Skip to main content

Follow on YouTube

සිංහල විචාර 34 - දෑතේ කරගැට සිඹ සනසන්නට විචාරය 01

දෑතේ කරගැට සිඹ සනසන්නට" මෙම නිර්මාණයෙන් ජාතික අභිමානයත්, ශ්‍රමාභිමානයත් ඉස්මතු කර ඇති ආකාරය පැහැදිලි කරන්න.

මහගම සේකරයන් විසින් රචිත "දෑතේ කරගැට සිඹ සනසන්නට" නිර්මාණය ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහයෙන් උපුටාගත් කොටසකි. පසුව මහගම සේකරයන්ගේ නොපල ගීත කෘතියෙහි ද "ප්‍රාර්ථනා" නමින් එය පළ වී ඇත. මෙම පද වැල ඩබ්. ඩී අමරදේවයන් විසින් සංගීතවත් කොට විමලා අමරදේවයන් විසින් ගුවන් විදුලි ගීතයක් ලෙසද ගායනා කරණු ලැබිණ. මෙහිදී විමසීමට බලාපොරොත්තු වනුයේ මෙම නිර්මාණයෙන් ජාතික අභිමානයත්, ශ්‍රමාභිමානයත් ඉස්මතු කර ඇති ආකාරය පිළිබඳව වේ.

ජාතික අභිමානයත්, ශ්‍රමාභිමානයත් මෙම පද්‍ය තුළ ඉස්මතු කර ඇති බවට කදිම උදාහරණයක් ලෙස, 

"දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල
 යළි ඉපදී ඇති මව් දෙරණේ 
 සත් රුවණින් නව නිදහන් මතු වී
 පුතුගෙ සිනාවෙනි ඔප වැටුණේ"

යන පද පෙළ පෙන්වා දිය හැකිය.

දහස් ගණන් වැව් යා කර මහ වැව් තැනවූ ඒ යෝධ මිනිසුන් සමූහය ශ්‍රී ලක් දෙරණෙහි ජාතිකාභිමානය යි. වැව නම් ජාතික අභිමානයේ සංකේතයයි. කවියා පවසන පරිදි එම මිනිසුන් මිය යාමෙන් අවසන් වූයේ නැහැ. නැවත නැවත ඉපදෙමින් සිටිනා ඔබ අප ඒ ප්‍රතාපවත් අතීත මිනිසුන්මයි. 

"නව නිදහන්" නම් කුවේරයාගේ නිම නොවන වස්තු සම්භාරයයි. ලක් වැසි පරපුරද එසේ අවසන් නොවන නැවත නැවත ඉපදෙන ප්‍රෞඩ අභිමානවත් ජාතියක් බවත් අනාගත පරපුර වන දරු කැල ද එහිම කොටසක් බවත් කවියා දක්වාලයි. 

සමස්ත වස්තු සම්භාරයම සත් රුවන් යනු වෙන් සංකේත කරන කවියා මැණිකක් ඔප දැමීමෙන් එහි අගය වැඩි වන්නේ යම් සේ ද අනාගත පරපුර යහපත් වූ ගුණ ධර්ම තුළින් පෝෂණය වී යහපත් වූ අනාගතයක් ගොඩ නැගේවීය යන බලාපොරොත්තුව ඔබ අප හමුවේ තබයි. ඒ සදහා "පුතුගෙ සිනාව" යන සංකේතය අපූර්ව ලෙස කවියා භාවිතා කර ඇති ආකාරය පැසසිය යුතුමය.

මේ අනුව ජාතික අභිමානය උපරිම ලෙස ජනිත කර වීම තුළ කවියා ඉමහත් සාර්ථකත්වයක් කරා ගොස් ඇති බව ඉස්මතු වෙයි.

තවද,

ශ්‍රමිකයාගේ ශ්‍රමයට ඉහළ වටිනාකමක් ලබා දෙමින් අභිමානයෙන් සැලකීම මෙම පද්‍ය තුළ දැකිය හැකි වෙයි.

"දෑතේ කරගැට සිඹ සනසන්නට 
 ළා ගොයමේ දලු පවන් සලයි
 දහදිය මුතු ඇට මල් වරුසා වී 
 කරල් බරින් පීදී වැගිරෙයි"

දෑතෙහි කරගැට වූ කල වෙහෙස මහන්සි වී පොළොව සමග ගැටෙමින් ජීවත් වීම සදහා දරන්නා වූ යහපත් අපරිමිත උත්සාහය සංකේතවත් කරයි.

මහ පොළොව සමග අසීමිතව ගැටීම නිසා දෑතෙහි මතු වූ කරගැට ගොවියාට මහත් වේදනාවක් ඇති කරයි. ජාතියට බත සපයන මේ ගොවියාගේ වේදනාව නැති කිරීමට ගොයම් දලු පවන් සලන බව සිඹ සනසන බව පැවසීම තුළ ගොවියාට ඉහළ ගෞරවයක් අභිමානයක් ලබා දෙයි. එලෙසින් කවියා ශ්‍රමයට අභිමානයක් ගෙන දෙමින් කවි පෙළ රචනා කිරීම අතීශය ප්‍රශන්සනීය වෙයි.


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.


 


කරගැට සේම ඒ වෙහෙස මහන්සිය කොතරම්ද යන්නට ශරීරයෙන් වෑහෙන දහඩිය සාක්ෂි දරයි. ඒ දහඩියට එනම් ඒ ගොවියාගේ ශ්‍රමිකයාගේ වෙහෙස මහන්සියට ගෞරවයක් එක් කරන කවියා දහදිය මුතු ඇට මල් වරුසා වී යනුවෙන් රූපකාලංකාර යොදමින් ඒ වෑහෙන්නේ මුතු ඇට වරුසාවක් බව සදහන් කරයි. එතනින් නොනවතින කවියා එම මුතු ඇට වරුසාව කරල් බවට පත්වී සුවහසක් ජනයාගේ කුස පුරවන මහා අස්වැන්න බවට පත් වන බව පවසයි. සැබැවින්ම එහි උත්ප්‍රේක්ෂාලංකාරයක් නොමැත. ගොවියාගේ ඒ වෙහෙස නොවන්නට අස්වැන්නක්ද නොමැත. එසේ බලන කල කවියා මේ ගොවියාට ශ්‍රමිකයාට ලැබිය යුතු ගෞරවය අභිමානය ලබා දුන්නා මිස මවා පෑමක් සිදු කර නැත.

ඉහත දැක්වූ නිදසුන් අනුව පැහැදිලි වනුයේ දෑතේ කරගැට සිඹ සනසන්නට කවි පෙළ තුළින් ජාතික අභිමානය හා ශ්‍රමාභිමානය මැනවින් ඉස්මතු කර ඇති බවයි. එසේම එලෙස ජාතික අභිමානය හා ශ්‍රමාභිමානය ඉස්මතු කිරීම නිසාම මහගම සේකර ශූරීන් මෙම පද්‍ය පන්තිය ප්‍රබල ලෙස මහජන හදවත් වෙත ස්පර්ශ කරවීමට සමත්කම් පා ඇත.

-Admin- 



Key words 

දෑතෙ කරගැට
දෑතේ කරගැට සිඹ සනසන්නට
දෑතේ කරගැට විචාර
දෑතේ කරගැට සිඹ සනසන්නට විචාර
දෑතේ කරගැට සිඹ සනසන්නට විචාර 4
දෑතේ කරගැට සිඹ සනසන්නට විචාර pdf
දෑතේ කරගැට සිඹ සනසන්නට විචාර 1
Dethe karageta vichara
Dathe karageta siba sanasannata vicharaya