමබාහු රජතුමාගේ අමාත්‍ය වරයෙකු වූ දේව පතිරාජ විසින් බෝධි සත්ව පාරමිතාවෙන් යෙදුනා වූ බනක් වදාරන්න යැයි කල ඉල්ලීම පූජාවලිය රචනය සඳහා හේතු විය. දෙවන පරාක්‍රම බාහු රජතුමාට බුදු බව ප්‍රාර්ථනය කිරීම, සිංහල භාෂාව දන්නා සත් පුරුෂයන්ගේ ලෝකාභිවෘදිය ඇති කිරීම, තමන්වහන්සේගේ අරමුණ ඉෂ්ඨ සිද්ධ කරගැනීම හෙවත් බුද්ධත්වය ලබා ගැනීම යන නිමිති තුන මුල් කර ගනිමින් පූජාවලිය නම් ධර්ම පුස්තකය රචනා කරන්නට යෙදුණි.
පූජාවලිය පුස්තකයේ විසි අට වන පරිච්ඡේදය ජීවකාරාම පූජා කතාවයි. මෙහි එන ජීවක වෛද්‍ය වරයාගේ කතාව තුළින් අපට ලබා දෙන මෙතෙකැයි කිව නොහැකි ජීවිතාවබෝධය, ජීවිතාදර්ශ බොහෝමයක් වන අතර බුද්ධ පුත්‍ර හිමියන් හැකි සෑම අවස්ථාවකදීම බන කියමින් පාඨක අපගේ ජීවිත ආලෝක කිරීමට කටයුතු කර ඇති බව කිව යුතුය. කතාවේ බොහෝ තැන්හි දී පෙර පින් පව් ගැන පවසමින් බන කියන හාමුදුරුවෝ අපිට දෙන පණිවුඩය පැහැදිලිව තේරුම් ගත යුතුය. පාඨක සහෘද අප පවින් වැළකීමත් පිනෙහි යෙදවීමත් බුද්ධ පුත්‍ර හිමියන්ගේ පරමාර්ථය වන්නට ඇත.
ජීවක යනු සාලවතී ගණිකාවට දාව උපත ලැබූ අභය රාජ කුමාරයාගේ පුත් රුවනයි. මව ගණිකාවක් වූ නියාවෙන් ජීවකගේ පියා කවුරුන්දැයි වග නොදනී. එකල සමාජය අනුව ගණිකාවකට දුවෙකු උපන්නොත් ඇගේ රැකියාව ඉදිරියට ගෙන යාමට දූව උස් මහත් කලද පුතෙකු උපන්නේ නම් කුනු ගොඩට විසි කරන්නේය.
"ඔහු කුලුමාල්ලෙක ලවා මතු යෙහි කසල ලා වසා "මොහු නුවරින් පිටත ගෙන ගොස් උක්කාර භූමියෙහි ලා පියව"
අලුත උපන් බිළිදා කුණු මල්ලකට දා බිළිදා වැසෙන්න කුණු දා කුණු ගොඩකට වීසි කලේය. මෙහිදී බුද්ධ පුත්‍ර හිමියන් වදාරන බන නම් කොතරම් කුසල කල ද පවක් කර ඇති නම් ඒ පව කුමන හෝ මොහොතක විපාක දෙන බවයි. අප මේ තුළ තේරුම් ගත යුත්තේ එයයි.
"බුදුන්ට පිළියම් කෙරෙමි'යි කප් ලක්ෂයක් පැරුම් පුරා ආ කෘතාධිකාර පුන්‍යවන්තයා .."
බුදුහාමුදුරුවන්ට වෙදකම් කිරීමට පවා පෙරුම් පුරා ආ ජීවකයන්ට තමන් පෙර ආත්ම භවයක සිදුකල අකුසලයක් විපාක දී උපන් මොහොතේදීම කුණු ගොඩකට වීසි කලේ නම් එතරම් පින් කර නැති අප ගැන කවර කතාද ?
