Skip to main content

සිංහල රචනා 50 - පුරාවස්තු රැක ගැනීමේ වැදගත්කම රචනා

අනාගත පරපුර වෙනුවෙන් පුරාවස්තූන් සංරක්ෂණය කරමු

රටක ප්‍රධානතම අනන්‍යතා ලක්ෂණයක් ලෙසින් පුරාවස්තු හඳුන්වා දිය හැකිය. එහිදී පුරාවස්තු විවිධ කොටස්වලට බෙදා දැක්විය හැකිය. මේවා සාහිත්‍යමය හා ශිලාමය පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ඒවා විය හැකිය. කෙසේ වෙතත් රටක අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා පුරා වස්තූන් අවියක් ලෙසින් භාවිතා කළ හැකිය.

පුරාවස්තු තුළින් අතීත මිනිසාගේ සිතුම් පැතුම්, විචක්ෂණශීලී නුවණ, ඔවුන්ගේ එකල දැනුම් මට්ටම, කලාත්මක හැකියාව, ශිල්පීය ඥානය පිළිබඳ මනා දැනුමක් ලබා ගැනීමට මේවා අධ්‍යයනය කිරීම තුළින් අපට පහසුවනු ඇත.

අනාගත පරපුර සඳහා මෙම පුරාවස්තූන් සුරක්ෂිත කොට ආරක්ෂා කර තැබීම අප කාගේත් යුතුකමක් හා වගකීමක් වනු ඇත. එහිදී මෙම පුරාවස්තුන් ආරක්ෂා කිරීම උදෙසා වෙනත් විදේශීය රටවල විවිධ නීතිමය පැතිකඩවල් වැනි බොහොමයක් ආරක්ෂක ක්‍රියාමාර්ග රැගෙන ඇති බව අප කොයි කවුරුත් දන්නා කරුණකි. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් හඳුන්වන අපරට එනම්, ශ්‍රී ලංකාව පුරාවස්තුන් බොහොමයක් ඇත්තාවූ ඓතිහාසික පින්බිමක් ලෙස දැක්වීම ඉතාමත් නිවැරදිය. එහිදී මෙම පුරාවස්තුන් ඉතාමත් සුරක්ෂිත ලෙස ආරක්ෂා කර තබා ගනිමින් අනාගත දූ දරුවන්ට දායාද කිරීමට අප සැවොම වග බලා ගත යුතුව ඇත.

එහිදී මෙරට ප්‍රකටව මෙන්ම අප්‍රකටව පැවති ආගමික ඓතිහාසික සහ කලාත්මක වටිනාකමක් සහිත පුරා වස්තූන් සංරක්ෂණය කිරීමට රාජ්‍ය මට්ටමේ මැදිහත්වීම් හා නෛතික ක්‍රමෝපායන් ශක්තිමත් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුව ඇත.

එසේ සිදු කිරීම තුළින් අප රටෙහි පවතින පුරාවිද්‍යාත්මක අනන්‍යතාවයන් තහවුරු කර ගනිමින් සුරක්ෂිත අනාගතයක් ගොඩනගා ගත හැකිය. එහිදීම පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත වස්තුන් ආරක්ෂා කිරීම තුළින් අප රටටද ඉතාමත් වාසිදායක තත්වයක් උදාවන බව බව පැහැදිලි ය. පුරාවිද්‍යාත්මක වස්තූන් නැරඹීම සඳහා විදේශීය සංචාරකයින් මේ රටට පැමිණීම තුළින් අප රටට මුදල් ආයෝජනයක් වනු ඇත. තවද ඔවුන් සඳහා නවාතැන් පහසුකම් ලබා දීම තුළින් හෝටල් කර්මාන්තය හා මාර්ග පෙන්වීම තුළින් රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය වීම වැනි ඉතාමත් වාසිදායක තත්ත්වයන් මේ හරහා සිදුවනු ඇත. එහිදී වඩාත් වැදගත් වන්නේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවය තහවුරු කිරීමය ඒ සඳහා අප විවිධ ක්‍රියාමාර්ග ගෙන මෙම පුරාවිද්‍යාත්මක වස්තුන් ආරක්ෂා කළ යුතුව ඇත.

මෙම පුරාවිද්‍යාත්මක වස්තූන් ආරක්ෂා නොකිරීම තුළින් අපගේ අනන්‍යතාවයන් නැතිව ගොස් විදේශ රටවල් අතර පහත් ස්ථානයක් ගැනීමටද පවා සිදුවිය හැකිය. කෙසේ නමුදු අප රටටම ආවේණික අප රටෙහි අතීත මුතුන් මිත්තන්ගේ හැකියාවන්, නටබුන් එනම් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත වස්තූන් අප ආරක්ෂා කිරීම යුතුකමක් සේම වගකීමක් ලෙස සැලකිය යුතුමය.



දේශීය නිෂ්පාදන අගයමු රචනා

මානව ගුණධර්ම ප්‍රවර්ධනයට ප්‍රමුඛතාවය දිය යුතු අධ්‍යාපනයක අවශ්‍යතාවය



Key words
පුරාවස්තු රැක ගැනීමේ වැදගත්කම රචනා
පුරාවස්තු රැක ගනිමු රචනා
පුරාවස්තු රැක ගනිමු රචනා pdf
පුරාවස්තු යනු කුමක්ද
පුරාවස්තු වල වැදගත්කම
පුරාවස්තු වල වැදගත්කම pdf download 
පුරාවස්තු රැක ගනිමු ගැන රචනා
පුරාවස්තු රැක ගැනීමේ වැදගත්කම pdf

Comments