ගුරුවරුන්ට ගරු කිරීමට සිත් ඇති වන අන්දමින් වචන 250 කට නොඅඩු රචනාවක් ගොඩ නගන්න.
ගුරුවරුන්ට ගරු කරමු
"සෑම දරුවෙකුම ඔප කල යුතු මැණිකකි" මැයෙන්, තම රාජකාරි වෘත්තිය, ජීවන වෘත්තීයට මායිම් නොකොට තම ජීවිතයම දරුවන්ගේ දෑස් පෑදවීමෙහිලා කැප කරන උත්තම ගුරුවරයා ගරුත්වය ලැබීමට සුදුසුම වෙයි.
මිනිසාට තම ජීවිත කාලය තුළ විවිධ වූ කාලයන් තුල විවිධ වූ ගුරුවරුන් හමුවේ. එහෙත් මෙහිදී මූලිකවම අපට ගුරුවරයා කියූ සැනින් මතකයට නැගෙන අපගේ පාසල් ගුරුවරුන් පිළිබඳව ප්‍රධාන ලෙස අවධානය යොමු කිරීම වටියි.
පාසල් ගුරුවරුන් අපගේ ජීවිතයේ අද්විතීය පුද්ගලයන් වීමට ප්‍රධාන හේතුව නම් අපගේ ජීවන වෘත්තීය තීරණය වීමට මූලික අඩිතාලම ඔවුන් හරහා අපට ලැබීම බව සිතිය හැකිය. පාසල් ගුරුවර ගුරුවරියන් හට හමුවන දරුවන් මෘදුකාංග නොදැමූ පරිඝණක වැනිය.
පරිඝණකයට වෛරස, මැල්වෙයා වලින් තොරව දත්ත පරිස්සමට ඇතුළත් කලහොත් ඉන් නිසි ඵල ප්‍රයෝජන ලබා ගත හැකි සේම, ළමා මනසට අධ්‍යාපනය ලබා දීමේ දී හරි පරිස්සමට ඒ කර්තව්‍ය ඉටු කලහොත් සමාජයට ඵලදායි, රටට වැඩදායී මිනිසෙකු නිර්මාණය කල හැකිය.
පාඩම් පොතෙහි අන්තර්ගතය කලු ලෑල්ලට ගෙන ඒමට පමණක් සීමා නොවී, කාල පරිච්ඡේදය ගෙවා දැමීමට ක්‍රියා නොකරන, හැකි සෑම තැනහිම තරමකුත් නොමද අවවාද අනුශාසනාදිය ලබා දෙමින්, අවවාදයට සීමා නොවෙමින් ආදර්ශවත් ජීවිත ගත කරන ඒ අපූරු මිනිසුන් නම් ගුරුවරුන්ට ගරු කල යුතුමය.
විටෙක පියෙකි, මවකි සහෝදර සහෝදරියෙකි. තමා කවුරුද යන වගවත් නොදත් ළමයා තුළ පුද්ගලයෙකු ගොඩ නගනා ඒ නියමුවන් නිසි ලෙස ඇගයිය යුතුය.
"පාඩම් පොතට පරිභාහිර කරුණු කාරණා හමුවේ ඕනෑ තරම් කඩා වැටුණා. ගුරු භූමිකාව ආත්මය කර ගත්තවුන්ගේ දෑත දිගු නොවන්නට ගොඩවීමක් නම් කොහිද?"
මෙසේ ළමයින් කියද්දී..
"සාරි පොටට බරනැති පොඩි ළමයි වයසින් මෝරද්දී හිතට හරි බරක් වෙනවා"
යැයි දෙවිවරු වගේ ගුරුවරු පවසා තිබෙයි.
මේ සම්බන්ධකම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපූරුයි. හවසට ගෙදර යන ගමනුත් ස්ටෑන්ඩ් එකේ, බස් එකේ ළමයින් ගැන නිරතුරු විමසිල්ලෙන් පසුවන මේ උතුම් මිනිස්සුන්ට ගරුකල යුතුමයි නේද?
තමාට යහමග ගත නොහැකි දරුවාට යහමග පෙන්වන, ජීවිත අරගලය තුල දරුවා වෙනුවෙන් කාලය ගත කිරීමට අතපසු වන විට, ඒ දරුවා වෙනුවෙන් තම ජීවිතය කැප කරනා උතුම් ගුරුවරුන්හට දරුවන්ගේ දෙමාපියන් ගරුකල යුතුයි නේද?
මවක් පියෙක් නැති ඒ දරුවන් වෙත මවෙකු පියෙකු වෙමින්, සොරෙකු, මංකොල්ල කාරයෙකු, අපරාධ කාරයෙකු වීමට නියමිත වූවන් ඔවා මිණිදහම් දෙමින් සමාජයට හිතකර එලදායී මිනිසුන් කරනා ඒ උතුම් ගුරුවරුන් හට අප සැම ගරුකල යුතුමය.
ගුරු වරුන්ට ගරු කරමු රචනා download
ගුරු වරුන්ට ගරු කරමු රචනාව
ගුරුවරුන්ට ගරු කරමු රචනා pdf
ගුරුවරුන්ට ගරු කරමු රචනා pdf download
Comments