Skip to main content

කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට.. විචාරය

සැප සම්පතින් ආඪ්‍ය ඉපැරණි ගමක තොරතුරු කවි පන්තියෙන් ඉදිරිපත් කරන ආකාරය පැහැදිලි කරන්න.


කෑරගල වනරතන හිමිපාණන් ලවා සෙත් පිරිත් දේශනා කොට ඒ පිං දෙවිවරුන්හට අනුමෝදන් කොට සයවන පැරකුම්බා රජු වෙත දිව්‍ය කරුණාව පහල කර ගනු නිමිතිව පනිවිඩය ගෙන යන හංසයාහට කෑරගල වෙහෙර හා අවට ගම්මානයේ විචිත්‍රත්වය විස්තර කරන හංස සංදේශයේ එන කවිපෙල තුලින් එකල අපගේ ගම්මාන පිළිබඳව තොරතුරු බොහොමයක් අපූර්ව ලෙස හෙලි කර ගැනීමට හැකිය. එකල ගම ගම් වැසියන්ට සේම සතා සිව්පාවනට ද අවශ්‍ය සැප සම්පතින් පිරී ඉතිරී සොදුරු ලෙස පැවති ආකාරය මේ ලෙස විමසා බැලිය හැකිය.

"සා ර පලය අඹ දඹ රඹ ද වල්     පිට
  මී ර ජලය ඇළ දොළ කඳු පිටින් බට"

කෑරගල වෙහෙර අවට වන බිම් වල ස්වභාවය විස්තර කරන මෙම පද තුල කියවෙන පරිදි මේවා නිකන්ම නිකන් වන බිම් නොවෙයි. කවි හිමි දක්වන පරිදි අඹ, ජම්බු, කෙසෙල් ආදී පලතුරු සාරවත් ලෙස ඵල දරා මෙම වනාන්තර ජීවයට අවශ්‍ය ආහාර වලින් පිරී පවතියි. එසේම කදු මතින් ඇද හැලෙන ඇළ, දොළ ගංඟා පිරිසිදු ජලයෙන් පෝෂිතව පවතියි. එකල ගැමියා හට අවශ්‍ය ආහාර සහ ජලය යන සම්පත් මෙම වන බිම් වල පවා නොඅඩුව තිබූ බව මේ අනුව පැහැදිලි වෙයි.

"කුළින් කුළම සිහිල'ඹ වැහෙන කඳුරුය 
 දොළින් දොළම කල් යල් කරන කුඹුරුය"

මෙහිදී විස්තර කරන ලෙස මෙවැනි ගමක වාසය කරන ගැමියන්හට ජල සම්පතින් නම් අඩුවක් ඇත්තේම නැත. එකල ගම සහ අපේ ගැමියා කොතරම් දියුණුව සිටියාද කියනවා නම් සෑම ඇළක්, දොළක් අසලම කුඹුරු ගොවිතැන් කර ඇත. යල කන්නය, මහ කන්නය ලෙස නිවැරදිව කල් යල් බලා ගොවිතැන් කටයුතු කිරීම නිසා වැඩි අස්වැන්නක් ලබාගත ද හැකි විය. 

"පළින් පළම තල් පොල් ගෙ වතු මැඳුරුය
 තළින් තළම පුල් පියුමු'පුල       පඬෙරුය"

මෙම පද වලින් කියැවෙන පරිදි ගම්මානයේ වූ විශාල ගෙවල් වල මිදුලෙහි වූ තල් ගස් සහ පොල් ගස් වලින් එදා ගැමියා හට තිබූ සම්පත් විස්තර කරයි. විශේෂයෙන් ගස් වර්ග කිහිපයක් නම් කලද නොයෙකුත් ගස් වැල් වලින් පිරී සශ්‍රීකව පැවති බව එමගින් සංකේතවත් වෙයි. මෙලෙසින් ඉබේ හැදුනු ශාක මෙන්ම අවශ්‍යතා අනුව වගා කරගත් බෝග වර්ග නිසා වෙන් ආහාර සම්පත් අතින් පිරී ගිය වටපිටාවක් එදා ගම තුල තිබූ බව මෙහිදී විස්තර කරයි. 

"පැසෙයි නිබඳ සුවඳැල් කෙත් වත් අවට
  ඇසෙයි ළමා වසුපැටියන් හඬ       දුරට"

මෙහිදීත් නැවත වැඩිදුරටත් කියාපානුයේ සුවඳැල් නම් වී වර්ගය හොදින් කිරි වදින කුඹුරු යායවල් ගම්මානය පුරා තිබෙන බවයි. තවද වසු පැටියන් හඩනා ශබ්දය ඇසෙන බැවින් කුඹුරු ගොවිතැන හා බැඳුන ගව සම්පත පිළිබඳව කියැවෙන අතර එබැවින් කිරි සම්පත ද එකල ගැමියා හට පෝෂණය සැපයූ බව එතුලින් ගම්‍ය වෙයි.

"මහත් තුරු මියුරු පල ගෙන නැමි අතුය"

"අවට සුපිපි සී රේ ය බිඟු  සරේ  ය"

නැවතත් තැනක මෙලෙසින් ගස්වැල් පලතුරු වලින් පිරී ඇති අයුරු ප්‍රකාශ කරයි. එසේම ගම්මානයේ පිපී ඇති අලංකාර වූ මල් පිළිබඳව කවි කිහිපයකින්ම විස්තර කරන අතර "බිඟු සරේ" එනම් මී මැසි නාදය ඇසෙන බව පැවසීමෙන් ඉතා රසවත් හා පෝෂණීය ආහාරයක් වන මී පැණි ද එදා ගැමි ගම්මාන වල තිබූ සම්පත් අතර වූ බව සිතිය හැකිය.


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.



මේ උදාහරණ ඇසුරින් බලන විට එදා අපගේ පැරණි ගම් තුල තිබූ ඇළ දොළ, ගස් වැල්, පලතුරු පමනක් නොව සතා සිව්පාවා ආදී වූ බොහෝ සැප සම්පත් පිළිබඳව තොරතුරු බොහෝමයක් හංස සංදේශයේ කෑරගල විහාර ගම චිත්‍රනය කරනු ලබන කවි පංති තුලින් ඉදිරිපත් කර ඇති බව පැහැදිලි වෙයි.


කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට විචාරය  03 ( පරිසර වර්ණනාව)


කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට විචාරය 02 (ඉපැරණි ගමක තොරතුරු)




Key words 
කෑරගල
කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට විචාර
කෑරගලය විචාර
කෑරගලය pdf download 
කෑරගලය වැජඹෙයි මේ ලෙසින්
කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට විචාර
කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට pdf
Keragalaya vichara

Comments