Skip to main content

Follow on YouTube

සිංහල විචාර 11 - ලෙන අතහැර යෑම (සිංහබාහු නාට්‍ය) සාහිත්‍යය විචාරය 01- සාමාන්‍ය පෙළ

දරුවන්ගේ සුභ සිද්ධිය තකා ක්‍රියා කරන මවකගේ චරිතය සුප්පා දේවියගෙන් සංකේතවත් වෙයි" පාඩම ඇසුරින් නිදසුන් සහිතව විමසන්න.


               සිංහල ගැමියා අතර ප්‍රචලිතව පැවති නාඩගම් කෝලම් ආදී වූ විවිධ සංස්කෘතිකාංග පිළිබඳ දිගු කාලීන ව සිදුකළ පර්යේෂණ වලින් ලත් පන්නරය සිංහබාහු වැනි දශක ගණනාවක් ජනයා අතර මුල්බැස පවතින විශිෂ්ට ගණයේ නිර්මාණයක් බිහිකිරීමෙහිලා එදිරිවීර සරච්චන්ද්‍රයන් හට ආභාෂය වීය. මෙම විශිෂ්ට නිර්මාණයේ ප්‍රබල චරිතයක් වන සුප්පා දේවියගේ චරිතය සැලකීමේදී සිය සැමියා කෙරෙහි ඇය තුළ වූ අචල ප්‍රේමය මනාව ගම්‍ය වන අතර, සිංහබාහු සහ සිංහ සීවලී යන සිය දරුවන් කෙරෙහි දැක් වූ අපරිමිත සෙනෙහස සහ ඔවුන් වෙනුවෙන් සිදුකරන අනේකවිධ කැපකිරීම් සැලකීමේදී සිය දරුවන්ගේ සුබසිද්ධිය තකා ක්‍රියා කරන මවකගේ චරිතය අපූර්ව ලෙස ඇය තුළින් සංකේතවත් කර ඇති බව නිදසුන් ඇසුරින් පෙන්වා දිය හැකිය.

" සඟවන්නට තතු බැරිය පුතුගෙන්"

" අදහන්නෙ නැත කීව ද මුසා"

" දැන මූකුරා ගොස් ඇත පුරා වයසා"

               රජ මාළිගා සැප අත්හැර විත් මහ වනය මැද ගුහාවක දරුවන් දෙදෙනෙක් හදාවඩා ගැනීම කොතරම් කටුක කටයුත්තක් වන්නට ඇති ද?. ඒ සියලු දුක් කම්කටොළු විද දරා ගනිමින් තම දරුවන්ගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කරන සුප්පා දේවිය මුහුණ පාන ප්‍රධාන අභියෝගය ස්වකීය දරුවන්ගෙන් තම අතීත කතාව වසන් කිරීමට වීමයි. එසේ වසන් කරනුයේ දරුවන්ගේම සුබ සිද්ධිය උදෙසායි. ඇය මාලිගය හැර දා පැමිණි තත්වයත් සමග දරුවන්ට ආරක්ෂාව හා සෙනෙහස, විශේෂයෙන්ම පියාගේ සෙනෙහස රැකවරණය දරුවන්ට ලබා දීමට නම් ගල් ලෙන තුලම දරුවන් සමග ජීවිතය ගත කිරීමට ඇයට සිදු වෙනවා. නොතේරුම් වයසේ දරුවන් අවට ලෝකය ගැන මොනතරම් නම් ප්‍රශ්න කරන්නට ඇති ද?. නමුත් සුප්පා දේවිය දරුවන්ගේ නිසි වයස එළඹෙන තුරු දරුවන්ගේ ඇවිටිලි විද දරා දරුවන්ගේ සුබසිද්ධිය උදෙසා ක්‍රියා කරනවා.

