උම්මග්ග ජාතක කතාවෙහි සාර්ථකත්වයට එක් හේතුවක් වී ඇත්තේ එහි යොදාගත් භාෂා රීතියයි" නියමිත කොටස ඇසුරින් සාකච්ඡා කරන්න.
![]() |
සතර කන් මන්ත්‍රණය |
කුරුණෑගල යුගයේ දී පාලි ජාතකට්ඨකථාව මූලාශ්‍ර කොට ගෙන පන්සිය පනස් ජාතකය නිර්මාණය වන්නේ සිංහල සාහිත්‍යය මෙන්ම භාෂාවද පෝෂණය කරමිනි. භාෂා භාවිතයේ වූ සුවිශේෂීතා නිසා බොහොමයක් ජාතක කතා පාඨක ශ්‍රාවක සිත්තුලට පහසුවෙන් කා වැදුනු අතර උම්මග්ග ජාතක කතාවෙහි සාර්ථකත්වයට ද එහි භාවිත කල භාෂා උපක්‍රම බෙහෙවින් ඉවහල් වී ඇත.
ගද්‍ය නිර්මාණයක ප්රබලතම අවිය භාෂාව යි. රචකයා උචිත අනුචිත වචන තෝරා බේරා මනාව පෙළගස්වා විධිමත්ව ඉදිරිපත් කිරීම තුළ පාඨකයාට කතාව වඩා හොඳින් සමීප වීම සිදු වෙයි. පාඨක ශ්‍රාවක සිත් වඩ වඩාත් ඇද බැඳ තබා ගැනීමට උම්මග්ග ජාතකය තුළ භාවිත කොට ඇති භාෂා උපක්‍රම පිළිබඳව විමසීමේ දී උපමා සුලබව දැකිය හැකිය.
"සාල්ලෙක ලාලා පාතට බාන කෙනකුන් මෙන්"
කේවට්ට බමුණා උපහාසයට ලක් කරමින් පාඨක සිත්තුල චිත්තරූප මැවීමට කතුවරයා අපූරුවට උපමා භාවිත කල අවස්ථාවක් ඉහත නිදසුනෙහි දැක්වෙයි. කේවට්ට බමුණා හාස්‍යයට ලක්කරන තවත් උපමාවක් නම්,
"කොක් කරක් සේ දික් වූ කර ඇති වූහ"
කේවට්ට බමුණා මහෞෂධ පඬිතුමා පැමිණෙන තුරු පෙරමග බලා සිටින ආකාරය කතුවරයා මෙලෙස කොකෙකුගේ කරට සම කරමින් හාස්‍ය මතු කර ඇත.
කතාව පුරාවටම හමුවන උපමා රාශියක් අතර පහත උපමාද වෙයි.
"සඳ මඬලෙහි අඳනා කෙනකුන් මෙන්"
"මඟුල් උයන නඳුන් උයනක් සේ සරසා"
"තරුවැලින් ගහන වූ ආකාශය වැන්න"
"දණ්ඩකින් පහරන ලද සර්ප රාජයෙකු සේ"
උපමා යෙදීම තුළින් සෑහීමට පත් නොවන කතුවරයා උපමා කිහිපයක් එක දිගට යොදාගනිමින් උපමා මාලා නිර්මාණය කර ඇති ආකාරය පහත දැක්වෙයි.
"රෝගයෙන් පෙළෙන එකක් හට අවස්ථා පිළියෙමක් දන්නා වෙදකු පිළිසරණ වන්නා සේ ද සා දුකින් පෙළෙන එකකුට භෝජනය මුත් අනෙකක් පිළිසරණ නොවන්නා සේ ද පිපාසා ඇති එකකුට පැන් පුව හොත් මුත් ඒ පිපාසය නොසන්සිදෙන්නා සේ ද මේ රජ්ජුරුවනට මා මුත් අනෙක් පිළිසරණක් නැති"
උම්මග්ග ජාතකය තුල උපමා සේම සුලබව භාවිත කොට ඇති තවත් භාෂා උපක්‍රමයක් වනුයේ රූපක භාවිතය යි. නිපාතයක් නොයොදා කිසියම් දෙයක ලක්ෂණ තවත් දෙයකට ආරෝපණය කිරීමට රූපකාලංකාර යොදා ගනී. ඒ සදහා නිදසුන් කිහිපයක් පහත දැක්වෙයි.