"කුමාරහුගේ පින් බලයෙන් කිසිවක් කොට ලිය නොහී කා රැස් බදිති"
පෙර පව් විපාක දී කුණු ගොඩකට විසිකල සේම, පෙර කුසල් බලයෙන් බිළිඳාට කිසිඳු විපතක් සිදු නොවීය. කපුටන් මස් වැදැල්ලක් සේ දිස්වන බිළිඳා ආහාරයට ගැනීමට උත්සුක වූවද පෙර කුසල් බලය හමුවේ බිළිඳාට සීරීමක්වත් සිදු නොවීය. මෙහිදී අපට බුද්ධ පුත්‍ර හිමි ලබා දෙන උපදේශය නම් අප විසින් සිදු කරන කුසල් වල බලයෙන් අප ආරක්ෂා වන බවයි. අපගේ ජීවිත ආරක්ෂාව උදෙසා අකුසලින් වැළකී කුසල් කල යුතු බවයි.
"මාගේ කිසි නෑසිය කෙනෙකුත් නැත. මතු මට හිමිවන කුල සැපතෙකු දු නැත. එසේ හෙයින් මා විසින් ශිල්පයක් හදාරා ගත මැනව. ශිල්ප බලයෙන් බොහෝ දෙනා නෑ කොට ගෙන ධනය උපදවා ගත මැනැව"
ජීවිතය ජය ගන්න ජීවකගේ මේ සිතුවිල්ලම ඇති. ජීවක කතා වස්තුවේ එන උච්චතම ආදර්ශය මෙය බව හැගෙයි. තමාට කිසිම නෑදෑයෙක් නැති බව ජීවක දනී. තමාට පවුලෙන් ඥාතීන්ගෙන් ලැබෙන ධනයක් නොමැති බව ජීවක දනී.
බලන්න ජීවක කොතරම් බුද්ධිමත් ද කියා, තමාගේ අනාගතය තමාම ගොඩනගා ගත යුතු බව ඔහු අවබෝධ කර ගනී. අද සමාජයේ දකින්නට නොලැබෙනම දෙයකි මෙය. දෙමව්පියන්ගේ ඕමනාවට ඉගෙන ගන්නවා මිස තමාගේ අනාගතය ගොඩ නගා ගැනීම උදෙසා ඉගෙන ගත යුතුය යන ආකල්පය ළමයින් තුළ ඉතාම අල්ප ය. ඉගෙනීම තමා වෙනුවෙන් තමාගේ අනාගතය වෙනුවෙන් සිදු කරන්නේ නම් එයින් ලබා ගත හැකි ප්‍රතිඵල ඉතා ඉහළ වනු ඇත. මන්දයත් එවිට ළමයා ඉගෙන ගන්නේ දෙමව්පියන්ගේ ඕමනාවට නොව තමාගේ ඕමනාවට වන නිසාය.
ජීවක වෛද්‍ය වරයාගේ කතාවෙන් අපට ලබා දෙන මේ ආදර්ශය අප තේරුම් ගෙන අපගේ ජීවිත වලටද ගලපා ගත යුතුය. ජීවක උපතින් වෙදකම ගෙන ආවේ නැත. ජීවිතය සාර්ථක කර ගැනීමට වෛද්‍ය වෘත්තිය තමාට සුදුසු යැයි තමාම තීරණය කල නිසා ඒ සඳහා උපරිම කැප කිරීම් සිදු කරමින් ඉගෙන ගත්තාය. ජීවක ඉගෙනීම තුළින් ම තම අනාගතය ගොඩ නගා ගත් ආකාරය අපට මහත් ආදර්ශයකි.
ජීවක කතා වස්තුවේ ජීවිත අවබෝධය
ජීවක වෛද්‍ය වරයාගේ ජීවිතයෙන් ආදර්ශ
ජීවක කතා වස්තුව විචාර pdf
Jeewaka katha wasthuwa vichara
Comments