               දිනෙක දරුවන් මුහුපුරා ගොසින් තවදුරටත් යථාර්ථය වසන්කල නොහැකි දවසක් පැමිණෙනවා. දරුවන්ට විශේෂයෙන් සිංහබාහුට සමාජය සමග කටයුතු කල හැකි නිසි වයස පැමිණීමෙන් ඇය තීරණය කරනවා යථාර්ථය පැවසිය යුතු බවට. මේ තීරණය පහසු වන්නේ නැහැ. මොකද යථාර්ථය දැන ගැනීමෙන් පසු දරුවන් තමන් කෙරෙහිද පියාණන් කෙරෙහිද ඇති සෙනෙහස පළුදු වී ඔවුන් අතහැර දමා යාමටද හැකිය. කෙසේ වෙතත් අවසානයේ ඇය යථාර්ථය දරුවන්ට පවසනවා. එසේ පවසන්නේ තම දරුවන් හෝ සැමියා හෝ ඕනෑම කැප කිරීමක් කිරීමට සිදුවිය හැකි බව දැන දැනමයි. 

"නොකරන් එලෙසා පියතුමගේ අණ ඉක්මවලා පුතුනේ"

               සත්‍ය දැනගත් පුතුන්ට දැන් මේ ගුහාව හිරගෙයක් වෙලා. මව සහ නැගණිය රැගෙන මෙතෙක්කල් හැදී වැඩුනු ගල් ලෙන අතහැර යෑමට සැරසෙනවා. සෑම මවක්ම වාගේ ඇයට හැකි උපරිමයෙන් සින්හබාහුට අවවාද කරනුයේ හදිසි තීරණ නිසා කරදරයේ වැටීමට හැකි දරුවන් ඉන් වළකාලීමට යි. පියාගේ ද සෙනෙහස රැක දීමට යි. එහෙත් දඩබ්බර වන සිංහබාහු පාලනය කර ගැනීමට ඇය අපොහොසත්වීම නිසා දැන් දරුවන් ද සැමියා ද යන තීරණය ගැනීමට ද ඇයට සිදු වෙනවා.


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.



"නුඹගේ ද නුඹ නැගණියන්ගේ ද යහපත පිණිස මම නුඹ පියාණන් හැර පියා යන්ට සනිටුහන් කර ගතිමි"

               සැමියාට ඈ කොතරම් ප්‍රේමය කලාද කිවහොත් රාජ සැප සම්පත් අතහැර දමා ගල් ලෙනෙහි ජීවත් වීවට පැමිණියා. ඇය දරුවන්ගේ සුබසිද්ධිය උදෙසා කොතරම් ක්‍රියා සිදු කලාද යත් එතරම් ප්‍රේම කළ සැමියා අතහැර තම දරුවන් සමග ගල් ලෙන හැර යාමට තීරණය කළා. එතුලින්ම ඇය තම දරුවන්ගේ සුභ සිද්ධිය සඳහා ක්‍රියා කරන මවකගේ චරිතය මනාව සංකේතවත් කල බව ප්‍රකාශ කල හැකි වන්නේ නොවේ ද?.

-Admin-


ලෙන අතහැර යෑම (සිංහබාහු නාට්‍ය) සාහිත්‍යය විචාරය 02


අලුතෙන් දාන විචාර ගැන දැනගැනීමට සහ විචාර සම්බන්ධ post කියවීමට අපගේ පහත දැක්වෙන Facebook පිටුව Like කරන්න. යාළුවන්ටත් බලන්න share කරන්න.

මීට Admin 🙂



Lena athahera yema vicharaya
Sinhabahu natya lena athahera yema Pdf
Lena hera yama vichara pdf
ලෙන අතහැර යාම විචාරය
lena athahara yama grade 10
ලෙන අත හැර යාම විචාරය pdf
lena atha hara yama vicharaya 02
ආදර්ශ විචාරය ලෙන හැර යාම සිංහබාහු
ලෙන අතහැර යාම විචාර ලිවීමට උදාහරණ