Skip to main content

Follow on YouTube

සිංහල විචාර 38 - කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට.. විචාරය 02 - සාමාන්‍ය පෙළ

කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට

සැප සම්පතින් ආඪ්‍ය ඉපැරණි ගමක තොරතුරු කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට  කවි පන්තියෙන් ඉදිරිපත් කරන ආකාරය පැහැදිලි කරන්න.

"රසවත් වැකිය කාව්‍යය යි" යන්න අර්ථ විවරණය කරමින් සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන කෝට්ටේ සාහිත්‍ය අවධියේදී විදාගම මෛත්‍රී හිමිපාණන් විසින් රචිත හංස සංදේශයෙන් කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට යන කාව්‍ය සංග්‍රහය උපුටා ගෙන ඇත. සමුද්‍ර ඝෝෂ විරිත භාවිතයෙන් මෙම පද්‍ය පන්තියට ලැබී ඇත්තේ අපූර්වත්වයකි.  

සැප සම්පතින් පිරුණු මේ කෑරගල ගම්පියසෙහි පැරණි ගමෙහි තොරතුරු පහත නිදසුන් තුළින් වඩාත් පැහැදිලි වේ. 

"සාර ඵලය අඹ දඹ රඹද වල්           පිට
  මීර ජලය ඇළදොළ කදු පිටින්       බට
  නෑර ලොලය වඩවන දුටු දනන්     හට
  කෑරගලය වැජඹෙයි මේ ලෙසින්    සිට...."

ඉහත පද්‍යයෙන් ගම්‍යමාන වන පරිදි සාරවත් ඵල වලින් යුතු අඹ, ජම්ඹු, කෙසෙල් ගස්වලින් පිරුණු වන බිම්ද , මිහිරි ජලයෙන් යුක්ත ඇළදොළ ආදියෙන්ද මෙම කෑරගල ගම්පියස ස්වභාව සුන්දරත්වයට පත් වී ඇත. මේවා දකින ජනයාගේ හිත තුළට පහන් සිතිවිලි ගලා එයි. මෙම කාව්‍යයේදී මුල, මැද, අග එළිසමය, සරළ සුගම බස්වහර, සිව්පද ආර, ධ්වනි පූර්ණත්වය, අනුප්‍රාසාත්මක වදන් භාවිතය වැනි කාව්‍යාලංකරණ යොදා පද එකිනෙක ගෙත්තම් කර ඇත.
"කුළින් කුළම සිහිල'ඹ වැහෙන   කදුරුය
  දොළින් දොළම කල් යල් කරන කුඹුරුය
  පළින් පළම තල් පොල් ගෙවතු  මැදුරුය
  තලින් තලම පුල් පියුමු'පුල      පඩෙරුය.."

කදු මුදුනක් පාසාම ජලය ගලා බසින් දිය පාරවල්ගෙන්ද යුක්තය. සෑම දොළක් අසළම වගා කරන කුඹුරුද, සෑම තැනක වාගේ පළින් පළ තල්, පොල් වැනි ගෙවතුද, විලක් පාසාම සුදු නෙළුම්, මානෙල් වැනි මල් වර්ග පිපී ඇති හෙයින් අලංකාරත්වය මැනවින් දැක්වේ. අර්ථ රසය හා ශබ්ද රසය, සරළ සුගම බස්වහර , සිව්පද ආර , එළිසමය වැනි කාව්‍යාලංකරණ යොදා ඇති හෙයින් කවියට ලැබී ඇත්තේ අපූරු සිත්තමකි.

"පැසෙයි නිබද සුවදැල් කෙත් වත්     අවට
  ඇසෙයි ළමා වසු පැටියන් හඩ          දුරට
  දිසෙයි වෙහෙර එහි සුරවිමනක්   ලෙසට
  රසෙයි අමා රසමය ඒ පියස                 දුට...."

කෙත්වතු වල සුවදැල් නම් වී වර්ගය පැසෙයි. වසු පැටවුන්ගේ නාදය ඈතටම ඇසෙයි. එහි විහාරස්ථානය දිව්‍යමානයක් ලෙසට පෙනෙයි. මේ සියල්ලම බලන විටදී සිතට නැගෙන්නේ අමුතු හැගීමකි. මෙම කාව්‍යයේද උසස් මට්ටමේ සාහිත්‍යාංගද ගැබ්ව පවති.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.


මෙම කවි සියල්ලන්ගෙන්ම පැහැදිලි වන්නේ කෑරගල නම් ඉපැරැණි ගමේ ස්වභාව සුන්දරත්වය පිළිබදවයි. කවියා පාඨක සිත ඇද බැද ගන්නා ආකරයට පද්‍ය එකිනෙක ගෙත්තම් කර ඇති ආකාරය අපූරුය.

- ප්‍රබෝධා මල්ෂානි -



Key words 

කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට

කෑරගලය වැජඹෙයි විචාර 

කෑරගලය විචාර ලිවීම 

කෑරගලය වැජඹෙයි විචාර pdf

කෑරගලය විචාර සාමාන්‍ය පෙළට