"රජ්ජුරුවන්ගේ සිත් නැමැති ආකාශ ගංගායෙහි"
" ප්‍රඥා නමැති සූර්යයා"
"සේනා නැමැති සමුද්‍රයෙන්"
උම්මග්ග ජාතකයෙහි දැකිය හැකි තවත් භාෂා උපක්‍රමයක් වනුයේ සංවාද නැතහොත් දෙබස් භාවිතය යි. නාට්‍යමය ස්වරූපයකින් පාඨකයින් ශ්රාවකයින් ආකර්ෂණය කර ගැනීමට මෙවැනි දෙබස් භාවිත කොට ඇත.
කේවට්ට බමුණා:- "දේවයන් වහන්ස, කොටා-පිය යුතු කථාවෙක් ඇත"
රජ්ජුරුවෝ:- "කියව ආචාරිනී"
කේවට්ට බමුණා:- "දේවයන් වහන්ස, ඇතුළු නුවර දී රහස් කියන්නට නොපිලිවන, මඟුල් උයනට යම්හ"
රජ්ජුරුවෝ:- " යහපත ආචාරීනි"
එක සමාන වචන එක ලඟ භාවිත කරමින් ශබ්ධ රසයක් ඇති කිරීමට උත්සාහ දරා ඇති අයුරු පහත දැක්වෙයි.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
"තූ තූ කොට පියා"
"ඉස් ලූ ලූ අත"
"බිදි-බිදී" "පැන-පැන"
"දැන් දැන් අප"
"රිය සකින් රිය සක"
අනුප්රාසය ලෙස හදුන්වන ඉහත භාෂා උපක්‍රමය කතාවට රිද්මයක් ඇති කරමින් එය වඩාත් රසවත් කර ඇත.
ඉහත සදහන් නිදසුන් සියල්ලෙන්ම පෙනෙනුයේ කතුවරයා විවිද වූ භාෂා උපක්‍රම භාවිත කරමින් පාඨකයා ශ්රාවකයා කතාව තුලම රදවා ගෙන ඇති ආකාරය යි. එනම් භාෂා උපක්‍රම හේතුවෙන් උම්මග්ග ජාතකය වඩාත් සාර්ථක නිර්මාණයක් වී ඇති බව පැහැදිලිය.
-Admin-
මහෞෂධ පණ්ඩිතයන්ගේ උපාය කෞශල්‍යය හේතුවෙන් වේදේහ රාජ්‍ය ආරක්ෂා වූ ආකාරය විචාරය
මහෞෂධ පණ්ඩිතයාගේත් කේවට්ට බමුණාගේත් චරිත තුල ඇති සම විෂමතා විචාරය
සතර කන් මන්ත්‍රණය කතාව පහසුවෙන් තේරුම් ගැනීම පිණිස සරලව
හාස්‍යයෙන් හා උපහාසයෙන් යුක්තව කේවට්ට බමුණාගේ චරිතය නිර්මාණය කර ඇති අයුරු විචාරය
Key words
උම්මග්ග ජාතකය විචාර
සතර කන් මන්ත්‍රණය විචාර ලිවීම
උම්මග්ග ජාතකය භාෂා රීතිය විචාර
සතර කන් මන්ත්‍රණය short note
උම්මග්ග ජාතකය සතර කන් මන්ත්‍රණය විචාර pdf
සතර කන් මන්ත්‍රණය විචාර
සතර කන් මන්ත්‍රණය විචාර pdf
Sathara kan manthranaya vichara
Comments