කුස ජාතකය පාඨක, ශ්‍රාවක සිත්තුල හාස්‍ය රසය ජනනය කරන කතා වස්තුවකි. නිදසුන් තුනක්වත් යොදා ගනිමින් පැහැදිලි කරන්න.
එදා මිහිදු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයට බුදු දහම සමග රැගෙන එන ලද ඒ මහගු සංස්කෘතිය ජනයා අතරට ගෙනයෑමෙහිලා ඉමහත් සහායක් වූ බෞද්ධ සාහිතයේ මූලික තෝතැන්න ලෙස සැලකිය හැකි පන්සිය පනහක් තරම් වූ ජාතක කතා අතුරෙන් බෙහෙවින්ම ජනයා අතරට සමීප වූ ජාතක කතාවක් ලෙස කුස ජාතකය හැදින්වීම නිවැරදිය. කුස ජාතකය එසේ ජනයා අතර පැතිරයාමට එහි වූ හාස්‍ය රසය බෙහෙවින්ම හේතු වූ බව සිතිය හැකිය.
ජාතක කතාකරු කතා වස්තුව ජනතාවට වඩාත් සමීප කරවීමට හාස්‍ය රසය යොදා ගත්තද බෝසතාණන් වහන්සේගේ ශීලය, ඥානය, වීර්ය, ඉවසීම, ත්‍යාගවන්ත බව ආදී ගුණාංග තුළින් හුදී ජනයා සුචරිතයෙහි යෙදවීම යන ජාතක කතාවේ මූලික පරමාර්ථයට හානියක් නොවන ලෙස කුස ජාතකය රචනා කිරීම අගය කළ යුතුය. වීදි නාට්‍යය, වේදිකා නාට්‍යය, ටෙලි නාට්‍යය මෙන්ම සිනමාව තුළත් විවිධ නිර්මාණයන්ට පාදක වීමට හේතු වූ කුස ජාතකයේ ඇති හාස්‍ය රසය පිළිබඳ විමසීමක් කර බැලීම ඉතා රසවත් කාර්යයක් වනු ඇත.
යටගිය දවස මලල රට කුසාවතී නුවර ඔක්කාක රජ්ජුරුවන්ට සහ අගමෙහෙසිය වූ සීලවතී දේවීන්ට දරුවන් නොමැති වීමෙන් දරු සම්පතක් ලබාගෙන පැමිණීම සඳහා සීලවතී දේවිය පිටත්කර හැරීම ම හාස්‍යයක් ගෙන දෙන්නේ ය.
" කුමක් නිසා මට නින්දා කරවූ ද ශරීරය ජරා ප්‍රාප්ත පමණක් විනා රාගය තරුණ වන්නේය ඉදින් සීලවති දේවීන් ලදිම් නම් ගෙන යෙමී සිතා ආමි"
ශක්‍ර දෙවියන් දේවිය රැගෙන යෑමට පැමිණෙන්නේ මහල්ලෙකුගේ වෙස් ගෙන ය. එසේ මහලු වෙස් ගැනීම ම, මහල්ලෙකු තරුණ දේවියක් රැගෙන යෑමට පැමිණීම ම හාස්‍ය රසය මතුකිරීමට හේතු වී ඇත. එසේ පැමිණ තම ශරීරය මහලු නමුත් රාගය මහලු නොවන බව ඒ මහල්ලා පැවසීම තව තවත් හාස්‍ය මතුකරමින් ශ්‍රාවකයාට සිනහව පහල කරන අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය.
"රජ්ජුරුවෝ නෙලුම්පත ඉවත්කොට ''මම කුස රජය''යි ප්‍රභාවති අත ඇල්ලූ ය. ඔහුගේ මුඛය දැක "යක්ෂයෙක් මා අත අල්වා ගතැ"යි මුරගාමින් භයින් මූර්ජාව ගියා ය."
කුස රජතුමා ප්‍රභාවතී දේවිය දැක ගනු රිසියෙන් පොකුනෙහි දියට බැස නෙලුම් මලකින් මූන වසන් සිටීම ද හාස්‍ය උපදවන කදිම අවස්තාවකි. මෙම අවස්ථාව බොහොමයක් රග දැක්වීම් වලදී පවා ප්‍රධානම ජවනිකාවක් ලෙස යොදා ගනිමින් ප්‍රේක්ෂකයා ඇදබැඳ තබාගැනීමට භාවිතා කරනුයේ ද එහි ඇති හාස්‍ය රසය නිසාම ය. මෙහිදී කුස රජ්ජුරුවන්ගේ මුහුණ දැක ප්‍රභාවති දේවිය යක්ෂයෙකු යයි බියට පත්වීම තුළින් කුස රජ්ජුරුවෝ කෙතරම් අවලස්සන ද යන්න හා දේවිය කෙතරම් සියුමැලිද යන්න පිළිබිඹු වීම තුළින්ද මෙම නොගැලපෙන එක්වීම ප්‍රේක්ෂක ශ්‍රාවක සිත්තුල සියුම් ලෙස හාස්‍ය රසය උද්දීපනය කරන්නේය.
ප්‍රභාවතී දේවිය රාජ්‍ය හැරගිය පසුව ඇය කැදවාගෙන එනු පිණිස සාගල නුවරට ගිය කල නොයෙක් බැලමෙහෙවර කිරීමට කුස රජුට සිදු විය,
" එකල මදු රජ්ජුරුවෝ නොදුටු විරූ ම වළං දැක සතුටුව මේ කලෝ කවුරු දැයි විචාරා කුඹලා විසින් "මම ය, ස්වාමීනි" කී කල්හි "තොප ගේ කර්මාන්තය මා නොදනිමි ද නො වළහා කියව"යි තරව විචාල සද "දේවයන් වහන්ස මාගේ අත වැස්සා විසින් කරන ලදැ"යි කී ය.
රජකෙනෙකු ස්ත්‍රියක වෙනුවෙන් මෙසේ වලං සෑදීම ආදී වූ නොයෙක් බැල මෙහෙවර සිදු කිරීමද හාස්‍යයක් ම වන්නේ ය. ඒ හාස්‍ය තව තවත් රසවත් ව හාස්‍යයට ලක් කරමින්,
"දේවයන් වහන්ස මාගේ අත වැස්සා විසින් කරන ලදැ"යි
"මාගේ අත වැස්සා විසින් ගොතන ලදැ"යි,
ආදී ලෙස පිළිවෙලින් කුඹල්කරුවා, නල කරුවා, මල් කරුවා, අරක්කැමියා, යන පුද්ගලයින් කීප වතාවක් ප්‍රකාශය කිරීම තුල ඇතිවන අනුප්‍රාසය තුළින්ද හාස්‍ය රසය උත්පාදනය වන්නේය.
මෙසේ බලන කල්හී කුස ජාතකය පුරාවටම හාස්‍ය රසය පවත්වා ගනිමින් ශ්‍රාවක, පාඨක සිත් ඇද බැඳ තබා ගැනීමට ජාතක කතා කරු දැරූ උත්සාහය සාර්ථක වී ඇති බව සඳහන් කළ හැකි වන්නේ ය.
Kusa jathakaya sinhala sahithya vichara