අපූරු කාව්‍යයෝක්ති නිර්මාණයෙහි ලා කවියා දැක්වූ සමත්කම වස්සානය කවි පංතිය ඇසුරින් පැහැදිලි කරන්න.
රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් රචිත වස්සානේ කාව්‍ය පංතියෙහි එන වස්සානය පද්‍ය පන්තිය නිර්මාණය වූ යේ ඔහු ගුරුවරයෙකු ලෙස මොණරාගල දිස්ත්‍රික්කයේ හුලංදා ඔය සමීපයේ ජීවත් වූ කාලයේ ය. එම පරිසරය ද ජන ජීවිතය ද මැනැවින් අත්විදි කවියා එමගින් නිර්මාණ රැසක් ජාතියට දායාද කළේය. වස්සානය කාව්‍ය නිර්මාණය ජීවිත දර්ශනයක් කැටිකරගත් අපූරු පරිසර චිත්‍රයක් ද වේ. මෙහිදී විමසීමට බලාපොරොත්තු වනුයේ අපූරු කාව්‍යයෝක්ති නිර්මාණයෙහිලා කවියා දක්වනු ලබන සමත් කමයි.
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටිය පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර නුඹ වාගේ ම හිනැහේය මා එක්ක"
නිල් වතුරෙන් පිරී ගිය ඔය දෙපස මල් පිපිල හරියට දෙ ඉවුරු එකිනෙකා කතා කරනවා වාගේ. මෙහිදී ඔය දෑල දොඩමලුය යනුවෙන් උත්ප්‍රේක්ෂාලංකාරයකින් අප්‍රාණික වස්තූන්ට ප්‍රාණය දෙමින් කවියා හරි අපූරුවට කාව්‍යයෝක්ති නිර්මාණය කර ගන්නට සමත් විය. එසේම කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන යන්න ඇසෙත්ම පාඨක සිත තුල එය මැවී පෙනෙයි. එනම් සංකල්ප රූප නැතිනම් චිත්ත රූප යන කාව්‍යයෝක්තිය භාවිතය තුල කවියා සාර්ථකත්වයට පත්ව ඇත.
තම ජීවිතයේ සංසිද්ධි හදවතේ හැගීම් පරිසරය ඇසුරින් වියංගවත්ව අපූරුවට ඉදිරිපත් කර ඇති අයුරු තුළ රත්න ශ්‍රී විජේසිංහයන් කාව්‍යයෝක්ති නිර්මාණයෙහි ලා දැක්වූ සමත්කම ප්‍රදර්ශනය කරන්නේ මෙලෙසිනි. ස්වකීය දරුවා සහ බිරිඳගෙන් දුරස්ව දුෂ්කර සේවයේ යෙදුන ඔහුට ඒ කෙකටියා පඳුර, සුදු පාට මල් පොකුර නම් තම දරුවා වඩා ගෙන සිටින තම ප්‍රිය බිරිඳ තමා සමග හිනැහෙන ලෙස කවි ඇසට දෘශ්‍යමාන වී ඇත.
දිය කෙළින හැටි පුංචි මාළුවෝ දුටුවා ද?
පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට
හුලංදා ඔය කිම් ද මල්වර ව ඉල්මහට? "
සොබාදහමේ සාමාන්‍ය සිදුවීමක් වෙනස් වූ කෝණයකින් දකින කවියා කුඹුක් ගස් වල අතු ඔයෙහි ජලයට නැවී ජලයේ ගෑවෙන ආකාරය පවසන්නේ පුංචි මාළුවන් වතුරේ සෙල්ලම් කරන ආකාරය කුඹුක් ගස් වල අතු ජලයේ අතගාමින් නරඹන ලෙසටය. කුඹුක් ගස් වල අතු නම් අචේතනික වස්තුව සචේතනිකව දකිමින් කවියා අපූර්ව වූ කාව්‍යයෝක්ති නිර්මාණය කිරීමෙහිලා බෙහෙවින් සමත් වෙයි.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
මෙතෙක් කල් ජලය හිදී වියලී තිබූ හුලංදා ඔය අද නිල් පැහැ ජලයෙන් පිරී මනරම් සිතුවමක් මවයි. මෙය කවියා දකින අපූර්වත්වය නම් මල්වර වූ යෞවනියකගේ අව්‍යාජ සිනහව අද ඔහු හුලංදා ඔයෙන් දකියි. මල්වර යන වචනය තාරුණ්‍යයට එලබෙන දැරියන්ට භාවිතා කරයි. දැරියකගේ ජීවිතයේ සුන්දරම අවස්ථාව මෙයයි. මෙම අවස්ථාව හුලංදා ඔයට ආරෝපණය කරමින් ඔයෙහි ඇති සුන්දරත්වය උපරිමයට පැමිණ ඇති බව කවියා හැගවීමට උත්සාහ දරනුයේ කාව්‍යයෝක්ති නිර්මාණය කරමිනි.
යථෝක්ත උදාහරණ මගින් ද ප්‍රකට වන පරිදි රත්න ශ්‍රී විජේසිංහයන් වස්සානය පද්‍ය පන්තිය සාර්ථක නිර්මාණයක් ලෙස බිහි කරනුයේ තමාටම ආවේණික වූ කාව්‍යයෝක්ති නිර්මාණය කරමිනි
- Admin -
Key words
වස්සානය පද්‍ය විචාරය
වස්සානය විචාර
වස්සානය විචාර pdf download
වස්සානය විචාර 1
වස්සානය සාමාන්‍ය පෙළ විචාර
Wassanaya padya vicharaya pdf