මහෞෂධ පණ්ඩිතයාගේත් කේවට්ට බමුණාගේත් චරිත තුල ඇති සම විෂමතා දක්වන්න.
උම්මග්ග ජාතකය රචනා කර ඇත්තේ ම අප මහා බෝසතාණන් වහන්සේ සතු උපාය කෞෂල්‍ය විදහා දැක්වීමටමය. එසේ නම් කතා වස්තුවේ උත්තම භූමිකාව මහෞෂධ පඬිතුමා වීම පාඨකයාට විශේෂයක් නොවන්නේ ඒ අප මහා බෝසතාණන් වහන්සේගේම පෙර භවයක් විම නිසාය. උම්මග්ග ජාතකයේ එන ඊළඟ ප්‍රධාන භූමිකාව වන කේවට්ට ආචාරීන් මහෞෂධ පඬිතුමාණන් හා කරින් කර සිටිය හැකි පණ්ඩිතයකු බව ජාතක කතා කරු විසින් නිරතුරු පිළිඹිබු කරනුයේ සතුරා ප්‍රබල වන තරමට වීරයාගේ වීරත්වය පිළිඹිබු කල හැකි වන න්‍යාය නිසා විය යුතුය.
උම්මග්ග ජාතකය පුරාවට ඉස්මතු වන මෙම ප්‍රධාන චරිත දෙකෙහි දැකිය හැකි සුවිශේෂී සමානතා මෙන්ම කැපී පෙනෙන විෂමතා කිහිපයක් පිළිබඳ අපි දැන් විමසා බලමු.
"මේ මාගේ යසස කවුරුන් සන්තක දෝ හෝයි" සිතන්නාහු,"අනෙක් කෙනෙකුන් සන්තක නොවෙයි;චූලනී බ්‍රහ්ම දත්ත නම් රජ්ජුරුවන් සන්තකය. මෙබදු සම්පත් දුන් රජ්ජුරුවන් සියළු දඹදිවට අග රජ කළොත් යහපත."
කේවට්ට ආචාරීතුමා මෙලෙස සිතමින් එතුමාගේ හද තුල වන මහා කලගුණ සැලකීමේ ගුණය අපට ප්‍රකට කරයි.
මොහුට තබා කිසිවෙකුටත් නොදැවෙනි අප මහා බෝසතාණන් වහන්සේගේ කලගුණ සැලකීමේ ගුණය නම්..,
"පණ්ඩිතයන් වහන්සේ ගිරා පෝතකයනට කල මනා සත්කාර කොට හෙවත් මී යෙන් තැනූ විලද කවා, මී පැන් පොවා, බේත් තෙලින් පියා සගල මැඩ, මොලොක් ඇතිරිලි අතුරන ලද රන් මැදිරියෙහි සතප්පා.."
තමන්ගෙන්ම යැපෙන සතෙකුට පවා මේ සා විශාල පුද සත්කාර දැක්වීමෙන් අප මහා බෝසතාණන් වහන්සේගේ කලගුණ සැලකීමේ ගුණය මනා ලෙස පිළිඹිබු කිරීමට ජාතක කතා කරු සමත්ව ඇත.
එසේ ගත් කල මොවුන් දෙදෙනාගේ ම චරිත තුලින් කලගුණ සැලකීමේ ගුණය අපට දැක ගත හැකිය.