ඇසළ පෙරහැර ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා ආගමික සැමරුම් අතර ප්‍රධානතම ස්ථානයක් මහනුවර ඇසල මහා පෙරහැර සඳහා හිමිවේ. බෞද්ධාගමික උත්සවයක් වන මෙය සෑම අවුරුද්දක් පාසා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි. ශ්‍රි ලංකාව ගැන ලෝකය පුරා කතාබහ වීමට මෙම ඇසළ පෙරහැර බෙහෙවින් හේතු විය. ඇසළ පුර පසළොස්වක පොහොය දිනයේ ඇරඹෙන ඇසළ මංගල්‍යයේ පෙරහැරවල් රාශියක් පැවැත්වෙයි. සතර මහා දේවාල සහ දළදා මාළිගාව මුල් කර ගනිමින් එම පෙරහැරවල් පැවැත්වීම සිදුවෙයි. එම පෙරහැරවල් අතර ප්‍රධානම හා ජනප්‍රියම අංගය වනුයේ නිකිණි මස පැවැත්වෙන මහා රන්දෝලි පෙරහැරයි. විවිධ සංස්කෘතික අංගයන්ගෙන් විචිත්‍ර වන ඇසළ පෙරහැර නැරඹීමට දෙස් විදෙස් ජනතාව ඉතා උද්‍යෝගයෙන් සැදී පැහැදී සිටියි. අලි ඇතුන් විශාල ප්‍රමාණයක් පෙරහැරේ ගමන් කිරීම එහි ආකර්ෂණය සඳහා බෙහෙවින් හේතු වෙයි. විවිධ සැරසිලි ආයිත්තම් වලින් යුත් නෙත් කළු ඇදුම් පැළදුම් ඇන්ද වූ මෙම අලි ඇතුන් කාගේත් අවධානය දිනා ගනී. විශේෂයෙන්ම පාවඩ මතින් ශ්‍රී දළදා වහන්සේගේ කරඬුව වැඩමවන හස්තියා ඒ අතරින් කැපී පෙනෙයි. එසේම කස කරුවෝ, ගිනි බෝල කරුවෝ, කොඩි ගෙන යන්නෝ, හේවිසි කරුවෝ, නැට්ටුවෝ, බෙර වාදකයෝ ද පෙරහැර විචිත්‍රවත් කර...
සිංහල විෂය සහ සාහිත්‍ය රසවින්දනය ඔප් නැංවීම සඳහා ඇති අවකාශයකි.